From Sunday Times 9th Sep 2012 |
අද දවල් කැමකාලා ටිකක් වෙලා ඉරිදා පත්තර පෙරලද්දි දැක්ක දේකින් හද සසල වුනා .2012 සැප්තැම්බර් 9 වෙනිදා සන්ඩේ ටයිම්ස් පත්තරේ මුල් පිටුවේ දුටුව ඡායා රූපයක් .ඉසෙඩ් ස්කෝර් ප්‍රශ්නය ගැන විසඳුමක් ඉල්ලලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පෙත්සමක් භාර දෙන්න ගිය සිසුන්ට පොලීසිය ප්‍රහාර එල්ලකරද්දි ඉතා දුක් බර මුහුණකින් තම හැඬුම් පිටවනු නොදී කඳුලු වගුරන්න ඔන්න මෙන්න තරම් මූණකින් යුත් තරුණ සිසුවෙක් .
එහි ලියවී තිබුණේ අපේක්ෂා භංගත්වය
ජීවිතේ සියලු පැතුම් සුණු විසුණු වූ වග
ලංකාවේ අධ්‍යාපනය ඉතා තරඟකාරියි .එය කවුරුත් අවිවාදයෙන් පිලිගන්න ඕනේ . විව්ධ මත තියේවි මේ ක්‍රමේ ඇතුලේ පාඩම් කරලා , කිසි බාහිර වැඩක් නොකර මොනවත් නොදැන කැම්පස් සිලෙක්ට් වෙන ගිරා පෝතක ලමයි කියලා . ඒත් මේ අමාරු ක්‍රමේ ඇතුලේ කොහොමහරි යමක් දිනන්න හැම ලමයෙක්ම ලොකු කැප කිරීමක් කරනවා . තමන්ගේ ඉලක්කයක් වෙනුවෙන් නින්ද , කෑම නිදහස විවේකය , දෙමවුපියන්ගේ සල්ලි මේ සියල්ල යට කරලා මහන්සි වෙලා අන්තිමට ඔවුන්ට ලැබෙන ප්‍රතිඵල ලේඛණය අවුල් සහගත්ව් වුනහම ඇතිවෙන තත්වය මොකක්ද ?
අපේ රටේ සාමාන්‍ය කෙනෙක්ට සමාජ ඉණිමගේ - social ladder ඉහලට යන්න පුලුවන් පුලුවන් එකම විදිය අධ්‍යාපනය . අපේ ක්‍රමේ අඬු ලුහුඬු කම් තිබුණත් මේ රටේ සරසවියකින් තමන්ගේ පලවෙනි උපාධිය ගන්න හැමකෙනෙක්ම මහන්සි ගන්නවා .කාටත් ඕනේ දක්ෂයන්ගෙත් දක්ෂයෙක් වෙන්න . එක ලකුණක් දෙකක් නිසා දශම ගාණක වෙනසක් නිසා අවසානයේ කෙනෙක්ගේ සමාජ තත්වය , වැටුප වගේ ගොඩාක් දේවල් විසඳන්න පුලුවන් ක්‍රමයක් අපිට තියෙන්නේ .එහි හොඳ නරක කුමක් වුනත් අවුරුදු 18 ක් 19 ක් තරම් පොඩි වයසකදී ජීවිතේ තමන්ට ලබාගන්න පුලුවන් ලොකුම දිනුම ගත්තු මේ දරුවොන්ගේ හීන බිඳලා සුණු විසුණු කරන එක මොනතරම් අපරාධයක් ද ? උසස් අධ්‍යාපනය භාරව ඉන්න උදවිය මේ ගැන හිතන්නේ හරියට මොනවත් සිදු නොවුන විදියට .නමුත් මේ පරම්පරාවේ දරුවො අපේක්ෂා බංග වීමත් එක්ක යම් දවසක කලහකාරී පුරවැසියො හැටියට හැසිරුනොත් මම නම් දකින්නේ නෑ එහි වරදක් . ඔවුන් කිසි වරදක් නොකර බිහිසුණු ප්‍රපාතයකට ඇද දැමිමේ වගකීම තියෙන්නේ වෙනත් පිරිසක් අතේ .
අධ්‍යාපනයට ඇති අයිතිය වගේම , අද්‍යාපන අවස්ථා ලබාගැනීමේ අයිතියත් ( right to education /access to education ) රටක තිබිය යුතුයි .ඒත් අපේ රටේ මේ අවස්ථා ඉතා සීමිතයි .ඒ වගෙම පලවෙනි උපාධියක් හිමි කරගන්න මුදල් යොදවන්න හැමෝටම බැහැ .අපි කාගෙත් පලවෙනි උපාධිය අපි සම්පූර්ණකලේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයෙන් . එහි තේරුම සියල්ල නිකන් දීම කියන එක නොවේ .අධ්‍යාපන අවස්තාවක් අපිට හිමි වීම . පශ්චාත් උපාධියක් මුදල් ගෙවා ඉගෙන ගන්න හෝ ශිෂ්‍යත්වයක් මගින් ලබා ගන්න හැකියාව වැඩි .නමුත් පලවෙනි උපාධිය /වෘතීය සුදුසුකම් සඳහා එවැනි දේ සීමිතයි .සීමිත අවස්තා ඇති රටක ඒ වෙනුවෙන් තරඟකෙරුව දරුවොන්ගේ ඉරණම මෙබඳු වීම ඉතා කම්පාවට කරුණක් .
අපි ජීවත්වෙන රටේ මැතිවරණ හරි වෙලාවට තිතට ටිකක් ඇද නොවී තියාගන්න , දූෂිත නොවුන ප්‍රථිපලේ දෙන්න , අපේක්ෂකයොන්ට ඕනේ නම් නැවත ඡන්ද ගනින්නත් හැම චන්දෙකටම අසීමිතව රජයේ මුදල් යොදවලා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඇප කැප වෙලා අට පාස් නැති මෝඩ හරක් පාර්ලිමේන්තුවට /පලාත් සභාවට යවන්න තරම් උනන්දු වුනත් උසස්පෙල විභාග ප්‍රතිඵලයක් නිවැරදිව දෙන්න නම් එහෙම උනන්දුවක් නෑ .අනික් අතට නිද්‍රා සහගත සිවිල් සමාජයක් ,සුර පුර සොයාගෙන මයිග්‍රේට් වෙන්න සිහින බලන උගත් පන්තියක් , වැඩිය රටේ ප්‍රශ්න කරදර ගැන නොහිතා ෆේස් බුක් විප්ලව කරන එලිට් මිඩ්ල් ක්ලාස් එකක් ඉන්න රටක ආණ්ඩු ඕනේ තරම් පිස්සු නැටුවත් , මෙහෙම පොඩි කොල්ලො කෙල්ලො පාරේ කඳුලු ගෑස් කෑවත් කාටවත් කිසිම දුකක් හිත් අමාරුවක් නැති රටක අපි ඉන්නේ .අපේ ගේ දොරකොඩටම ඇවිත් ජීවත්වීමේ අයිතිය උදුරගත්තත් අපි නෙවේ හ්ම් කියන්නේ .ඒක සක් සුදක් සේ පැහැදිලියි .
ඉඳ හිට කරන මෙහෙම හුදකලා අරගල ඇරුනම ආයේ නම් අපිට බැරිවේවි දකින්න පොදු යහපතට වෙන රටේ වෙනස්කම් , මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටීම් . 88-89 ත් 92-94 කාලෙත් 71 අහලා තිබුණ දේත් ( මේ සියල්ල ඉතාම හොඳයයි නොකිව්වත් ) අනුව මිනිස්සු සමාජ වෙනසක් සඳහා සාර්ථකව හෝ අසාර්ථකව යම් යම් දේ කලා . ඒත් එවැනි දේ නම් ඉදිරියේ සිදු නොවේවි මේ නිද්‍රා සහගත වට පිටාව තුල .
මධ්‍ය ආදායම් ලබන රටක් වීම නිසා "කෑදර උගත් ධනවත් අලුත් මැද පන්තියක්" බිහිවීම එක්ක සමහර සමාජ ආර්ථික ප්‍රශ්න මොනතරම් අපි ලඝු විදියට දකිනවද කිව්වොත් කැමති කෙනෙක්ට සල්ලි ගෙවලා ඉගෙනගන්න පුලුවන් වෙන්න ඕනේ කියන අන්තගාමී මතේට අපි ගිහින් තියේ, .ඒත් ගෙවන ගාන , ඒක හැමෝටම දරන්න පුලුවනිද , ඒ අවස්තා වැඩි දෙනෙක්ට විවර වෙනවද , නගර බද නොවන පිරිසට ඒ අවස්තා බෙදී යනවද , ගෙවන්න බැරි කෙනෙක්ට ඉගෙනගන්න තියෙන පහසුකම මොකකද , දරාගන්න පුලුවන් මිලකට ඉහල අධ්‍යාපනය දෙනවද වගේ දේවල් ගැන මේ කිසි කෙනෙක් කතා නෑ .
යම් දවසක මේ රටේ ඇති නැති මිනිස්සුන්ගේ පරතරේ නෙවෙයි ලොකුම ප්‍රශ්නේ වෙන්නේ . හොඳ ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපන අවස්තා ලැබුණ හා නොලැබුන මිනිස්සුන්ගේ පරතරේ .එතකන් අපිට සාවධානව ඇස් කන් වහන් බලන් ඉන්න තියෙන්නේ චේ ගේ , කැස්ත්‍රෝගේ ටී ශර්ට් ඇඳලා , සේවු ද ඇනිමල්ස් ,මේක් පවර්ටි හිස්ට්‍රි, ප්‍රොටෙක්ට් හියුමන් රයිට්ස් කියලා ස්ලොගන් බ්‍රෑන්ඩඩ් ටීශර්ට් වල ප්‍රින්ට් කරගෙන අපේ කෑදර උගත් ධනවත් අලුත් මැද පන්තිය හා එලිට් කට්ටිය ෆේස්බුක් විප්ලවේ කරනකන් එයාලගේ සී .එස් ආර් සල්ලි වියදන් කරලා කෝපරේට් ඩිනර් එකක් දාලා බාල් නටලා .