Wednesday, August 26, 2009

දන් දීම




අන්තජාල මන්දාකිනියේ
මිලිනවූ අසෙනිය පෙම්කුසුම්
සිඹ සිඹ ලසොවින්වැලපෙන
නන්දවනි අසනුමැනවි

සාපිපාසාවෙන් යදින
අතරමංවූ දුගියෙකුට
නුඹේ නිකැලැල් හදබඳුන
සිහිලැල් ප්රේමයෙන් පුරවා
පුදදුන් මියුලැසියේ

යමක් නම් පිදියයුත්තේ
නිර්ලෝභීව
නිමල සිතකින්
යලිදු කිසිවකුත්
ලබනු නොරිසිව

එබැවින් නන්දාවනි
සැනහෙව
තුටුවෙව
සිහි එලඹාගනුමැන
මහත් ඵල මහනිසංස ඇති
දනක් පිදූ
උවැසියක ලෙස


නිමිත්ත

අන්තර්ජාලයේ සැරි සැරූ මිතුරියකට සමාන අදහස් ඇති තරුණයෙක් මුනගැසෙයි .බොහො රාත්‍රීන් වල දොඩමළුවෙන ඔවුන් පෙමින් වෙලෙයි . එහෙත් අවසානයේ එය තරුණයා විසින් කල රැවටීමක් බව මා මිතුරිය දැනගන්නා විට ඇය පමා වැඩිය .ඒ වන විට  ඇය ඔහුට බොහෝ ආදරය කරන්නට පටන්ගෙන ඇත . මේගැන සුසුම්ලමින් මා මිතුරිය පැවසූ විට ඇය වෙනුවෙන් මේ කවිය ලිව්වෙමි .මෙය ලියවුණේ ගාලු පාරේ දුර ගමනක් යන අතර මගේ වාහනයේදීයි .මුලින්ම මේ කවිය මූණු පොතේ කවි පිටුවෙහි පල කලෙමි .

මෙම සිත්තම ජෝර්ජ් කීට් සිත්තරාගේ සිතුවම් එකතුවකිනි .

2 comments:

  1. නිමිත්ත තුළින් ඔබ දකින දසුන මනරම්. අයිති කරගන්නට නොහැකිව හඬන පෙම් සිත සනසවන්නට, විරහ දුක් ගිනි නිවන්නට, අපූරු මං පෙතකට සිතුවිලි කැන්දාගෙන යාමක්.
    (ලෝයර්ස්ලා අම්බානක කට්ටයි අප්පා.)

    ReplyDelete