නුහුරු ඉසව් වල සංචාරය කරනකොට මග තොට් ගමන් විස්තර ,පාරවල් දැනගන්න ඉතින් අතරමග ඉන්න ගම්වැසි ,නගර වැසි කාගෙන් හරි පිහිට පතන්න වෙනව නේ.
ඔන්න එක දවසක් කුරුණෑගල ගිහින් බිංගිරිය ඉසව්වෙදි අපිට දැනගන්න ඕනෙ වුනා ඒ පලාතේ තියෙන පොල් කර්මාන්ත සාලාවකට යන පාර .මගේ රියදුරු තැන ආරියදාස වාහනේ කඩමන්ඩියක නතරකරල එතැන හිටිය වයසක උන්දැකෙනෙක්ගෙන් බොහොම ගරු සරුව ඇහුවා
"මාමේ අර පොල් ෆැක්ටේරියට යන පාර කියනවද" කියලාවයසක උන්දැ දුන්න අපූරු උත්තරයක් .
"මහත්තයෝ හරි ලේසියි හොයාගන්න ඒ ඉසව්ව . ඔහොම කෙලින් පාරෙ යන්න.සැකයක් හිතුනොත් නවත්තලා කාගෙන් හරි අහන්න " කියලා උන්දැ කියපි . මට මැරෙන්න හිනා. "මේ මාමට ඔලුව හොඳ නැහැ වගේ , ඇයි දෙය්යනේ මට දැනටමත් සැක නිසානෙ පාර අහුවෙ" කියල වාහනේ සැර දාල එලවනගමන් මගෙ ඩැයිවර් උන්නැහේ කියපි .
තවත් දවසක් අපේ ලඟ හිතවතෙක්ගෙ අවමගුලකට සහභාගිවෙන්න බලපිටිය ප්රදේශයට යන්න වුනා අපිට . දැනගත්තු මග ඉසව් අනුව ගියත් අපිට මළගෙදරට යන පාර සොයාගන්න අපහසුවෙලා ගාලු පාරෙ ඉන්න අතරෙ ඒ ගම් පලාතෙ වගේ පෙනෙන මැදිවියේ පිරිමි දෙන්නෙක් ඩබල් දාල සයිකලේක ඇවිත් අපේ වාහනේගාව නතර කරලා සිය කැමැහ්තෙන්ම උදව් කරන්න වගේ "ඇයි මහත්තය මොකෝ අවුල " කියල රියදුරු තැනගෙන් අහපි .
"අයියේ අර සුනිල් මහත්තයගේ මළගෙදරට යන පාර කොහෙද?" කියලා ආරි ඇහුවා.
ඔන්න එක්කෙනෙක් කියනවා "අනේ රත්තරන් මහත්තයා අකාලෙ මළේ , මහත්තයල ඔහොම යන්න , ටිකක් දුර යනකොට නුග ගහක් හම්බවේවි . ඒක පහු කරල තව ටික දුරක් යනකොට අපේ ගෙදර . අපේ ගෙදර ගාවින් හැරෙන්න මහත්තයා. වරදින්නෙ නැහැ"
"මම කොහොමද ඒකගෙ ගෙදර දන්නෙ" කියල ඔරවගෙන මගෙ රියදුරා බැණ බැණ වාහනේ පනගැන්වුවා . මට නම් හරි හිනා
ඔන්න ගමන් බිමන් ගියහම අපිට වෙන ඇබැද්දි :)
Saturday, June 19, 2010
යාල්
අපි ලෝකෙ කොහේ කරක් ගැහුවත් අපේ ප්රාදේශිය මානසිකත්වයට හරි කැමතිය් නෙ .ඉතින් මේක හොඳ වෙලඳපොල උපක්රමයක් විදියට පාවිචිවෙනව නිතරම .එකනේ මාතර බත් කඩයක් හඳෙත් තිබුන කියල කියන්නෙ නීල් ආම්ස්ට්රොන් උන්නැහේ හඳ තරණය කොරපු දවස්වල .
මේ කියන්න යන්නෙ මාතර බත් කඩ ගැන නෙවේ , යාපනේ බත් කඩයක් ගැන .අපේ ද්රවිඩ මිතුරන් යාල් පානම් කියල බොහොම ගර්වයෙන් කියන්නෙ යාපනේ අර්ධද්වීපයට නෙව . යාපනේ ගිය දුම් රිය හැඳින්වුවේ යාල් දේවි කියල .යාපනේට උරුම වුන මේ ප්රදෙශිය සන්ස්කෘතිය මුල් කරගෙන යාපනේ කෑම බීම රහ බලන්න , කොලොම්පුරේ තියෙනව තැනක් . ඒ යාල් රෙස්ටුරන්ට් එක . යාල් තියෙන්නෙ වැල්ලවත්තේ මැරයින් ඩ්රයිව් එකේ , වැල්ලවත්ත දුම් රිය පොල පෙනෙන නොපෙනෙන දුරින් .
යාල් පටන් අරන් තාම හය මාසෙකට වැඩිය නැහැ .ඒ වුනාට ගනුදෙනුකරුවො බොහොමය් .යාල් ද්රවිඩ හිතවතුන් විතරක් නෙවේ සින්හල අපිත් , විදේශිකයොත් නිතර යන එන තැනක් වෙලා.
මමත් යාල් අවන්හලට නිතර යන එන කෙනෙක් . මගේ කාර්යාලයට හා නවාතැනට ආසන්නයේ පිහිට තියෙන නිසාත් ,වැඩි විච්චූරණ නැතිවුනාට බොහොම නිස්කාන්සුවෙ පිරිසිඳුව කෑම කන්න පුලුවන් වට පිටාව , සහ රසවත් කෑම් බීම නිසා මම මෙතැනට හරි මනාපයි.ඒ නිසා කාර්යාල පරිසරයෙන් මිදිල නිදහසේ යාලුවො මුනගැහෙන්නත් මම එන්නෙ මෙතැනට.
යාල් අවන්හලේ දවල් සහ රාත්රි ආහාර ලබාගන්න පුලුවන් .Take Away පහසුකමත් තියෙනව . කවුරුත් දන්නවනේ දවල්ට කොහොමහරි බත් කන සිරිතක් මගේ තියෙනව කියල . ඒකට යාල් නියම තැන . කෙසෙල් කොලයක් එලුව තාලියක , උනු උනු බත් පිරෙව්ව පොඩි බාජනයකුත් , රහ විතරක් නෙවෙ ගුණත් තියෙන ( කරවිල වරදින්නේ නැහැ ) එළවලු හතර පස් ජාතියක් සහිත හුරු බුහුටි බඳුන් කීපයකුත් , රසම් සහ අතුරු පසට පායාස (සව්) , අවල් (හබලපෙති ) , පොන්ගල් වගේ දේකුත් වරදින්නේ නැහැ. තමන්ට මනාප විදියට මස් , මාලු ඉල්ලගන්න පුලුවන් . හරක් මස් නම් නැහැ. ඒත් රස මාලු කරි , ඉස්සො , දැල්ලො , කුකුල් මස් , එලුමස් තියෙනවා.ඔනේ නම් එවෙලෙම හදපු පලතුරු බීමත් බොන්න පුලුවන් .මම නම් තව රසම් කෝප්පයක් ඉල්ලන් බොන්නත් අමතර අතුරුපස බාජනයක් ඉල්ලන්නත් අමතක කරන්නේ නැහැ. හබලපෙති හරි රහයි .හකුරු එහෙම දාල තමයි හදන්නෙ.
යාල් අවන්හලේ රෑ කෑම කන්න ගියොත් නා නා ප්රකාර යාපනේට ආවේණික කෑම කන්න පුලුවන්. ඒ අතරින් ඉඳිආප්පම් බිරියානි , කොත්තු විශේෂයි . මේව චිකන් , මාලු එලවලු රස වලින් ගන්න පුලුවන් . ඒ වගේම රතු හාල් පිටි , පාන් පිටි , අටා පිටි , කුරක්කන් පිටි වලින් හදපු පිට්ටුත් මගේ ප්රියතම රෑ කෑම වලට අයිතියි. මේව කන්නත් හරි රස කරි විශේෂයක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ කුරුමා කියල . චිකන් , මාලු , එලුමස් , එලවලු කුරුමා රස බලන්න පුලුවනි . කියන්න අමතක වුනා නෙව . බොහොම රස යාපනෙ විදියට උයාපු කකුලුවොත් තියෙනවා. මම නම් වැඩි මනාප නැහැ. කොලෙස්ටරොල් යහමින් තියෙන කෑම නෙව .
යාල් අවන්හල මගේ හිතගත්ත තවත් හේතුවක් තමය් මේ දවවල මගේ ඩයට් කිරිල්ලට ගැලපෙන තැනක් නිසා . නැත්නම් තෙල් ගොඩකරල උයපු චීන මකරු ෆ්රයිඩ් රයිස් ගිලලා මම ලෙඩ වෙනවා සිකුරුයි . යාල් කෑම වල තෙල් ගතිය හරි අවමයි .ඒ වගේම දෙන බත්කෝප්පෙ හරි ගානට බඩ පිරෙන්න .අඩුත් නෑ වැඩිත් නෑ. .කෑම කන්න මගේ නවතැනේ හරි කාර්යාලෙ ඉඳල හරි ඇවිදගෙන එන දුර නිසා මට ව්යායාමත් ලැබෙනවා.පසුම්බියටත් පහසුයි.
ඔන්න ඔහොමයි කොලොම්පුරේ තියේන යාපනේ බත් කඩේ කතාව .

Sunday, May 16, 2010
වීදි සැරිය සහ සුරා පානය

නේපාලයේ නේවාසික පුහුණුවකට ගතකල මාසෙකට වැඩි කාලය ගැන දුලික් හිල් දවස් ලිපියේ ලියවුනා මතක ඇතිනෙ .ඔන්න ඉතින් උදේ හයේ ඉඳන් රෑ දහය වෙනකන් දවස් හයක් එක දිගට අධ්යන වැඩ වල යෙදෙන අපට හත්වෙනි දවස නිවාඩු .ඉබ්බ දියේ දැම්ම වගේ එදාට . මොකද කිලෝමීටර විස්සක් විතර දුරින් තියෙන කත්මන්ඩු නුවර සිරි නරඹන්න ,ෂොපින් කරන්න ,නිදහසේ පිස්සු නටන්න ලැබෙන්නෙ එදාටනෙ.
ඔන්න ඒ අපේ නේපාලයේ පලවෙනි නිවාඩු දවස.කට්ට්ටියම උදෙන්ම කත්මන්ඩු වලට බස් එකකින් ඇරලුවා නුවර සිරි බලන්න .කාටත් දවල්ට කන්න ,තේ බොන්න නේපාල් රුපියල් පන්සීයකුත් ලැබුණ , අපි එක්ක හිටිය අපේ නේපාල යාලුවො තමය් දැන් අපේ කත්මන්ඩු ගයිඩ්ස්ලා.
වැඩි දෙනෙක් මෙහෙම පිටරට සවාරි වලදි ශොපින් යන්නමනෙ කල්පනාව .ඒවුනාට අපි කීපදෙනෙක් හිටියා එකම විදියෙ පිස්සු තියෙන . අපිට ඕනෙ වුනේ කත්මන්ඩු වල බක්තාපුර් ,බවුද්ධනාත් ,පාතන්,බසන්තපුර් වගේ තැන් වලට ගිහින් පැරණි සිරිවිසිතුරු බලන්න ,හිතේ හැටියට ඡායා රූප ගන්න , නේපාල කෑම බීම් වල රහ බලන්න ,රස්තියාදු ගහමින් වීදි වල , අවන්හල් වල සැරිසරමින් ජන ජීවිතය දකින්න වගේ පිස්සු වැඩ. ඉතින් අපේ නේපාල් ගයිඩ් වුන අපේ මිතුරිය මෝනාත් මේවට සැදී පැහැදිලා හිටි නිසා අපි ඔක්කොම ජාඩියට මූඩිය වගේ පැහුනා.
ඔන්න එදා කත්මඩු වලදි බස් එකෙන් බැස්ස විතරය් අපි කට්ටියම අපේ ගයිඩ් මිතුරියට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලා. අපි අතර හිටි වැඩිදෙනෙක් හොඳ සැරට මිරිස් ,එහෙම දාලා කෑම කන උදවිය.නමුත් දුලික් හිල් නවාතැනේ නේපාල් කෑම වල මිරිස් රහක් ,කුලුබඩු රහක් නැති තරම .ඉතින් කටට රහ කෑමක් කන්න අපිට තිබුණෙ පුදුම දොල දුකක්.මෙන්න කිව්ව සැනින් අපේ ගයිඩ් මෝනා අපි එක්ක ගෙන ගියා එහෙම කෑම හදන තැනකට .
හ්ම් , මේ හෝටලේට ඇතුල්වීම කුස්සියෙ දොරෙන් , අපි යනකොටත් ගනු දෙනු කාරයො කිපදෙනෙක් වගේ වගක් නැතුව මිටි බංකු වල වාඩිවෙලා හාය් හූය් ගාලා කෑම කනවා .දුම් දාන බූමිතෙල් ලිප් වල කෑම ඉදෙනවා. එතනම ලස්සන නේපාල් යුවතියක් බිත්තර වලින් මොනවදෝ ආප්ප වගයක් උයනවා . එතනම ලොකු ඇතිලි දෙකක කඩල කරියකුයි අල හොදි කරියකුයි උනු උනුවෙ දුම් දානවා , ආහ්.... මගේ කටට කෙල ඉනුව තරම .ලන්කාවෙන් ආවට පස්සේ මෙව දකින එකත් සතුටක් .
තරමක් වයසක් උන්දැකෙනෙකුයි එයගෙ පුතා වගෙ පෙනුම තියෙන ගැටයෙකුය් තමය් මෙතන ගනු දෙනු කාරයන්ට සේවාව දෙන්නෙ . පහල කුස්සිය පෙදෙස හවුස් ෆුල් .ඒනිස අපිට එතන තිබුණ පටු තරප්පුව නැගල වහල උඩට යන්න කියල වයසක් උන්දැ කිව්ව කිව්ව .
හ්ම් පොඩි රූෆ් ටොප් එකක් වගේ .මෝනත් ,මමත් එකතුවෙලා අහල පහල තිබුණ කලු පාට ගැහුන බංකු ටික එකතු කරලා හය දෙනෙකුට වාඩිවෙන්න පුලුවන් විදියට ආසන පැනෙව්ව . තරුණ ගැටය ඇවිත් අපේ ඕඩර් එක ගත්තා.නේපාල් කෑම ගැන අපේ දැනුම අල්ප නිසා ඒ ගැන වගබලාගත්තේ මෝනා.අපිට ඕන වුනේ මිරිස් රහට කන්න විතරයි.
ඔන්න අපේ කෑම ආවා. බෙලෙක් පිඟන් වල උණු උණු අල ,කඩල කරි , තව මොකද්දෝ බැදුමක් , අර බිත්තර ආප්ප වගේ ජාතිය සහ අලුමිනියම් ජොග්ගු හයක් ."මේ තරම් වතුර මොකටද අපි හය දෙනෙකුට , කඩේ ගැටය හිතුවද දන්නෙ නෑ අපි මිරිස් කන්න පුරුදුවෙන එවුන් කියල , "මට එකපාරට කියවුනා.
"නැහැ මේ තමය් "චැන්ග්" හාල් වලින් පෙරන ලෝකල් බියර් ,මේ අය සිරිතක් හැටියට මෙතන කන බොන අයට "චැන්ග්" වලින් සන්ග්රහ කරනව"මෝනා මාව නිවැරදි කලා
හ්ම් කවුද දන්නෙ , දැන් එහෙනම් අපි නේපාල් බියර් බොන්න යන්නෙ ,හුහ් සෙල්ලන්ද කොල්ලෝ. ඔන්න ඉතින මම අර බිත්තර වලින් හදපු කෑම කඩල කරි එක්ක හායි හූය් ගාල ගිලලා 'චැන්ග්" බොන්න හදන්නෙ . ලෝකල් වුනත් බියර්නෙ . ඉතින් සිරිතට බොන්න ඕනනේ.එහෙම හිතලා මම අර බැදුම ලඟට ගත්ත බයිට් එකට . කෝකටත් මම මෝනගෙන් ඇහුව මේ මොනවද කියල . මේ "බෆ් ඩෙවල් " එයා කිව්ව .මම සැක හැරගන්න "බීෆ් නේ" කියල අහුව ."නැහැ මේ බෆ්, බෆලෝ මීට්" කියල එයා කියපි .කිරි අප්පට බල්ලො පැනපි .මී හරක් මස් ඩෙවල් එකක් , කවද කාපු කේක්ද .ඒ මීහරක් මස් ඩෙවල් එක පැත්තක තියල මම "චැන්ග්" බොන්න පටන් ගත්තා. පැහුන රා බොනව වගේ . උගුරු දෙකතුනක් බීල කවුරුත් කට කාරනවා .
"මොකද තවම සූර් නැත්තෙ මම දැන් වීදුරු දෙකක්ම ගැහුව කියල" මම කියද්දි අපේ අයට හිනා.කොහොම වුනත් ජොග්ගු දෙකකට වඩා අපිට හිස් කරන්න බැරිවුණා.
ඉතිරිවට මොකද කරන්නෙ ..සුම්ෂොට් අහනවා ."දුලික් හිල් ගෙනියමු ආයෙ බොන්න ,ඒත් කොහොමද ගෙනියන්නෙ" ,එලිනා කියනවා . ඔන්න එතකොට මට ආව අයිඩියා එකක්."අපි ගාව තියෙන වතුර බෝතල් හිස් කරලා මේව පුරවගනිමු " කවුරුත් වැඩේට එක පයින් කැමතිවුනා.ඔන්න අපේ වතුර බෝතල් හිස් වෙල "චැන්ග්" ඒවට පිරවුන , කඩේ ගැටය ඉතිරි බෆ් ඩෙවල් ෆොයිල් කඩදාසියක ඔතල දුන්න .
හවස දුලික් හිල් නවාතැනට ගිය අපි රෑ කෑමට අවන් හලට එකතුවුනා , "චැන්ග්" පිරවූ බෝතල් හතරකුයි ,ඉතිරි බෆ් ඩෙවල් එක එක්ක . අපිට සෙට් වෙන්න ඕනෙ නිස කලින්න කට්ටියම බාර් කවුන්ටරේ ගාව ගිනි උඳුන වටේ තියෙන සුව පහසු සෝෆා සෙටිය ආක්ක්රමණය කලා.වෙනද මෙතන ඉන්නෙ මදුවිත තොලගාන විදේශිකයො.අවන්හල් සේවකයොත් අපේ මේ අලුත් නාඩගම මොකද්ද කියල කුහුලෙන් බලනවා .ඔය අතරේ මෝනා බාර් එකෙන් වීදුරුත් ගෙනාව .දැන් කට්ටියම අනික් ඔක්කොම යාලුවොත් එක්ක 'චියර්ස්" කියල "චැන්ග්"බොනවා. වැඩේ නැගල යනවා .
ඔය අතර දුලික් හිල් නවාතැන බාරව ඉන්න ප්රේම් මහත්තයත් එතැනට ආවා ,අපි කෙල්ලො ඔක්කොම "ප්රේම් දායි we love you " කියල එයාටත් "චැන්ග්" වීදුරුවක් පෙව්වා.කොහොමද වැඩේ .
ඊට දවස් දෙකකට පස්සේ මරු වැඩක් වුනා . රාත්ත්රි චිත්රපටි සන්දර්ශනය වෙලාවෙ බුරුම ජාතික මිතුරිය ස්වේ සුදුපාට ලීටර දෙකක විතර ගැලුමක මොනවදෝ පුරවගෙන හිනාවෙවී උස්සන් එනවා .ඒ පිටිපස්සෙන් අපේ නේපාල් මිතුරියන් වන අනීශා සහ ප්රාචි දෙන්න ප්ලස්ටික් කෝප්ප ගොඩක් එක්ක තව බාජනයක් උස්සන් එනවා.බැලීනම් දුලික් හිල් නවාතැනේ ප්රේම් මහත්තය එයාගෙ ගානේ අපි හැමෝටම ආයෙ චැන්ග් සංග්රහයක් ලෑස්ති කරල බෆ් ඩෙවල් එක්ක .ඉතින් බිව් නොබිව් කවුරුත් එදා ආයෙත් මදි නොකියන්න ගැහුවා .ඒත් අපි කාටවත් සූර් වුනේ නැහැ නෙ.
ආහ් කියන්න අමත්කවුනනෙ. අර අපි කැම කාල චැන්ග් බිව්ව පොඩි හෝටලය තියෙන්නෙ පාතන් දර්බාර් වල . මම කිව්ව හරි මේක පවුලෙ බිස්නස් එකක් .අම්මය් ,පුතයි, ලේලියි මේ බිස්නස් එක කරන්නෙ .මෝන මේ ජොයින්ට් එක දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලු .මොකද එයා ඉස්කෝලෙ කට් කරල මෙතනට එනවලු නෙ චැන්ග් බොන්න . කඩේ අය එයා හොඳට දන්න වග අපිට පෙනුන .මෙතැන කැම බීම ගැන ඩිස්කවරි නාලිකාවෙත් වැඩසටහනක් ගිය කියල මෝනා කිව්ව . ප්රසිද්ද ජොයින්ට් එකක් බලාගෙන යනකොට .

Tuesday, April 13, 2010
දුලික් හිල් දවස් හෙවත් Living in the present time

හිස සිට දෙපතුල දක්වා පොරවගත්ත කම්බිලි පොරෝණාවෙන් මිදෙන්න හිත ඉඩදෙන්නෙ නෑ.හිම නොවැටුනාට පුදුම හීතලක් තියෙන්නෙ.ඈත කඳුකර ගම්මාන වල ඉඳලා නගරයට එන බස් රථ වල නලාසද්දෙ කියන්නෙ දැන් එලිවෙලා කියලා.වෙලාව උදේ හයයි.පිටත ආලින්දයට තියෙන කවුලුව විවර කලොත් මීදුමෙන් වැසුන කඳු මිටියාවත් සහ ලා හිරු රැස් සිඹගන්නා අන්නාපුර්ණා කඳුවැටිය දැකගන්න පුලුවන් .එත් කවුලුව විවර කරන්නෙ කොහොමද ?හීතල රාස්සයෙක් වගේ කඩාපනිනවා.
කම්මැලිකමට ගුලිවෙලා ඉන්නබැහැ.යෝග ව්යායාම වලට යන්න වෙලාව හරි.මුල් දවස්වල හීතලේ ගැහි ගැහී යෝගපන්තියට ගියේ අපේ යෝගා ගුරුට හිතින් සාප කරකර.ඒත් ටිකදවසක් යනකොට නොගිහින් බැරිවුනා.මෘදු සංගීතයට හිත එකඟ කරගනිමින් ඇරඹෙන යෝග ආසන නිසා අපේ ගුඩු වෙලා තිබුණ කම්මැලි ශරීර කූඩු නම්යශීලී වුනේ අපිටත් නොදැනිම.
අපේ දවස පටන්ගන්නෙ ඔහොම . පැයක් යෝග කරලා ඉවරවෙනකොට හොඳටම බඩගිණියි .කවුරුත් කඳු මුදුනෙ තියෙන අවන්හලට යන්නෙ උදේකෑමට. උණු උණු නැවුම් එළකිරි, දුඹුරු පාන්,පළතුරු කෑම රුචිය වැඩිකරනවා. අපි නැවතිලා ඉන්න දුලික් හිල් නවාතැන තියෙන්න හිමාල මිටියාවතේ කඳු බෑවුමක. ගහකොල මල් වලින් පිරුන හරි ලස්සන තැනක්.දුලික් හිල් නිකේතනය මැදින් පහල මිටියාවතේ කඳුකර ගම්මානයට යන පාරක් වැටිය තියෙනවා.මේ පාර දිගේ සීතල නොතකා නගරයට යන කම්කරුවන් ධාන්ය මලු ,කිරි බාල්දි , එලවලු කූඩ හිස තියාගෙන යන ගැහැනුන් , මිනිසුන් දැකගන්න පුලුවන් . පාසල් බස් රිය එනකන් මග බලාගෙන ඉන්න පොඩිත්තො පිරිසත් සුලබ දසුනක් . මේ අය පහල ගමේ ඉන්න "තාමන්ග්" කුලයට අයත් ගම් වැසියො . මේ ගැහැනුන් , මිනිසුන් හා දරුවන් ගේ මුහුණු බැලුවම පෙනෙනව ජීවිතේ ගැටගහගන්න ඔවුන් ලොකු සටනක් කරන බව .

දැන් ඉතින් කවුරුත් කාල ,නාල , ඇඳ පැලඳගෙන හරියටම නමය වෙනකොට දේශන සාලාවට එනවා. ඒක නීතියක් නොවුනත් හරියටම අකුරට අපි පිළිපැද්ද දෙයක්. මේ දේශන සාලාව හොඳට වාතාශ්රය ලැබෙන,ඉඩ පහසුකම් සහිත තැනක්.අපි හැමෝම අසුන්ගන්නෙ බිම . ඒකට ඇති තරම් කුශන් මෙට්ට තිබුණ. බිමට කාපට් අතුරල තියෙනවා .කවුරුත් සීතල පලවාහරින්න තට්ටු තුන හතරක් ඇඳුම් අඳලයි ඉන්නෙ . දුම් දමන උණුවතුර බොය්ලේරුවත් , දෙහි යුශ ,සීනි,මී පැණි පානයත් සීතල නිසා එන පොඩි පොඩි ලෙඩ පලවා හරිනවා.මේ සාලාව කෙලවර තණපිටියෙ කහපාට මල් පිපුන මෙරිගෝල්ඩ් මල් පඳුරු සහ සීත මැදින් එන හිරු රැස් උදෑසන නෙතට සොඳුරු දසුන් මවනවා. ඉගෙනගන්න ,දැනුම සොයන්න හොඳ වට පිටාවක් .මට දැනෙන්නෙ පැරණි ඉන්දියාවෙ ගුරු කුලයක ඉන්නව වගේ හැඟීමක් .
දකුණු ආසියාවේ සියලුම රටවල් සහ නැගෙනහිර ආසියාවේ බුරුමය නියෝජනය කරමින් පැමිනි තරුණ කාන්තාවන් මේ දේසන සාලාවෙ අසුන් අරන් ඉන්නේ. මේ අය අතර විශ්ව විද්යාල ආචාර්ය වරියන් ,නීතිවේදිනියන්, ජනමාධ්යවේදිනියන්, රජයේ ආයතන වල විධායක නිලධාරිනියන් වගේම ඈත ගම වල මිනිසුන් සමග ඔවුන්ගේ යහපත වෙනුවෙන් උරෙනුර ගැටී හරි හරියට වැඩකරන කාන්තාවනුත් සිටියා.ඔවුන් දකුණු ආසියාවේ විවිධ ජාතීන් , ආගම් ,කුල නියෝජනය කලා.අපි තුල තිබුණ විවිධත්වය හරියට නොයෙක් පාටින් හැඩවුන සුවඳින් අනූන ලස්සන මල් කලඹකට සමානයි.අපේ කාලය වෙන්වුනේ ආසියාවේ කාලීන ආර්ථිකය , දේශපාලනය , සංවර්ධනය , ආගම් , ජන සමාජය ගැන විමර්ශනාත්මකව ඉගෙන ගන්න .බොහොම උණුසුම වාද විවාද ,අලුත් අදහස් වලින් පිරුණ දේශන සාලාවක්. අපිට උගන්වන්න ඇවිල්ල හිටියේත් ලෝප්රකට දකුණු ආසියාණු සම්භවයක් සහිත ආචාර්යවරියන් . මේ උණුසුම් වාද විවාද මුලු ආසියාව පුරා පැතිරිල හිටිය අපි අතර වෙනස්කම් ඉක්මවා ගිය සහෝදරත්වයක් ඇතිකලා. මේ හැම කාන්තාවක්ම විශේෂ කෙනෙක්. ඒ ඔවුන් ඉහල වෘත්තීන් වල නිරතවෙලා ඉන්න නිසා නෙවෙයි . මේ හැමකෙනෙක්ම ඒ තත්වෙට එන්න ලොකු සටනක් කරලා තිබුණා.දුප්පත් කම ,කුල පීඩනය,පටු සමාජ ආකල්ප වගේම ,ධනවත් ,කුලවත් පවුල් පෙලැන්ති වල යල් පැන ගිය මත වලට පයින්ගසා ඉදිරියට ආව ගමන ගැන ඒ හැම කෙනෙක්ටම වෙන්වුන කතාවක් තිබුණා.
අපි හැමෝටම ඉගෙනීම විනෝදජනක දෙයක් වුනා. බොහොම හර බර සාකච්ඡා අතර දකුණු ආසියාවට ආවේණික ජන නැටුම් ,ගායනා එහෙමත් අපි රඟ දැක්වුවා. තේ විවේකයේ කවුරුත් අසල තියෙන තණපිටියට දුවයන්නෙ අව්ව තපින්න. පැය දෙකක දවල් කෑම විවේකයේ රෙදි හෝදගන්න , ඔනෙ නම් නිදාගන්න , එහෙම නැත්නම් පොතක් පතක් කියවගන්න පුලුවනි .
හවස් වීගෙන එනකොට අන්නාපූර්ණා වැටිය සිඹින මලානික හිරු රැස් අමුතු සිතුවම් අඳිනවා.හවස පහ වෙනකොට අපේ දවල් දවස අවසානයි. සමහරු නම් හීතල නොතකා තණපිටිය වටේ දුවනවා. යෝගා ව්යායාම කරනවා.මම පටු මාවත දිගේ දුලික් හිල් නිකේතනයේ පහල බෑවුමට ඇවිදගෙන යනවා. එතනට ගියහම හිමාල මිටියාවතෙන් සමුගන්නා අවසාන හිරු කිරණත් දැකගන්න පුලුවනි . උදේ නගරයට ගිය ගැහැණුන් මිනිසුන් ආයෙමත් ගම්මානය දෙසට පල්ලම් බහිනවා. ඒ හැම කෙනෙක් අතේම අඩුම කුඩුම පිරුණ මල්ලක් තියෙනවා. සමහරු ගොවි බිම් වලට උවමනා පොහොර මිටි කරෙන් අරගෙන යනවා. ඈත මිටියාවතේ පැල්පත් වල පහන් දැල්වෙනවා. පොඩි දරුවන්ගේ කටහඬවල් , හරකුන් ගේ උම්බෑ සද්දේ ඇහෙනවා. මට දැනෙන්නේ "අපූගේ ලෝකය " පොතේ නිශ්චින්දි පුරේ තොටුපොලවල්, බට කැලෑ,මල් ගොමු අතර තනිවුනා වගේ හැඟීමක් .
සීතල වැඩිකමට හවස හත විතර වෙනකොට හරි බඩගිණියි. ඒ නිසා කලින්ම රාත්රී ආහාර සූදානම්. හීතල මකන්න අවන්හල මැදතියෙන ලොකු ගිනි උඳුනේ දර කොට පිලිස්සෙනවා. කවුරුත් උඳුන වටේ තියෙන සෝෆා වල වාඩිවෙලා උණුසුම් වෙනවා. කෑමෙන් පස්සෙ ආයෙත් කවුරුත් දේශන සාලාවට එක්වෙන්නවා. ආසියාවේ විවිධ රටවල ප්රකට සිනමා කෘති නරඹන්න. හැම රටකින්ම ආව අය මේ සිනමා දර්ශන සඳහා චිත්ර පට ගෙනැවිත් තිබුණ.බොහෝමයක් ඒවා ආසියාවේ සමාජ ප්රශ්න විදහා දක්වන සිනමා පට . ගොඩක් වෙහෙස දවස්වල නම් සිනමා දර්ශන අවලංඟු කරනවා.ඒ වෙනුවට කවුරුත් කැමති හින්දි චිත්රපට ගීත සමග නටන්න පුලුවනි . එහෙම නැත්නම් සංගීත සැඳෑවල් පවත්වනවා. හැමෝම තරඟෙට පන්ජාබි, බෙන්ගාල ,කර්නාටක , උර්දු,පශ්තුන් , දෙමල ,සිංහල,නේපාල ගීත ගයෙනවා.ලංකාවෙ "සුරංගනී" බයිලා සිංදුවට තිබුණෙ පුදුම ඉල්ලුමක් !!
මෙහෙම දවස් වල රාත්රී දහය විතර වුනත් අපි සමහරුන්ට නිදාගන්න උවමනාවක් නැහැ.ආයෙමත් කාගෙහරි කාමරේකට කට්ටියම එකතුවෙනවා. දවල් දවසේ අපි කතාකල දේවල් අපේ රටවල තියෙන දේශපාලන ප්රශ්න , ඒ හා බැඳුන අපේ අත්දැකීම් , ගැන බොහොම උණුසුම් සංවාද මේ වෙලාවට ඇතිවෙනවා. කවුරුත් ලෝක බලවතා වුණු ඇමෙරිකාව නිර්දය ලෙස විවේචනය කරනවා විතරක් නෙවේ , අපේ කලාපයේ ඉන්දියාවේ , පාකිස්ථානයේ පිලිවෙත් එහෙමත් හෙලා දකිනවා.ඒ වෙලාවට අපි අපේ රට වල දේශ සීමා වලින් ඈත්වෙලා සර්වලෝක පුරවැසියො වෙනවා. මේ වෙලාවට අපි ලංකාවෙන් ගෙනිච්ච ඉඟුරු තේ , ලෙමන් තේ ,මාරි බිස්කට් හරි වටිනවා. කෙලවරක් නැති විහිලු කතා , පරණ ප්රේම කතා ,වලට එහෙමත් මේ වෙලාව වෙන් වෙනවා. හීතල කපාගෙන මහ රෑ අපේ සින හඬවල් දෝංකාර දෙනවා.
මාසයක් තිස්සේ උදේ පාන්දර ඉඳලා මැදියම් රැය වෙනකන් මෙහෙම අපේ දවස් ගෙවුණද කියලා හිතනකොටත් පුදුමයි. ඉගෙනීම අපේ සිත , කය හා මනසට විනෝදයක් වෙන විදියට සකස්වෙලා තිබුණා. බොහෝ පුහුණු වැඩමුලු වල වගේ කෙලවරක් නැති නීරස පවර් පොයින්ට් ප්රසන්ටේශන්ස් තිබුණෙ නැහැ.අපේ දැනුමේ සහ බුද්ධියේ උල්පත් වුනෙත් අපිමයි.වට පිටාවේ තුබුණ සැහැල්ලු බව,සරල බව , සුන්දරත්වයත් නිසා අපි වෙහෙසට පත්වෙන්න නැතුව ඇති . හැමෝම කිව්වෙ තමන් ගෙවූ හොඳම පුහුණු කාලසීමාව මෙය බව .
මට මේ වෙනස කොයිතරම් දැනුනද කිව්වොත්,හරියට මාසෙකට පස්සෙ ලංකාවට ඇවිත් ඊට පහුවදා ජායික් හිල්ටන් හෝටලේ තිබුණ දින තුනක රැස්වීමකට හසභාගි වෙද්දි මට දැනුණෙ මම ඒ තරු පන්තියේ සුපිරි පරිසරයට අයිති නැති සත්වයෙක් වගේ. ඒ අධි පහසුකම් සහිත පරිසරය හැරදමා හිමාල මිටියාවතේ අල්පේච්ච දුලික් හිල් නවාතැනට ආයෙ යන්න ඇත්නම් කියලා හිතුන වාර අනන්තයි.එදා තමයි මට දැනුනෙ ජීවිතේ මේ මොහොත රස විඳීම හා ජීවත් වීම කොයි තරම් වැදගත් ද කියලා. මොකද ආයෙමත් ඒ මොහොත එන්නෙ නැති නිසා.
Wednesday, January 27, 2010
Suba Anagathya & better Change
ඊයෙ පෙරේදා මිය ගිය වුන්ගේ
මල සොහොන් උඩින්
අඬු බඬු කැඩුන වුන්
මග තනි කර දමා
වේදිකාවෙන් ඇසුන
දෙස් දෙවොල් පරුස බස්
දෝංකාරය මැදින්
කොල රතු නිල්
පොලිතින් කඳු අතරින්
යහපත් වෙනසකට දකින්න
සුබ අනාගතයට පාර මේ
Saturday, October 10, 2009
ඉතිරිවූ සිහිනය
තව සතියක් ඉතිරිව ඇත
මනරම් හිමාලය තරම් උස
සොඳුරු අන්නාපූර්ණා වැටිය තරම් දිග
සිහිනයකුත් තවම ඉතිරිව ඇත
සැබෑකරගන්න වෙහෙසෙන
දෙවසරක් නැගී
සිඳී බිඳී වැටුන
ඒ සිහිනෙට පණ දෙන්නට
තාමත් වෙහෙසෙමි මම
අවසන් මොහොත තෙක්
අත්හැර නොගනිමි වෙර
දැනුම පිපාසාවේ
ඒ සිහිනය සන්සිඳුවා ගන්න
මනරම් හිමාලය තරම් උස
සොඳුරු අන්නාපූර්ණා වැටිය තරම් දිග
සිහිනයකුත් තවම ඉතිරිව ඇත
සැබෑකරගන්න වෙහෙසෙන
දෙවසරක් නැගී
සිඳී බිඳී වැටුන
ඒ සිහිනෙට පණ දෙන්නට
තාමත් වෙහෙසෙමි මම
අවසන් මොහොත තෙක්
අත්හැර නොගනිමි වෙර
දැනුම පිපාසාවේ
ඒ සිහිනය සන්සිඳුවා ගන්න
Sunday, October 4, 2009
මගේ පුතා හරි හපනා ......අම්මට පඩි විසිවැනිදා
දෙකේ පන්තියට එනකොට මට වාක්ය රචනා ලියන්න තිබුණෙ පුදුම ආසාවක්. හිනාවෙන්න එපා .දැන් මට හොඳට ,ලස්සනට අකුරු ,ඉලක්කම් ලියන්න පුලුවනි . සිංහල පාඩමේදී පූසා, බල්ලා, පොල්ගස , ලේනා වගේ පොඩි පොඩි මාතෘකා ගැන රචනා ලියන්න ආරියවතී ගුරුතුමී අපිට කියනවා.ඇය මට හමුවූ හොඳම ගුරුතුමියක්. රචනා ලියන්න අපි උන්නදු කරන්න ඕනෙ නිසා හොඳම රචනා කීපයක් තෝරගෙන පන්තියටම ඇහෙන්න කියවීම ඇගේ සිරිතක්. ඉතින් කවුරුත් හරි කැමතියි ,උනන්දුයි රචනා ලියන්න .පොඩි ආඩම්බරයක් තියෙනවනෙ තමන්ගෙ රචනාව පන්තියටම ඇහෙන්න කියවනකොට.
එදා අපේ රචනා මාතෘකාව "අම්ම". හ්ම්ම්... පැන්සලත් අල්ලගෙන , තනිරූල් කොපි පොතට ඔලුව නවාගෙන මම බර කල්පනාවක. මොනවද අම්ම ගැන ලියන්නෙ ? අම්මගෙ හැඩ රුව , අම්මගෙ රැකියාව , අම්ම මට ආදරෙයි ,මමත් අම්මට ආදරෙයි... ම්ම්ම් ...ඒවා ඉතින් හැමෝම ලියනවනෙ . මට ටිකක් අමුතු දෙයක් ලියන්න ඔනෙ වුනා.....ආහ්හ්..මතක් වුනේ ඔන්න දැන් . අම්ම මට ආසකරන කතන්දර පොත් ඇඳුම් එහෙම ගෙනැත් දෙනවා. ඒත් සමහරදාට ඒවා ඉල්ලුවහම කියනවා
"පුතේ මේ මාසෙ විසිවැනිදා වෙනකන් ඉන්න , අම්ම පඩි ගන්නෙ එදාටනේ, එතකොට පුතාට අරගෙන දෙන්නම්" කියලා.
ඇත්ත ගොඩක් වෙලාවට මගේ ඉල්ලිම් විසිවෙනිදාට පස්සෙ ඉටුවෙනවා. ඒ නිසා මම මගේ රචනාවේ මතක ඇතිවම ලිව්වා
"මගේ අම්මාගේ රැකියාව ..zzzz....ඇයට පඩි ලැබෙන්නේ විසි වැනිදාට.එවිට ඇය මට අලුත් ඇඳුම් ,කතන්දරපොත් ගෙනැවිත් දෙනවා"
ගුරුතුමී පොත් එකතුකරගෙන අපේ රචනාවල හරි වැරදි බලනවා . අපි එයාගේ මෙසේ වටේ වට වෙලා එබීගෙන ඉන්නවා. අද කාගෙ රචනා වලට "ඉතා හොඳයි" ලැබිලා පන්තියටම කියවාවිද?ඔන්න එයා මගේ පොත අරගත්තා, මම නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.අත් අකුරු වැරදිනම් නැහැවගේ.ඒත් ඇයි ගුරුතුමී හෙමිහිට හිනාවෙන්නෙ ? ආ අම්මට පඩි ලැබෙන දවස මම රචනාවෙ ලියලා තියෙනවනේ . එයා ඒක එහා පන්තියෙ ගුරුතුමීටත් පෙන්නුවා.ඒකට කමක් නැහැ මට "ඉතා හොඳයි" එකක් ලැබුනා.තව පුංචි ප්රශ්නෙකුත් ගුරුතුමී මගෙන් ඇහුවා ?
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
මම මොනවගේ උත්තරයක් දුන්නද කියන්න මතක නැහැ.
ඒත් අම්මගෙ විසිවෙනිදා පඩි ලැබෙන දවස මම ටිකෙන් ටික ලොකුවෙනකොට හරිම වැදගත් දවසක් වුනා. දෙකේ පන්තියෙදි මට තිබුන කතන්දර පොත්, ටොෆි ,චොක්ලට් වගෙ සරල ඉල්ලිම් ලයිස්තුව මම ලොකුවෙනවත් එක්කම දිගවුනා,සංකීර්ණවුනා.ටියුෂන් ගාස්තු,සීසන් ටිකට් එක , පාසැල් සේවා ගාස්තු , ගැටවරවියේ අඳින්න ආස අලුත් අඳුම් මෝස්තර ඒකට එකතුවුනා. තාත්ත අතට දෙන පඩියත් එකතු කරලා ගෙදර අනිත් උවමනාවනුත් සම්පූර්ණ කරලා ඔය කිව්ව හැමදෙයක්ම ලබාදෙන්න අම්මට තිබුනෙ පුදුම කලමනාකරණ හැකියාවක්. මම විශ්වවිද්යාලයට යාමත් එක්ක , නංගිගේ උසස් අධ්යාපනයත් එක්ක අපේ ඉල්ලිම් තව දීර්ඝ වෙනවා.නවතැන් ගාස්තු,පොත් පත්,එක එක පාඨමලා, විභාග ,ඇඳුම් කැඩුම්,..අපේ ඉල්ලිම් ලයිස්තුව වේගයෙන් ඉහල ගියාට ඒ හා සාපේක්ෂව අම්මගෙ රජයේ සේවක වැටුප ඉහල ගියේ හෙමින්. ඒත් අම්ම කවදාවත් අපේ ඉල්ලිම් වලට බැහැ කිව්වෙන් නැහැ. දෙන සල්ලි වියදම් කලේ කොහොමද කියලා කවදාවත්ම ඇහුවෙත් නැහැ.විශ්වවිද්යාලෙ ගියාට පස්සෙ සමහර වෙලාවට මම ගෙදර එන්න හිතුවෙ විසිවෙනිදායින් පස්සේ මාසෙ අන්තිමට වගේ සල්ලි ඉල්ලගෙන යන්න .එහෙම ආවත් අම්ම මතක ඇතුව මම ඉල්ලන්නත් කලින් ලියුම් කවරෙක දාලා පරිස්සම් කරලා තිව්ව සල්ලි මට දෙනවා එන මාසේ වියදමට . පොඩි කාලෙ වගේමයි .ඇය කවදාවත් මගේ ඉල්ලිම් අමතක කලේ නැහැ.
උපාධියක් අරන් විශ්වවිද්යාලෙන් පිටවෙලා මගේ පලවෙනි රැකියාව කරද්දිත් , විසි වෙනිදා වැදගත් දවසක් වුනා. අම්ම කවදාවත් කිව්වෙ නැහැ "ඔයාගෙ පඩියෙන් දැන් ඔයාගෙ වැඩ කරගන්න "කියලා. උද්ධච්ච කමට මම නොකිව්වට එයා දැනගෙන හිටියා මගේ මුල්ම වැටුප ඒතරම් ලොකු වැටුපක් නොවෙන වග .ඒ දවස් වල ගෙදරින් සල්ලි නොඉල්ලුවත් අම්ම හරි පුදුම දෙයක් කලා.
හැම මාසෙ අගම මම ගෙදර එනකොට හරිම ලස්සන කොට්න් සාරියක් දෙකක් මගේ අල්මාරියේ තියලා තියෙනවා.ඒකටම හරියන හැට්ටෙකුත් මහලා. අම්මා දන්නවා මගේ ආධුනික කාලෙ වැටුප අඩුවුනාට වෘතීය මට්ටම පවත්වාගෙන යන්න ගොඩක් අඳුම් කැඩුම් ඔනෙ වග . ඒ සාරි වල මිල ගනන් කවදාවත් එයා මට කියලා නැහැ. එයා මට හැමදාම කිව්වේ
"ලොක්කා ලස්සනට ඇඳින්න , එක සාරියක් එක මාසෙක එක වතාවකට වැඩිය ඇඳින්න එපා "
අද මට තියෙන ලස්සන කොට්න් සාරි ඔක්කොම එදා අම්මා අරන්දුන්නු ඒවා . ඒ අතරින් මම ඇන්ඳ පලවෙනි සාරියත් , මගේ වෘතීය ජීවිතයේ ඉතාම වැදගත් දවසක ඇන්ඳ ඇත්දල +රිදී පාට සාරියත් මට හරිම වටිනා අම්මගේ විසිවැනිදා පඩියෙන් ලැබුන අගනාම සිහිවටන .මට අද මතක්වුනේ අම්ම කවදාවත් එයාගේ රැකියාවෙදි ඒවගේ වටිනා මිල අධික සාරි නොඇන්ඳ වග .
මට ආයෙත් සිහිවෙන්නෙ මගේ දෙකේ පන්තියෙ ගුරුතුමී ඇහුව ප්රශ්නෙ.
"පුතාට පඩි ලැබෙන දවසක මොනවද අම්මට ගෙනැත් දෙන්නේ" ?
ඒ එක්කම අම්ම මාව නලවද්දි කිව්ව මේ නැලැවිලි ගීයත් සිහිවෙනවා.
මගේ පුතා හරි හපනා
දවසක කොලඹට යනවා
පනම් තුනක් පඩි කනවා
ඉන් පනමක් මට දෙනවා
එදා දෙකේ පන්තියෙ ඉඳලා , විශ්ව විද්යාලයට ගිහින් ,උපාධියක් අරන් , කොලඹ රැකියාවක් කරලත් අවුරුදු දෙකක් යනකන් මට අම්මට එක පනමක් වත් දෙන්න බැරිවුනා.
තාමත් මට හිතෙනවා දෙකේ පන්තියෙදි ආරියවතී ගුරුතුමී ඇහුව ප්රශ්නෙට මම උත්තර දුන්න මදි කියලා.දැන් මම අම්මගෙන් කිසිම දෙයක් නොඉල්ලුවත් ,ඇගේ විසිවෙනිදා පඩිය දැන් මට අවැදගත් දෙයක් වුනත් ,අම්මා ආසකරන රසකැවිල්ලක්වත් අරගෙන යන්නෙ නැතුව අත්දෙක වන වන ගෙදර යන දවස් තාමත් ඔනෙ තරම් තියෙනවා.ගෙදර ගිහිල්ලත් "මට මහන්සියි" කියලා මුලු සති අන්තෙම අම්ම එක්ක කතා නැතුව නිදාගන්න වෙලාවල් අනන්තයි.ඒත් අම්ම තරහ නැහැ.කීයට හරි මම ගෙදර එන එක තමයි ඇගේ බලාපොරොත්තුව . ඒත් තාමත් ඉඳ හිට මගේ අල්මාරියේ අලුත් ලස්සන සාරි තියලා තියෙන ඇගේ පුරුද්දනම් නැවතිලා නැහැ.
Subscribe to:
Posts (Atom)