ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටටේ පිටවීමේ පර්යන්තයට වෙලා මගේ ගුවන් යානයට නැගීමට නිවේදනය නිකුත් කරනතෙක් බලා හිටියා . නේපාලය බොහෝ යුරෝපා රටවඉන් එන සංචාරකයන්ගේ පරාදීසයක් වුනත් නොයෙක් සමාජ ,ආර්ථික හා දේශපාලන කරුණු නිසා භෞතික සංවර්ධනයනම් සිද්දවෙන්නේ ඉබි ගමනින් . ඒ නිසා ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ විසාල පහසුකම් නෑ . තියෙන එකම පිටවීමේ පර්යන්තය නිතරම ජනාකීර්ණ වෙලා , තදබදයෙන් , දූවිලි , දාඩිය හා රස්නයෙන් යුක්තයි .වායු සමන පහසුකම් අල්පයි . තත්වය දරුණු වෙන්නේ නරක කාලගුණ තත්වය නිසා ගුවන් යානා ගොඩ බැහීම ප්‍රමාද වීමත් එක්ක .එදත් ඒ වගේම දවසක් . දිල්ලිය බලා යන ජෙට් එයාර්වේස් ගුවන් යානය ගොඩ බෑම ප්‍රමාද වග නිවේදන නිකුත්වුනා. දිල්ලියේ සිට බොහෝ යුරෝපා ගමනාන්ත වෙත ලඟාවීමට සිටි මගීන් නොසන්සුන් .ඒ අතරින් උස් හඬින් බැන වදින සුදු ජාතික කාන්තාවක් දිහා හැම මගියෙක්ගෙම අවධානය යොමු වුනා .ඇය අතේ තිබුණේ ඇමරිකානු ගමන් බලපත්‍රයක් . ඉන්ග්‍රිසි බසෙහි ඇති එෆ් වර්ඩ්ස් - F words පාවිච්චි කරමින් ඇය නේපාලයට බැන වැදුනා ගුවන් යානා ප්‍රමාදය , පිටවීම් පර්යන්තයේ අඩු පාඩු , දූවිලි ,දාඩිය ගැන මැසිවිලි කියමින් .
පලවෙනි ලෝකේ රටකින් ආව ඇය අනිවාර්යෙන්ම නේපාලයේ සුන්දරත්වය දකින්න හිමාල මායිමේ අන්නා පූර්ණා බේස් කෑම්ප් යන්න ඇති , පොකරා විල් බලන්න ඇති , කත්මන්දු නුවර සැරි සරමින් එහි සංස්කෘතික උරුම දකින්න ඇති . තමන් ජීවත්වෙන රටට වඩා බොහොම අඩු වියදමින් කෑම ,බීම නවාතැන පහසුකම් ලබාගෙන සතියක් වත් මේ නොදියුණු රටේ සිරි විඳින්න ඇති .එහෙම දවස් කීපයක් හිටි මනුස්සයට එකපාරටම පැය බාගයක් ගුවන් යානය ප්‍රමාද වෙනවා කියලා දැනගත්තම ඉන්ග්‍රිසි බාසාවේ තියෙන එෆ් අකුරේ කුණු හරුප වලින් නේපාලයට බනින්න තියාගත්තේ මොන හේතුවක් නිසාද මන්දා .මුලු සතියක් ගෙවන්න නේපාලේ හොඳයි අන්තිම පැය බාගෙදී නරකයි .
මට හිතෙන්නේ මේ තමා සංවර්ධිත ලෝකේ ඉපදිච්ච හෝ වඩා හොඳ ආර්ථික අවස්ථා සොයාගෙන සංවර්ධිත ලෝකෙට තුන්වෙනි ලෝකෙන් සංක්‍රමණය වෙලා ගිය බහුතරයක් පිරිසගේ සිතුවිලි යන අත . ලංකාවත් ඇතුලු තෙවෙනි ලොව රටවල් බොහොමයක සංවර්ධන විෂමතා , දූෂණය , වංචා ,ප්‍රමාදය ,දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා . ඒ නිසා බොහෝ අකටයුතු වෙනවා .මේ සිස්ටම් එක නුහුරු සංවර්ධිත ලෝකෙන් එන කෙනෙක්ට මේව එක්ක ගැටෙන්න අමාරුයි බව ඇත්ත .නමුත් සමහර අවස්තා වල පවතින තත්වය එක්සැජරේට් කරලා තමුන් සංචාරයට හරි , නෑ සිය පිරිවර දකින්න හරි එන තුන්වෙනි ලෝකේ රටවල් වලට නොසෑහෙන්න මේ මිනිස්සු ගරහන්නේ ඇයි කියන එක මට තේරුම් ගන්න බෑ .කොටින්ම ඉන්ටර්නෙට් ටිකක් ස්ලෝ වුනත් , බැංකුවක පෝලිමේ ඉන්න සිද්ද වුනත් , බස් එකක් ප්‍රමාද වුනත් මුව නොසෑහෙන්න බනින විවේචනය කරන එක මේ අයගේ සිරිතක් .සංවර්ධිත කුල්ටූර් රටවල් වලින් ගොඩ බැහැලා දේශීයත්වය , පරිසරය විඳින්න කියලා ලංකාව වගේ තුන්වෙනි ලෝකෙට එන මේ අයට ටිකක් ස්ලෝ ඩවුන් වෙන්න බැරි ඇයි ? ඇයි එහෙනම් මේ දූවිලි පිරුණ කිසි කමකට නැති රටවල් වලට නිවාඩුවට එන්නේ ?
රාජකාරිය වෙනුවෙන් ලංකාවේ , අප්‍රිකාවේ හා ආසියාවේ බොහෝ දුෂ්කර පැති වල ඇවිදින්න හා ටික කාලයක් ජීවත්වෙන්න වුන මට නම් කියන්න තියෙන්නේ මේ කුල්ටූර් පන්තිය හිතන තරම් තුන්වෙනි ලෝකේ රටවල් කලු යක්කු නොවෙන බව .ඇත්තටම තුන්වෙනි ලෝකේ දේශීයත්වය විඳිනවා කියන්නේ කොට කොට යන සෙනග පිරුණ බස් එකක , ලොරි බාගෙක , මඩ වලවල් පිරුණ පාරක , දූවිලි , වියලි හුලං එක්ක .තේ කහට එකක් හරි චායේ එකක් හරි බීලා , ටුක් ටුක් රියදුරො එක්ක හෙට්ටු කරලා ,ආණ්ඩුවේ කන්තෝරුවක රස්තියාදු වෙලා බලන එක .මොකද ඒ රටේ මිනිස්සු හැම දාම ජීවිතේ ඔය කියන දුක එහෙම නැත්නම් කටුව කන නිසා . ඒත් ඒ මිනිස්සුත් ජීවත්වෙනවා ඔය ඔක්කොම එක්ක .
ඔය හේතුව නිසා මම නම් පුලුවන් තරම් මහන්සිගන්නවා ලොකේ මොන රටට ගියත් එතැන මගේ ගම රට කියලා හිතලා ලැබෙන පහසුකම් උඩ ජීවත් වෙන්න .