සැප්තැම්බර් 19 වෙනිදා කේරලයේ තිබුණ සියලු රාජකාරි නිමාකරලා මම නව දිල්ලිය බලා පිටත්වුනා . මම මේ දිල්ලිය දකින්නෙ අවුරුදු දෙකකට පස්සෙ. අනෝරා වැස්සත් ,පොදු රද මඩුලු උලෙලේ කලබගෑනියත් එක්ක ඇවිලුන දිල්ලියට ගොඩ්බහිද්දී ගොඩක් හවස් වෙලා. හරිම සතුටක් දනුනා. තව දවස් දෙකක දිල්ලි නුවර රාජකාරි වලින් පස්සෙ මම නිවාඩු යනවා!
විසි එක්වෙනිදා හවස එකී මෙකී නොකී සියලු වැඩ නිමා කරලා මම නිවාඩු වගට ඊ මේල් එකකුත් ලියලා නවදිල්ලි කාර්යාලයෙන් එලියට බැස්සෙ පාවෙන පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් . මෙදාපොටේ තව දවස් හතකට මාව අල්ලන්න බෑ කාටවත් හී හී.
එදාම මම හවස හතට තියෙන කෝච්චියෙන් දිල්ලියෙ ඉන්දලා උදයපූර් යනවා. කවුරුත්උපදෙස් දුන්නෙ ක්‍රීඩා උත්සවේ කලබගෑනි හේතුවෙන් පාරවල් වල තදබදය ඕනෙ වෙලාවක් එන්න ඉඩතියෙන නිසා පැය දෙක තුනක් කලින් හසරත් නිසාමුදීන් දුම් රියපලට යන්න කියලා .ඉතින් මම ඒ උපදෙස් අනුව හවස හතරහමාර වෙද්දි දුම් රියපලට ගියා.
දිල්ලියේ ඉන්දලා උදයපූර්, යන දුම් රිය හඳුන්වන්නෙ "මෙහෙවාර් එක්ස්ප්‍රස් "කියලා.උදයපූර් වල ඉන්න මිනිස්සු පැවතගෙන එන්න "මර්වාර්" කියන ගෝත්‍රිකයන්ගෙන්.ඒ නිසා වෙන්න ඔනෙ කෝච්චියෙ නම මෙහෙවාර් එක්ස්ප්‍රස් වුනේ . ඉන්දියන් රේල්ලුවේ යන්න ඊ ටිකට් ගන්න පුලුවනි කල්තියාම.දුම් රිය කියන්නේ ඉන්දියාවෙදි ලාබයටත් පහසුවටත් ගමන් බිමන් යන්න පුළුවන් විදිය. මට වෙන් වෙලාතිබුණෙ තුන්වැනි පන්තියේ වායු සමනය කල නිදන මැදිරියක්. පැය දෙකක් විතර දුම් රියපොලේ තිබුන අවන්හලේ ගතකෙරුව මම මගේ දුම් රිය නවත්වන වේදිකාව සොයගන්න ගියා .ඉලෙක්ට්‍රොනික් පුවරු වල දුම් රිය පොලෙන් පිටත්වෙන ලඟාවෙන දුම් රිය වල නම් , අංක , වෙලාව සහ වේදිකා අංකය සටහන්වෙනවා . ඒ නිසා "මෙහෙවාර් එක්ස්ප්‍රස්" නවත්වන හත්වෙනි වේදිකාව සොයාගන්න අමාරු වුනේ නැහැ. ඒත් මගෙ අම්මෝ හිටිය සෙනග කන්දරාව . ගෑණු, පිරිමි ,ලමයි ,වයසක උදවිය ගමන් මළු ලංකරගෙන වගේ වගක් නැතුව කුනු ,දූවිලි පිරුණ බිමත් වාඩිවෙලා ඉන්නවා. සමහරු කෝච්චිය එනතුරු නිදාගන්නවා.දිල්ලියේ ඉඳලා උදයපූර් යන දුම් රිය මාවත හඳුන්වන්නෙ "නෝත් වෙස්ටර්න් රේල්වේ" කියලයි.
දැන් මගේ දුම් රිය මැදිරිය නවතවන ඉසව්ව සොයාගන්න ඔනෙ නේ . ඉතින් ඒගැන ලතවෙනකොට තමයි මම දැක්කේ වයස විස්සක විතර යුවතියක් එයාගෙ මිතුරියත් එක්ක කෝච්චිය එනතුරු බලාගෙන ඉන්නවා . එයාගෙන ඇහුවම එයා මාව සන්සුන් කරලා කිව්ව බයවෙන්න එපා මම යන්නෙත් ඔබේ මැදියියේ මෙතනින් ඉන්න කියලා .මගේ ටිකට් පත බැලුව ඇය කිව්වා අපි දෙන්නටම ඉඳගන්න තියෙන්නෙ ලඟින් තියෙන ආසන වල කියලා. . ඒ ප්‍රශ්නෙත් විසඳුනා

කවුරු කවුරුත් බොහොම කලබලෙන් කෝච්චියට නැගිලා තම තමගේ ආසන සොයාගෙන හරි බරි ගැහෙනවා. තම තමගෙ ගමන් මලු ආසන යටට ආරක්ෂා කාරි විදියට දානවා.සමහරු ගමන් මළු යකඩ දම්වැල් වලින් ආසනයේ තියෙන කොකුවලට ගැටගහනවා වැඩි ආරක්ෂාවට. මමත් හරිබරි ගැහිලා ආසනේ වාඩිවෙලා අවට බැලුවා. එහා පැත්තේ ආසන පේලියේ ඉන්දියානු පවුලක් අම්මයි , තාත්තයි ලස්සන පොඩි කෙලි පැංචියො දෙන්නෙකුයි. අක්කට වයස අවුරුදු හතක් විතර ,නංගි නම් තාම බහ තෝරන වයසෙ.
කෝච්චිය පිටත්වෙනවා එක්කම මගේ ගමන් සගයා වුන ඉන්දියානු යුවතිය එයාගෙ මිතුරියට සමුදීල අවිත් මා අසලින් අසුන්ගත්තා. ඊට පස්සෙ එයාව හඳුන්වලා දුන්නා. ඇගේ නම අමිරිතා. බෙංගාලි යුවතියක් . කල්කටාවෙ හෝටල් කලමණාකරණ පාසලක හෝටල කලමණාකරණ උපාධිය වෙනුවෙන් ඉගෙනගන්න වයස දහනවයක යුවතියක්. ඇය මාස තුනක පුහුණු කාල සීමාවකට උදයපූර් වල තියෙන අති ප්‍රසිද්ධ ටාජ් හෝටල් සමූහයට අයත් "ටාජ් ලේක් සිටි" හෝටලයට යනවා එයාගේ දින පහක නිවාඩුව අවසන් කරලා. මට හරි සටුතුටක් දනුනා මේ යුවතිය ගැන . එයාගෙ කතාබහ හරි ප්‍රීතිමත් , ප්‍රියමනාප , සුහද බවක් තිබුණා . නොනවත්වා මා එක්ක කතාකල මේ යුවතිය හරිම කුතුහලයකින් ලංකාව ගැන , මගේ රැකියාව ගැන විස්තර විමසුවා . ඒ අතර එයාගෙ ගමන් මල්ලට අත දාලා ගන්න චොක්ලට් , චිප්ස් , චුවින්ගම් වලින් කොටසකුත් මට දීලා "හැව් සම්" කිව්වා . එයාගේ ෆැන්ටා බෝතලෙනුත් ටිකක් මට බොන්න කියලා වද කලා.ඔය අතරේ කල්කටාවෙ ගෙදර ගැනත් හෝටල් පාසලේ ජීවිතය ,යාලුවන් ගැනත් කිව්වා. උදයපූර් ගියහම නොවැරදීම යන්න ඔනෙ තැන් වල ලිස්ට් එකකුත් දුන්නා.මම එයාට විහිළුකලා "ඔයාට නම් ගැලපෙන රැකියාව හෝටල් රැකියාව ඒකට උවමනා සුහදශීලිගතිය අඩු නැතිව ඔයා ගාව තියෙනවා කියලා".
මගේ දුම් රිය ගමන පැය දොලහක් . දුම් රියේදි හැම කෙනෙක්ම ඉමනින් සාමූහික ජීවිතයකට හුරුවෙනවා. ඒවෙනකොට ඉන්දියානු පවුලේ තාත්තයි ලොකු දුවයි මගෙ අනිත් පැත්තෙන් වාඩි වෙලා හිටිය සික් ජාතිකයත් එක්ක කාඩ්සෙල්ලම් කරනවා. පොඩි කෙලි පැංචි අපි එක්ක හිනාවෙවී අතදික්කරමින් මොනවදෝ කියන්න උත්සාහ කරනවා. අමිරිතා, පොඩ්ඩි එක්ක ඉක්මනට යාලුවුණා.පැන්චි එයාගෙ ගාවින් ඇවිදින් වාඩිවෙලා හුරතල් වෙනවා. පොඩ්ඩිගේ අම්මත් අපි එක්ක කතාවට වැටුනා. දුවලගේ තාත්තා රජයේ සේවකයෙක් .එයාට ලැබුණ සේවා මාරුවක් නිසා පවුලම උදයපූර් යන වග තමයි කිව්වේ.
ටිකක් රෑ වෙනකොට කෝච්චියෙ ඉන්න කවුරුත් රෑ කෑමට ගෙනාව මොනවහරි දෙයක් කාල නිදාගන්න තමයි සූදානම .ඔනෙ නම් කෝච්චියෙ ආපන ශාලා සේවයෙන් කෑම ඇණවුම් කරලා ආසනය ලඟටම ගෙන්න ගන්න පුලුවන් පහසුකමත් තියෙනවා. නිදාගන්න මගීන්ට තමන්ගේ ආසනය නිදන බංකරයක් හැටියට සකසා ගන්න පුලුවන් . හැම කෙනෙකුටම අලුත් පොරෝණාවක් , ඇතිරිල්ලක්, කොට්ටයක් , සහ බ්ලැන්කට්ටුවක් සහිත කට්ටලයක් ලැබෙනවා. අපි එක්ක හිටිය සික් ජාතිකයා ඉක්මනටම නිදා ගන්න උඩ තිබුණ බංකරයට ගියා .
රෑ දහය විතර වෙලත් මමත් අමිරිතත් කතාකරමින් හිටියා . ඔය වයසෙදි අපි කාටත් ඉගෙන ගන්නකොට තියෙන අවුල් සහගත බව , අනාගත බලාපොරොත්තු , හෝටල් කලමණාකරණ රැකියාවකට පිවිසෙන යුවතියක් හැටියට ආසියානු සමාජයේදී එයාට මූණදෙන්න වෙන අභියෝග ගැන , එයා මට විස්තරකරමින් හිටියා .මම එයාට උපදේශකයෙක් වෙමින් හෝටල් ක්ෂේත්‍රයේ තියෙන අවස්ථා විශ්ලේෂණය කරමින් එයාව දිරිමත් කරමින් "නෙවර් ගිව් අප් කිව්වා."
අර පොඩි කෙලි පැංචි නිදිකරවන්න එයාගේ අම්ම ලොකු උත්සාහයක් ගන්න වග අපිට පෙනුනා. පොඩ්ඩි අම්ම කියනදේ අහන්නෙම නැහැ. හොරාට වගේ නිදාගෙන ඉඳලා අපි දෙන්නට අතවනමින් හිනා වෙනවා. ඉතින් අමිරිතාත් මමත් තීරණය කලා නින්දට යන්න . එහෙම හිතලා එයා අපේ මැදිරියේ ඩිම් ලයිට් එකක් හැර අනිත් ඔක්කොම ඕෆ් කලා. පොඩ්ඩිව ඉක්මනට නින්දට යවන්න හිතලා ඒපැත්තේ තිබුණ කර්ටන් දෙකත්වහලා දැම්ම. ඒත් මේ පොඩි පැංචි හරිම දඟකාරියක් . වහලා තිවුණ කර්ටන් පලු දෙක අතරින් එකපාරටම ඔලුව දාලා අපිට අතවනමින් හිනාවුණා .එතකොටනම් අපිටත් හිනාව නතරකරගන්න බැරිවුණා. "වෙරි ඉන්ටෙලිජන්ට් ගර්ල්" කියලා මට කියවුණා.
අමිරිතා මට උදව් කලා දෙවෙනි බංකරයට නැගගන්න . පොඩ්ඩිට ගුඩ් නයිට් කියලා අපි නිදාගන්න ගියා. ඒවෙනකොට දුම් රිය වෙල්යායක් මැදින් යමින් තිබුණා. ඈත ගෙපැලවල් වල මලානික පහන් එලි පෙනෙනවා. හෙට උදයපූර් වලදි අවුරුදු දෙකකට පස්සේ දකින මගේ මිතුරිය ඌෂා ගැන හිතමින් සීරුවෙ ගැස්සෙමින් පැද්දෙමින් යන ඉන්දියානු දුම් රියක මම සුව නින්දකට වැටුණා.
හොඳ නින්දකට පස්සෙ මට අවදි වුණේ පහුවෙනිදා උදේ හයහමාරට විතර . මම ටිකක් ඇස් පිහ පිහ කලපනා කරල තමයි මතක්කරගත්තේ මම නිදාගතේ කෝච්චියේ කියලා .උඩ බංකරයේ හිටිය සික් ජාතිකයත් නැගිටලා එරමිණිය ගොතාගෙන වාඩි වෙලා ඉන්නවා . ඉන්දියානු පවුල කලින්ම අවදි වෙලා වගේ . අම්ම ලොකු දුවගේ කොණ්ඩේ පීරනවා. පොඩි පැංචි විස්කෝතුවක් හපනවා. අක්ක නනෝ දෙන්නම අලුත් ගවුම් දෙකකින් සැරසිලා .අමිරීතා මට අත වැනුවා පහලට එන්න කියලා.ඉතින් මම පහලට පැන්න.අපි දෙන්නම එකතුවෙල මම නිදාගෙන හිටිය දෙවෙනි බංකරය පහලට දාල වාඩිවෙන්න පුලුවන් විදියට ආසනය හැදුවා . කවුරුත් තම තමන්ගේ ආසන යට තැන්පත් කරලා තිබුණ ගමන් මළු එලියට අරගෙන ලහි ලහියේ උදයපුර් නැවතුමෙන් බහින්න සූදානම් වෙනවා. මම සපත්තුදෙක දාගත්තා . ඊට පසේ මතක් වුනේ ඔලුව පීරගෙන , වෙට් ටිෂූ එකකින් මූණ පිහගෙන ටිකක් පිලිවෙල වෙන්න ඕනෙ කියලා. අවුරුදු දෙකකට පස්සේ දකින යාලුවෙක් හමුවෙන්න ටිකක් මනුස්ස පාටට යන්න ඕනනේ.
ඔන්න එතකොටම අමිරිතා කියනවා ඇහුණා 'වී ආර් ඕල්මෝස්ට් දෙ ආර් " කියලා . එහෙනම් අපි උදයපූර් ඇවිල්ලා . නියමයිනේ. පැය දොලහක් හැල්මේ ආව කෝච්චිය හිමින් හිමින් හතිලමින් උදයපූර් ඉස්ටේසමට සේන්දුවෙනවා. ඒ අතරේ මම මගේ ගමන් සගයාගෙන් සහ ඉන්දියානු පවුලෙන් සමුගත්තා. මගේ රාජකාරි කාඩ් පතකුත් පුද්ගලික ඊ මේල් ලිපිනයත් අමිරිතාට දුන්නා. බහිනකොට අපි වෙන්වුනේ මූණුපොතේ යාලුවන් බවට ඉක්මනින්ම පත්වෙන ගිවිසුම ඇතුව.
ප/ලි
"රාජස්තාන් සැරිසර මතක -පූර්ව සටහන" ලියලා ගොඩ දවසකින් පස්සෙ තමයි ගමන් කතන්දර ලියන්න පුලුවන් වුනේ. ඒකට හේතුව පහුගිය සති තුනක් විතර ලොකු ව්‍යාපෘති වාර්තාවක් ලිවීමේ සහ මධ්‍යවාර්ෂික ප්‍රගති වාර්තා යැවිමේ ජංජාල රාජකාරි කටයුත්තක දිවා රෑ නොබලා නිරතවෙන්න වීම . ඒව ඔක්කොමම අකුරටම ඉටුකරලා "රාජස්තාන් සැරිසර මතක" ලියන්න නිදහස්වුණේ අද සිකුරාදා. ඔන්න ඉතින් කතාවෙ කොටසක් කිව්වා .තව තියෙනවා.ඉඩ ලැබෙන විදියට ලියන්නම් හොඳේ .