දිවිමන් තලාවෙහි
නෙක සැතපුම් කණු අතර
කාලයේ වැලිතලා මතින්
වැලලිලා ගිය
මිහිරි පෙම්වතුන්ගේත්
ප්රිය මිතුරු දනන්ගේත්
අතිනත ගත් සැමියන්ගේත්
සොඳුරු මතකම පමණක් ගෙන
උන් රුව ගුණ සමග
එකට කැටිකර
මැවිය හැකිනම් එක
හද රැඳි සිහින මිනිසෙක්
මහා පුරුෂයෙක්
ඔහුට ආලයකරමි මම
සදහටම
Tuesday, September 8, 2009
Tuesday, September 1, 2009
දුරු රට ගිලන් වීම
සියා ගුවන්තොටුපොලින් එලියට එනකොටම පපුව කඩාගෙන යන හීතල හුලඟක් මට සුබ පැතුවා බන්ග්ලාදේශයට මාව පිලිගනිමින් .මීදුමින් සහ දූවිලි කැටිවුන පරිසරය එතරම් සුව දායක නැහැ. අන්වර් බායි, මගෙ රියදුරු තැන අවවාද කලා වහාම මගෙ උනුසුම් කබාය ඇඳගන්න .සීතලත් එක්ක මම කොස් කොස් ගාලා කහිනකොට එයාට අනතුරක සේයාවක් දැනෙන්න ඇති . පෙරදා රැයේ සිටන් එන දිගු ගුවන් ගමනකින් පස්සේ මට තව කිලෝමීටර පන්සීයක් විතර උතුරුදිග දිනජ්පූර් සීමාවට යන්න ඔනෙ දින දහයක රජකාරියට .දිනජ්පූර් ඉන්දියනු මායිමට විශේෂයෙන් ඩාජිලින් සීමාවට ආසන්නයි ඒනිසා මේ මාර්තු හීතල ඔබට නම් උහුලන්න බැරිවෙයි කියලා අන්වර් කියනවා.ඒමදිවට මම ලංකාවෙන් එනකොටත් ආවෙ හොඳ සනීපෙන් නෙවෙයි. ඇස්මා වලට දෙන බෙහෙත් පොදියක් මගෙ ගමන් මල්ලෙ තිබුනා.ඒත් සංචාරයට තියෙන ආසාව නිසා ඔක්කොම ලෙඩ යටපත් වෙනවා.
දීනජ්පූරයට යන ගමන නින්දත් නොනින්දත් අතර ගෙවුනා. ජමුනා නදිය උඩින් යන මහා දිග පාලම පහුකරලා කෑම කන්න නැවත්වුවත් කිසි පිරියක් නැහැ .මද ඉරු එලිය ,වියලි සීතල,මීදුම පපුවෙ බර ගතියක් ඇතිකරා.ඒ පිටින් එන වෙහෙසත් කියන්න බැරිතරම්. හවස හත විතර වෙනකොට අපි ගමනාන්තයට ආවා, පොලි ශ්‍රී ඒ කියන්නෙ ගම්බද රූමතිය මෙතැන තම්යි මගේ ඊලඟ දවස් දහය ගතවෙන්නෙ .මම වාහනෙනෙන් එලියට ආවෙ පොද වැස්සක් එක්ක .ශානාස් ,ෆර්හානා,සහ සුරෙයියා රෝස මල් පොකුරු අරන් මම පිලිගන්න දොර එලිපත්තෙ .දුර මග ගෙවාගෙන ආව මගියෙකුට ඉතින් මීට වඩා සුන්දර දෙයක් තව තියෙනවද ? මට වෙන් වුන කාමරය සරල අල්පේච්ච තැනක්,ලොකු සීත පොරොනාවකුත් ,ගුදිරි මෙට්ට ඇතුරූ ඇඳකුත් ,පොඩි ලියන මේසයක් ,පුටුවක් සහ කුඩා ඇඳුම් අල්මාරියක් තිබුනා .ඒත් හීතල නම් රෑ පුරා මට වද දුන්න ,ඉන්හේලරය කීප වාරයක්ම පාවිච්චිකලා. පහුවදා උදේ තමයි ඔක්කොම මගේ සගයො ටික මුන ගැහුනෙ .ආයතන ප්‍රධානි ශමීමා සමග කෙටි සාකච්චාවකුත් යෙදුනා.ඇය ඉතා පියකරු, කාරුනික ,ඒත් එක්කම මොකද්දෝ අමුතු බලයක් තියෙන ගැහැනියක් වගේ කියලා මට ඒවෙලේම හිතුනා.
මගෙ දවස් දහය ගතවෙන විදිය බැලුවහම එක දවසක් වත් මග අරින්න බැරි ලෝභ ගතියක් හිතට ආවා.ඉන්දියානු බෝඩරයේ කල්කටාව ආසන්නයට යන ජෝය්පුර් හාට් ගමනත් , ඉන්දියනු මායිමේ ඩාජිලින් ආසන්නයේ පන්චගාර් බලා යාම , රික්ෂෝ රියදුරු හමුව ,අමිටෝලි ගමේ තරුණ සමිති හමුව එන අතරමග පැරනි නටබුන් බැලීම වගේ දේවල් හිතට අමන්දා නන්දය ඇති කලා ඉතින් හිරිකඩ ,පින්න , සීතල නොතකා ගම් මැදිවල ඇවිදලා ,මැටි පොලවේ වාඩි වෙලා ,මුල් දවසේ හවස් වෙනකොට මගේ අසනීප ගතිය උත්සන්න වග මට දැනුනා.
ඒත් ඇස්මා වලට බෙහෙත් බොනවා කියලා ඔවුන් බයකරන්න එපා කියලා මගේ හිත කිව්වා.
හ්ම්ම්.. වැඩේ හිතුව තරම් ලෙසි වුනේ නැහැ.මගේ සහපිරිවර මාව පුද්ගලික බෙහෙත් සාලාවකට ගෙන ගියා.මාව පරීක්ෂා කර වෙද්‍යවරයා සියලු රෝගලක්ෂණ හඳුනගෙන මට බෙහෙත් දීම ප්‍රතික්ෂේප කලා.වහා රෝහල් ගතවෙන්න නියම කලා.මදැයි වැටුන අලි අමාරුවක තරම.ඔක්කොම මගේ සගයන් කැලඹිලා .ඒක මුහුනු වලින්ම පෙනෙනවා.මගේ මිතුරිය ශානාස් දුරකථන ඇමතුම් කීපයක් ගත්තා.සෝරාබ් සහ ෆර්හානා මාව අස්වසනවා බයවෙන්න එපා කියලා. බයක් නෙවෙයි මට තිබුනෙ,ඊලඟට මොකදවෙන්නෙ කියන කුතුහලය . ශානස් ගෙ දුර ඇමතුමත් එක්කම ,ශමිමා අර කාරුණික බලවන්ත කාන්තාව , ආයතනයෙ ලොක්කි ආවා . ඇය කරුණාවෙන් මට පැහැදිලිකලා,ඔවුන් මාව පුද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා රෝහල් ගතකරන වග
.
"ඔයා බයවෙන්න එපා ,සියා හාර්ට් ෆවුන්ඩේෂන් රෝහල දිනජ්පූරයෙ තියෙන හොඳම පහසුකම් සහිත පුද්ගලික රෝහලක් "ඇය මාව අස්වැසුවා.
මේ රෝහලේ සේවය කරන කායික රෝග පිලිබඳ මහාචාර්ය වෙද්‍යවරයා පොලි ශ්‍රි ආයතනයේ උපදේශක මණ්ඩල ප්‍රධානියෙක්.මගේ සගයො ඒවෙනකොටත් ඔහුට කතාකරලා මාව රෝහල් ගත කරන්න කටයුතු සූදානම් කරලා . සමාජ සම්බන්ධතා කොයිතරම් බලගතුද කිව්වොත් සියා රෝහලට මාව ගෙනයනකොටම ගිලන් ඇඳක් සූදානම්ව තිබුනා මාව වාට්ටුවට ගෙනියන්න. විනාඩි විස්සකට විතර කලින් හොඳින් පයින් ඇවිද ගෙන ගිය මාව මෙන්න රෝහල් සේවකයො දෙන්නෙක් ගිලන් ඇඳක දාලා කුදලගෙන යනවා....මට හරි හිනා.
රෝහල් ගතකල වහාම ප්‍රතිකාර පටන්ගත්තා ,මුහුනු වැස්මක් දාලා ඔක්සිජන් දුන්න . ඒ එක්කම අර මහාචාර්ය වෙද්‍යවරයා ආවා. ඔහු මාව පරික්ෂා කරා.පෙනහලු එක්ස් කිරන ඇතුලු පරීක්ෂන කීපයක් නියම වුනා. බෙහෙතකුත් විද්දා...හරිම හිනහ යන වැඩකුත් වුනා. මට බෙහෙත් විදින්න නියම කරලා එතුමා මා එක්ක කතාවට වැටුනා
"ඔබ විවෙක ගත්තෙ නැහැනෙද ? හරියට බෙහෙත් බිව්වෙත් නැහැ නේද ?"එයා අහනවා. උත්තර දෙන්න ඔහු දිහා බලනකොටයි මම දැක්කෙ එතුමගෙ කොන්ඩෙත් , රැවුලත් දුඹුරු සහ රතු වර්ණ වලින් පාට කරලා, "පැසුනු හිසෙන් නෙවෙයි වර්ණවත් හිසෙන් බුහුමන් ලබව" කියලා හිතමින් මම බොහොම අමාරුවෙන් හිනාව වලක්වගත්තේ , ලංකාවෙදි ඒවගෙ මහාචාර්යවරු අපිට දකින්න නැහැනෙ . මම ඒවෙලාවෙම එයාට නමකුත් පටබැන්ද..."කලර්ඩ් හෙයාර් ප්‍රොෆෙසර්". ලෙඩවෙලත් මම නෙවෙයි පිස්සු නටන එක නවත්වන්නෙ .
හ්ම්ම්.... එදා රෑ මට ඔක්සිජන් දීලා,බෙහෙත් නියමකලා.තරමක් සුව අතට හැරෙනකන් ආයතනයේ ලොක්කි ශමිමා ඇතුලු මගේ සගයන් එතන හිටියා මැදියම් රැය වෙනකන්. මට නින්දයාගෙන එනකොට තමයි ඔවුන් ගියේ .මාව තනිකරලා නෙවෙයි.සෝරාබ් සහෝදරයා මගේ තනියට තියලා.ඔහු රෝහලේ ඇතුලතආලින්දයේ ලොකු සලුවකුත් පොරවගෙන මා වෙනුවෙන් රැය පහන් කලා සීතලේ . වරින් වර ඇවිත් මගේ බෙහෙත් ,සේලයින් දීම ගැන රෝහල් කාර්යමණ්ඩලයෙන් විපරම් කරනවග අඩ නින්දෙදි මට දැනුනා.ලංකාවෙදි නම් තමන්ගෙ සොහොයුරෙක්වත් නොකරන උදව්වක් ඔහු කලේ .
ප්‍රතිකාර නිසා හොඳට නින්ද ගියා ,උදේ මා අවදි වන විට මගේ සගයො ඇඳ වටේ . රියදුරු අන්වර් බායිත් මාව බලන්න ඇවිත් .රෝහල් කාර්යමණ්ඩලයේ එක්කෙනා දෙන්නත් ඇවිත් මා එක්ක කතා කරනවා...දැනගන්න විස්තර ගොඩක් ..මම විදේශිකයෙක් වග මට මතක් වුනේ එතකොට . කාටත් ඔනෙ වුනෙ සනත් ජයසූරිය ගැන දැනගන්න .මගේ ගාව තිබුන ශ්‍රි ලංකා ක්‍රිකට් කියල ගහපු කැප් එක දැකලා වෙන්න ඇති.ලෙඩෙක් වුනත් මගේ යුතුකම මගේ රට ගැන කියන එකනේ. ඒක වදයක් වුනේ නැහැ.ගොඩක් දෙනෙක් මා එක්ක ඉන්ග්‍රිසියෙන් කතා කරන අතර ඒක වියපත් සාත්තුසේවක අම්ම කෙනෙක් හරිම ලෙන්ගතුව මගේ ඇඳ වටේ කැරකුනා. කවුරුත් එහා මෙහා වෙනකම් ඉඳලා දන්න ඉන්ග්‍රිසියෙන් එයා ඇහුවේ මම විවාහකද කියලා. එයාගෙ මූණෙ තිබුනෙ මේ ගෑනු දරුවෙක් නොදන්න රටක කරක්ගහමින් මොනවකරනවද කියන බැල්මක්.
මේවිදියට ඉතින් දවස ගෙවා ගන්න අමාරුවුනේ නැහැ.සලීම් සහ පප්පි සහෝදරයන් විහිලු කතා කියමින් මට පාලු කැපුවා. ඒත් කවුරුත් නිතර විමසිල්ලෙන් හිටියේ මගෙ සෞඛ්‍ය තත්වය ගැන. වරක් ශානාස් මට ආදරනීය තරවටුවකුත් කලා කතා නතරකරලා නිදාගන්න.ඔන්න දවල් වෙනකොට අපි මග බලාගෙන හිටි සුබ ආරංචිය ලැබුනා. මම රෝහලෙන් නිදහස්."දැන් අපි ඔබව නිදහ කරනවා ,ඒත් පරිස්සම් වෙන්න.බෙහෙත් ගන්න.ආයෙත් ලංකාවට ගියහම ප්‍රතිකාර ගන්න" මහාචාර්යතුමා උපදෙස් දුන්න. මාව රෝහලෙන් එක්ක යන්න ශමිමා ආවා, සුරෙයියත් එක්ක.අපේ ඩකා ප්‍රධාන කාර්යලයට දැනුම් දීමෙන් අනතුරුව මගේ සියලු රෝහල් ගාස්තු ඔවුන් ගෙවා තිබුනා.හෙදියක් මාව රෝදපුටුවක තබාගෙන යන්න ලැහැස්තිවුනත් එය ප්‍රතික්ෂේප කරලා මම රෝහල් ඇඳෙන් බිමට පැන්නෙ මගේ ගමන් මල්ලත් එල්ලගෙන .ඒත් ශමීම සහ සුරෙයියා මගේ අස්සකුලප්පුවට ඉඩඩුන්නෙ නැහැ.ඒදෙන්න මගේ අත් දෙකින් අල්ලගෙන හිමිහිට අපේ වාහනය ගාවට එක්කගියා.
දැන් නම් ඉතින් අකීකරු වෙන්න බැහැ.ශමීමා උපදෙස් දුන්න තව එක දවසක් විවේක අරගෙන රාජකාරියට යන්න. මම යනකොට මගේ කාමරයට උනුසුම ඇතිකරන්න හීටරයක් තබාතිබුනා.රෝස පොකුරකුත් මේසෙ උඩ. මාව පිලිගන්න.ඒවා ශානාස්ගෙ වැඩ. විවේක අරන් ආයෙත් සන්චාරය පටන්ගන්නකොට මට ශමීමාගෙන් දසපනතක් ලැබුනා.කඩචෝරු කෑම,තැන් තැන් වලින් වතුරබීම තහනම්.මට හැමදාම උදේට මනික් බායි දවල් කෑම පෙට්ටියක් සූදානම් කරලා දුන්නා.උනුසුම් කබාය ඇඳීම ,හිරිකඩ පින්නට ආවරනය වෙන්න කුඩය ගෙනයාම අනිවාර්යවුනා.මගේ දවල් බෙහෙත්වේල ගැන ඇය නිතර මතක් කලා.මා එක්ක යන අනිත් සගයන්ගෙන් මගේ සුව දුක් විමසුවා.ඇගේ මේ ආදරණීය බලපෑම් මම කරදරයක් හැටියට හිතුවෙ නැහැ.මනික් බායි හැම උදෑසන සහ සවසකම සිනා මුසු මුහුනින් තට්ටු තුනක් පඩි නැගලා ලොකු යකඩ බාල්දියකට උණුවතුර ගෙනෙත්දුන්න මූන සෝදන්න .
අපේ ගමන් හරි විනෝදජනකයි.සලීම්, පප්පි සහ සෝරාබ් සොහොයුරන් රස කතා සාගරයක්.ඒතුන්දෙනා මට බෙන්ගාලි වචන් ඉගැන්නුවා
ශුවො සොකල්- සුබ උදෑසනක්
ශුවො ජන්මොදින්-සුබ උපන්දිනයක්
අමි බොලොබශි-මම ආදරෙයි
අමි කාච්කුරි- මම රැකියාවක් කරනවා
ඔය මට තාම මතක තියෙන වචන් කීපයක් .හවසට ආයෙත් ආවහම හැමෝම එකතුවෙලා සන්ගීත සැඳෑවල් එහෙමත් දැම්ම. ශානාස් සහ ෆර්හානට ලස්සනට ගී ගයන්න පුලුවන්. මම අහලතිබුණා බන්ගලදේශයේ ඉතාම ලස්සන දේශාභිමනී ගීත තියෙනවග .සමහර ඒව බටහිර බෙන්ගාලයේ රබීන්ද්‍ර සංගීතය පදනම් කරගෙන පදබැඳුන ඒවා.ඔවුන් මා වෙනුවෙන් රබීන්ද්‍ර ගීත ගායනාකලා.එක දවසක් අපි නැටුම් සැඳෑවකුත් දැම්ම.හොඳම නර්තනය වෙනුවෙන් ශ්‍රි ලංකා -බන්ගලාදේශ කුසලානය සඳහා මමත් මගේ භාෂා පරිවර්තක රොමෙල් බායිත් තරඟ වැදුනා.කුස්සියේ වැඩකරන මෘජිනා අම්මත් ,මනික් බායිත් අපේ වැඩ බලලා හිනාවුනා.
සතුට ,සහ හැම කෙනෙකුගෙන්ම ලැබුණ ආදරය ,සැලකිල්ල නිසා මම ඉක්ක්මනටම සුවපත්වුනා.දවස් දහය ඉවරවෙලා ගෙදරයන්නෙ කාලෙ ආව.සමුගන්න දවසේ උදෑසන මා වෙනුවෙන් රසකැවිලි ගොඩක් එක්ක තේ පැන් සාදයකුත් තින්බුණා.ලංකාවෙන් අරගෙන ගිය තේ පැකට් මම ඔවුන්ට තෑගිකලා. හැමකෙනෙක්ම මාව වැලඳගෙන සමුදුන්න .ශමීමා නැවත ඇගේ දසපනත මට මතක්කලා."ඔබ ටිකක් අකීකරු ලමයෙක්" කියලා පොඩි විහිලුවකුත් කලා.
අන්වර් බායි මාව නැවතත් කිලෝමීටර 500 දුර ගෙවාගෙන දකා නුවර සියා ගුවන්තොටුපොලට ගෙනාවා.ලංකාවට එන්න තායි එයාර්වේස් ගුවන්යානයට ගොඩවෙද්දි මට දැනුනෙ කාලයක් දන්න අඳුනන නෑයන්ගෙන් සමුගන්නව වගේ දුකක් . ලංකාවෙදි අධික වෙහෙස ,නොසැලකිල්ල,අවිවේකය නිසා උත්සන්න වූ ලෙඩකට නිසි ප්‍රතිකාරත් ,සැලකිල්ලත් ලැබුනෙ බන්ග්ලාදේශයෙදියි.දුරු රටකදී ලැබුන ඒ සත්කාර මට කිසි දවසක අමතක වෙන්නෙ නැහැ.විශේෂයෙන්ම ශමිමගේ කාරුණික මුහුන සහ දසපනත රෝගිවෙන ගොඩක්විට මට මතක්වෙනවා.
Saturday, August 29, 2009
මිහිදන් ආදරය
දුරාතීතේ අන්ධකාරේ
පාලු මූසල සැඳෑ යාමෙක
මගේ හදගැබ සොහොන් කල
වියැකුන මතක සෙල් ලිපියක
මැකීගිය ඉරි,තිත්,කොමා අතරනින්
කියවා ගන්නට වෙහෙසෙමි
එක් වචනයක්
ආදරය
පාලු මූසල සැඳෑ යාමෙක
මගේ හදගැබ සොහොන් කල
වියැකුන මතක සෙල් ලිපියක
මැකීගිය ඉරි,තිත්,කොමා අතරනින්
කියවා ගන්නට වෙහෙසෙමි
එක් වචනයක්
ආදරය
Friday, August 28, 2009
නිල නින්ද
රාජකාරි වැඩ වලදී නිල වාහන ලැබෙනවා,නිල නිවාස ලැබෙනවා,තව නිල කාමර,එතැනින් ගියහම නිල නිවාඩු එහෙමත් ලැබෙනවනේ .ඔය මොනවා ලැබුනත් රාජකාරියේදි නිල මැස්සො වගේ හැසිරෙන අයත් ඉන්නවා. හරි...නිලමැසි කතාව අමතක කරමු .අහලා තියෙනවද රජකාරියේදි නිල නින්දක් දැම්ම හැටි ?හ්ම්.. ෂුවර් එකටම නැතුව ඇති .මෙන්න කතාව.
එදා නම් මම ගමන යන්න පිටත්වුනේ පුදුම කේන්තියෙන් ,මට වැදගත් රාජකාරි රැස්වීමකට උතුරු මැද පලාතට යන්න වෙලා.ඒත් හිතේ හරි නුරුස්සනා ගතියක් තියෙනවා.වැඩියෙන්ම තරහ මගේ කාර්යාල ප්‍රධානි ලොක්ක එක්ක . එයා මට වාර්ෂික නිවාඩු දෙන්න බැහැ කිව්වට .
"හ්ම්... මැරිල මැරිල වැඩ කලා.ඒත් නිවාඩු නැහැ.ඒ මදිවට අපේ සැලසුම් අංසෙ ලොක්කි වාසුලාටත් පිස්සු .මේ ගව් ගානක් ඈත රැස්වීම් දාන්න."
මම හිතෙන් බැන බැන ගමන යනවා.
ඉතින් හිත ඔරොප්පුවෙලා ගමන් යනකොට කිසිදෙයක් හරියන්නෙ නැහැ. දවල්ට කෑවත් නොකෑව වගේ .නින්දක් දාන්න බැලුවා.ඒ වැඩෙත් අසාර්ථකයි .
"මොකක්ද මේ ගමන තාම කුරුණෑගල ,දැන් හවස දෙකයි,ඉලාස්ටික් වගේ ඇදි ඇදි යන්නද කල්පනාව " වතාවක් රියදුරාටත් සැරදැම්මා.
ඔන්න කොහොමහරි මගේ ගමනාන්තයට ආවා.ලස්සන තැනක් වගේ.ඒත් ඔලුවෙ තිබුණ රුස්සන්නෙ නැති ගතිය නිසා ඒ ගැන වගක් වුනේ නැහැ. මහන්සියට නිදා ගන්න ඔනෙ කියලා ඉක්මනට කාමරේට ගියේ .
මෙන්න වාසුලාගෙන් කෝල් එකක් එතකොටම .තව විනාඩි දහයකින් රැස්වීම් සාලාවට එන්න කියලා.ආයේ දෙකක් නැහැ මොකක් හරි එයාගෙ ක්ෂණික වැඩක් .වැඩ කරන්න ගියහම එයා හරි නිර්මාණාත්මක මනුස්සයෙක් .මම හරි කැමතිය් ඒකට .ඒත් එදානම් මට හොඳටම තරහ ගියා අපේ සැලසුම් ලොක්කි එක්ක. මට නිදාගන්න නොලැබුනට. හිතින් බැන බැන මම ගියා සාලාව දිහාවට .
හරියටම හරි ...එයාගේ ක්ෂණික වැඩක්.තව ප්‍රසන්ටේෂන් එකක් හදන්න , මට යකාම නැග්ගා.
"වාසුලා මට බැහැ තවත් ප්‍රසන්ටේශන්ස් හදන්න.ඔයාට එහෙම ඕනෙ නම් අපිට කලින් කියන්න තිබුණ.මැරිල මැරිලා වැඩකරලා ආවට පස්සේ මෙහෙම ඉල්ලීම් කරන එක අසාධාරණයි..."
මම කියවගෙන කියවගෙන ගියා. එයා අපේ කෙටි රැස්වීම හමාර කරලා සිනහමුසු මුහුණින් මා ගාවට ආවා. පිටට තට්ටුවක් දාලා කිව්වා
"මනෝ ඔයාට මහන්සිබව මට පේනවා,හෙට නිවාඩුවක් අරන් රෙස්ට් කරන්න.ඔයා කැමති තැනක යන්න.ඔනෙ නම් වාහනෙත් ගන්න ,රෙස්ට් කරලා අනිද්දා ඉඳලා වැඩ කරමු "
මට පොලව පලාගෙන යන්න හිතුනා.මොනව වුනත් මම ආවේ රාජකාරියකටනේ.මොන අමාරුකම් තිබුනත් ඒක දේවකාරියටත් වැඩිය වැදගත්නේ. ඒත් වාසුලා එක හෙලාම මට තදින් කියා හිටියා හෙට නිවාඩු ගතයුතු බව.
ඔන්න ඉතින් සැලසුම් අංසෙ ලොක්කිගේ තීරණය ඒවිදියටම ක්‍රියාත්මක වුණා.පහුවෙනිද මම නිවාඩු.අනිත් අය සැලසුම් මීටින් එකේ. පරක්කුවෙලා නැගිටගත්තා.ආහ්හ්... වට පිට බැලුවම තමයි දැක්කෙ කොයිතරම ලස්සන තැනක්ද කියලා. දැන් හිතේ අර පිළුන් ගතිය නැහැ.සින්දුවකුත් මුමුන මුමුන එලියට බැස්සා අවට සිරි නරඹන්න.පිලිගැනීමේ ආලින්දයේ හිටිය ලස්සන නංගිට හිනාවක් දාලා මම මිදුලට බැස්සා.
ෂහ්... අපූරු තැනක්.හැමතැනම ලොකු රූස්ස ගස්.ඈත මයිමේ කෙලවර වතුර පිරුනු නෙලුම් මානෙල් පිපුනු වැවක්.ඒදිගේ ඇවිදගෙන යන්න අඩිපාරක් තියෙනවා.කොහෙන්දෝ ආව දඟකාර ගතියකුත් එක්ක පොඩි එකෙක් වගේ උඩපැනපැන නට නට මම අඩිපාරදිගේ යනවා.හොඳයි රාජකාරි කරන විදිය .
පාර කෙලවර වැවදිහාවට යන්න ලී පාලමක් හදලා.ගල කැට කීපයක් අහුලගෙන පාලම උඩින් ඉඳන් ඒව වැව මැදට වීසිකරා.එතකොට එන "ජබුක්" සද්දෙට මට හිනා.
ඒ හරියෙ ගස් මංඩිය හරි හෙවණයි ..ඔන්න අර සැලලිහිණි කවියත් මතක්වුනා එතකොට
"සන්නන් සිහින් ගෙඳි සෙවනලු වැලිතෙලෙන
තැන් තැන් වලම සැතපී සියුමැලි බැවින"
ගස් මංඩිය යට සිමෙන්ති බංකුවකුත් තිබුනා.මම එකේ වාඩිවුනා.මට මතක එච්චරයි ....
සද්දයක් ඇහිලා තමයි බැලුවෙ.තාම හිතා ගන්න බැහැ කොහේද කියලා.ඇස් පිහිදාල බලනකොට දැක්කෙ අර පිලිගැනීමේ ආලින්දයේ හිටි ලස්සන නංගි .එතන සිකුරටි මල්ලි කෙනෙකුත් හිටියා.
මරු වැඩේ ,බංකුව උඩ දිගෑදිලා මම නිදාගෙන පැය දෙකක් විතර සනීපෙට . හැලහොල්මනක් නැතුව බංකුව උඩ නිදාගෙන ඉන්න කෙනා දැකලා සිකුරටි මල්ලිට බය හිතිලා එයා පිලිගැනීමේ ආලින්දයට දැනුම් දීලා.හිතන්න ඇති ගෑනු කෙනෙක් එයාගේ හෝටලේ දිවිනහගෙන කියලා.හී... හී... හී
ඔන්න හවස වාසුලා ආව මම බලන්න ,කොහොමද ? හිනහ වෙවී එයා ඇහුවා.මම මුලු සිද්දියම කිව්ව.අපිදෙන්න ආයෙත් උඩපැන පැන හිනා වුනා.
කොහොමහරි කනින් කොනින් මගේ අනිත් යාලුවන්ටත් ආරන්චිවෙලා තිබුනෙ නැතෑ වැඩේ.ඔන්න සතියකට විතර පස්සේ ඊමේල් එකක් ගිහිල්ලා අපේ ඔෆිස් එකේ
"රාජකාරි නිල රැස්වීමකට ඇවිත්,සැලසුම් අංසේ ලොක්කීගෙන් නිල නිවාඩු ගෙන,ආයතනයේ නිල අනුග්‍රහයද සහිතව හබරණදී රූස්ස ගසක් යට නිල නින්දක් දැම්ම වාසනාවන්තයා කව්ව්ද ?"
උත්තරය....මනෝ
කොහොමද මගේ නිල නින්ද ? නියමයි නේ ?:)
Thursday, August 27, 2009
මුදු පැලඳීම
දුව ඔයාට කෝල් එකක්..උමංගාගෙන් ඉක්මනට එන්න..බෝඩිමේ ආන්ටි මට පහල තට්ටුවෙ ඉඳන් කතාකරනවා.එයා මට කෝල් කරන යාලුවො ටිකදෙනා කටහඬින්ම දන්නවා.
උමංගා..හ්ම්ම් මොකද දන්නේ නැහැ..අද හවස 3.00 ට නෙ ලෙක්චර්ස්? අද බදාද නේද ?මට වැරදුන වත්ද ?එහෙම නැත්නම් මොකක් හරි ගෙදරින් උමංගට මරාලයක් පහත්වෙලාද?දැන් ගෙදර ඇවිලිලානෙ ඉන්නෙ ඔය සමින්දගේ සම්බන්දෙට ,ඉතින් ගෑනි වැඩි වෙලාවක් ගෙදර ගතකරන්නෙ ඇඬූ කඳුලින්නෙ ...යාලුවෙකුට කරදරයක් වෙනකොට ඒක හිතට හරි වදයක් .ඔහොම දේවල් හිතහිත තමයි මම මගේ උඩතට්ටුවෙ අට්ටාලෙන් බිමට බැස්සෙ.
කෝල්ලෙක ගත්තා .මනෝ... අද උදේ නවයට එන්න ජිම් එකට.පොඩි ගමනක් යන්න ඔනේ..ඉක්මනට ගියොත් ඉක්මනට එන්න පුලුවනි. උමංගා...කියාගෙන යනවා .හ්ම් ඒක ඈත්තනෙ."ගියොත් එන්න හැකිය. ..නොගොස් එන්න බැරිය."මම හෙමිහිට මුමුණ මුමුණ මගේ උඩතට්ටුවෙ අට්ටාලෙට නැග්ගා.
හ්ම්..ඔන්න මම මගේ ඔක්කෝම බදාදා ප්ලෑන් කැන්සල් කලා.හිතුවෙ නම් රෙදි හෝදලා ,නාලා,සිංන්දුවක් අහලා,පාඩමක් කරලා,කාලා,නින්දක් ගහලා ලෙක්චර්ස් යන්න .දැන් ඒක බැහැ.ඉතින් ඉක්මනට ලෑස්තිවෙලා 138 අරගෙන ගියා කැම්පස් .මම යනකොටත් උමංගා ජිම් එකේ.
"මනෝ මම ඔයා එනකන් හිටියේ ...මොනවද කන්නේ ?"
මම ඉතින් අමුතුවෙන් නොකිව්වත් එයා තෝසෙ ගෙනෙන බව මට සහතිකයි.
"කෑම නෙවෙයි ඇයි උදෙන් එන්න කිව්වේ ?කොහෙද යන්නේ ?" මගෙන් ප්‍රශ්න වැලක්.
"සමින්දට පොඩි තෑග්ගක් ගන්න ඔනෙ මනෝ,එන සතියෙ එයාගේ බර්ත්ඩේ එක" උමංගා හිනහවුනා.
"අය්යෝ ඕක මහ වැඩක්යැ..ඔය තියෙන්න ඔනෙ තරම් තෑගි,ෂර්ට්ස්,ලෙදර් බෙල්ට්ස්,ටයි,ඔෆිස් බෑග්" මම නම් වැලක්ම කිව්වා.
"තෑග්ගකුත් දීලා අපි පාටියකුත් දාමු" මම තව ඉදිරි සැලසුම් හැදුවා.
"මනෝ මට එයාට තෑගි දෙන්න ඔනෙ මුද්දක් ,රත්තරන් මුද්දක්" මම උඩගිහින් බිම වැටුනා. හ්ම්ම්.. සුපුරුදු විදියට අමාරු කේස් එකක් තමයි එහෙනම්.
"ඒත් සමින්දගේ අතට ගැලපෙන සයිස් එක ගැන තමයි හිතාගන්න අමාරු. එයා එක්ක ගිහින් තෝරගන්න පුලුවන්. එහෙම වුනොත් අන්තිමට එයාම එයාගේ මුද්දට සල්ලිගෙවයි නැත්නම් මුදු වෙනුවෙන් සල්ලි නාස්ති කරන්න එපා කියයි.ඔය දෙකෙන් එකක් වෙනනිසා තමයි මම ඔයාට එන්න කිව්වෙ "
"හ්ම්ම්..හරි ඉස්සෙල්ල ඔයා තෝසෙ අරන් එන්න,අපි කාලා ඉඳිමු" එහෙම කියලා මම කල්පනාවට වැටුනා.රත්තරන් මුද්දක්ම තෑගි දෙන්න ඔනෙමද උමංගට ? රත්තරන් ගණන් මේ දවස් වල,අපේ අම්මත් එහෙම කියනවා මම අහගෙන ,ඇරත් අද කොහේ යන්න වෙයිද මුදු හොයන්න ?හෙට්ටිවීදියෙ? ඊට වැඩිය සරල ලස්සන දෙයක් දෙන්න පුලුවනි නේ?
හ්ම්ම්.. ඒත් ඉතින් රත්තරන් කියන්නේ ආදර බැඳීම් තහවුරු කරන සංකේතයක් නේ ?ඒක වෙන්න ඇති එයාට රත්තරන් මුද්දක් දෙන්න හිතුනේ .විවාහ වෙන්නෙත් මුදු පලන්දල ආදරය තහවුරු කරලා වටිනාකමක් දීලා,රත්තරනේ සදහටම ඔබ මගේ කියලනෙ."
"හලෝ මොකද කල්පනාව?" ඔන්න කටහඬක් ආවා.බැලීනම් අපේ බැචා පත්ම කාලෙකට පස්සේ.පත්මට එලිවෙන්න, රෑවෙන්න,පාඩම්කරන්න,පැවරුම් ලියන්න හිත දෙන්නේ පේරදෙනියේ මල් ගස් යට කියලයි අපේ බැචාල කියන්නෙ.ඒ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් උදානි ඉන්නෙ පේරා නිසා.
"ඉතින් මොකද උදෙන්ම අද?" කියාගෙන පත්ම මගේ මේසෙ කොනක වාඩි වුනා.
"පොඩි ගමනක් යන්න වෙලා උමංගාගෙ වැඩකට" මම උත්තර බැන්දා.මුද්දක් ගන්න ඕනෙලු සමින්දට,ඒත් ප්‍රශ්නෙ සමින්දගේ ඇඟිල්ලට හරියන සයිස් එක හොයාගන්න බැරි එක.සමින්ද එන්නෙ නැහැනේ අපි එක්ක." මම මගේ ප්‍රශ්නෙ ඉදිරිපත් කලේ පත්ම ගාවවත් විසඳුමක් ඇති කියලා හිතලා. සමහර විට එයාට ඔයවගේ අත්දැකීම් ඇතිනෙ. මට හිතුනා
පත්ම හරි ප්‍රියමනාප යාලුවෙක්.නිතරම සිනහ මුසු මුහුනින් ඉන්න කෙනෙක්.උසයි අඩි 6ක් විතර ,කෙට්ටු,සිහින් සිරුර සහ රවුම් මූනත්,තට්ට හිසත් ,වැඩිය නොකැපුව රැවුලත් එයාට අපට වඩා වැඩිහිටි පෙනුමක් එක්කලා.
"හරි මට උදව්වක් කරන්න පුලුවනි.සමින්දත් මම වගේ කෙට්ටු හීන්දෑරි කෙනෙක් නේද? මහතත් මම තරම් ඇති.මම දැකල තියෙනවා උමංගා එක්ක තුම්මුල්ලෙ රවුම් ගහනවා.ඔව් නේන්නම් මට එකපාරටම මතක් වුනා. එහෙනම් මෙහෙම කරන්න මනෝ.මම මගේ මුදු ඇඟිල්ලේ මිම්ම දෙන්නම් ඔයාලට .ඒ මිම්මට තෝරගන්න.වැඩි වෙනසක් වෙන එකක් නැහැ." පත්ම කිව්වා.
"හ්ම්ම් අදහස හොඳයි ..ඒත් මිම්ම ගන්නේ කොහොමද ?" එතකොටම පත්ම එයාගේ නෝට්ස් මිටියෙන් ෆයිල් කටුවක් ඇදල අරගෙන ඒක දිගාරිනවා. මට වැඩේ තේරුම් ගියා.පත්ම සීරුවට ඒක එයාගේ මුදු ඇඟිල්ල වටේ දවටලා රවුමක් හැදුවා මිම්ම ගන්න .උමංගත් තෝසෙ අරගෙන අවා.මෙන්න කියලා පත්ම ෆයිල කටු කවය උමංගගේ අතටම දුන්නා. එයා පුදුම වෙලා ඇහුවා මොකද්ද කියලා.මමත් පත්මත් හිනාවෙලා කිව්වා සමින්දගේ මුද්දේ මිම්ම කියලා. උමංගට නොකිව්වත් කතාව තේරිලා හිනහවුනා.
තෝසෙ පාරක් දාලා, පත්මටත් මුව නොසෑහෙන්න ස්තුති කරලා අපි පිටත්වුනා මුදු හොයන්න.
ඉතින් මුදු හොයන ඒ වැඩෙත් හිතූ තරම් ලේසිවුනේ නැහැ.
උමංගා කිව්වා එයාට නුගේගොඩ තියෙන ප්‍රකට ස්වර්ණාභරණ සාපුවක නමක්.එහේ වටිනා රන් බඩු තියෙනවා කියල්ලා.එයාගේ අම්ම්,ලොකු අම්මල,පුංචිලා,නැන්දලා කවුරුත් කාලයක් තිස්සෙ රන් බඩු මිලට ගන්න රන් හා බැඳුනු විස්වාසනීය නාමයක් සහිත තැනක්.ඉතින් මට කට කොනකට හිනාවකුත් නැගුනා.උමංගා ගෙදරට හොරෙන් තනි මතයට ප්‍රේම කළාට පවුලෙ පරම්පරාවෙ ගැහැනු අය පිළිපැද්ද සම්ප්‍රදායනුත් අරක්ෂාකරන්න සූදානම් වග පෙනිලා.
අපි එතැනට ගියා ඉස්සෙල්ලම .හරිම ලස්සන වටිනා අලංකාර රන් ආභරණ.පිරිමි අය පලඳින විවිධ මුදු.මම අර ෆයිල් කටු කවයත් එයා අතට දුන්න .ලොකු සාප්පුවක් නිසා හොරැහින් ඒදෙස බලමින් තමයි එයා රන් මුදු තෝරන්න උත්සාහ කලේ .ඒත් එයා අන්තිමටම මට හෙමිහිට කිව්වා "මේවා හරි ගණන්;අපි වෙන තැනක් බලමු" කියලා.
එයා හෙව්වෙ රුපියල් 4000-5000 ත් අතර වගේ වටිනාකම තියෙන මුද්දක්.පවුම් වල වටිනාකම ඇරුණහම සාප්පුවෙ නමටත් ගානක් එකතුවෙලා මුදු වල මිල ඉහල යන වග මට පෙනුනා.ඒත් පවුම් රත්තරන් තේරීම ගැන නම් මට තිබුණු දැනුම අල්පයි.ඒව ඉතින් අම්මලාගේ වැඩනේ .නුගේගොඩ තව රන් බඩු සාප්පු දෙකකටම ගියත් උමංගාගේ අවශ්‍යතාවය ඉටුකරගන්න බැරිවුණා.ෆයිල් කටු කවය මගේ අතේ රැඳිල තිබුණා.
ඉතින් ප්‍රකට නම් සහිත සාප්පු ගැන තිබුන අදහස අතැරලා අන්තිමටම අපි දෙන්න සේන්දු වුනේ වැඩිය දැකුම්කලුපෙනුමක් නැති සාප්පුවකට .එකේ හිටියේ වැඩිහිටි මුස්ලිම් මනුස්සයෙක්.සාප්පුව දිහා මම වටයක් කැරකිලා බැලුවා.අනිත් සාප්පුව වල වගේ ප්‍රදර්ශනය කරන්න ගොඩක් රන් බඩු එතැන තිබුනෙ නැහැ.නාම පුවරුවෙ උගස් බඩු ගන්නවා කියලා සටහනක් තිබුනා.
උමංගා අවශ්‍යතාවය කියලා අර ෆයිල් කටු කවයත් ඔහුට පෙන්වුවා.ඒදිහා හොඳට විපරම් කරලා බලලා ඒ මනුස්සයා "එහෙනම් නෝනා මේක තම්යි හරියටම ගැලපෙන්නෙ කියලා" එයාගේ මේස ලාච්චුවෙන් ගත්ත පොඩි වෙල්වට් පෙට්ටියක තිබුණ මුද්දක් උමංගාට පෙන්නුවා.මාත් එබිලා බැලුවා.පෙනුමට නම් මිම්ම හරි .ඒත් ඇයි මේක අනිත් රන්බඩු වගේ වීදුරු අලමාරියක නොතියා මේස ලාච්චුවක තිබුණේ?මට ගැටලුවක්.මමත් ඒක අතට අරගෙන හොඳින් විපරම් කලා.එතකොටම අර මනුස්සයා කිව්ව "මේක හොඳට පොලිෂ් කරලා අලුත් පෙට්ටියක දාල දෙන්නම්" කියලා.මට මුද්දෙ පිටිපස්සෙ තියෙන කතාව තේරුම් ගියා .මම උමංගගේ මූණ දිහා බැලුවා.
"කමක් නැහැ මනෝ අපි මේක ගමු .මා අතේ සල්ලි තියෙන්නෙත් රුපියල් 4000 යිනෙ" එයා සිහින් හඬින් මට කිව්ව.ඔන්න මුද්ද පොලිෂ්වෙලා අලුත් පෙට්ටියකට වැටිලා පුන්චි කවරෙකත් දාලා උමංගගේ අතට ආවා.දැන් එයාගෙ මූණත් පොලිෂ් වුන මුද්ද වගේ කාන්තිමත්.
ආයෙත් අපි ස්ටැන්ලි තිලකරත්න මාවතේ 138 බස් එකක් ගන්න ඇවිදගෙන ගියා ලෙක්චර්ස් යන්නත් එපැයි .
මම කල්පනාවකට වැටිලා ඉන්න අතරෙ උමංගා අයෙත් කියනවා
"මනෝ මට තව උදව්වක් ඔනෙ.මේ මුද්ද ඔයා ගාව තියා ගන්න .මට ගෙදර ගෙනියන්න බැහැ.දැන් අපේ අම්ම නිතරම මගේ කාමරේ අවුස්සනවා.එයාට සැකයි.බැරිවෙලාවත් මේක අහුවුනොත් මම ඉඳල හමාරයි.එන බදාද සමින්දගේ උපන්දිනේ .එදාට ඔයා මේක අරන් එන්න" කියලා.
ඒ පොඩි කවර පොඩිත්තේ තිබුන මහා ආදරයේ සංකේතය මගේ බෝඩිමේ රට අඹලෑලි පොත් මේස ලාච්චුවේ සුරක්ෂිතව තිබිලා හරියටම හත් දවසකට පස්සෙ මම එකේ හිමිකාරිට දුන්නා ඒක එයාගෙ හිමිකාරයාට පලඳන්න.
ඉතින් මම හිතුවා ඉන්පස්සේ සමින්ද මේ උමංගගේ මහා ආදර සංකේතය හැමදාකම පලඳීවි කියලා.ඒත් එක එහෙම වුනේ හැනැනේ.
හේතුව මේකයි.මුද්දෙ මිම්මෙ වරදක් නෙවෙයි .සමින්ද රෝමානු කතෝලිකයෙක්.ඉතින් ඒ අය රන් ආභරණ පලඳින්නේ නැහැ කියලා උමංගා මට කිව්වෙ .ඔය ගැන දැන දැනත් උමංගා දුක්විඳලා තෝරගත්ත මේ ආදර සන්කේතය අදටත් මට මහා ගැටලුවක් .
ඔන්න ඔහොමයි ඉතින් ඒදෙන්නා මුදු පැලඳුවේ .

Wednesday, August 26, 2009
බත් සෙවීම

මට විදෙස් ගතවෙන්න වෙන හැමදාම මගේ යාලුවො විහිලු කරනවා හාල් කිලෝ දෙකකුයි පරිප්පු කිලෝ එකකුයිත් නොවරදවාම අරගෙන යන්න කියලා.ඒ කතාවට ඇත්තක් තියෙනවා.ගමන් බිමන් වලදි කෑම බීම ඉඳුම් හිටුම් ගැන මම පැමිණිලි කරනවා අඩුයි .ඒත් එක වේලකට හරි බත් කන්න මට ඔනෙ වග මගේ යාලුවො හොඳින්ම දන්නවා. ඒනිසා මේ බත් සෙවීම ගැන හරි රසවත් සිදුවීම් තියෙනවා.
නවදිල්ලියෙ ගිය පලවෙනි වතාවෙ මම හිටියෙ හරිම බඩගින්නෙ .දවාලට බතුයි පරිප්පු ටිකකුයි අනිවාර්යෙන් ලැබෙයි කියලා හිතුවා,ඉන්දියාවෙ බත් පරිප්පු සොයන්න අමාරු නැහැනෙ.ඔන්න දවල් කෑම ලැබුනා, මගේ ඉන්දියානු යාලුව කිව්වෙ එයා ලොකු බත් තාලි දෙකක් ඕඩර් කලා කියලා.ඇත්ත තමයි අඩියක් විතර දිග පලල ඇති කඩදාසි පෙට්ටියක් මේසෙට වැඩියා. ලොකු බත් පෙට්ටියක් කියල සතුටින් පිනා ගිහිල්ල ඇරියට මොකෝ එකෙ බත් මේස හැඳි 4 ක් විතර තිබුණා.හම් වගේ රොටි නම් දුසිමක් විතර .මම මූන අකුලගෙන බත් ටික කාලා රසම් බීලා,රසගුල්ල එකත් කාල නිකන් හිටියා .හිතට නම් හරි මදි. බඩට දැනුනෙ කැලනි ගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ.
තව සති දෙකක් මෙහෙම ජීවත් වෙන්න වෙයිද කියලා මම විස්සෝප වුනා. ඔය අතරෙ තම්යි මට රාන්චි යන්න ලැබුනේ.දුෂ්කර පලාතක්.දුප්පත් මිනිස්සු ඉන්නෙ .මම නැවතුනේ පොඩි හෝටලයක .එතැන කලමනාකරු මාව පිළි අරගෙන කෑම බීම ගැන විමසුවා. මම නවදිල්ලියේ කටුක අත්දෙකීම් නිසා එකවරම ඇහුව ප්‍රශ්නෙ දන්නවද ?
"ඔයාගෙ හෝටලයේ ලොකු තාලියක බත් ටිකක්ද දෙන්නෙ එහෙම නැත්නම් පුංචි තාලියක බත් ගොඩක් දෙනවද?"
මගේ ඉන්දියානු යාලුවන් උඩ පැන පැන තාමත් හිනහවෙනවා මේ ප්‍රශ්නෙට .කොහොම වුනත් මගේ බිය සැක ඇරලා ඒ මනුස්සයා කිව්ව බය වෙන්න එපා ඔබ මේ ඇවිත් ඉන්නෙ ඉන්දියාවෙ රයිස් බෙල්ට් එකට .අපි ඔබට හොඳින් සලකන්නම් කියලා.ඉතින් මහා දිල්ලියෙ බඩගින්නෙ වේලුන මට රාන්චියෙදි ඒ පොඩි හෝටලයෙන් තමයි හිතේ හැටියට බත් ලැබුනේ .ඒ කෑම වෙල හරි රසයි .නොවැරදීම මට පරිප්පුත් ලැබුන .අමු මිරිසුයි රතු ලූනුයි, අඹ අච්චාරුයිත් තිබුන .මම කාල ඉවරවෙන හැම වෙලාවකම කලමනාකරයා ඇවිත් කෑම ඇතිද රසද කියලා ඇහුවා,ඒ මූනිච්චාවට නෙවෙයි.අවංකවම
ආයෙමත් මට එහෙම ආදරෙන් බත් වේලකින් සංග්‍රහ කෙරුව වයසක අම්ම් කෙනෙක් මතක්වෙනවා.එයා මට හමුවුනේ බුබනෙශ්වර් වල පුන්චි ගමකදි,උත්කල් ප්‍රාන්තයේ .මම ගමේ අයත් එක්ක ඇවිදගෙන යනකොට අපි ඇගේ ගෙදරටත් ගියා ඇගේ දුව තමයි මගේ භාෂා පරිවර්තිකාව .ගෙදරට යද්දි වයසක අම්ම දවල්ට උයන්න එලවලු කපනවා දෑකැත්තක හැඩහුරුව ඇති පිහියක් පයට තදකරගෙන ගෙදර පිලේ වාඩිවෙලා, එයා ලා බන්ඩක්ක කරල් කපනවා.මම දෙපාරක් නොහිතා එකවරම ඇය ගාවින් වාඩිවෙලා ඇතිලියෙන් අමු බන්ඩක්ක කෑල්ලක් කිසිම අවසරයක් නැතුව කටේ දාගත්තා.මට දැනුනෙ හරියට මම අපේ ගෙදර කුස්සියේ ඉන්නව වගේ.අම්ම හිනාවෙලා මොනවද කිව්ව ,ඇගේ දුව මට එය පරිවර්තනය කලා.දවල් කෑමට ආරාධනාවක්.මට හරි ලැජ්ජ හිතුනා .ඒත් ඒ අම්ම පෙරැත්ත කලා.මගේ හිත ඒ වියපත් අම්මට තේරුම් යන්න ඇති . ඉතින් වැඩ ඉවර කරලා දවල් කෑමට ඇගේ ගෙදරට ගොඩවුනා.පිත්තල සෙම්බුවක් පුරවලා වතුර ලැබුනා ඒ අත සෝදන්න .ගෙයි පිටිපස්සේ පිලක් වගේ තැනක පැදුරක් එලලා කෑම භාජන තියලා.මට කෙසෙල් කොලයක් ලැබුනා පිඟාන වෙනුවට .කිරිම කිරි රස සුදු හාලක බත් එක්ක ,පරිප්පු,බැදපු මාලු ,බන්ඩක්ක ව්‍යන්ජන ,අච්චාරු,මී කිරි ,යහමින් තිබුනා.
අම්මත් දුවත් මට පෙරැත්ත කරමින් කෑම බෙදුවා.ඉතින් සීමා මායිම් නැති කෙහෙල් කොලේ බඩපුරා කන්න ලැබුන ඒ අම්මගෙ බත් වේලත් අමතක නැහැ.
පිලිපීනයට ගියහම නම් මම වැටුනෙ අලි අමාරුවක.සහල් පර්යේෂණ ආයතනයත් නුදුරෙම තිබුන මැනිලා වල් කන්න දෙන්නෙ පුංචි බත් කෝප්පයක්. හරියට යෝගට් කෝප්පෙකින් හැදුව කෝම්ම්පිට්ටුව වගේ. එයින් එකක් පෙසෝ 15ක් .මට එයින් හතරක් වත් ඔනෙ.ලොකු, පොඩි හෝටල් හැම එකේම බත් දෙන්නෙ ඒ විදියට.ඉතින් සහල් ගැන ලෝකෙටම කියල දුන්නත් බත් දන් දෙන්න සත් ජනයා නැති රටක මම දෙවෙනි බත් කෝම්පිට්ටුව කනකොට මගේ යාලුවො විහිලු කරනවා "ටොප් අප්" දානවා කියලා.
දුරු රටක ගියහම ආදරෙන් ලැබෙන හැම කෑම වේලක්ම හොඳින් මතක හිටිනවා.සාගින්නක ඉන්නකොට වුනත් ඒගැන මතක්කරලා සාගිනි නිවා ගන්න පුලුවන්.
තරු එලියේ තරුණ කඳවුර
අපි තරුන කඳවුර පැවැත්වෙන ගොවිකම් පුහුණු පාසැලට එනකොට තරුණ ලමයි හැට හැතෑවක් ලහි ලහියෙ වැඩ..පාර දෙපැත්ත බැනර් ,පෝස්ටර් වලින් සරසනවා.. පාට පාට ඩිමයි කරදාසි වල කහපාට ,කලුපාට ,රතුපාට ලැකර් තීන්තෙන් ලිව්ව ගැදි , පැදිත් ඒ අතර තිබුනා.සමහර ඒවා විශ්වසාහිත්යයෙන් කල උපුටා ගැනීම්..පුදුම සතුටක් දැනුනෙ ඒවා දැක්කහම .මාත් පිම්මෙ කොල්ලො කෙල්ලො එක්ක පෝස්ටර් අලවලා බැනර් දැම්මා.
හවස්ජාමෙ තේ බීලා අහවර වෙලා සංවිධායක කමිටුවකුත් කන්ඩායම් නායකයොත් තෝරගත්තා. ගොඩක් හිටියෙ වයස 18-22 අතර ළමයි.කියන පරක්කුවට ඔනෙ දෙයක් කරන්න එවරෙඩි. එතින් ඒගොල්ල දවස් දෙකේ වැඩසටහන සහ එකෙ න්‍යාය පත්‍රය ගැනත් අවශ්‍ය අනෙක් පහසුකම් ගැනත් කතා කලා.හැමෝම හරි උද්‍යෝගයෙන් හිටියෙ ඉදිරි දින දෙකේ රෑ යාමයේ පැවැත්වෙන වැඩ ගැන .ඒ වාදයක් සහ කෙටි චිත්ත්‍රපට ප්‍රදර්ශනයක් .ඒත් කාටත් අනියත බියක් තිබුනා විශේෂයෙන්ම කෙටි චිත්ත්‍රපටි බලන්නනම් බැරි වෙයි කියලා. මොකද ඒ පලාතට හවසට නිතරම විදුලි විසන්දි වීම් වෙනවා කියලා ගොවිකම් පුහුනු පාසලේ පාලක වරයා අපිට කල්තියාම අනතුරු ඇඟවීමක් දීල තිබුන නිසා .ඒත් හැට හැත්තෑවකට ඉන්න පහසුකම් තියෙන වෙන තැනක් නැති නිසා සංවිධායකයන්ට ඒ තැන තෝරගන්න වුනා.
හවස විවේකයක් ලැබුනහම මම ගොවිකම් පාසලේ අවට පොඩි රවුමක් දැම්මා. ඒක් හතලිස් ගනන් වල ලන්කාවෙ ගොවිකම් ප්‍රබෝධයත් එක්ක රජයෙන් ඉදි කරපු තැනක්. ඒත් මට හොඳටම හිනා ගියා "රජයේ පිරිමි ගොවිකම් පුහුනු පාසැල කියලා " එවකට සිටි ගොවිකම් ඇමතිගේ අතින් නිරාවරණය වුන සමරු ඵලකය දැක්කහම . ඒ කියන්න ගොවිතැන ඉගෙනගන්න ඒකාලෙ මෙතනට ආවෙ පිරිමි ළමයි විතරද කියලා හිත හිත මම ගියා පොදු වැසිකිලි සහ නාන කාමර දිහාවට . සංචාරෙදි ඔනෙම නවාතැනක මම පලමුවෙන්ම බලන්නෙ ඔය කරුනු දෙක . ඇත්ත තමයි වැසිකිලි සහ නාන පහසුකම් සකස් කරල තිබුනෙ ගොඩක් දුරට පිරිමි ලමයින්ට ගැලපෙන්න ..වතුර ටැංකි සහ විවුර්ත ස්නානය කර තැන් තිබුනෙ .එවා හරියට නාන කාමර හා වැසිකිලි සංකීර්ණ වගේ .කොහොමවුනත් අපි තීරණය කරා මේ පොදු පහසුකම් ගෑනු ළමයින්ටත් පිරිමි ලමයින්ටත් වෙන් කරලා දෙන්න . ඒවගේම රෑට ලයිට් ගියොත් පරිහරනය කරන්න පැට්‍රොමැක්ස් ලාම්පුත් ,ලොකු ඉටිපන්දමුත් සූදානම් කරගන්න සංවිධයක කමිටුවෙ ළමයි යුහුසුලු වුනා.
මට නවතින්න වෙන්කල තිබුන කාමරයේ යතුර අරගෙන ආව සංවිධායක කමිටු සාමාජිකාවක් වුනු අනුලා ඉතාම බැගෑපත් ස්වරයෙන් කිව්ව මෙතැන නවතින්න තියෙන සැප පහසුකම් අඩුයි කියලා.කැමතිනම් ඒලඟ තියෙන සුව පහසු නවාතැන්පොලක් මා වෙනුවෙන් ලැහැස්ති පුලුවන් කියලා .මම එකහෙලාම කිව්වා ඒකට කමක් නැහැ මේ පරිසරයට මම ආසයි කියලා.ලොකු ආදර්ශ වගා බිම් , ගස් කොලන් සහිත සුව දායක පරිසරයත්, උදේට ,දවල්ට,රෑට ලැබෙන කිරි රස හාලෙ බතුයි එලවලුයි එක්ක දෙන ගමේ කෑමත් ,ඔක්කොටම වැඩිය කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ ලෙන්ගතු හිනා හඬවලුත් දාල යන්න බැරි ගතියක් මට තිබුනා.
කෙලි කවට සිනහ ,උනුසුම් වාද ,අලුත් දැනුමෙන් පිරුණු තරුණ සිත් එක්ක වැඩ කරන එක සතුටක්. ඔන්න කවුරුත් පුල පුලා බලාසිටි දෙවැනි දවසේ කෙටි චිත්ත්‍රපට රාත්ත්‍රිය එලඹුනා.ඒත් ඉතින් කාගේත් බලාපොරොත්තු සුන් කරලා ලයිට් ගියා හවස 5 වෙද්දි. වැඩියෙන්ම ඒගැන දුක් වුනේ සංවිධායක කමිටුවෙ අරුන සහ අනුලා ,මේ අදහස ඒ දෙන්නගේ.ෆිල්ම්ස් හොයාගන්න දෙන්නම ගොඩක් මහන්සි වුන වග මම දන්න්ව . අපිට විදුලි ජනක යන්ත්‍රයක් සොයගන්නවත් විදියක් තිබුනෙ නැහැ.කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මූනු මැලවිලා.
ඔය අතරේ මමත් මගේ අනිත් සගය වුනු රවිත් කතාකරා විකල්ප විසඳුමක් කොල්ලො කෙල්ලො සතුටු කරන්න . අපි කඳවුරු භූමියෙන් කාටත් හොර ටිකකට අතුරුදහන් වෙලා ලඟම තියෙන ටවුමට ගියා. භූමිතෙල් බෝතල් දෙකක් , ගිනි පෙට්ටි, හපන්න බැදපු රටකජු පොදියකුත් අරගෙන ආයෙ අපි ආවා තරුණ කඳවුරට
අපේ වාහනේ නවත්වලා මම ගිහිල්ල සංවිධායක කමිටුවට කිව්ව ඔක්කොම ලමයි රැස්කරන්න මිදුලෙ ලොකු අඹගහ ගාවට . ඔක්කොම කොල්ලො කෙල්ලො එකතු වුනහම අපි දෙන්න වාහනේ වහල උඩට නැගගෙන විරිදුවක තාලෙ දාල නිවේදනයක් කලා ,මොකක්ද දන්නවද එදා රාත්‍රී 9 ට පැවැත්වෙන ගිනිමැල සංගීත රාත්‍රිය ගැන.
දැන් මැලවුනු මූනු වලට නව පන ඇවිත්.කඩියො වගේ එහෙ මෙහෙ දුවනවා දර පොල්කොල හොයන්න ගිනි මැලේට .හොහෙන්දෝ සොයාගෙන ආව පැදුරුත් අඹගහ යට අතුරල තිබුනා. විලක්කු පන්දම් කීපෙකුත් වටේට ගහල.
හරියට රෑ 9 ට අපේ වැඩේ පටන්ගත්ත.අනුලත් ,අරුණත් සිනහ මුසු මුහුනින් ගිනි මැලය පත්තු කරා.කොල්ලො කෙල්ලො අත්පොලසන් දුන්න.ගොවිකම් පාසලේ වයසක මුරකරු සිය කැමැත්තෙන්ම අපේ ගිනි මැලයට ආවතේව කරන්න පටන්ගත්තා.ඔන්න සින්දු නැගලා යනවා.ශාන්ත මේ රෑ යාමෙන් පටන් අරන් , සෝබාව දේ ඇතුලු ප්‍රකට නාට්‍ය ගීතත්, ක්ලැරන්ස් ගෙ සින්දුත්, ජෝතිගේ අමරනීය ගීත් ,ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ වැල් බයිලත් ඒ අතර තිබුනා, හාස්‍ය උපදවන කෙටි නාටකයකුත් එවෙලෙ ර්ඟ ඩැක්වුව.කොල්ලො කෙල්ලො දෙපිලකට බෙදිල තරඟෙට ගී ගයන්න පටන් අරගෙන තිබුන ඒවෙනකොට.
මම අහස දිහා බැලුවා,තරු විසිරුනු නිල් අහසේ පොඩි හඳ පලුවක් තිබුනේ.තරු ආලෝක දහරා ඈත කඳු වැටියට පතිතවෙලා,පන්දම් සහ ගිනි මැල එලිය ඇරුනහම අවට කරුවලයි .හීන් හීතල හුලඟක් විතරක් හැමුවා.
රෑ 11 වෙලත් ගී ගැයීම් නතරවුනේ නැහැ. අන්තිමට කාටත්හ් පහුවෙනිදට වැඩ අවසන් කරල ගෙදර යන්න තියෙන නිසා රවිටයි මටයි අකමැත්තෙන් වුනත් සිද්දවුනා වතුර බාල්දියක් දාලා ගිනි මැලය නිවලා සන්දර්ශනය හමාර කරන්න
කොයිතරම් පහසුකම් සහිත ලස්සන් තැන් වල නැවතුනත් තරු එලියෙ ගිනි මැල වටේ අඹගහ යට සින්දු කිව්ව ඒ රාත්‍රියනම් මට අමතක වෙන්නෙ නැහැ.

Subscribe to:
Comments (Atom)