සිහින බොඳවුනාදෙන්
මල්වරුසාවට 
පැතුම් ගිලිහුනාදෙන් 
නටු අගින් වට මල් ලෙසට 
ගොළු වී හද ගී වැටුනත් තටු සිඳී 
කමක් නෑ දැන් මට 
එකතුකර ඒ ඔක්කොම
පදම් කර හොඳ හැටියට
සිනහ ගෙන අනුපානෙට
ගැයුමට හැකියි දැන් මට
ඉඳහිට බිඳුණු සිහිනෙක
සුන්බුන් මුණ ගැහුණු සඳ
මුතු මැණික් සේ වටිනා
හැකිය අහුලාගන්නට
තැන්පත් කරන්නට 
ආදරයේ නිදන් ගැබ
පාට පාට පැතුම් මලේ 
එකතු කර ගිලිහුණු පෙති
තබා අලුත් රටාවකට
වියා නව සුබ පැතුමක්
එවන්නට හැක ඔබට
එතකොට ඔබ දැන ගනීවි
පැතුම් ගිලිහී 
සිහින බොඳවී
ගොළුවී හද ගීත
වැටුනත් තටු සිඳී 
මා 
මිය නොගිය වග
No comments:
Post a Comment