නුහුරු ඉසව් වල සංචාරය කරනකොට මග තොට් ගමන් විස්තර ,පාරවල් දැනගන්න ඉතින් අතරමග ඉන්න ගම්වැසි ,නගර වැසි කාගෙන් හරි පිහිට පතන්න වෙනව නේ.
ඔන්න එක දවසක් කුරුණෑගල ගිහින් බිංගිරිය ඉසව්වෙදි අපිට දැනගන්න ඕනෙ වුනා ඒ පලාතේ තියෙන පොල් කර්මාන්ත සාලාවකට යන පාර .මගේ රියදුරු තැන ආරියදාස වාහනේ කඩමන්ඩියක නතරකරල එතැන හිටිය වයසක උන්දැකෙනෙක්ගෙන් බොහොම ගරු සරුව ඇහුවා
"මාමේ අර පොල් ෆැක්ටේරියට යන පාර කියනවද" කියලාවයසක උන්දැ දුන්න අපූරු උත්තරයක් .
"මහත්තයෝ හරි ලේසියි හොයාගන්න ඒ ඉසව්ව . ඔහොම කෙලින් පාරෙ යන්න.සැකයක් හිතුනොත් නවත්තලා කාගෙන් හරි අහන්න " කියලා උන්දැ කියපි . මට මැරෙන්න හිනා. "මේ මාමට ඔලුව හොඳ නැහැ වගේ , ඇයි දෙය්යනේ මට දැනටමත් සැක නිසානෙ පාර අහුවෙ" කියල වාහනේ සැර දාල එලවනගමන් මගෙ ඩැයිවර් උන්නැහේ කියපි .
තවත් දවසක් අපේ ලඟ හිතවතෙක්ගෙ අවමගුලකට සහභාගිවෙන්න බලපිටිය ප්රදේශයට යන්න වුනා අපිට . දැනගත්තු මග ඉසව් අනුව ගියත් අපිට මළගෙදරට යන පාර සොයාගන්න අපහසුවෙලා ගාලු පාරෙ ඉන්න අතරෙ ඒ ගම් පලාතෙ වගේ පෙනෙන මැදිවියේ පිරිමි දෙන්නෙක් ඩබල් දාල සයිකලේක ඇවිත් අපේ වාහනේගාව නතර කරලා සිය කැමැහ්තෙන්ම උදව් කරන්න වගේ "ඇයි මහත්තය මොකෝ අවුල " කියල රියදුරු තැනගෙන් අහපි .
"අයියේ අර සුනිල් මහත්තයගේ මළගෙදරට යන පාර කොහෙද?" කියලා ආරි ඇහුවා.
ඔන්න එක්කෙනෙක් කියනවා "අනේ රත්තරන් මහත්තයා අකාලෙ මළේ , මහත්තයල ඔහොම යන්න , ටිකක් දුර යනකොට නුග ගහක් හම්බවේවි . ඒක පහු කරල තව ටික දුරක් යනකොට අපේ ගෙදර . අපේ ගෙදර ගාවින් හැරෙන්න මහත්තයා. වරදින්නෙ නැහැ"
"මම කොහොමද ඒකගෙ ගෙදර දන්නෙ" කියල ඔරවගෙන මගෙ රියදුරා බැණ බැණ වාහනේ පනගැන්වුවා . මට නම් හරි හිනා
ඔන්න ගමන් බිමන් ගියහම අපිට වෙන ඇබැද්දි :)
:) ඔවා ගේ එවානම් වෙනවා තමා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅර දොම්පෙට යන පාර හෙව්වා නේද? දැන් දන්නවාද?
ReplyDeleteඒක නෙමේ, ඇයි මේ ඩ්රෑවා ලා එක්ක ගමන් බිමන්, ගන්නකො මිසී ලයිෂොන් එකක්!!!
අම්මෝ හෙන කාලෙකින් . ..
ReplyDeleteමේක කියෙව්වහම මගේ අද්දැකීමක් මතක් උනා.
ReplyDeleteදැං අවුරුදු 15කට විතර කලින් අපේ පවුලේ අය දකුණු පලාතේ චාරිකාවක් ගියා. දෙවුන්දර ප්රදීපාගාරය බලන්න යන්න කියලා ගිහින් ගිහින් පාර හොයාගන්න බැරුව පාරේ හිටපු පොරකගෙන් ඇහුවා පාර.
"මහත්තයා ඔහොම දිගටම කිලෝමිටරයක් විතර යනකොට කඩයක් හම්බවෙයි. තව ටිකක් ඉස්සරහට යනකොට පාර අයිනේ ගෑණු කෙනෙකුයි මිහිහෙකුයි රණ්ඩු වෙනවා පෙනෙයි අන්න එතන තියන පාරෙන් හැරිලා දිගටම යන්න කිව්වා."
කිව්වා වගේම අපි එතනට යන කොටත් පාර අයිනේ ගෑණු කෙනෙකුයි මිනිහෙකුයි අම්බානකට බැණ ගන්නවා. ඉතිං අපිට පාර හොයා ගන්න හරිම ලේසි උනා.
Ahas gavva alive da?
ReplyDeleteoyage menna me link eke man daapu poem ekata prathchaarayak dhaanna. mokada man eka mage blog ekata ganna hithan inne.
meka "copy, right?" issue ekak.
http://ahasgawwa-tmg.blogspot.com/2010/04/living-in-present-time.html
@ Sujeewa Sory for the late reply .I stayed out of net connection for few days . Yes u can use the link of my post with ur poem by acknowleding my work in Ahasgawwa . It a nice poem
ReplyDeletewell i think Ahasgawwa is alive . However i dont write bnlog posts daily . I doit when i really feel to do so. otherwise i am not in a blog marathon .this blog is just for my personal pleasure not for much public interests !
අහස් ගව්වේ හද ගැස්ම
ReplyDelete"Copy, right?" hariyata thiyenava neda?