Wednesday, August 26, 2009
බත් සෙවීම
මට විදෙස් ගතවෙන්න වෙන හැමදාම මගේ යාලුවො විහිලු කරනවා හාල් කිලෝ දෙකකුයි පරිප්පු කිලෝ එකකුයිත් නොවරදවාම අරගෙන යන්න කියලා.ඒ කතාවට ඇත්තක් තියෙනවා.ගමන් බිමන් වලදි කෑම බීම ඉඳුම් හිටුම් ගැන මම පැමිණිලි කරනවා අඩුයි .ඒත් එක වේලකට හරි බත් කන්න මට ඔනෙ වග මගේ යාලුවො හොඳින්ම දන්නවා. ඒනිසා මේ බත් සෙවීම ගැන හරි රසවත් සිදුවීම් තියෙනවා.
නවදිල්ලියෙ ගිය පලවෙනි වතාවෙ මම හිටියෙ හරිම බඩගින්නෙ .දවාලට බතුයි පරිප්පු ටිකකුයි අනිවාර්යෙන් ලැබෙයි කියලා හිතුවා,ඉන්දියාවෙ බත් පරිප්පු සොයන්න අමාරු නැහැනෙ.ඔන්න දවල් කෑම ලැබුනා, මගේ ඉන්දියානු යාලුව කිව්වෙ එයා ලොකු බත් තාලි දෙකක් ඕඩර් කලා කියලා.ඇත්ත තමයි අඩියක් විතර දිග පලල ඇති කඩදාසි පෙට්ටියක් මේසෙට වැඩියා. ලොකු බත් පෙට්ටියක් කියල සතුටින් පිනා ගිහිල්ල ඇරියට මොකෝ එකෙ බත් මේස හැඳි 4 ක් විතර තිබුණා.හම් වගේ රොටි නම් දුසිමක් විතර .මම මූන අකුලගෙන බත් ටික කාලා රසම් බීලා,රසගුල්ල එකත් කාල නිකන් හිටියා .හිතට නම් හරි මදි. බඩට දැනුනෙ කැලනි ගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ.
තව සති දෙකක් මෙහෙම ජීවත් වෙන්න වෙයිද කියලා මම විස්සෝප වුනා. ඔය අතරෙ තම්යි මට රාන්චි යන්න ලැබුනේ.දුෂ්කර පලාතක්.දුප්පත් මිනිස්සු ඉන්නෙ .මම නැවතුනේ පොඩි හෝටලයක .එතැන කලමනාකරු මාව පිළි අරගෙන කෑම බීම ගැන විමසුවා. මම නවදිල්ලියේ කටුක අත්දෙකීම් නිසා එකවරම ඇහුව ප්‍රශ්නෙ දන්නවද ?
"ඔයාගෙ හෝටලයේ ලොකු තාලියක බත් ටිකක්ද දෙන්නෙ එහෙම නැත්නම් පුංචි තාලියක බත් ගොඩක් දෙනවද?"
මගේ ඉන්දියානු යාලුවන් උඩ පැන පැන තාමත් හිනහවෙනවා මේ ප්‍රශ්නෙට .කොහොම වුනත් මගේ බිය සැක ඇරලා ඒ මනුස්සයා කිව්ව බය වෙන්න එපා ඔබ මේ ඇවිත් ඉන්නෙ ඉන්දියාවෙ රයිස් බෙල්ට් එකට .අපි ඔබට හොඳින් සලකන්නම් කියලා.ඉතින් මහා දිල්ලියෙ බඩගින්නෙ වේලුන මට රාන්චියෙදි ඒ පොඩි හෝටලයෙන් තමයි හිතේ හැටියට බත් ලැබුනේ .ඒ කෑම වෙල හරි රසයි .නොවැරදීම මට පරිප්පුත් ලැබුන .අමු මිරිසුයි රතු ලූනුයි, අඹ අච්චාරුයිත් තිබුන .මම කාල ඉවරවෙන හැම වෙලාවකම කලමනාකරයා ඇවිත් කෑම ඇතිද රසද කියලා ඇහුවා,ඒ මූනිච්චාවට නෙවෙයි.අවංකවම
ආයෙමත් මට එහෙම ආදරෙන් බත් වේලකින් සංග්‍රහ කෙරුව වයසක අම්ම් කෙනෙක් මතක්වෙනවා.එයා මට හමුවුනේ බුබනෙශ්වර් වල පුන්චි ගමකදි,උත්කල් ප්‍රාන්තයේ .මම ගමේ අයත් එක්ක ඇවිදගෙන යනකොට අපි ඇගේ ගෙදරටත් ගියා ඇගේ දුව තමයි මගේ භාෂා පරිවර්තිකාව .ගෙදරට යද්දි වයසක අම්ම දවල්ට උයන්න එලවලු කපනවා දෑකැත්තක හැඩහුරුව ඇති පිහියක් පයට තදකරගෙන ගෙදර පිලේ වාඩිවෙලා, එයා ලා බන්ඩක්ක කරල් කපනවා.මම දෙපාරක් නොහිතා එකවරම ඇය ගාවින් වාඩිවෙලා ඇතිලියෙන් අමු බන්ඩක්ක කෑල්ලක් කිසිම අවසරයක් නැතුව කටේ දාගත්තා.මට දැනුනෙ හරියට මම අපේ ගෙදර කුස්සියේ ඉන්නව වගේ.අම්ම හිනාවෙලා මොනවද කිව්ව ,ඇගේ දුව මට එය පරිවර්තනය කලා.දවල් කෑමට ආරාධනාවක්.මට හරි ලැජ්ජ හිතුනා .ඒත් ඒ අම්ම පෙරැත්ත කලා.මගේ හිත ඒ වියපත් අම්මට තේරුම් යන්න ඇති . ඉතින් වැඩ ඉවර කරලා දවල් කෑමට ඇගේ ගෙදරට ගොඩවුනා.පිත්තල සෙම්බුවක් පුරවලා වතුර ලැබුනා ඒ අත සෝදන්න .ගෙයි පිටිපස්සේ පිලක් වගේ තැනක පැදුරක් එලලා කෑම භාජන තියලා.මට කෙසෙල් කොලයක් ලැබුනා පිඟාන වෙනුවට .කිරිම කිරි රස සුදු හාලක බත් එක්ක ,පරිප්පු,බැදපු මාලු ,බන්ඩක්ක ව්‍යන්ජන ,අච්චාරු,මී කිරි ,යහමින් තිබුනා.
අම්මත් දුවත් මට පෙරැත්ත කරමින් කෑම බෙදුවා.ඉතින් සීමා මායිම් නැති කෙහෙල් කොලේ බඩපුරා කන්න ලැබුන ඒ අම්මගෙ බත් වේලත් අමතක නැහැ.
පිලිපීනයට ගියහම නම් මම වැටුනෙ අලි අමාරුවක.සහල් පර්යේෂණ ආයතනයත් නුදුරෙම තිබුන මැනිලා වල් කන්න දෙන්නෙ පුංචි බත් කෝප්පයක්. හරියට යෝගට් කෝප්පෙකින් හැදුව කෝම්ම්පිට්ටුව වගේ. එයින් එකක් පෙසෝ 15ක් .මට එයින් හතරක් වත් ඔනෙ.ලොකු, පොඩි හෝටල් හැම එකේම බත් දෙන්නෙ ඒ විදියට.ඉතින් සහල් ගැන ලෝකෙටම කියල දුන්නත් බත් දන් දෙන්න සත් ජනයා නැති රටක මම දෙවෙනි බත් කෝම්පිට්ටුව කනකොට මගේ යාලුවො විහිලු කරනවා "ටොප් අප්" දානවා කියලා.
දුරු රටක ගියහම ආදරෙන් ලැබෙන හැම කෑම වේලක්ම හොඳින් මතක හිටිනවා.සාගින්නක ඉන්නකොට වුනත් ඒගැන මතක්කරලා සාගිනි නිවා ගන්න පුලුවන්.
තරු එලියේ තරුණ කඳවුර
අපි තරුන කඳවුර පැවැත්වෙන ගොවිකම් පුහුණු පාසැලට එනකොට තරුණ ලමයි හැට හැතෑවක් ලහි ලහියෙ වැඩ..පාර දෙපැත්ත බැනර් ,පෝස්ටර් වලින් සරසනවා.. පාට පාට ඩිමයි කරදාසි වල කහපාට ,කලුපාට ,රතුපාට ලැකර් තීන්තෙන් ලිව්ව ගැදි , පැදිත් ඒ අතර තිබුනා.සමහර ඒවා විශ්වසාහිත්යයෙන් කල උපුටා ගැනීම්..පුදුම සතුටක් දැනුනෙ ඒවා දැක්කහම .මාත් පිම්මෙ කොල්ලො කෙල්ලො එක්ක පෝස්ටර් අලවලා බැනර් දැම්මා.
හවස්ජාමෙ තේ බීලා අහවර වෙලා සංවිධායක කමිටුවකුත් කන්ඩායම් නායකයොත් තෝරගත්තා. ගොඩක් හිටියෙ වයස 18-22 අතර ළමයි.කියන පරක්කුවට ඔනෙ දෙයක් කරන්න එවරෙඩි. එතින් ඒගොල්ල දවස් දෙකේ වැඩසටහන සහ එකෙ න්‍යාය පත්‍රය ගැනත් අවශ්‍ය අනෙක් පහසුකම් ගැනත් කතා කලා.හැමෝම හරි උද්‍යෝගයෙන් හිටියෙ ඉදිරි දින දෙකේ රෑ යාමයේ පැවැත්වෙන වැඩ ගැන .ඒ වාදයක් සහ කෙටි චිත්ත්‍රපට ප්‍රදර්ශනයක් .ඒත් කාටත් අනියත බියක් තිබුනා විශේෂයෙන්ම කෙටි චිත්ත්‍රපටි බලන්නනම් බැරි වෙයි කියලා. මොකද ඒ පලාතට හවසට නිතරම විදුලි විසන්දි වීම් වෙනවා කියලා ගොවිකම් පුහුනු පාසලේ පාලක වරයා අපිට කල්තියාම අනතුරු ඇඟවීමක් දීල තිබුන නිසා .ඒත් හැට හැත්තෑවකට ඉන්න පහසුකම් තියෙන වෙන තැනක් නැති නිසා සංවිධායකයන්ට ඒ තැන තෝරගන්න වුනා.
හවස විවේකයක් ලැබුනහම මම ගොවිකම් පාසලේ අවට පොඩි රවුමක් දැම්මා. ඒක් හතලිස් ගනන් වල ලන්කාවෙ ගොවිකම් ප්‍රබෝධයත් එක්ක රජයෙන් ඉදි කරපු තැනක්. ඒත් මට හොඳටම හිනා ගියා "රජයේ පිරිමි ගොවිකම් පුහුනු පාසැල කියලා " එවකට සිටි ගොවිකම් ඇමතිගේ අතින් නිරාවරණය වුන සමරු ඵලකය දැක්කහම . ඒ කියන්න ගොවිතැන ඉගෙනගන්න ඒකාලෙ මෙතනට ආවෙ පිරිමි ළමයි විතරද කියලා හිත හිත මම ගියා පොදු වැසිකිලි සහ නාන කාමර දිහාවට . සංචාරෙදි ඔනෙම නවාතැනක මම පලමුවෙන්ම බලන්නෙ ඔය කරුනු දෙක . ඇත්ත තමයි වැසිකිලි සහ නාන පහසුකම් සකස් කරල තිබුනෙ ගොඩක් දුරට පිරිමි ලමයින්ට ගැලපෙන්න ..වතුර ටැංකි සහ විවුර්ත ස්නානය කර තැන් තිබුනෙ .එවා හරියට නාන කාමර හා වැසිකිලි සංකීර්ණ වගේ .කොහොමවුනත් අපි තීරණය කරා මේ පොදු පහසුකම් ගෑනු ළමයින්ටත් පිරිමි ලමයින්ටත් වෙන් කරලා දෙන්න . ඒවගේම රෑට ලයිට් ගියොත් පරිහරනය කරන්න පැට්‍රොමැක්ස් ලාම්පුත් ,ලොකු ඉටිපන්දමුත් සූදානම් කරගන්න සංවිධයක කමිටුවෙ ළමයි යුහුසුලු වුනා.
මට නවතින්න වෙන්කල තිබුන කාමරයේ යතුර අරගෙන ආව සංවිධායක කමිටු සාමාජිකාවක් වුනු අනුලා ඉතාම බැගෑපත් ස්වරයෙන් කිව්ව මෙතැන නවතින්න තියෙන සැප පහසුකම් අඩුයි කියලා.කැමතිනම් ඒලඟ තියෙන සුව පහසු නවාතැන්පොලක් මා වෙනුවෙන් ලැහැස්ති පුලුවන් කියලා .මම එකහෙලාම කිව්වා ඒකට කමක් නැහැ මේ පරිසරයට මම ආසයි කියලා.ලොකු ආදර්ශ වගා බිම් , ගස් කොලන් සහිත සුව දායක පරිසරයත්, උදේට ,දවල්ට,රෑට ලැබෙන කිරි රස හාලෙ බතුයි එලවලුයි එක්ක දෙන ගමේ කෑමත් ,ඔක්කොටම වැඩිය කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ලෙන්ගතු හිනා හඬවලුත් දාල යන්න බැරි ගතියක් මට තිබුනා.
කෙලි කවට සිනහ ,උනුසුම් වාද ,අලුත් දැනුමෙන් පිරුණු තරුණ සිත් එක්ක වැඩ කරන එක සතුටක්. ඔන්න කවුරුත් පුල පුලා බලාසිටි දෙවැනි දවසේ කෙටි චිත්ත්‍රපට රාත්ත්‍රිය එලඹුනා.ඒත් ඉතින් කාගේත් බලාපොරොත්තු සුන් කරලා ලයිට් ගියා හවස 5 වෙද්දි. වැඩියෙන්ම ඒගැන දුක් වුනේ සංවිධායක කමිටුවෙ අරුන සහ අනුලා ,මේ අදහස ඒ දෙන්නගේ.ෆිල්ම්ස් හොයාගන්න දෙන්නම ගොඩක් මහන්සි වුන වග මම දන්න්ව . අපිට විදුලි ජනක යන්ත්‍රයක් සොයගන්නවත් විදියක් තිබුනෙ නැහැ.කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මූනු මැලවිලා.
ඔය අතරේ මමත් මගේ අනිත් සගය වුනු රවිත් කතාකරා විකල්ප විසඳුමක් කොල්ලො කෙල්ලො සතුටු කරන්න . අපි කඳවුරු භූමියෙන් කාටත් හොර ටිකකට අතුරුදහන් වෙලා ලඟම තියෙන ටවුමට ගියා. භූමිතෙල් බෝතල් දෙකක් , ගිනි පෙට්ටි, හපන්න බැදපු රටකජු පොදියකුත් අරගෙන ආයෙ අපි ආවා තරුණ කඳවුරට
අපේ වාහනේ නවත්වලා මම ගිහිල්ල සංවිධායක කමිටුවට කිව්ව ඔක්කොම ලමයි රැස්කරන්න මිදුලෙ ලොකු අඹගහ ගාවට . ඔක්කොම කොල්ලො කෙල්ලො එකතු වුනහම අපි දෙන්න වාහනේ වහල උඩට නැගගෙන විරිදුවක තාලෙ දාල නිවේදනයක් කලා ,මොකක්ද දන්නවද එදා රාත්‍රී 9 ට පැවැත්වෙන ගිනිමැල සංගීත රාත්‍රිය ගැන.
දැන් මැලවුනු මූනු වලට නව පන ඇවිත්.කඩියො වගේ එහෙ මෙහෙ දුවනවා දර පොල්කොල හොයන්න ගිනි මැලේට .හොහෙන්දෝ සොයාගෙන ආව පැදුරුත් අඹගහ යට අතුරල තිබුනා. විලක්කු පන්දම් කීපෙකුත් වටේට ගහල.
හරියට රෑ 9 ට අපේ වැඩේ පටන්ගත්ත.අනුලත් ,අරුණත් සිනහ මුසු මුහුනින් ගිනි මැලය පත්තු කරා.කොල්ලො කෙල්ලො අත්පොලසන් දුන්න.ගොවිකම් පාසලේ වයසක මුරකරු සිය කැමැත්තෙන්ම අපේ ගිනි මැලයට ආවතේව කරන්න පටන්ගත්තා.ඔන්න සින්දු නැගලා යනවා.ශාන්ත මේ රෑ යාමෙන් පටන් අරන් , සෝබාව දේ ඇතුලු ප්‍රකට නාට්‍ය ගීතත්, ක්ලැරන්ස් ගෙ සින්දුත්, ජෝතිගේ අමරනීය ගීත් ,ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ වැල් බයිලත් ඒ අතර තිබුනා, හාස්‍ය උපදවන කෙටි නාටකයකුත් එවෙලෙ ර්ඟ ඩැක්වුව.කොල්ලො කෙල්ලො දෙපිලකට බෙදිල තරඟෙට ගී ගයන්න පටන් අරගෙන තිබුන ඒවෙනකොට.
මම අහස දිහා බැලුවා,තරු විසිරුනු නිල් අහසේ පොඩි හඳ පලුවක් තිබුනේ.තරු ආලෝක දහරා ඈත කඳු වැටියට පතිතවෙලා,පන්දම් සහ ගිනි මැල එලිය ඇරුනහම අවට කරුවලයි .හීන් හීතල හුලඟක් විතරක් හැමුවා.
රෑ 11 වෙලත් ගී ගැයීම් නතරවුනේ නැහැ. අන්තිමට කාටත්හ් පහුවෙනිදට වැඩ අවසන් කරල ගෙදර යන්න තියෙන නිසා රවිටයි මටයි අකමැත්තෙන් වුනත් සිද්දවුනා වතුර බාල්දියක් දාලා ගිනි මැලය නිවලා සන්දර්ශනය හමාර කරන්න
කොයිතරම් පහසුකම් සහිත ලස්සන් තැන් වල නැවතුනත් තරු එලියෙ ගිනි මැල වටේ අඹගහ යට සින්දු කිව්ව ඒ රාත්‍රියනම් මට අමතක වෙන්නෙ නැහැ.

සැඟවුන සාක්කි
පිපී හළුවුන මුහුණ
කඳුලු කැට එක දෙක
කිලිටි ලේන්සුව සිඹී
අවපැහැ ඔසරිපොට'ග රැඳි
මල් කැකුලු බීතවී
හීතල හුලඟ කපා එන
බර සුසුම් රැල් පොදී
අඳුරු රෑ මැදියමක
දුටුව රුදු සිහිනෙක
සැඟවුන සාක්කිද ?
කඳුලු කැට එක දෙක
කිලිටි ලේන්සුව සිඹී
අවපැහැ ඔසරිපොට'ග රැඳි
මල් කැකුලු බීතවී
හීතල හුලඟ කපා එන
බර සුසුම් රැල් පොදී
අඳුරු රෑ මැදියමක
දුටුව රුදු සිහිනෙක
සැඟවුන සාක්කිද ?
ගොඩක් දෙනෙක්ට තමගෙම ප්‍රේමකතාවක් තියෙනවා කියල රසවින්ඳින්න ,හිනාවෙන්න
,එහෙමත් නැත්නම් මතක්කරලා හඬාවැලපෙන්න.මම කියන මේ කතා ටිකක් වෙනස්, මේවා
තුන්වෙනි පාර්ශවයක් විසින් ප්‍රේමය ගැන කරන නිරීක්ෂණ වගේ දේවල් . තුවෙනි
පාර්ශ්වයක් හැටියට ප්‍රෙම කතාවකට සම්බන්ද වීම හරි උද්වේගකර ,ත්‍රාසජනක
,හිනායන ඒ වගේම පස්සෙ චොක්ලට්ස්, අයිස් ක්‍රීම්,වගේ දෙවල් වලින් සැලකිලි
ලැබෙන වැඩක්.ඒවගේම තුන්වෙනි ඇහැකින් ප්‍රේමය දිහා විමසුම් නෙත හෙලනකොට වඩා හොඳින් ප්‍රේමයට අර්ථ නිරූපන දෙන්න පුලුවනි .මේ අහස්ගව්වෙන් ඒ ගැන දරන වෑයමක්.ආදරයේ තුවැනි පාර්ශවය ඒවගේ ප්‍රේම කතා එකතුවක්

සයිබර් බණ වර
සයිබර් බණ වර
නන්දාවනි...
සිත නොව
කයම පමනක් පතන
එමතුද නොව තව
උපභෝග පරිභෝග සම්පත් යදින
එකී දඩයක්කාර මානවකයන්ගැන
අනුකම්පාවෙන්
නරකද දෙසූවොත්
සර්ව රාත්රික
සයිබර් කවිබණක්
නන්දාවනි...
සිත නොව
කයම පමනක් පතන
එමතුද නොව තව
උපභෝග පරිභෝග සම්පත් යදින
එකී දඩයක්කාර මානවකයන්ගැන
අනුකම්පාවෙන්
නරකද දෙසූවොත්
සර්ව රාත්රික
සයිබර් කවිබණක්
දන් දීම
අන්තජාල මන්දාකිනියේ
මිලිනවූ අසෙනිය පෙම්කුසුම්
සිඹ සිඹ ලසොවින්වැලපෙන
නන්දවනි අසනුමැනවි
සාපිපාසාවෙන් යදින
අතරමංවූ දුගියෙකුට
නුඹේ නිකැලැල් හදබඳුන
සිහිලැල් ප්රේමයෙන් පුරවා
පුදදුන් මියුලැසියේ
යමක් නම් පිදියයුත්තේ
නිර්ලෝභීව
නිමල සිතකින්
යලිදු කිසිවකුත්
ලබනු නොරිසිව
එබැවින් නන්දාවනි
සැනහෙව
තුටුවෙව
සිහි එලඹාගනුමැන
මහත් ඵල මහනිසංස ඇති
දනක් පිදූ
උවැසියක ලෙස
නිමිත්ත
අන්තර්ජාලයේ සැරි සැරූ මිතුරියකට සමාන අදහස් ඇති තරුණයෙක් මුනගැසෙයි .බොහො රාත්‍රීන් වල දොඩමළුවෙන ඔවුන් පෙමින් වෙලෙයි . එහෙත් අවසානයේ එය තරුණයා විසින් කල රැවටීමක් බව මා මිතුරිය දැනගන්නා විට ඇය පමා වැඩිය .ඒ වන විට ඇය ඔහුට බොහෝ ආදරය කරන්නට පටන්ගෙන ඇත . මේගැන සුසුම්ලමින් මා මිතුරිය පැවසූ විට ඇය වෙනුවෙන් මේ කවිය ලිව්වෙමි .මෙය ලියවුණේ ගාලු පාරේ දුර ගමනක් යන අතර මගේ වාහනයේදීයි .මුලින්ම මේ කවිය මූණු පොතේ කවි පිටුවෙහි පල කලෙමි .
මෙම සිත්තම ජෝර්ජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි .
වැහි බිඳු වැලපීම
වැහි බිඳු එකිනෙක
නලලත පතිතව
දෙතොලග සිඹ සිඹ
දෙකොපුල් තෙමා
රූරා වැටී
රහසින් මට කියුවා
මල්වරුසාවක
බොඳවුන
සිහිනයක් ගැන
නලලත පතිතව
දෙතොලග සිඹ සිඹ
දෙකොපුල් තෙමා
රූරා වැටී
රහසින් මට කියුවා
මල්වරුසාවක
බොඳවුන
සිහිනයක් ගැන
මා මිය නොගිය වග
සිහින බොඳවුනාදෙන්
මල්වරුසාවට
පැතුම් ගිලිහුනාදෙන්
නටු අගින් වට මල් ලෙසට
ගොළු වී හද ගී වැටුනත් තටු සිඳී
කමක් නෑ දැන් මට
එකතුකර ඒ ඔක්කොම
පදම් කර හොඳ හැටියට
සිනහ ගෙන අනුපානෙට
ගැයුමට හැකියි දැන් මට
ඉඳහිට බිඳුණු සිහිනෙක
සුන්බුන් මුණ ගැහුණු සඳ
මුතු මැණික් සේ වටිනා
හැකිය අහුලාගන්නට
තැන්පත් කරන්නට
ආදරයේ නිදන් ගැබ
පාට පාට පැතුම් මලේ
එකතු කර ගිලිහුණු පෙති
තබා අලුත් රටාවකට
වියා නව සුබ පැතුමක්
එවන්නට හැක ඔබට
එතකොට ඔබ දැන ගනීවි
පැතුම් ගිලිහී
සිහින බොඳවී
ගොළුවී හද ගීත
වැටුනත් තටු සිඳී
මා
මිය නොගිය වග
මල්වරුසාවට
පැතුම් ගිලිහුනාදෙන්
නටු අගින් වට මල් ලෙසට
ගොළු වී හද ගී වැටුනත් තටු සිඳී
කමක් නෑ දැන් මට
එකතුකර ඒ ඔක්කොම
පදම් කර හොඳ හැටියට
සිනහ ගෙන අනුපානෙට
ගැයුමට හැකියි දැන් මට
ඉඳහිට බිඳුණු සිහිනෙක
සුන්බුන් මුණ ගැහුණු සඳ
මුතු මැණික් සේ වටිනා
හැකිය අහුලාගන්නට
තැන්පත් කරන්නට
ආදරයේ නිදන් ගැබ
පාට පාට පැතුම් මලේ
එකතු කර ගිලිහුණු පෙති
තබා අලුත් රටාවකට
වියා නව සුබ පැතුමක්
එවන්නට හැක ඔබට
එතකොට ඔබ දැන ගනීවි
පැතුම් ගිලිහී
සිහින බොඳවී
ගොළුවී හද ගීත
වැටුනත් තටු සිඳී
මා
මිය නොගිය වග
වසන්ත ගීත
පිපිරී ඉරිතැලී
ලේ ගලන
හදවතින්
තටු සින්දී බිමවැටී
විඩාපත් වූ ගතින්
කෙවිලියක් ගයන්නී
වසත් කල ශෝක ගීයක්
මල් මුවරදින් මත්වී
අලුත්කර පැරනි පෙම් ගී
හද වීනාව වයා
පෙරමග බලයි කොවුලෙක්
වසත් කල එනතෙක්
හදවත් දඩයමට
ලේ ගලන
හදවතින්
තටු සින්දී බිමවැටී
විඩාපත් වූ ගතින්
කෙවිලියක් ගයන්නී
වසත් කල ශෝක ගීයක්
මල් මුවරදින් මත්වී
අලුත්කර පැරනි පෙම් ගී
හද වීනාව වයා
පෙරමග බලයි කොවුලෙක්
වසත් කල එනතෙක්
හදවත් දඩයමට
මං නැතිවෙලා
මගේ පන්තියෙ
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය
බලපොරොත්තුවක්
පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය
හීනෙන් ගෑ සුවඳක් වගේ
මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය
බලපොරොත්තුවක්
පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය
හීනෙන් ගෑ සුවඳක් වගේ
මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට
බලපොරොත්තුවේ උදෑසන a good morning .....
දිගු අඳුරු රැය ගෙවී
දහවල් සරතැසනිමාවී
අයෙමත් ඇවිල්ලා අර
බලාපොරොත්තුවේ
උදෑසන
සිහිලැල් සුලඟට
රසුදැල් හඬවා
මනකල් සිතුවිලි
නවමල් පුබුදා
කවුලුවමත හිඳ
ගීතගයනවා අර
බලාපොරොත්තුවේ
උදෑසන
සුබ සිහිනයක වෙලී
සිඹ සිඹ සැනැහෙන්න
සිතුවිලි වලට තටු ඇවිත්
ඈතින් ඈතට යන්න
හදවත කිති කැවී
ආයෙ ආයෙත් හිනැහෙන්න
ආයෙමත් ඇවිල්ලා අර
බලපොරොත්තුවේ
උදෑසන
කාලෙකට ඉස්සර නම් ආසාවෙන් කවි ලිව්වා.ඒත් ඒක අතරමග නතරවුනා නොයෙක් හේතුනිසා. ඉතින් කවි ලියන ආසාවත් හැකියාවත් කාලයක් තිස්සේ ටිකක් යටපත්වෙලා තිබිලා ඔන්න දැන් ආයෙත් ඉස්මතුවෙන්න පටන් අරන්. ඉතින් මම හිතුවා ඒ කවි වලටත් තැනක් අහස්ගව්වෙ වෙන් කරන්න . ගොඩක් මේ කවි ලියවුනේ රාජකාරි ගමන් බිමන් ඒකියන්නෙ සංචාරේ යන අතර මගේ නිල වාහනේ .වැඩියක්ම කවි ලියවුනෙ කොලඹ සිට මාතර බලා එන අතරමග ගාලු පාරේ.ඒනිසා මේවා ක්ෂණික කවි .කියවලම බලන්න
සoචාරේ
රාජකාරි කටයුතු වලට එතෙර මෙතෙර දීර්ග ගමන් බිමන් යාම වෙහෙසකර ඒත් සන්තෝෂජනක කටයුත්තක්.ඉතින් එහෙම ආගිය ගමන් බිමන් වලදී දැක්ක අලුත් පරිසර ,හමුවෙන නා නා විධ මිනිසුන් ,ගැහැනුන්,ආහාරපාන ,නවාතැන්පොලවල් , සන්ග්‍රහ සත්කාර, රාජකාරි වෙලවෙන් පස්සෙ කරන ත්‍රාසජනක සහ විනෝද ක්‍රියා, හදිසි අකරතැබ්බ ගැන රස මුසු සිද්ධි ලියන්න අහස්ගව්වේ සංචාරේ තීරුව වෙන්වෙනවා
Subscribe to:
Posts (Atom)