Saturday, August 29, 2009

මිහිදන් ආදරය



දුරාතීතේ අන්ධකාරේ
පාලු මූසල සැඳෑ යාමෙක
මගේ හදගැබ සොහොන් කල
වියැකුන මතක සෙල් ලිපියක
මැකීගිය ඉරි,තිත්,කොමා අතරනින්
කියවා ගන්නට වෙහෙසෙමි
එක් වචනයක්
ආදරය

Friday, August 28, 2009

නිල නින්ද

රාජකාරි වැඩ වලදී නිල වාහන ලැබෙනවා,නිල නිවාස ලැබෙනවා,තව නිල කාමර,එතැනින් ගියහම නිල නිවාඩු එහෙමත් ලැබෙනවනේ .ඔය මොනවා ලැබුනත් රාජකාරියේදි නිල මැස්සො වගේ හැසිරෙන අයත් ඉන්නවා. හරි...නිලමැසි කතාව අමතක කරමු .අහලා තියෙනවද රජකාරියේදි නිල නින්දක් දැම්ම හැටි ?හ්ම්.. ෂුවර් එකටම නැතුව ඇති .මෙන්න කතාව.

එදා නම් මම ගමන යන්න පිටත්වුනේ පුදුම කේන්තියෙන් ,මට වැදගත් රාජකාරි රැස්වීමකට උතුරු මැද පලාතට යන්න වෙලා.ඒත් හිතේ හරි නුරුස්සනා ගතියක් තියෙනවා.වැඩියෙන්ම තරහ මගේ කාර්යාල ප්‍රධානි ලොක්ක එක්ක . එයා මට වාර්ෂික නිවාඩු දෙන්න බැහැ කිව්වට .
"හ්ම්... මැරිල මැරිල වැඩ කලා.ඒත් නිවාඩු නැහැ.ඒ මදිවට අපේ සැලසුම් අංසෙ ලොක්කි වාසුලාටත් පිස්සු .මේ ගව් ගානක් ඈත රැස්වීම් දාන්න."
මම හිතෙන් බැන බැන ගමන යනවා.

ඉතින් හිත ඔරොප්පුවෙලා ගමන් යනකොට කිසිදෙයක් හරියන්නෙ නැහැ. දවල්ට කෑවත් නොකෑව වගේ .නින්දක් දාන්න බැලුවා.ඒ වැඩෙත් අසාර්ථකයි .
"මොකක්ද මේ ගමන තාම කුරුණෑගල ,දැන් හවස දෙකයි,ඉලාස්ටික් වගේ ඇදි ඇදි යන්නද කල්පනාව " වතාවක් රියදුරාටත් සැරදැම්මා.

ඔන්න කොහොමහරි මගේ ගමනාන්තයට ආවා.ලස්සන තැනක් වගේ.ඒත් ඔලුවෙ තිබුණ රුස්සන්නෙ නැති ගතිය නිසා ඒ ගැන වගක් වුනේ නැහැ. මහන්සියට නිදා ගන්න ඔනෙ කියලා ඉක්මනට කාමරේට ගියේ .

මෙන්න වාසුලාගෙන් කෝල් එකක් එතකොටම .තව විනාඩි දහයකින් රැස්වීම් සාලාවට එන්න කියලා.ආයේ දෙකක් නැහැ මොකක් හරි එයාගෙ ක්ෂණික වැඩක් .වැඩ කරන්න ගියහම එයා හරි නිර්මාණාත්මක මනුස්සයෙක් .මම හරි කැමතිය් ඒකට .ඒත් එදානම් මට හොඳටම තරහ ගියා අපේ සැලසුම් ලොක්කි එක්ක. මට නිදාගන්න නොලැබුනට. හිතින් බැන බැන මම ගියා සාලාව දිහාවට .

හරියටම හරි ...එයාගේ ක්ෂණික වැඩක්.තව ප්‍රසන්ටේෂන් එකක් හදන්න , මට යකාම නැග්ගා.

"වාසුලා මට බැහැ තවත් ප්‍රසන්ටේශන්ස් හදන්න.ඔයාට එහෙම ඕනෙ නම් අපිට කලින් කියන්න තිබුණ.මැරිල මැරිලා වැඩකරලා ආවට පස්සේ මෙහෙම ඉල්ලීම් කරන එක අසාධාරණයි..."

මම කියවගෙන කියවගෙන ගියා. එයා අපේ කෙටි රැස්වීම හමාර කරලා සිනහමුසු මුහුණින් මා ගාවට ආවා. පිටට තට්ටුවක් දාලා කිව්වා

"මනෝ ඔයාට මහන්සිබව මට පේනවා,හෙට නිවාඩුවක් අරන් රෙස්ට් කරන්න.ඔයා කැමති තැනක යන්න.ඔනෙ නම් වාහනෙත් ගන්න ,රෙස්ට් කරලා අනිද්දා ඉඳලා වැඩ කරමු "

මට පොලව පලාගෙන යන්න හිතුනා.මොනව වුනත් මම ආවේ රාජකාරියකටනේ.මොන අමාරුකම් තිබුනත් ඒක දේවකාරියටත් වැඩිය වැදගත්නේ. ඒත් වාසුලා එක හෙලාම මට තදින් කියා හිටියා හෙට නිවාඩු ගතයුතු බව.

ඔන්න ඉතින් සැලසුම් අංසෙ ලොක්කිගේ තීරණය ඒවිදියටම ක්‍රියාත්මක වුණා.පහුවෙනිද මම නිවාඩු.අනිත් අය සැලසුම් මීටින් එකේ. පරක්කුවෙලා නැගිටගත්තා.ආහ්හ්... වට පිට බැලුවම තමයි දැක්කෙ කොයිතරම ලස්සන තැනක්ද කියලා. දැන් හිතේ අර පිළුන් ගතිය නැහැ.සින්දුවකුත් මුමුන මුමුන එලියට බැස්සා අවට සිරි නරඹන්න.පිලිගැනීමේ ආලින්දයේ හිටිය ලස්සන නංගිට හිනාවක් දාලා මම මිදුලට බැස්සා.

ෂහ්... අපූරු තැනක්.හැමතැනම ලොකු රූස්ස ගස්.ඈත මයිමේ කෙලවර වතුර පිරුනු නෙලුම් මානෙල් පිපුනු වැවක්.ඒදිගේ ඇවිදගෙන යන්න අඩිපාරක් තියෙනවා.කොහෙන්දෝ ආව දඟකාර ගතියකුත් එක්ක පොඩි එකෙක් වගේ උඩපැනපැන නට නට මම අඩිපාරදිගේ යනවා.හොඳයි රාජකාරි කරන විදිය .

පාර කෙලවර වැවදිහාවට යන්න ලී පාලමක් හදලා.ගල කැට කීපයක් අහුලගෙන පාලම උඩින් ඉඳන් ඒව වැව මැදට වීසිකරා.එතකොට එන "ජබුක්" සද්දෙට මට හිනා.

ඒ හරියෙ ගස් මංඩිය හරි හෙවණයි ..ඔන්න අර සැලලිහිණි කවියත් මතක්වුනා එතකොට

"සන්නන් සිහින් ගෙඳි සෙවනලු වැලිතෙලෙන
තැන් තැන් වලම සැතපී සියුමැලි බැවින"

ගස් මංඩිය යට සිමෙන්ති බංකුවකුත් තිබුනා.මම එකේ වාඩිවුනා.මට මතක එච්චරයි ....

සද්දයක් ඇහිලා තමයි බැලුවෙ.තාම හිතා ගන්න බැහැ කොහේද කියලා.ඇස් පිහිදාල බලනකොට දැක්කෙ අර පිලිගැනීමේ ආලින්දයේ හිටි ලස්සන නංගි .එතන සිකුරටි මල්ලි කෙනෙකුත් හිටියා.

මරු වැඩේ ,බංකුව උඩ දිගෑදිලා මම නිදාගෙන පැය දෙකක් විතර සනීපෙට . හැලහොල්මනක් නැතුව බංකුව උඩ නිදාගෙන ඉන්න කෙනා දැකලා සිකුරටි මල්ලිට බය හිතිලා එයා පිලිගැනීමේ ආලින්දයට දැනුම් දීලා.හිතන්න ඇති ගෑනු කෙනෙක් එයාගේ හෝටලේ දිවිනහගෙන කියලා.හී... හී... හී

ඔන්න හවස වාසුලා ආව මම බලන්න ,කොහොමද ? හිනහ වෙවී එයා ඇහුවා.මම මුලු සිද්දියම කිව්ව.අපිදෙන්න ආයෙත් උඩපැන පැන හිනා වුනා.

කොහොමහරි කනින් කොනින් මගේ අනිත් යාලුවන්ටත් ආරන්චිවෙලා තිබුනෙ නැතෑ වැඩේ.ඔන්න සතියකට විතර පස්සේ ඊමේල් එකක් ගිහිල්ලා අපේ ඔෆිස් එකේ

"රාජකාරි නිල රැස්වීමකට ඇවිත්,සැලසුම් අංසේ ලොක්කීගෙන් නිල නිවාඩු ගෙන,ආයතනයේ නිල අනුග්‍රහයද සහිතව හබරණදී රූස්ස ගසක් යට නිල නින්දක් දැම්ම වාසනාවන්තයා කව්ව්ද ?"

උත්තරය....මනෝ

කොහොමද මගේ නිල නින්ද ? නියමයි නේ ?:)

Thursday, August 27, 2009

මුදු පැලඳීම

දුව ඔයාට කෝල් එකක්..උමංගාගෙන් ඉක්මනට එන්න..බෝඩිමේ ආන්ටි මට පහල තට්ටුවෙ ඉඳන් කතාකරනවා.එයා මට කෝල් කරන යාලුවො ටිකදෙනා කටහඬින්ම දන්නවා.

උමංගා..හ්ම්ම් මොකද දන්නේ නැහැ..අද හවස 3.00 ට නෙ ලෙක්චර්ස්? අද බදාද නේද ?මට වැරදුන වත්ද ?එහෙම නැත්නම් මොකක් හරි ගෙදරින් උමංගට මරාලයක් පහත්වෙලාද?දැන් ගෙදර ඇවිලිලානෙ ඉන්නෙ ඔය සමින්දගේ සම්බන්දෙට ,ඉතින් ගෑනි වැඩි වෙලාවක් ගෙදර ගතකරන්නෙ ඇඬූ කඳුලින්නෙ ...යාලුවෙකුට කරදරයක් වෙනකොට ඒක හිතට හරි වදයක් .ඔහොම දේවල් හිතහිත තමයි මම මගේ උඩතට්ටුවෙ අට්ටාලෙන් බිමට බැස්සෙ.

කෝල්ලෙක ගත්තා .මනෝ... අද උදේ නවයට එන්න ජිම් එකට.පොඩි ගමනක් යන්න ඔනේ..ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුලුවනි. උමංගා...කියාගෙන යනවා .හ්ම් ඒක ඈත්තනෙ."ගියොත් එන්න හැකිය. ..නොගොස් එන්න බැරිය."මම හෙමිහිට මුමුණ මුමුණ මගේ උඩතට්ටුවෙ අට්ටාලෙට නැග්ගා.

හ්ම්..ඔන්න මම මගේ ඔක්කෝම බදාදා ප්ලෑන් කැන්සල් කලා.හිතුවෙ නම් රෙදි හෝදලා ,නාලා,සිංන්දුවක් අහලා,පාඩමක් කරලා,කාලා,නින්දක් ගහලා ලෙක්චර්ස් යන්න .දැන් ඒක බැහැ.ඉතින් ඉක්මනට ලෑස්තිවෙලා 138 අරගෙන ගියා කැම්පස් .මම යනකොටත් උමංගා ජිම් එකේ.

"මනෝ මම ඔයා එනකන් හිටියේ ...මොනවද කන්නේ ?"
මම ඉතින් අමුතුවෙන් නොකිව්වත් එයා තෝසෙ ගෙනෙන බව මට සහතිකයි.
"කෑම නෙවෙයි ඇයි උදෙන් එන්න කිව්වේ ?කොහෙද යන්නේ ?" මගෙන් ප්‍රශ්න වැලක්.
"සමින්දට පොඩි තෑග්ගක් ගන්න ඔනෙ මනෝ,එන සතියෙ එයාගේ බර්ත්ඩේ එක" උමංගා හිනහවුනා.
"අය්යෝ ඕක මහ වැඩක්යැ..ඔය තියෙන්න ඔනෙ තරම් තෑගි,ෂර්ට්ස්,ලෙදර් බෙල්ට්ස්,ටයි,ඔෆිස් බෑග්" මම නම් වැලක්ම කිව්වා.
"තෑග්ගකුත් දීලා අපි පාටියකුත් දාමු" මම තව ඉදිරි සැලසුම් හැදුවා.
"මනෝ මට එයාට තෑගි දෙන්න ඔනෙ මුද්දක් ,රත්තරන් මුද්දක්" මම උඩගිහින් බිම වැටුනා. හ්ම්ම්.. සුපුරුදු විදියට අමාරු කේස් එකක් තමයි එහෙනම්.

"ඒත් සමින්දගේ අතට ගැලපෙන සයිස් එක ගැන තමයි හිතාගන්න අමාරු. එයා එක්ක ගිහින් තෝරගන්න පුලුවන්. එහෙම වුනොත් අන්තිමට එයාම එයාගේ මුද්දට සල්ලිගෙවයි නැත්නම් මුදු වෙනුවෙන් සල්ලි නාස්ති කරන්න එපා කියයි.ඔය දෙකෙන් එකක් වෙනනිසා තමයි මම ඔයාට එන්න කිව්වෙ "

"හ්ම්ම්..හරි ඉස්සෙල්ල ඔයා තෝසෙ අරන් එන්න,අපි කාලා ඉඳිමු" එහෙම කියලා මම කල්පනාවට වැටුනා.රත්තරන් මුද්දක්ම තෑගි දෙන්න ඔනෙමද උමංගට ? රත්තරන් ගණන් මේ දවස් වල,අපේ අම්මත් එහෙම කියනවා මම අහගෙන ,ඇරත් අද කොහේ යන්න වෙයිද මුදු හොයන්න ?හෙට්ටිවීදියෙ? ඊට වැඩිය සරල ලස්සන දෙයක් දෙන්න පුලුවනි නේ?

හ්ම්ම්.. ඒත් ඉතින් රත්තරන් කියන්නේ ආදර බැඳීම් තහවුරු කරන සංකේතයක් නේ ?ඒක වෙන්න ඇති එයාට රත්තරන් මුද්දක් දෙන්න හිතුනේ .විවාහ වෙන්නෙත් මුදු පලන්දල ආදරය තහවුරු කරලා වටිනාකමක් දීලා,රත්තරනේ සදහටම ඔබ මගේ කියලනෙ."

"හලෝ මොකද කල්පනාව?" ඔන්න කටහඬක් ආවා.බැලීනම් අපේ බැචා පත්ම කාලෙකට පස්සේ.පත්මට එලිවෙන්න, රෑවෙන්න,පාඩම්කරන්න,පැවරුම් ලියන්න හිත දෙන්නේ පේරදෙනියේ මල් ගස් යට කියලයි අපේ බැචාල කියන්නෙ.ඒ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් උදානි ඉන්නෙ පේරා නිසා.
"ඉතින් මොකද උදෙන්ම අද?" කියාගෙන පත්ම මගේ මේසෙ කොනක වාඩි වුනා.

"පොඩි ගමනක් යන්න වෙලා උමංගාගෙ වැඩකට" මම උත්තර බැන්දා.මුද්දක් ගන්න ඕනෙලු සමින්දට,ඒත් ප්‍රශ්නෙ සමින්දගේ ඇඟිල්ලට හරියන සයිස් එක හොයාගන්න බැරි එක.සමින්ද එන්නෙ නැහැනේ අපි එක්ක." මම මගේ ප්‍රශ්නෙ ඉදිරිපත් කලේ පත්ම ගාවවත් විසඳුමක් ඇති කියලා හිතලා. සමහර විට එයාට ඔයවගේ අත්දැකීම් ඇතිනෙ. මට හිතුනා

පත්ම හරි ප්‍රියමනාප යාලුවෙක්.නිතරම සිනහ මුසු මුහුනින් ඉන්න කෙනෙක්.උසයි අඩි 6ක් විතර ,කෙට්ටු,සිහින් සිරුර සහ රවුම් මූනත්,තට්ට හිසත් ,වැඩිය නොකැපුව රැවුලත් එයාට අපට වඩා වැඩිහිටි පෙනුමක් එක්කලා.

"හරි මට උදව්වක් කරන්න පුලුවනි.සමින්දත් මම වගේ කෙට්ටු හීන්දෑරි කෙනෙක් නේද? මහතත් මම තරම් ඇති.මම දැකල තියෙනවා උමංගා එක්ක තුම්මුල්ලෙ රවුම් ගහනවා.ඔව් නේන්නම් මට එකපාරටම මතක් වුනා. එහෙනම් මෙහෙම කරන්න මනෝ.මම මගේ මුදු ඇඟිල්ලේ මිම්ම දෙන්නම් ඔයාලට .ඒ මිම්මට තෝරගන්න.වැඩි වෙනසක් වෙන එකක් නැහැ." පත්ම කිව්වා.

"හ්ම්ම් අදහස හොඳයි ..ඒත් මිම්ම ගන්නේ කොහොමද ?" එතකොටම පත්ම එයාගේ නෝට්ස් මිටියෙන් ෆයිල් කටුවක් ඇදල අරගෙන ඒක දිගාරිනවා. මට වැඩේ තේරුම් ගියා.පත්ම සීරුවට ඒක එයාගේ මුදු ඇඟිල්ල වටේ දවටලා රවුමක් හැදුවා මිම්ම ගන්න .උමංගත් තෝසෙ අරගෙන අවා.මෙන්න කියලා පත්ම ෆයිල කටු කවය උමංගගේ අතටම දුන්නා. එයා පුදුම වෙලා ඇහුවා මොකද්ද කියලා.මමත් පත්මත් හිනාවෙලා කිව්වා සමින්දගේ මුද්දේ මිම්ම කියලා. උමංගට නොකිව්වත් කතාව තේරිලා හිනහවුනා.

තෝසෙ පාරක් දාලා, පත්මටත් මුව නොසෑහෙන්න ස්තුති කරලා අපි පිටත්වුනා මුදු හොයන්න.

ඉතින් මුදු හොයන ඒ වැඩෙත් හිතූ තරම් ලේසිවුනේ නැහැ.

උමංගා කිව්වා එයාට නුගේගොඩ තියෙන ප්‍රකට ස්වර්ණාභරණ සාපුවක නමක්.එහේ වටිනා රන් බඩු තියෙනවා කියල්ලා.එයාගේ අම්ම්,ලොකු අම්මල,පුංචිලා,නැන්දලා කවුරුත් කාලයක් තිස්සෙ රන් බඩු මිලට ගන්න රන් හා බැඳුනු විස්වාසනීය නාමයක් සහිත තැනක්.ඉතින් මට කට කොනකට හිනාවකුත් නැගුනා.උමංගා ගෙදරට හොරෙන් තනි මතයට ප්‍රේම කළාට පවුලෙ පරම්පරාවෙ ගැහැනු අය පිළිපැද්ද සම්ප්‍රදායනුත් අරක්ෂාකරන්න සූදානම් වග පෙනිලා.
අපි එතැනට ගියා ඉස්සෙල්ලම .හරිම ලස්සන වටිනා අලංකාර රන් ආභරණ.පිරිමි අය පලඳින විවිධ මුදු.මම අර ෆයිල් කටු කවයත් එයා අතට දුන්න .ලොකු සාප්පුවක් නිසා හොරැහින් ඒදෙස බලමින් තමයි එයා රන් මුදු තෝරන්න උත්සාහ කලේ .ඒත් එයා අන්තිමටම මට හෙමිහිට කිව්වා "මේවා හරි ගණන්;අපි වෙන තැනක් බලමු" කියලා.

එයා හෙව්වෙ රුපියල් 4000-5000 ත් අතර වගේ වටිනාකම තියෙන මුද්දක්.පවුම් වල වටිනාකම ඇරුණහම සාප්පුවෙ නමටත් ගානක් එකතුවෙලා මුදු වල මිල ඉහල යන වග මට පෙනුනා.ඒත් පවුම් රත්තරන් තේරීම ගැන නම් මට තිබුණු දැනුම අල්පයි.ඒව ඉතින් අම්මලාගේ වැඩනේ .නුගේගොඩ තව රන් බඩු සාප්පු දෙකකටම ගියත් උමංගාගේ අවශ්‍යතාවය ඉටුකරගන්න බැරිවුණා.ෆයිල් කටු කවය මගේ අතේ රැඳිල තිබුණා.

ඉතින් ප්‍රකට නම් සහිත සාප්පු ගැන තිබුන අදහස අතැරලා අන්තිමටම අපි දෙන්න සේන්දු වුනේ වැඩිය දැකුම්කලුපෙනුමක් නැති සාප්පුවකට .එකේ හිටියේ වැඩිහිටි මුස්ලිම් මනුස්සයෙක්.සාප්පුව දිහා මම වටයක් කැරකිලා බැලුවා.අනිත් සාප්පුව වල වගේ ප්‍රදර්ශනය කරන්න ගොඩක් රන් බඩු එතැන තිබුනෙ නැහැ.නාම පුවරුවෙ උගස් බඩු ගන්නවා කියලා සටහනක් තිබුනා.

උමංගා අවශ්‍යතාවය කියලා අර ෆයිල් කටු කවයත් ඔහුට පෙන්වුවා.ඒදිහා හොඳට විපරම් කරලා බලලා ඒ මනුස්සයා "එහෙනම් නෝනා මේක තම්යි හරියටම ගැලපෙන්නෙ කියලා" එයාගේ මේස ලාච්චුවෙන් ගත්ත පොඩි වෙල්වට් පෙට්ටියක තිබුණ මුද්දක් උමංගාට පෙන්නුවා.මාත් එබිලා බැලුවා.පෙනුමට නම් මිම්ම හරි .ඒත් ඇයි මේක අනිත් රන්බඩු වගේ වීදුරු අලමාරියක නොතියා මේස ලාච්චුවක තිබුණේ?මට ගැටලුවක්.මමත් ඒක අතට අරගෙන හොඳින් විපරම් කලා.එතකොටම අර මනුස්සයා කිව්ව "මේක හොඳට පොලිෂ් කරලා අලුත් පෙට්ටියක දාල දෙන්නම්" කියලා.මට මුද්දෙ පිටිපස්සෙ තියෙන කතාව තේරුම් ගියා .මම උමංගගේ මූණ දිහා බැලුවා.

"කමක් නැහැ මනෝ අපි මේක ගමු .මා අතේ සල්ලි තියෙන්නෙත් රුපියල් 4000 යිනෙ" එයා සිහින් හඬින් මට කිව්ව.ඔන්න මුද්ද පොලිෂ්වෙලා අලුත් පෙට්ටියකට වැටිලා පුන්චි කවරෙකත් දාලා උමංගගේ අතට ආවා.දැන් එයාගෙ මූණත් පොලිෂ් වුන මුද්ද වගේ කාන්තිමත්.

ආයෙත් අපි ස්ටැන්ලි තිලකරත්න මාවතේ 138 බස් එකක් ගන්න ඇවිදගෙන ගියා ලෙක්චර්ස් යන්නත් එපැයි .

මම කල්පනාවකට වැටිලා ඉන්න අතරෙ උමංගා අයෙත් කියනවා

"මනෝ මට තව උදව්වක් ඔනෙ.මේ මුද්ද ඔයා ගාව තියා ගන්න .මට ගෙදර ගෙනියන්න බැහැ.දැන් අපේ අම්ම නිතරම මගේ කාමරේ අවුස්සනවා.එයාට සැකයි.බැරිවෙලාවත් මේක අහුවුනොත් මම ඉඳල හමාරයි.එන බදාද සමින්දගේ උපන්දිනේ .එදාට ඔයා මේක අරන් එන්න" කියලා.

ඒ පොඩි කවර පොඩිත්තේ තිබුන මහා ආදරයේ සංකේතය මගේ බෝඩිමේ රට අඹලෑලි පොත් මේස ලාච්චුවේ සුරක්ෂිතව තිබිලා හරියටම හත් දවසකට පස්සෙ මම එකේ හිමිකාරිට දුන්නා ඒක එයාගෙ හිමිකාරයාට පලඳන්න.

ඉතින් මම හිතුවා ඉන්පස්සේ සමින්ද මේ උමංගගේ මහා ආදර සංකේතය හැමදාකම පලඳීවි කියලා.ඒත් එක එහෙම වුනේ හැනැනේ.

හේතුව මේකයි.මුද්දෙ මිම්මෙ වරදක් නෙවෙයි .සමින්ද රෝමානු කතෝලිකයෙක්.ඉතින් ඒ අය රන් ආභරණ පලඳින්නේ නැහැ කියලා උමංගා මට කිව්වෙ .ඔය ගැන දැන දැනත් උමංගා දුක්විඳලා තෝරගත්ත මේ ආදර සන්කේතය අදටත් මට මහා ගැටලුවක් .
ඔන්න ඔහොමයි ඉතින් ඒදෙන්නා මුදු පැලඳුවේ .

Wednesday, August 26, 2009

බත් සෙවීම


මට විදෙස් ගතවෙන්න වෙන හැමදාම මගේ යාලුවො විහිලු කරනවා හාල් කිලෝ දෙකකුයි පරිප්පු කිලෝ එකකුයිත් නොවරදවාම අරගෙන යන්න කියලා.ඒ කතාවට ඇත්තක් තියෙනවා.ගමන් බිමන් වලදි කෑම බීම ඉඳුම් හිටුම් ගැන මම පැමිණිලි කරනවා අඩුයි .ඒත් එක වේලකට හරි බත් කන්න මට ඔනෙ වග මගේ යාලුවො හොඳින්ම දන්නවා. ඒනිසා මේ බත් සෙවීම ගැන හරි රසවත් සිදුවීම් තියෙනවා.

නවදිල්ලියෙ ගිය පලවෙනි වතාවෙ මම හිටියෙ හරිම බඩගින්නෙ .දවාලට බතුයි පරිප්පු ටිකකුයි අනිවාර්යෙන් ලැබෙයි කියලා හිතුවා,ඉන්දියාවෙ බත් පරිප්පු සොයන්න අමාරු නැහැනෙ.ඔන්න දවල් කෑම ලැබුනා, මගේ ඉන්දියානු යාලුව කිව්වෙ එයා ලොකු බත් තාලි දෙකක් ඕඩර් කලා කියලා.ඇත්ත තමයි අඩියක් විතර දිග පලල ඇති කඩදාසි පෙට්ටියක් මේසෙට වැඩියා. ලොකු බත් පෙට්ටියක් කියල සතුටින් පිනා ගිහිල්ල ඇරියට මොකෝ එකෙ බත් මේස හැඳි 4 ක් විතර තිබුණා.හම් වගේ රොටි නම් දුසිමක් විතර .මම මූන අකුලගෙන බත් ටික කාලා රසම් බීලා,රසගුල්ල එකත් කාල නිකන් හිටියා .හිතට නම් හරි මදි. බඩට දැනුනෙ කැලනි ගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ.

තව සති දෙකක් මෙහෙම ජීවත් වෙන්න වෙයිද කියලා මම විස්සෝප වුනා. ඔය අතරෙ තම්යි මට රාන්චි යන්න ලැබුනේ.දුෂ්කර පලාතක්.දුප්පත් මිනිස්සු ඉන්නෙ .මම නැවතුනේ පොඩි හෝටලයක .එතැන කලමනාකරු මාව පිළි අරගෙන කෑම බීම ගැන විමසුවා. මම නවදිල්ලියේ කටුක අත්දෙකීම් නිසා එකවරම ඇහුව ප්‍රශ්නෙ දන්නවද ?

"ඔයාගෙ හෝටලයේ ලොකු තාලියක බත් ටිකක්ද දෙන්නෙ එහෙම නැත්නම් පුංචි තාලියක බත් ගොඩක් දෙනවද?"

මගේ ඉන්දියානු යාලුවන් උඩ පැන පැන තාමත් හිනහවෙනවා මේ ප්‍රශ්නෙට .කොහොම වුනත් මගේ බිය සැක ඇරලා ඒ මනුස්සයා කිව්ව බය වෙන්න එපා ඔබ මේ ඇවිත් ඉන්නෙ ඉන්දියාවෙ රයිස් බෙල්ට් එකට .අපි ඔබට හොඳින් සලකන්නම් කියලා.ඉතින් මහා දිල්ලියෙ බඩගින්නෙ වේලුන මට රාන්චියෙදි ඒ පොඩි හෝටලයෙන් තමයි හිතේ හැටියට බත් ලැබුනේ .ඒ කෑම වෙල හරි රසයි .නොවැරදීම මට පරිප්පුත් ලැබුන .අමු මිරිසුයි රතු ලූනුයි, අඹ අච්චාරුයිත් තිබුන .මම කාල ඉවරවෙන හැම වෙලාවකම කලමනාකරයා ඇවිත් කෑම ඇතිද රසද කියලා ඇහුවා,ඒ මූනිච්චාවට නෙවෙයි.අවංකවම

ආයෙමත් මට එහෙම ආදරෙන් බත් වේලකින් සංග්‍රහ කෙරුව වයසක අම්ම් කෙනෙක් මතක්වෙනවා.එයා මට හමුවුනේ බුබනෙශ්වර් වල පුන්චි ගමකදි,උත්කල් ප්‍රාන්තයේ .මම ගමේ අයත් එක්ක ඇවිදගෙන යනකොට අපි ඇගේ ගෙදරටත් ගියා ඇගේ දුව තමයි මගේ භාෂා පරිවර්තිකාව .ගෙදරට යද්දි වයසක අම්ම දවල්ට උයන්න එලවලු කපනවා දෑකැත්තක හැඩහුරුව ඇති පිහියක් පයට තදකරගෙන ගෙදර පිලේ වාඩිවෙලා, එයා ලා බන්ඩක්ක කරල් කපනවා.මම දෙපාරක් නොහිතා එකවරම ඇය ගාවින් වාඩිවෙලා ඇතිලියෙන් අමු බන්ඩක්ක කෑල්ලක් කිසිම අවසරයක් නැතුව කටේ දාගත්තා.මට දැනුනෙ හරියට මම අපේ ගෙදර කුස්සියේ ඉන්නව වගේ.අම්ම හිනාවෙලා මොනවද කිව්ව ,ඇගේ දුව මට එය පරිවර්තනය කලා.දවල් කෑමට ආරාධනාවක්.මට හරි ලැජ්ජ හිතුනා .ඒත් ඒ අම්ම පෙරැත්ත කලා.මගේ හිත ඒ වියපත් අම්මට තේරුම් යන්න ඇති . ඉතින් වැඩ ඉවර කරලා දවල් කෑමට ඇගේ ගෙදරට ගොඩවුනා.පිත්තල සෙම්බුවක් පුරවලා වතුර ලැබුනා ඒ අත සෝදන්න .ගෙයි පිටිපස්සේ පිලක් වගේ තැනක පැදුරක් එලලා කෑම භාජන තියලා.මට කෙසෙල් කොලයක් ලැබුනා පිඟාන වෙනුවට .කිරිම කිරි රස සුදු හාලක බත් එක්ක ,පරිප්පු,බැදපු මාලු ,බන්ඩක්ක ව්‍යන්ජන ,අච්චාරු,මී කිරි ,යහමින් තිබුනා.

අම්මත් දුවත් මට පෙරැත්ත කරමින් කෑම බෙදුවා.ඉතින් සීමා මායිම් නැති කෙහෙල් කොලේ බඩපුරා කන්න ලැබුන ඒ අම්මගෙ බත් වේලත් අමතක නැහැ.

පිලිපීනයට ගියහම නම් මම වැටුනෙ අලි අමාරුවක.සහල් පර්යේෂණ ආයතනයත් නුදුරෙම තිබුන මැනිලා වල් කන්න දෙන්නෙ පුංචි බත් කෝප්පයක්. හරියට යෝගට් කෝප්පෙකින් හැදුව කෝම්ම්පිට්ටුව වගේ. එයින් එකක් පෙසෝ 15ක් .මට එයින් හතරක් වත් ඔනෙ.ලොකු, පොඩි හෝටල් හැම එකේම බත් දෙන්නෙ ඒ විදියට.ඉතින් සහල් ගැන ලෝකෙටම කියල දුන්නත් බත් දන් දෙන්න සත් ජනයා නැති රටක මම දෙවෙනි බත් කෝම්පිට්ටුව කනකොට මගේ යාලුවො විහිලු කරනවා "ටොප් අප්" දානවා කියලා.

දුරු රටක ගියහම ආදරෙන් ලැබෙන හැම කෑම වේලක්ම හොඳින් මතක හිටිනවා.සාගින්නක ඉන්නකොට වුනත් ඒගැන මතක්කරලා සාගිනි නිවා ගන්න පුලුවන්
.

තරු එලියේ තරුණ කඳවුර

අපි තරුන කඳවුර පැවැත්වෙන ගොවිකම් පුහුණු පාසැලට එනකොට තරුණ ලමයි හැට හැතෑවක් ලහි ලහියෙ වැඩ..පාර දෙපැත්ත බැනර් ,පෝස්ටර් වලින් සරසනවා.. පාට පාට ඩිමයි කරදාසි වල කහපාට ,කලුපාට ,රතුපාට ලැකර් තීන්තෙන් ලිව්ව ගැදි , පැදිත් ඒ අතර තිබුනා.සමහර ඒවා විශ්වසාහිත්යයෙන් කල උපුටා ගැනීම්..පුදුම සතුටක් දැනුනෙ ඒවා දැක්කහම .මාත් පිම්මෙ කොල්ලො කෙල්ලො එක්ක පෝස්ටර් අලවලා බැනර් දැම්මා.


හවස්ජාමෙ තේ බීලා අහවර වෙලා සංවිධායක කමිටුවකුත් කන්ඩායම් නායකයොත් තෝරගත්තා. ගොඩක් හිටියෙ වයස 18-22 අතර ළමයි.කියන පරක්කුවට ඔනෙ දෙයක් කරන්න එවරෙඩි. එතින් ඒගොල්ල දවස් දෙකේ වැඩසටහන සහ එකෙ න්‍යාය පත්‍රය ගැනත් අවශ්‍ය අනෙක් පහසුකම් ගැනත් කතා කලා.හැමෝම හරි උද්‍යෝගයෙන් හිටියෙ ඉදිරි දින දෙකේ රෑ යාමයේ පැවැත්වෙන වැඩ ගැන .ඒ වාදයක් සහ කෙටි චිත්ත්‍රපට ප්‍රදර්ශනයක් .ඒත් කාටත් අනියත බියක් තිබුනා විශේෂයෙන්ම කෙටි චිත්ත්‍රපටි බලන්නනම් බැරි වෙයි කියලා. මොකද ඒ පලාතට හවසට නිතරම විදුලි විසන්දි වීම් වෙනවා කියලා ගොවිකම් පුහුනු පාසලේ පාලක වරයා අපිට කල්තියාම අනතුරු ඇඟවීමක් දීල තිබුන නිසා .ඒත් හැට හැත්තෑවකට ඉන්න පහසුකම් තියෙන වෙන තැනක් නැති නිසා සංවිධායකයන්ට ඒ තැන තෝරගන්න වුනා.


හවස විවේකයක් ලැබුනහම මම ගොවිකම් පාසලේ අවට පොඩි රවුමක් දැම්මා. ඒක් හතලිස් ගනන් වල ලන්කාවෙ ගොවිකම් ප්‍රබෝධයත් එක්ක රජයෙන් ඉදි කරපු තැනක්. ඒත් මට හොඳටම හිනා ගියා "රජයේ පිරිමි ගොවිකම් පුහුනු පාසැල කියලා " එවකට සිටි ගොවිකම් ඇමතිගේ අතින් නිරාවරණය වුන සමරු ඵලකය දැක්කහම . ඒ කියන්න ගොවිතැන ඉගෙනගන්න ඒකාලෙ මෙතනට ආවෙ පිරිමි ළමයි විතරද කියලා හිත හිත මම ගියා පොදු වැසිකිලි සහ නාන කාමර දිහාවට . සංචාරෙදි ඔනෙම නවාතැනක මම පලමුවෙන්ම බලන්නෙ ඔය කරුනු දෙක . ඇත්ත තමයි වැසිකිලි සහ නාන පහසුකම් සකස් කරල තිබුනෙ ගොඩක් දුරට පිරිමි ලමයින්ට ගැලපෙන්න ..වතුර ටැංකි සහ විවුර්ත ස්නානය කර තැන් තිබුනෙ .එවා හරියට නාන කාමර හා වැසිකිලි සංකීර්ණ වගේ .කොහොමවුනත් අපි තීරණය කරා මේ පොදු පහසුකම් ගෑනු ළමයින්ටත් පිරිමි ලමයින්ටත් වෙන් කරලා දෙන්න . ඒවගේම රෑට ලයිට් ගියොත් පරිහරනය කරන්න පැට්‍රොමැක්ස් ලාම්පුත් ,ලොකු ඉටිපන්දමුත් සූදානම් කරගන්න සංවිධයක කමිටුවෙ ළමයි යුහුසුලු වුනා.


මට නවතින්න වෙන්කල තිබුන කාමරයේ යතුර අරගෙන ආව සංවිධායක කමිටු සාමාජිකාවක් වුනු අනුලා ඉතාම බැගෑපත් ස්වරයෙන් කිව්ව මෙතැන නවතින්න තියෙන සැප පහසුකම් අඩුයි කියලා.කැමතිනම් ඒලඟ තියෙන සුව පහසු නවාතැන්පොලක් මා වෙනුවෙන් ලැහැස්ති පුලුවන් කියලා .මම එකහෙලාම කිව්වා ඒකට කමක් නැහැ මේ පරිසරයට මම ආසයි කියලා.ලොකු ආදර්ශ වගා බිම් , ගස් කොලන් සහිත සුව දායක පරිසරයත්, උදේට ,දවල්ට,රෑට ලැබෙන කිරි රස හාලෙ බතුයි එලවලුයි එක්ක දෙන ගමේ කෑමත් ,ඔක්කොටම වැඩිය කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ලෙන්ගතු හිනා හඬවලුත් දාල යන්න බැරි ගතියක් මට තිබුනා.


කෙලි කවට සිනහ ,උනුසුම් වාද ,අලුත් දැනුමෙන් පිරුණු තරුණ සිත් එක්ක වැඩ කරන එක සතුටක්. ඔන්න කවුරුත් පුල පුලා බලාසිටි දෙවැනි දවසේ කෙටි චිත්ත්‍රපට රාත්ත්‍රිය එලඹුනා.ඒත් ඉතින් කාගේත් බලාපොරොත්තු සුන් කරලා ලයිට් ගියා හවස 5 වෙද්දි. වැඩියෙන්ම ඒගැන දුක් වුනේ සංවිධායක කමිටුවෙ අරුන සහ අනුලා ,මේ අදහස ඒ දෙන්නගේ.ෆිල්ම්ස් හොයාගන්න දෙන්නම ගොඩක් මහන්සි වුන වග මම දන්න්ව . අපිට විදුලි ජනක යන්ත්‍රයක් සොයගන්නවත් විදියක් තිබුනෙ නැහැ.කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මූනු මැලවිලා.


ඔය අතරේ මමත් මගේ අනිත් සගය වුනු රවිත් කතාකරා විකල්ප විසඳුමක් කොල්ලො කෙල්ලො සතුටු කරන්න . අපි කඳවුරු භූමියෙන් කාටත් හොර ටිකකට අතුරුදහන් වෙලා ලඟම තියෙන ටවුමට ගියා. භූමිතෙල් බෝතල් දෙකක් , ගිනි පෙට්ටි, හපන්න බැදපු රටකජු පොදියකුත් අරගෙන ආයෙ අපි ආවා තරුණ කඳවුරට


අපේ වාහනේ නවත්වලා මම ගිහිල්ල සංවිධායක කමිටුවට කිව්ව ඔක්කොම ලමයි රැස්කරන්න මිදුලෙ ලොකු අඹගහ ගාවට . ඔක්කොම කොල්ලො කෙල්ලො එකතු වුනහම අපි දෙන්න වාහනේ වහල උඩට නැගගෙන විරිදුවක තාලෙ දාල නිවේදනයක් කලා ,මොකක්ද දන්නවද එදා රාත්‍රී 9 ට පැවැත්වෙන ගිනිමැල සංගීත රාත්‍රිය ගැන.


දැන් මැලවුනු මූනු වලට නව පන ඇවිත්.කඩියො වගේ එහෙ මෙහෙ දුවනවා දර පොල්කොල හොයන්න ගිනි මැලේට .හොහෙන්දෝ සොයාගෙන ආව පැදුරුත් අඹගහ යට අතුරල තිබුනා. විලක්කු පන්දම් කීපෙකුත් වටේට ගහල.


හරියට රෑ 9 ට අපේ වැඩේ පටන්ගත්ත.අනුලත් ,අරුණත් සිනහ මුසු මුහුනින් ගිනි මැලය පත්තු කරා.කොල්ලො කෙල්ලො අත්පොලසන් දුන්න.ගොවිකම් පාසලේ වයසක මුරකරු සිය කැමැත්තෙන්ම අපේ ගිනි මැලයට ආවතේව කරන්න පටන්ගත්තා.ඔන්න සින්දු නැගලා යනවා.ශාන්ත මේ රෑ යාමෙන් පටන් අරන් , සෝබාව දේ ඇතුලු ප්‍රකට නාට්‍ය ගීතත්, ක්ලැරන්ස් ගෙ සින්දුත්, ජෝතිගේ අමරනීය ගීත් ,ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ වැල් බයිලත් ඒ අතර තිබුනා, හාස්‍ය උපදවන කෙටි නාටකයකුත් එවෙලෙ ර්ඟ ඩැක්වුව.කොල්ලො කෙල්ලො දෙපිලකට බෙදිල තරඟෙට ගී ගයන්න පටන් අරගෙන තිබුන ඒවෙනකොට.


මම අහස දිහා බැලුවා,තරු විසිරුනු නිල් අහසේ පොඩි හඳ පලුවක් තිබුනේ.තරු ආලෝක දහරා ඈත කඳු වැටියට පතිතවෙලා,පන්දම් සහ ගිනි මැල එලිය ඇරුනහම අවට කරුවලයි .හීන් හීතල හුලඟක් විතරක් හැමුවා.


රෑ 11 වෙලත් ගී ගැයීම් නතරවුනේ නැහැ. අන්තිමට කාටත්හ් පහුවෙනිදට වැඩ අවසන් කරල ගෙදර යන්න තියෙන නිසා රවිටයි මටයි අකමැත්තෙන් වුනත් සිද්දවුනා වතුර බාල්දියක් දාලා ගිනි මැලය නිවලා සන්දර්ශනය හමාර කරන්න


කොයිතරම් පහසුකම් සහිත ලස්සන් තැන් වල නැවතුනත් තරු එලියෙ ගිනි මැල වටේ අඹගහ යට සින්දු කිව්ව ඒ රාත්‍රියනම් මට අමතක වෙන්නෙ නැහැ.

සැඟවුන සාක්කි

පිපී හළුවුන මුහුණ
කඳුලු කැට එක දෙක
කිලිටි ලේන්සුව සිඹී
අවපැහැ ඔසරිපොට'ග රැඳි
මල් කැකුලු බීතවී
හීතල හුලඟ කපා එන
බර සුසුම් රැල් පොදී
අඳුරු රෑ මැදියමක
දුටුව රුදු සිහිනෙක
සැඟවුන සාක්කිද ?
ගොඩක් දෙනෙක්ට තමගෙම ප්‍රේමකතාවක් තියෙනවා කියල රසවින්ඳින්න ,හිනාවෙන්න
,එහෙමත් නැත්නම් මතක්කරලා හඬාවැලපෙන්න.මම කියන මේ කතා ටිකක් වෙනස්, මේවා
තුන්වෙනි පාර්ශවයක් විසින් ප්‍රේමය ගැන කරන නිරීක්ෂණ වගේ දේවල් . තුවෙනි
පාර්ශ්වයක් හැටියට ප්‍රෙම කතාවකට සම්බන්ද වීම හරි උද්වේගකර ,ත්‍රාසජනක
,හිනායන ඒ වගේම පස්සෙ චොක්ලට්ස්, අයිස් ක්‍රීම්,වගේ දෙවල් වලින් සැලකිලි
ලැබෙන වැඩක්.ඒවගේම තුන්වෙනි ඇහැකින් ප්‍රේමය දිහා විමසුම් නෙත හෙලනකොට වඩා හොඳින් ප්‍රේමයට අර්ථ නිරූපන දෙන්න පුලුවනි .මේ අහස්ගව්වෙන් ඒ ගැන දරන වෑයමක්.ආදරයේ තුවැනි පාර්ශවය ඒවගේ ප්‍රේම කතා එකතුවක්

සයිබර් බණ වර

සයිබර් බණ වර

නන්දාවනි...
සිත නොව
කයම පමනක් පතන
එමතුද නොව තව
උපභෝග පරිභෝග සම්පත් යදින
එකී දඩයක්කාර මානවකයන්ගැන
අනුකම්පාවෙන්
නරකද දෙසූවොත්
සර්ව රාත්රික
සයිබර් කවිබණක්

දන් දීම




අන්තජාල මන්දාකිනියේ
මිලිනවූ අසෙනිය පෙම්කුසුම්
සිඹ සිඹ ලසොවින්වැලපෙන
නන්දවනි අසනුමැනවි

සාපිපාසාවෙන් යදින
අතරමංවූ දුගියෙකුට
නුඹේ නිකැලැල් හදබඳුන
සිහිලැල් ප්රේමයෙන් පුරවා
පුදදුන් මියුලැසියේ

යමක් නම් පිදියයුත්තේ
නිර්ලෝභීව
නිමල සිතකින්
යලිදු කිසිවකුත්
ලබනු නොරිසිව

එබැවින් නන්දාවනි
සැනහෙව
තුටුවෙව
සිහි එලඹාගනුමැන
මහත් ඵල මහනිසංස ඇති
දනක් පිදූ
උවැසියක ලෙස


නිමිත්ත

අන්තර්ජාලයේ සැරි සැරූ මිතුරියකට සමාන අදහස් ඇති තරුණයෙක් මුනගැසෙයි .බොහො රාත්‍රීන් වල දොඩමළුවෙන ඔවුන් පෙමින් වෙලෙයි . එහෙත් අවසානයේ එය තරුණයා විසින් කල රැවටීමක් බව මා මිතුරිය දැනගන්නා විට ඇය පමා වැඩිය .ඒ වන විට  ඇය ඔහුට බොහෝ ආදරය කරන්නට පටන්ගෙන ඇත . මේගැන සුසුම්ලමින් මා මිතුරිය පැවසූ විට ඇය වෙනුවෙන් මේ කවිය ලිව්වෙමි .මෙය ලියවුණේ ගාලු පාරේ දුර ගමනක් යන අතර මගේ වාහනයේදීයි .මුලින්ම මේ කවිය මූණු පොතේ කවි පිටුවෙහි පල කලෙමි .

මෙම සිත්තම ජෝර්ජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි .

වැහි බිඳු වැලපීම

වැහි බිඳු එකිනෙක
නලලත පතිතව
දෙතොලග සිඹ සිඹ
දෙකොපුල් තෙමා
රූරා වැටී
රහසින් මට කියුවා
මල්වරුසාවක
බොඳවුන
සිහිනයක් ගැන

මා මිය නොගිය වග

සිහින බොඳවුනාදෙන්
මල්වරුසාවට
පැතුම් ගිලිහුනාදෙන්
නටු අගින් වට මල් ලෙසට
ගොළු වී හද ගී වැටුනත් තටු සිඳී
කමක් නෑ දැන් මට

එකතුකර ඒ ඔක්කොම
පදම් කර හොඳ හැටියට
සිනහ ගෙන අනුපානෙට
ගැයුමට හැකියි දැන් මට

ඉඳහිට බිඳුණු සිහිනෙක
සුන්බුන් මුණ ගැහුණු සඳ
මුතු මැණික් සේ වටිනා
හැකිය අහුලාගන්නට
තැන්පත් කරන්නට
ආදරයේ නිදන් ගැබ

පාට පාට පැතුම් මලේ
එකතු කර ගිලිහුණු පෙති
තබා අලුත් රටාවකට
වියා නව සුබ පැතුමක්
එවන්නට හැක ඔබට

එතකොට ඔබ දැන ගනීවි
පැතුම් ගිලිහී
සිහින බොඳවී
ගොළුවී හද ගීත
වැටුනත් තටු සිඳී
මා
මිය නොගිය වග

කසාදය

මට
මා අහිමි විය
ඔහුට
මා හිමිවිය

වසන්ත ගීත

පිපිරී ඉරිතැලී
ලේ ගලන
හදවතින්
තටු සින්දී බිමවැටී
විඩාපත් වූ ගතින්
කෙවිලියක් ගයන්නී
වසත් කල ශෝක ගීයක්

මල් මුවරදින් මත්වී
අලුත්කර පැරනි පෙම් ගී
හද වීනාව වයා
පෙරමග බලයි කොවුලෙක්
වසත් කල එනතෙක්
හදවත් දඩයමට

මං නැතිවෙලා

මගේ පන්තියෙ
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය

බලපොරොත්තුවක්
පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය

හීනෙන් ගෑ සුවඳක් වගේ
මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට

බලපොරොත්තුවේ උදෑසන a good morning .....


දිගු අඳුරු රැය ගෙවී
දහවල් සරතැසනිමාවී
අයෙමත් ඇවිල්ලා අර
බලාපොරොත්තුවේ
උදෑසන

සිහිලැල් සුලඟට
රසුදැල් හඬවා
මනකල් සිතුවිලි
නවමල් පුබුදා
කවුලුවමත හිඳ
ගීතගයනවා අර
බලාපොරොත්තුවේ
උදෑසන

සුබ සිහිනයක වෙලී
සිඹ සිඹ සැනැහෙන්න
සිතුවිලි වලට තටු ඇවිත්
ඈතින් ඈතට යන්න
හදවත කිති කැවී
ආයෙ ආයෙත් හිනැහෙන්න
ආයෙමත් ඇවිල්ලා අර
බලපොරොත්තුවේ
උදෑසන
කාලෙකට ඉස්සර නම් ආසාවෙන් කවි ලිව්වා.ඒත් ඒක අතරමග නතරවුනා නොයෙක් හේතුනිසා. ඉතින් කවි ලියන ආසාවත් හැකියාවත් කාලයක් තිස්සේ ටිකක් යටපත්වෙලා තිබිලා ඔන්න දැන් ආයෙත් ඉස්මතුවෙන්න පටන් අරන්. ඉතින් මම හිතුවා ඒ කවි වලටත් තැනක් අහස්ගව්වෙ වෙන් කරන්න . ගොඩක් මේ කවි ලියවුනේ රාජකාරි ගමන් බිමන් ඒකියන්නෙ සංචාරේ යන අතර මගේ නිල වාහනේ .වැඩියක්ම කවි ලියවුනෙ කොලඹ සිට මාතර බලා එන අතරමග ගාලු පාරේ.ඒනිසා මේවා ක්ෂණික කවි .කියවලම බලන්න

සoචාරේ

රාජකාරි කටයුතු වලට එතෙර මෙතෙර දීර්ග ගමන් බිමන් යාම වෙහෙසකර ඒත් සන්තෝෂජනක කටයුත්තක්.ඉතින් එහෙම ආගිය ගමන් බිමන් වලදී දැක්ක අලුත් පරිසර ,හමුවෙන නා නා විධ මිනිසුන් ,ගැහැනුන්,ආහාරපාන ,නවාතැන්පොලවල් , සන්ග්‍රහ සත්කාර, රාජකාරි වෙලවෙන් පස්සෙ කරන ත්‍රාසජනක සහ විනෝද ක්‍රියා, හදිසි අකරතැබ්බ ගැන රස මුසු සිද්ධි ලියන්න අහස්ගව්වේ සංචාරේ තීරුව වෙන්වෙනවා

Tuesday, August 25, 2009

වැලන්ටයින් තෑග්ග


වැලන්ටයින් දිනය කවදද , පෙබරවාරි 14 ද 17 ද එහෙමත් නැතිනම් පෙබරවාරි
මාසෙ වෙන දවසක්ද? හිනාවෙන්න එපා, ඇත්ත්ටමයි කියන්නෙ මේ ලියන මට හැමදාම
ඔය දිනය අමතක වෙනවා හරියටම කවදාද කියලා. ඔයගොල්ල පුදුමවෙයි එහෙම ඇහුවහම
,ඒත් ඒක එහෙම තමයි , මට තවම හරියටම මතක් කරගන්න අමාරුයි.

හ්ම්ම්ම් මොකද මේ හදිස්සියෙ වැලන්ටයින් දිනය මතක් වුනෙ ? ඔන්න මේ ලියන්න
යන්නෙ වැලන්ටයීන් තැග්ගක් ගන්න ගිය කතාවක් හරිද

සුමංජරී රූ සපුවෙන් අගතැන්පත් මගේ බැචියක් , අපේ බැච් එකේ කොල්ලන්ට අනුව
සැලෙන ලෙලෙන අංගනාවක්.හීනි දිගටි ඇස් , ලේයර්ස් කැපුව කොන්ඩෙ ,ලප නොමවන්
මුහුන , රත්තරන් පැයැය වගේ සුදු පාට එයාට අමුතුම ලස්සනක එක්කලා, ඒත් අපේ
බැච් එකේ කෙල්ලන්ටනම් එයව පෙන්නන්න බැහැ.සුමි කවදත් හරි ලස්සනට ඇන්ද ,
පොඩි මේක් අප් පාරකුත් දැම්ම, ඒත් අනිත් කෙල්ලො නම් කිව්වෙ එයාට රට ව්ටේම
කොල්ලො කියලා, මුලින්ම මහා ශිෂය සන්ගමේ අය්ය කෙනෙක් එක්ක , ඊට පස්සෙ අපේ
සීනියර් බැචෙක් වෙන තේමින්ද එක්ක , දැන් තේමින්දව අත ඇරලා මෙඩිකල්
ෆැකල්ටියෙ කොල්ලෙක් එක්ක යාළුලු. ලස්සනට අඳින්නෙ කොල්ලො අල්ලගන්න ලු.ඕව
තම්යි කනින් කොනින් ඇහුන ලැව් ගිනි වගේ පැතිරුන කෙල්ලනගෙ රස කතා. මට නම්
ඉතින් සුමි එක්ක කිසි තරහක් තිබුනෙ නැහැ, ගොඩක් කෙල්ලො කැමති නැහැ තවත්
කෙල්ලෙක් ලස්සනයි කියල කියන්න ,නිතරම කලිසම් ටීෂර්ට් ඇඳල සැන්ඩ්ල්ස්
දාල කැම්පස් ගිය මට සුමි එක්ක එහෙම මතවාදි ප්‍රශ්න තිබුනෙ නැහැ

කොහොමද අපි යාලුවුනේ ? හා හරි දවසක් මම ජිම් එකේ තේ බොනකොට එයා ම්ගේ ලඟට
ඇවිත් කිව්ව මනෝ ඉන්ටර් යුනිවර්සිටි බැඩ්මින්ටන් මැචස් වලට මට ඩබල් ප්ලේ
කරන්න කවුරුහරි සොය දෙන්න , ඔයාගේ ඉස්කෝලෙන් ආව යාලුවො ඇතිනෙ , ඔයාගෙ
ඉස්ස්කෝලෙ හරි ප්‍රසිද්දයි නෙ බැඩ්මින්ටන් වලට , ඔන්න එතින් කියන
සුනංගුවෙන් මම මගේ ඉස්ස්කෝලෙ බැඩ්මින්ටන් යාලුවෙක් එයාට සෙට් කලා ආර්ට්ස්
ෆැකල්ටියෙන් , ඊට මසෙකට විතර පස්සෙ අයෙත් මුන ගැහුන දවසක එය මට මුව
නොසෑහෙන්න තෑන්ක්ස් කරල කිව්ව එගොල්ලො ගේම් එක දිනුව කියල.

එහෙම පටන්ගත්ත යාලු කම තවත් තහවුරු වුනේ සෙකන්ඩ් ඉයර් එකේ මටත් සුමිලගේ
බෝඩිමේ නවතින්න වුනහම ,ඒකට උදව් කෙරුවෙ සුමි, අපේ බැචියො හයදෙනෙක් විතර
ඒගෙදර අප්ස්ටෙයාර් එකේ හිටිය නැවතිලා.සුමි උදේ ලෙක්චර්ස් ගිහිල්ල එන්නෙ
ගොඩක් හවස් වෙලා, බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් , ඒත් බෝඩිමේ කෙල්ලො කියන්නේ
එයා අර මෙඩ්ඩ එක්ක රවුම් ගහනවලු , ඒ පිරිමි ලමය ධනවත් පවුලකලු , සුමි
මදි නොකියන්න අඳුම් කැඩුම් ,සුවඳ විලවුන් ඒකොල්ලගෙන් අර ගන්නවලු.

ඔන්න එදා අපි හැමෝම සාලෙ ලොකු ඩයිනින්ග් ටේබල් එක වටේ කෑමකනව , මේ වෙලාවට
තම්යි ඔක්කෝම කැම්පස් එකේ ඕප දූප එලියට එන්නෙ .අලුතෙන් හිච් වුන කපල්ස්
,බින්දුනු ප්‍රේම , ලෙක්චරස්ලගේ වග තුග
එතින් එදා මතෘකාව , ඊට පහුවද්ට එන වැලන්ටයින් දින්ය . ඔන්න මගෙන් අහන්න
එපා ඒ කවදද කියල හරිද

ඉතින් හැමෝම කතාකලේ ඒ අයගේ වැලන්ටයින් තෑගි ගැන , එතන හිටිය හැමොම
ගර්ල්ස්ටට බෝයිෆ්‍රෙන්ඩ්ස්ල හිටියා ,එතින් හැමෝම කතාවුනේ එයාලගේ
වලන්ටයින්ට ගත්ත තෑගි ගැන , මල් පොකුරු , සුවඳවුලවුන් ,Fab එකෙන් කේක්
ඒවගේම MC එකෙ ලන්ච් වලට යන්න , බෙල්ලන්විල පන්සලට ගිහින් මල් පූජාකරන්න
, තවත් කපල්ස් දෙකක් එකතුවෙලා නුවර යන්න වගේ වැඩත් සෙට් වෙල තිබුන .
කෙල්ලො ගිරව් වගේ කියවද්දි සුමි නිහඬ වෙලා හිටිය.කව්වුරුත් ඇයගේන් ඇහුව
වැලන්ටයින් තෑගි ගැන , සුමි උදාසීනව කිව්වෙ ඒදෙන්න පස්සෙ වැලන්ටයින්
සමරනව කියලා , එයාඅගෙ මෙඩ්ඩට විබාගෙලු , හරියට වැඩලු . අනිත් කෙල්ලො ඒක
අහල විසිරිලා ගියේ පුස්ස බිඳුන වගේ ,සමහර විට උන් බලාගෙන ඉන්න එහ්තෙ
මොකඛරි සුරඟනා කතාවක් අහන්න වෙන්න ඇති

ඉතින් කෙල්ලො ඔක්කොම විසිරුනාට පස්සෙ සුමි , හෙමිහිට මනෝ මෙහෙ එන්න කියල
එයාගේ රූම් එකට මාව ඇදගෙන ගිහිල්ල පොත් මේසෙ ලාච්චුවක් ඇරල පාර්සලයක්
එලියට ගත්ත, ලස්සනා සිල්වර් පාට පෙට්ටියක් රෝස රිබන් එකකින් ගැටගහලා ,
එයා ඒක ඇරියෙ හරි ආඩම්බරෙන් , හ්ම්ම් මොකක්ද දන්නවද තිබුනෙ? හරිම ලස්සන
සිල්වර් පාට අත් ඔරලෝසුවක් ඒ එක්කම ඇඳුමෙ පාටට ඩයල් එක වෙනස් කරන්න
පුලුවන් විදියට පාට පාට ඔරලෝසු මුහුනත් තිබුනා. අත්ත්ටම ඒක හොන්ද
තේරීමක්, හරි ලස්සනයි සුමි, හරි ක්ලාසි ප්‍රසන්ට් එකක් කියලා මම කට පුරා
කිව්ව, එයා දිලිසෙන ඇස්වලින් කිව්වා මේ එයගෙ මෙඩ්ඩගෙන් ලෙබුන වලන්ටයින්
තෑග්ග කියල ,ඒත් සුමි කිවා මේ වතාවේ සුමි එයාගෙ මෙඩ්ඩට තැගි තෙරුවෙ නැහැ
වැලන්ටියින් වලට .එයාගේ මෙඩ්ඩ කිව්වලු කරදරවෙන්න එපා කියල .මොකද එයාට
ලෝකෙ තියෙන හොඳම වැලන්ටයින් තෑග්ග වෙන සුමි ලැබුන නිසා කියල

ඔන්න එතින් කෙල්ලො පෙරුම් පුරන වැලන්ටයින් දවස උදාවුන,
එද ගොඩක් කොල්ලො කෙල්ලො දවල් දහය විතර වෙනකොට කැම්පස් එකෙන් වාෂ්ප වෙල
තිබුන, මම ලෙක්චර්ස් ඉවර වෙලා කම්පියුටර් රූම් එක පැත්තෙ රවුමක් ගහන්න හිතුවා
ඊමේල් බලන්න ..හ්ම් මෙන්න සුමි ඉන්නවා කම්පියුටර් රූම් එකේ , මූණ
මැලවිලා,

හලෝ මැඩම් මම හිතුවෙ ඔයා මෙලහට විහාරමහා දේවි එකේ ආදර වැස්සෙ තෙමෙනවා
කියලා මම එයාට විහිලුකලා. ම්හූ ....නෑ උත්තරයක්

ඇය් මචන් ප්‍රශ්නයක්ද ? මම හිතුවා මෙඩ්ඩ මේ හොඳ දවසෙ එයාව බලන්න එන්න ලේට් ද කියලා.

මනෝ මට අනුෂ්කට වැලන්ටයින් ප්‍රසන්ට් එකක් ගන්න ඔනෙ .යකෝ වැලන්ටයින්
පහුවෙලා සමරනව කිව්ව ගෑනිට මේ මොකෝ වෙලා තියෙන්නේ ?

ඉතින් ඒක ඒ හැටි දෙයක්ද ? අද ගොඩක් වැලන්ටයින් ඔෆර්ස් තියෙන එකේ
?බම්බලපිටියට ගියානම් වැඩේ ගොඩ මම සුපුරුදු විනෝද හඬින් කියල
කම්පියුටරයක් ඔන් කලා

මනෝ ඔයාට බැරිද මාත් එක්ක එන්න , මට ඔනේ එයාට හොඳ බ්‍රෑන්ඩ් ෂර්ට් එකක්
ගන්න ,අපි කොහෙදයන්නෙ , මම කවදාවත් ෂර්ට්ස් තෝරල නැහැනේ එහෙම තැන්වල

හ්ම්ම් .. කාලවරෙන්කො.. වදේ මම කොහොමද ෂර්ට්ස් ගැන දන්නෙ , මොකෝ මම
ෂර්ට්ස් තෝරල තියෙනවද ?මම ඇහුවා

අනේ මනෝ ..විහිලු නෙවෙයි සුමි කියනවා... හ්ම්ම් හරි පොඩ්ඩක් ඉන්න .. මගේ
ටිකිරි මොලේට මතක්වුනා හමීඩියාස් සාප්පුව ගැන . මම එතන පස් පාගල නැහැ ඒ
වුනාට අහල තිබුනා මිරර් ෆැෂන් මැගසින් එකෙන් ,Mc අවුට්ලට් එකක් තියෙන වග
ටක් ගාලා ඔලුවට ආවා. එකේ වැලන්ටයින් ඔෆර්ස් ගිෆ්ට් වවුචර්ස් තියෙනවගෙ
මිරර් එකේ තිබුනේ ..හ්ම්ම් ආදරේ කරනකොට වෙලඳ පොල තොරතුරු කොය්තරම්
වැදගත්ද?

එතින් මම සුමීට විස්තරේ දුන්නා . Mc එකේද අවුට්ලට් එකද ? ඔයත් එනවද මාත්
එක්ක ? සුමි අහනවා , හ්ම්ම් මම ඒකට ගිහින් නැහැ, හරි යමුකො එහෙනම් මමත්
කිව්වා

Mc එකම මිහිපිට මගුල් ගෙයක් වගේ වැලන්ටයින් දවසේ ,පාට පාට හදවත්
,විදුලිබුබුලු ,මිහිරි සන්ගීතය මැදින් පාට පාට ලෝක වලට පියාඹන උනුන්
බඳවෙලුන පෙම්වත්තු අතුරු සිදුරු නැතිව ,උදේනි පුර සැනකෙලිය වගේ ..යාන්තම්
හමීඩියාස් එකට ගියා..සුමි සුසුම් හෙලුවා අපරාදේ මට කලින් ප්‍රසන්ට් එකක්
අරන්තියන්න තිබුනෙ...හරියට නිකන් ලෝකෙ තියෙන ඔක්කොම තෑගි වස්තු අද ඉවර
වෙනව වගේ

ඔන්න පය තිබ්බ විතරය් කාරුනික සේල්ස් බෝයි කෙනෙක් ඇවිත් අපිට උදව් කරන්න
ලෑස්තියි..සුමිට හිතාගන්න බැහැ මොනවගේ කමීසයක් තෝරගන්නද කොහොම තෝරගන්නද
කියල ...මම නම් කවදාවත් අහලවත් නැති ඉස්තරම් බ්‍රෑන්ඩ්ස්..එයා ඒ අත මේ අත
බලනව..ටිකක් ගනන් වැඩියි කොඳුරනවා , එහෙනම් යමු වෙන තැනකට මම කිව්ව , නෑ
නෑ තව බලමු

මට හිතාගන්න අමරුයි එයාට ගැලපෙන සයිස් එක .. හ්ම් ඉතින් මෝඩය එක දන්නෙ
මමද ? විහිලු නෙවෙය් කොහොමද ඒක හිතාගන්නේ ?මට එයාගෙන අහන්න බැහැනෙ මේක
සර්ප්‍රයිස් එකක් ..මොන මගුලක ද මේ තරම් දුක්විඳින්නේ නොදන්න කෙහෙම්මලක්
තෝරන්න කියලා මට හිතුනා.. එහනම් ගිෆ්ට් වවුචර් එකක් ගන්න මම එයාට කිව්ව ,
වැඩේ ඉවරයි ..මම බැලුවෙ ෂෝර්ට් කට් එකක් .. අනේ එහම කොහොමද මට එයා ලස්සසන
තැග්ගක් දුන්නනේ ..සුමිගේ වැලපීම

ඔන්න මට අදහසක් ආවා, සුමි බලන්න අර සේල්ස් බෝයි දිහා .. එයා උසමහත අතින්
ඔයාගෙ මෙඩ්ඩ ට සමානයි නේද කියලා මම හමීඩියාස් එකේ හිටි කොල්ලෙක් එයාට
පෙන්නුවා ... ම්ම්ම් සුමි කල්පනාව , ඒසැනින් මම ඒ බෝයි ගාවට ගිහිල්ලා
කඩුවෙන්ම කිව්වා ආයෙත් දෙපාරක් හිත්න්නෙ නැතුව එයා වගේ උස මහත පිරිමි
ලමයෙකුට ගැලපෙන ලස්සන කමිසයක් තෝරල දෙන්න කියලා, එහෙනම් අඟල් 15 1/2
කියල ඔන්න එයා අපිට ෂර්ට් පෙන්නනවා..සුමි බලලා ඉවරවෙලා අත්දිග ඇත්දල පාට
කමිසයක් ගත්තා එයාට ක්ලිනිකල් කරන කාලෙට අඳින්න පුලුවන් කියලා ,... මම
පාට ගැන බලපෑම් කලේ නැහැ. ඒත් අර සේල්ස් බෝයි කියනවා දැන් ෆැෂන් එක ඔෆ්
වයිට් කියලා....

ඔන්න සුමිට ඔනෙවුන ඒක පාර්සල් කරගන්න ලස්සනට..මිස් කාඩ් එකකුත් දානවද අර
කොලුව අහනවා... ආයෙ දෙකක් නැහැ ලවර්ස්ලට සේවය කරල නියම පල පුරුද්දක්
තියෙනව වගේ

මම හිතුවා ඔක්කොම හරි කියලා..බිල ගෙවන්න ගියහම මෙන්න වැඩේ ..සුමි ආයෙත්
කියනවා මනෝ මේක ගන්න තව මට රුපියල් 1000/= මදි කියලා.. වෙලවට මම ගාව
සල්ලි තිබුනා,ගිය සතියෙ ගෙදර ගිය නිසා රුපියල් 3000/= ට ෂර්ට් එකත් අරගෙන
අපි ආවා...එයා කැම්පස් එකට ආවහම කිව්ව බෝඩිමේ අනිත් කෙල්ලන්ට කියන්න එපා
කියලා...එක නම් අකුරටම ඉෂ්ට කලා මම

ඒත් එදා හිතාගත්ත ඉලක්කම් පහක වත් පඩියක් දෙන රස්සවක් සොයගන්නේ නැතුව මම නම්
වැලන්ටයින් දිනය සමරන්නේ නැහැ කියලා



ලෙඩුන් බැලීම

ගොඩක් දෙනෙක්ට තමගෙම ප්‍රේමකතාවක් තියෙනවා කියල රසවින්ඳින්න ,හිනාවෙන්න
,එහෙමත් නැත්නම් මතක්කරලා හඬාවැලපෙන්න.මම කියන මේ කතා ටිකක් වෙනස්, මේවා
තුන්වෙනි පාර්ශවයක් විසින් ප්‍රේමය ගැන කරන නිරීක්ෂණ වගේ දේවල් . තුවෙනි
පාර්ශ්වයක් හැටියට ප්‍රෙම කතාවකට සම්බන්ද වීම හරි උද්වේගකර ,ත්‍රාසජනක
,හිනායන ඒ වගේම පස්සෙ චොක්ලට්ස්, අයිස් ක්‍රීම්,වගේ දෙවල් වලින් සැලකිලි
ලැබෙන වැඩක්

මේ කතාව මම කැම්පස් ෆස්ට් ඉයර් ඉන්නකොට වුන දෙයක්.මගේ ෆස්ට් ඉයර් එක
ගෙවුනෙ වැඩිය මිත්‍රසමාගම් නැතිව . ඒකට හේතුව මම ඉන්ග්ලිෂ් මීඩියම්
ඩිග්‍රීය කල නිසා.අපේ පන්තියෙ හිටිය වැඩිඩෙනෙක් කොලඹ සහ නුවර ඉහල පෙලේ
බාලිකා සහ බාලක පාසල් වලින් ආව අය. ඉතින් කාලයක් ගියා යාලුවෙන්න .අපිට
රැග් එක තිබුනෙත් නැති නිසා. ඒත් කවුරුත් කොතැනදි දැක්කත් හායි කියල
කියගෙන යන සිරිතක් අපේ තිබුණ.

ඒ අපේ ස්ටඩි ලීව් කාලෙ.මම එදා උදෙනම ලය්බ්‍රරි ආව, නෝට්ස් මිටියත් අරගෙන
පිම්මෙ පඩිපෙල නගිනකොට (මගේ හෙමින් ගමන් නැහැනේ අපේ පන්තියෙ බැචියක් වෙන
උමංගා පඩිපෙල කෙලවර ඉන්නව. මම එයට හායි කිව්වත් ,එයා මූන සෝබර කරගෙන
යාන්තම් ඒත් දුකෙන් වගේ හිනාවුන . මම ඇහුව පාඩම් කරන්න යන්නෙ නැතිද කියල
?ගෑනි හිමිහිට නැහැ කිව්වා. එයාගෙ මූනට හොඳටම එබිකම් කලහම යාන්තම් අඬපු
වගක් පෙනුන .මම බොහොම සන්වර තාලෙට කඩුවෙන් ඇහුවා මොකුත් කරදරයක් ද කියල
?කඩුව දැමේ ආරක්ෂාවට ,මම එයා වැඩිය අඳුනන යාලුවෙක් නොවෙන නිසා.එයා
හිමිහිට හීන් හඬින් කඩුවෙන්ම කිව්වා එයාට පොඩි කරදරයක් ,සමින්දට සනීප
නැතුව නවලෝකෙ ඇඩ්මිට් කරලා කියල .

එයාගෙන් හාර අවුස්සන ගියෙ නැතුවට මට මීටර් වුනා සමින්ද කවුද කියල
ලෙඩාට කොහොමද මම ඇහුවා

හ්ම්ම්...මට එයාගෙ ෆෝන් එකට කතාකරන්න විදියක් නැහැ, එයාගෙ අම්ම්ය්
තාත්තයි දෙන්නම එයාගෙ ඇඳ ගාව, යාලුවෙක් ගෙ ෆෝන් නම්බර් එකක්වත් මට නැහැ
එයාගේ.උමංගා හීල්ලුවා.

හරි මට ආවා අයිඩියා එකක්, කවුද සමින්දගෙ ගෙදර මේ වෙලවෙ ඉන්නෙ මම ඇහුව
. එයාගේ නංගි විතරක් වෙන්න ඇති .උමංගා නොසැලකිල්ලෙන් වගේ කිව්වා.
දෙන්න මට ගෙදර නම්බර් එක , උමංගා පුදුමෙන් වගේ ඇස් ලොකු කරගෙන නම්බර් එක දුන්නා.
මම එයාවත් ඇදගෙන ඉක්මනට පුස්තකාලෙන්පහලට බහැල ගිහිල්ල නතර වුනේ කාසි
පෙට්ටි දුරකතනය ගාව
දෙකේ කාසි අහුරක් අරගෙන මම නම්බෙර් එක ඩයල් කරන්න ගත්ත , උමංගා බයවෙලා
කියනව එපා නංගි සැක හිතය් කෙල්ලෙක් කතාකරනකොට .
සමින්දගේ අම්මා උමංගා කීප දවසක්ම එයට ගෙදරට කතාකලේ ඇය් කියල අහල තියෙනවා
කියල පස්සෙ එයා මට කිව්වා.

ඔන්න සමින්දගෙ නංගි ෆෝන් එක ගත්ත, සිහින් හඬක් , ගැහැනු ලමයෙක් ගේ, මම
මගේ කටහඬ පිරිමි ලමයෙක් වගේ මාරු කරල සමින්දගෙ යාලුවෙක් විදියට
රඟපානව.එහෙම කරන්න මට හේතුවක් තිබුණ.ගොඩක් මගේ යාලුවො ඒ දවස්වල මට
කියනවා පලවෙනි වතාවට මගේකටහඬ ෆෝන් එකෙනෙන් අහනකොට කොල්ලෙක්ගෙ වගේ කියල.
කොහොමහරි ලෙඩාගෙ විස්තර ලැබුන , ඒතරම් අමාරු නැහැලු , වැඩි හොඳට නවලෝකෙට
ඇඩ්මිට් කරලා තියෙන්නෙ, අම්මයි තාත්තයි ලඟ ඉන්නවලු ,මම කෝල් එක ඉවර කල
සැනින් උමංගට විස්තර විචාරෙ අකුරක් නෑර දුන්න .

ඔන්න එතකොට එයගෙ මූණ ටිකක එලිය වෙලා තෑන්ක්ස් මනෝ කියල කිව්ව.
මම එයාට යෝජනා කලා වඩයක් කාල ප්ලෙන්ටියක් බොන්න යමු කියල . මොනවහරි
සමරන්න ඔනෙ වුනහම මම එහෙමතමයි. ,මට හිතුන අපි ටිකක් යාලුවුනා වගේ කියල.
උමංගත් ටිකක් හිනාවුනානෙ ලෙඩාගෙ විස්තර දැනගත්තහම

ඔන්න ඉතින් ජිම් එකේදි උමංගා එකපාරටම හූල්ලල කියනවා අනේ මට සමින්දව බලන්න
යන්න තිබුනනම් ඒත් මම නවලෝකෙ තියෙන තැන දන්නෙ නැහැ .කවදාවත් කොලඹ හිටියට
බස් එකෙ ගිහිල්ල පුරුදු නැහැ තනියම.කොලඹ පාරවල් දන්නෙනැහැ

හ්ම්ම් හරි පුදුමයි මේ කෙල්ලො... ජීවිත කාලෙම කොලඹ ඉඳලා නවලෝකෙ තියෙන තැන
දන්නෙ නැහැ මගේ හිත කියනව .හැම සිකුරාදම 138 බස් එකේ ගෙදරයන්න කොටුවට යන
මට නවලෝක හන්දිය හොඳට හුරුයි . උමංගා තේ එක හිමින් තොලගානවා ඔනවට එපාවට
පාඩම් කරන්න යන්න හිතක් නැහැ වගේ .

ඔයාට නවලෝකෙ යන්නම ඔනෙද මම ඇහුව , එයා හරි පුදුමෙන් මම දිහා බැලුවේ .
හරියට නිකන් ඔයාට පුලුවන්නම් මාව මගේ සමින්ද බලන්න එක්ක යන්න කියල වගේ
එයාගෙ ඇස් බැගෑපත්වුනා.

යන්න පුලුවනි ඒත් ආන්ටිය් අන්කලුය් සමින්දගාව ඉන්නවනෙ , ඉතින් එයාලට සැක
නැතිවෙන්න යන්න ඔනෙ උමංගා ,
මගේ තීක්ෂණ් බුද්ධි මහිමය මම එයාට පෙන්නුව . ආයෙත් ගෑනිගෙ මූන කලු වුනා.

හ්ම් හරි මට කියන්න ඔය දෙන්න මුන ගැහුනෙ කොහොමද ?කොහේදිද

කවුද සමින්දගෙ හොඳම යාලුවො? මොනවද ඒ අයගෙ නම්
සමින්ද ක්‍රිකට් ගහන්වද ?
මගෙන් ඔයවගේ ප්‍රශ්න වැලක් උමංගට යොමුවුනා ,
එයා පුදුමෙන් වගේ මා දිහා බලාගෙන උත්තර දෙනවා

හරි මෙන්න ප්ලෑන මම ජයග්‍රාහි ලීලාවෙන් එයාට කිව්ව. අපි කියමු කූරා
(සමින්දගෙ අතිජාත මිතුරෙක් ) අපිට කිව්වෙ සමින්ද ලෙඩවෙලා කියල, ඒනිසා අපි
දෙන්න එයා බලන්න ආවා, අපි දෙන්න සමින්ද දන්න කට්ටියම එකට IBSL
ඉන්ග්ලිශ් කෝස් එක ෆලෝ කල නිසා කියලා.

ඉතින් පාඩම පැත්තක දාල මම උමංගත් ඇදගෙන නවලෝකෙට ආවා ඔන්න. හන්දියෙන්
බැස්සවිතරයි එයාට ඔනෙ වුන ලෙඩා බලන්න යන්න මොනවහරි ගන්න. එයාගෙ හිත ගියේ
එතන මල් කඩේ තිබුන රතු රෝස මල් වලට ,

මෝඩි රතු මල් ගෙනිච්චොත් අපි අහුවෙනව මම එයාට කෑගෙහුව,
යන්තම් එයා කැමතිවුනා ඇපල් ටිකකුය් මිදි ටිකකුය් ගන්න , ඒවා ලෙඩ්ඩුන්ට
හොඳය් නෙ . ඒත් චොක්ලට් එකක් නම් ගන්නම ඔනෙ කිව්වා.
මම එයා එකඟකර ගත්තා මම ඒව සමින්දට දෙන්නම් , කියලා මොකද උමංගා ඒ වැඩේ
කරන්න ගිහිල්ලා හැඟිම් බර වෙලා වැඩේ දෙල් වෙය් කියල මට හිතුනා.

ඔන්න අපි ඇතුලට ගියා කියමුකෝ දැන් ලෙඩාගෙ වෝඩ් නම්බර් එක හොයගන්න ඔනේ .
අපි දෙන්න රිසෙප්ෂන් එක ගාව තියෙන දැන්වීම් පුවරුව ගාවට ගියා,
උමංගා හැඬුම් බර මූනකින් මම දිහා බලන්වා, අනේ මනෝ සමින්දගෙ නම නැහැනේ
මෙතන , එයා ගෙදර ගිහිල්ලද ?
හ්ම්ම්ම් මම හොඳට එබිල බැලුව නාමපුවරුවට , මොකක් වුනා කියලද හිතන්නෙ
?ගෑනි තදියම වැඩිකමට කියවල තියෙන්න් පේශන්ට්ස්ලගෙ නේම් බෝර්ඩ් එක නෙවෙය්
එදාට නවලෝකෙට චැනලින් වලට එන ඩොක්ටර්ස්ලගෙ නේම් ලිස්ටෙක

හ්ම්ම් ඉතින් මම හොඳ සිහියෙන් නිසා සමින්දගෙ වෝඩ් එක හොයගත්ත ,
හතරවෙනි තට්ටුවේ කාමරයක් .එතින් ලෙඩාගෙ කාමරේ දොරගාවටම අපි ගියා කියමුකෝ
.මෙන්න උමංගා මගේ අත අල්ලගෙන කෙඳිරිගානවා ...මනෝ මට බයයි කියල,එයගේ එක
අතක ඇපල් ,මිදි චොක්ලට් පාර්සලය .
මම අත ගසාදාල කිව්වා බයවෙන්න එපා මේ කේස් එක මම ලීඩ් කරන්නම් කියල

මම දොර ඇරගෙනම ඇතුල්වුනේ හායි සමින්ද කියාගෙන ,සමින්ද තක්කු මුක්කුවෙලා
බලනව මම කවුද කියලා, මම කිසි ගානක් නැතුව කූරා තමයි විස්තරේ කිව්වෙ ඔයා
ලෙඩ වෙලා නවලෝකේ කියල . වක්කඩේ කැඩුව වගේ කියනව ජිවිතේ පලවෙනිවතාවට දැකපු
කොල්ලෙක් එක්ක කිසි සබකෝලයක් නැතුව..ඊටපස්සෙ වැඩ වරදින්න කලින් මම ,
කැමැත්තෙන්ම ඉදිරිපත්වෙලා අපි දෙන්නව හඳුන්වල දුන්න සමින්දගේ
පේරන්ට්ස්ලට.මොකද ඒක කරන විදිය සමින්දටත් ප්‍රහේලිකාවක් වෙලා තියෙන්න
ඇත්තෙ ඒ වෙලාවෙ

සමින්දගේ ඇඟට ලේ ටිකක් උන්නන්න ඇත්තෙ උමංගා දැක්කහම වෙන්න ඔනේ .ඒත්
මිනිහා ඇස් ලොකු කරගෙන බලා ඉන්නවා.ඔන්න ඉතින් අපි දෙන්නා පුටු දෙකක වාඩි
වුනා සමින්දගෙ අම්ම ගෙන් ලද අවසරයෙන්.

උමංගා සමින්දට කිට්ටුවෙන්ම තියෙන පුටුවක වාඩිවුන. මට දැනුන සමින්දගේ
අම්ම අපිව හොඳට නිරීක්ෂනය කරනව කියල.එයා අපෙන් කඩ ඉම් ප්‍රශ්නත් ඇහුව
සමින්ද දන්නෙ කොහොමද කියල, උමංගා බීතවෙලා ඉන්නකොට පැනල උත්තර බැන්දෙ මම.

සමින්දගෙ තාත්ත පරණ පේරදෙනි කැම්පස් උගතෙක්, එයා අපි කැම්පස් බව දැනගෙන
අතීත පේරාදෙනි විසිතුරු කියවන්න ගත්ත, ප්‍රොෆෙසර් සරච්චන්ද්‍ර ගැන එහෙම
, යන්තන් මම ඒකෙනුත් ගොඩගියා හූමිටි තියලා,පලිප්පු දාලා. වෙලාවට පේරාදෙනි
සාහිත්ය යුගය ගැන කියවල තිබුන නිසා.

ඒත් මට යාන්තමට පේනව උමංග , සමින්ද එක්ක ඇස්වලින් කෝල කතාවක් ,
සමින්දගේ අම්ම ඒ දෙන්න දිහා බලාගෙන, පෙම් කරන්න ගියහම සිහිය නැහැනෙ

මට හිතුන වැඩ වරදීවි කියල. මම එකපාරටම කිව්ව උමංග අපි යමු පාඩම් කරන්නත්
තියෙනවනේ කියල .එයාගේ මූන කලුවුනා, ඔන්න ඉතින්න් සමුගන්න වෙලාව , මම
සමින්දට ඉක්මනට සනීපවෙන්න කියලා විශ් කරල උමංගගේ අතේ තිබුන පාර්සලය ගන්න
හදනකොටම උමංග ඒක සමින්දට දුන්න ,සමින්ද එයාගෙ අත හෙමිහිට මිරිකුව,
ආන්ටිගෙ උකුසු ඇස් ඒ දෙන්නා ගාව, ඒ එක්කම ආන්ටි කියපි ,දුවල ඉන්න ටිකක්
මමත් එනවා ෆාමසියට යන්න සමින්දගේ බෙහෙත් ගන්න ,
මම තවත් හිතන්නෙ නැතුව උමංගගෙ අතින් ඇදගෙන ඉක්මනට කාමරෙන් පිටවෙලා ලිෆ්ට්
එක එනකන් ඉන්නෙත් නැතුව තට්ටු හතරම පඩිපෙල බැහැල නැවතුනේ 138 කොට්ටාව බස්
එකක .