දිගු අඳුරු රැය ගෙවී
දහවල් සරතැසනිමාවී
අයෙමත් ඇවිල්ලා අර
බලාපොරොත්තුවේ
උදෑසන
සිහිලැල් සුලඟට
රසුදැල් හඬවා
මනකල් සිතුවිලි
නවමල් පුබුදා
කවුලුවමත හිඳ
ගීතගයනවා අර
බලාපොරොත්තුවේ
උදෑසන
සුබ සිහිනයක වෙලී
සිඹ සිඹ සැනැහෙන්න
සිතුවිලි වලට තටු ඇවිත්
ඈතින් ඈතට යන්න
හදවත කිති කැවී
ආයෙ ආයෙත් හිනැහෙන්න
ආයෙමත් ඇවිල්ලා අර
බලපොරොත්තුවේ
උදෑසන
මෙන්න නියම ක්‍රමය දවසක් පටන් ගන්න! ඔයා හිතන විදිහ සුපිරියි TG!
ReplyDelete