ඇනුවල් ලීව් යාමද සැපතකි
අලස සුවෙන් සිටීමද සැපතකි
ලොක්කාගේ මේල් නොබැලීමද සැපතකි
යාලුවන් සමග නන් දෙඩවීමද සැපතකි
ඔහේ ඇවිදයන මගියෙක් වීමද සැපතකි
ගහ කොල විඳීමත්
මුහුදු වෙරලක තනි වීමත්
සතුටින් සිනාසීමත්
මිහිරි මතක මග සැරියත්
සැපතටම හේතු වෙත්
වසර පුරා හොඳ හැටි වෙහෙසීලා
දිවා රෑ නොබලා ෆර්ෆෝම් කරලා
අවුරුද්දක වැඩ අහවර කරලා
ඉසිඹු ලබන්නට නිසි කල් බලලා
ඉතුරු ඇනුවල් ලීව් දාලා
වෙහෙසුන ගත විඩා නිවා දමන්නයි
බිඳුනු තැවුණ සිත සුවපත් වන්නයි
නැවුම් උදාවට ජවයක් දෙන්නයි
අලස සුවය විඳ වැඩ අරඹන්නයි
කොයි කවුරුත් ඇනුවල් ලීව් දමන්නයි ....-:)
P/S -Business Closed for 2011 . We are on Leave ! Happy Holidays ! Happy New Year !
( First two pics are taken by me . All rights reserved )
( First two pics are taken by me . All rights reserved )
