Sunday, May 16, 2010

වීදි සැරිය සහ සුරා පානය


නේපාලයේ නේවාසික පුහුණුවකට ගතකල මාසෙකට වැඩි කාලය ගැන දුලික් හිල් දවස් ලිපියේ ලියවුනා මතක ඇතිනෙ .ඔන්න ඉතින් උදේ හයේ ඉඳන් රෑ දහය වෙනකන් දවස් හයක් එක දිගට අධ්‍යන වැඩ වල යෙදෙන අපට හත්වෙනි දවස නිවාඩු .ඉබ්බ දියේ දැම්ම වගේ එදාට . මොකද කිලෝමීටර විස්සක් විතර දුරින් තියෙන කත්මන්ඩු නුවර සිරි නරඹන්න ,ෂොපින් කරන්න ,නිදහසේ පිස්සු නටන්න ලැබෙන්නෙ එදාටනෙ.
ඔන්න ඒ අපේ නේපාලයේ පලවෙනි නිවාඩු දවස.කට්ට්ටියම උදෙන්ම කත්මන්ඩු වලට බස් එකකින් ඇරලුවා නුවර සිරි බලන්න .කාටත් දවල්ට කන්න ,තේ බොන්න නේපාල් රුපියල් පන්සීයකුත් ලැබුණ , අපි එක්ක හිටිය අපේ නේපාල යාලුවො තමය් දැන් අපේ කත්මන්ඩු ගයිඩ්ස්ලා.
වැඩි දෙනෙක් මෙහෙම පිටරට සවාරි වලදි ශොපින් යන්නමනෙ කල්පනාව .ඒවුනාට අපි කීපදෙනෙක් හිටියා එකම විදියෙ පිස්සු තියෙන . අපිට ඕනෙ වුනේ කත්මන්ඩු වල බක්තාපුර් ,බවුද්ධනාත් ,පාතන්,බසන්තපුර් වගේ තැන් වලට ගිහින් පැරණි සිරිවිසිතුරු බලන්න ,හිතේ හැටියට ඡායා රූප ගන්න , නේපාල කෑම බීම් වල රහ බලන්න ,රස්තියාදු ගහමින් වීදි වල , අවන්හල් වල සැරිසරමින් ජන ජීවිතය දකින්න වගේ පිස්සු වැඩ. ඉතින් අපේ නේපාල් ගයිඩ් වුන අපේ මිතුරිය මෝනාත් මේවට සැදී පැහැදිලා හිටි නිසා අපි ඔක්කොම ජාඩියට මූඩිය වගේ පැහුනා.
ඔන්න එදා කත්මඩු වලදි බස් එකෙන් බැස්ස විතරය් අපි කට්ටියම අපේ ගයිඩ් මිතුරියට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කලා. අපි අතර හිටි වැඩිදෙනෙක් හොඳ සැරට මිරිස් ,එහෙම දාලා කෑම කන උදවිය.නමුත් දුලික් හිල් නවාතැනේ නේපාල් කෑම වල මිරිස් රහක් ,කුලුබඩු රහක් නැති තරම .ඉතින් කටට රහ කෑමක් කන්න අපිට තිබුණෙ පුදුම දොල දුකක්.මෙන්න කිව්ව සැනින් අපේ ගයිඩ් මෝනා අපි එක්ක ගෙන ගියා එහෙම කෑම හදන තැනකට .
හ්ම් , මේ හෝටලේට ඇතුල්වීම කුස්සියෙ දොරෙන් , අපි යනකොටත් ගනු දෙනු කාරයො කිපදෙනෙක් වගේ වගක් නැතුව මිටි බංකු වල වාඩිවෙලා හාය් හූය් ගාලා කෑම කනවා .දුම් දාන බූමිතෙල් ලිප් වල කෑම ඉදෙනවා. එතනම ලස්සන නේපාල් යුවතියක් බිත්තර වලින් මොනවදෝ ආප්ප වගයක් උයනවා . එතනම ලොකු ඇතිලි දෙකක කඩල කරියකුයි අල හොදි කරියකුයි උනු උනුවෙ දුම් දානවා , ආහ්.... මගේ කටට කෙල ඉනුව තරම .ලන්කාවෙන් ආවට පස්සේ මෙව දකින එකත් සතුටක් .
තරමක් වයසක් උන්දැකෙනෙකුයි එයගෙ පුතා වගෙ පෙනුම තියෙන ගැටයෙකුය් තමය් මෙතන ගනු දෙනු කාරයන්ට සේවාව දෙන්නෙ . පහල කුස්සිය පෙදෙස හවුස් ෆුල් .ඒනිස අපිට එතන තිබුණ පටු තරප්පුව නැගල වහල උඩට යන්න කියල වයසක් උන්දැ කිව්ව කිව්ව .
හ්ම් පොඩි රූෆ් ටොප් එකක් වගේ .මෝනත් ,මමත් එකතුවෙලා අහල පහල තිබුණ කලු පාට ගැහුන බංකු ටික එකතු කරලා හය දෙනෙකුට වාඩිවෙන්න පුලුවන් විදියට ආසන පැනෙව්ව . තරුණ ගැටය ඇවිත් අපේ ඕඩර් එක ගත්තා.නේපාල් කෑම ගැන අපේ දැනුම අල්ප නිසා ඒ ගැන වගබලාගත්තේ මෝනා.අපිට ඕන වුනේ මිරිස් රහට කන්න විතරයි.
ඔන්න අපේ කෑම ආවා. බෙලෙක් පිඟන් වල උණු උණු අල ,කඩල කරි , තව මොකද්දෝ බැදුමක් , අර බිත්තර ආප්ප වගේ ජාතිය සහ අලුමිනියම් ජොග්ගු හයක් ."මේ තරම් වතුර මොකටද අපි හය දෙනෙකුට , කඩේ ගැටය හිතුවද දන්නෙ නෑ අපි මිරිස් කන්න පුරුදුවෙන එවුන් කියල , "මට එකපාරට කියවුනා.
"නැහැ මේ තමය් "චැන්ග්" හාල් වලින් පෙරන ලෝකල් බියර් ,මේ අය සිරිතක් හැටියට මෙතන කන බොන අයට "චැන්ග්" වලින් සන්ග්‍රහ කරනව"මෝනා මාව නිවැරදි කලා
හ්ම් කවුද දන්නෙ , දැන් එහෙනම් අපි නේපාල් බියර් බොන්න යන්නෙ ,හුහ් සෙල්ලන්ද කොල්ලෝ. ඔන්න ඉතින මම අර බිත්තර වලින් හදපු කෑම කඩල කරි එක්ක හායි හූය් ගාල ගිලලා 'චැන්ග්" බොන්න හදන්නෙ . ලෝකල් වුනත් බියර්නෙ . ඉතින් සිරිතට බොන්න ඕනනේ.එහෙම හිතලා මම අර බැදුම ලඟට ගත්ත බයිට් එකට . කෝකටත් මම මෝනගෙන් ඇහුව මේ මොනවද කියල . මේ "බෆ් ඩෙවල් " එයා කිව්ව .මම සැක හැරගන්න "බීෆ් නේ" කියල අහුව ."නැහැ මේ බෆ්, බෆලෝ මීට්" කියල එයා කියපි .කිරි අප්පට බල්ලො පැනපි .මී හරක් මස් ඩෙවල් එකක් , කවද කාපු කේක්ද .ඒ මීහරක් මස් ඩෙවල් එක පැත්තක තියල මම "චැන්ග්" බොන්න පටන් ගත්තා. පැහුන රා බොනව වගේ . උගුරු දෙකතුනක් බීල කවුරුත් කට කාරනවා .
"මොකද තවම සූර් නැත්තෙ මම දැන් වීදුරු දෙකක්ම ගැහුව කියල" මම කියද්දි අපේ අයට හිනා.කොහොම වුනත් ජොග්ගු දෙකකට වඩා අපිට හිස් කරන්න බැරිවුණා.
ඉතිරිවට මොකද කරන්නෙ ..සුම්ෂොට් අහනවා ."දුලික් හිල් ගෙනියමු ආයෙ බොන්න ,ඒත් කොහොමද ගෙනියන්නෙ" ,එලිනා කියනවා . ඔන්න එතකොට මට ආව අයිඩියා එකක්."අපි ගාව තියෙන වතුර බෝතල් හිස් කරලා මේව පුරවගනිමු " කවුරුත් වැඩේට එක පයින් කැමතිවුනා.ඔන්න අපේ වතුර බෝතල් හිස් වෙල "චැන්ග්" ඒවට පිරවුන , කඩේ ගැටය ඉතිරි බෆ් ඩෙවල් ෆොයිල් කඩදාසියක ඔතල දුන්න .
හවස දුලික් හිල් නවාතැනට ගිය අපි රෑ කෑමට අවන් හලට එකතුවුනා , "චැන්ග්" පිරවූ බෝතල් හතරකුයි ,ඉතිරි බෆ් ඩෙවල් එක එක්ක . අපිට සෙට් වෙන්න ඕනෙ නිස කලින්න කට්ටියම බාර් කවුන්ටරේ ගාව ගිනි උඳුන වටේ තියෙන සුව පහසු සෝෆා සෙටිය ආක්ක්‍රමණය කලා.වෙනද මෙතන ඉන්නෙ මදුවිත තොලගාන විදේශිකයො.අවන්හල් සේවකයොත් අපේ මේ අලුත් නාඩගම මොකද්ද කියල කුහුලෙන් බලනවා .ඔය අතරේ මෝනා බාර් එකෙන් වීදුරුත් ගෙනාව .දැන් කට්ටියම අනික් ඔක්කොම යාලුවොත් එක්ක 'චියර්ස්" කියල "චැන්ග්"බොනවා. වැඩේ නැගල යනවා .
ඔය අතර දුලික් හිල් නවාතැන බාරව ඉන්න ප්‍රේම් මහත්තයත් එතැනට ආවා ,අපි කෙල්ලො ඔක්කොම "ප්‍රේම් දායි we love you " කියල එයාටත් "චැන්ග්" වීදුරුවක් පෙව්වා.කොහොමද වැඩේ .
ඊට දවස් දෙකකට පස්සේ මරු වැඩක් වුනා . රාත්ත්‍රි චිත්‍රපටි සන්දර්ශනය වෙලාවෙ බුරුම ජාතික මිතුරිය ස්වේ සුදුපාට ලීටර දෙකක විතර ගැලුමක මොනවදෝ පුරවගෙන හිනාවෙවී උස්සන් එනවා .ඒ පිටිපස්සෙන් අපේ නේපාල් මිතුරියන් වන අනීශා සහ ප්‍රාචි දෙන්න ප්ලස්ටික් කෝප්ප ගොඩක් එක්ක තව බාජනයක් උස්සන් එනවා.බැලීනම් දුලික් හිල් නවාතැනේ ප්‍රේම් මහත්තය එයාගෙ ගානේ අපි හැමෝටම ආයෙ චැන්ග් සංග්‍රහයක් ලෑස්ති කරල බෆ් ඩෙවල් එක්ක .ඉතින් බිව් නොබිව් කවුරුත් එදා ආයෙත් මදි නොකියන්න ගැහුවා .ඒත් අපි කාටවත් සූර් වුනේ නැහැ නෙ.
ආහ් කියන්න අමත්කවුනනෙ. අර අපි කැම කාල චැන්ග් බිව්ව පොඩි හෝටලය තියෙන්නෙ පාතන් දර්බාර් වල . මම කිව්ව හරි මේක පවුලෙ බිස්නස් එකක් .අම්මය් ,පුතයි, ලේලියි මේ බිස්නස් එක කරන්නෙ .මෝන මේ ජොයින්ට් එක දන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලු .මොකද එයා ඉස්කෝලෙ කට් කරල මෙතනට එනවලු නෙ චැන්ග් බොන්න .  කඩේ අය එයා හොඳට දන්න වග අපිට පෙනුන .මෙතැන කැම බීම ගැන ඩිස්කවරි නාලිකාවෙත් වැඩසටහනක් ගිය කියල මෝනා කිව්ව . ප්‍රසිද්ද ජොයින්ට් එකක් බලාගෙන යනකොට .

11 comments:

  1. ලස්සනට ලියල තියෙනවා. නියම ලිපියක්.

    ReplyDelete
  2. කාලෙකට ඉස්සර බොහොම ආසාවෙන් කියවපු මේ බ්ලොග් එක ආයි පටං ගත්තාට පිං. ඇස්වහක් කටවක් නෑ නෝනෝ, ඉස්සර වගේම අපූරුවට ලියලා තියනවා.


    මට හිතෙන්නෙ පරිසරය, අවස්තාව සහ බඩගින්න කෑම වල රස තව වැඩිකරනවා කියලයි. කාපු රසම කෑම විදිහට මට මතක, කැළනි ගග අද්දර පොල් අතු කඩේකින් කෑ බිත්තර ආප්පත්, රත්නපුරේ වාඩියකින් කෑ පිටි මංඤොක්කා හා කටදන මස් කරියකුත් මතකයට එන්නේ ඒ නිසා වෙන්න ඇති.

    ReplyDelete
  3. මම මේ දවස් වල වැඩිය බ්ලොග් බැලුවේ නෑනේ.. ඔයා කිව්වාමයි මේ බලන්න ආවේ..
    නියමෙට ලියලා තියෙනවා නේ..
    ආහ්,, අපේ සිරිබිරිස් උන්නැහේත් ඇවිත් නේ..

    ඒක නෙමෙයි බිත්තර වලින් ඒ හදපු කෑම මොනවද?
    මම නම් මෙහේදී, එහෙම හදන්න ලේසි වගේ කෑමක් දැක්කාම ෆොටෝ එකක් අරං ඇවිත් දන්න කෙනෙක් ගෙන් අහගන්නවා.. මම දැන් නියම කුක් කෙනෙක්..

    ReplyDelete
  4. "මම දැන් නියම කුක් කෙනෙක්!..."

    ජය වේවා. එහෙනං අපි නම වෙන්ස් කරමු කැප්ටන් කුක් කියලා..හෙහ්..හෙහ්

    ReplyDelete
  5. @ සිරිබිරිස්- මං ඇත්තට කිව්වේ මස්සිනා.. මම ඊයේ රෑත් ඉගෙන ගත්තා අමුතුම ඉන්දියන් කෑමක්..

    අල තම්බලා, ළූනු ,ලුණු, ගම්මිරිස් එහෙම කවලම් කරලා, චප්ප කරන්න ඕනේ..
    ඊට පස්සේ පාන් පෙත්තක් අරං ටැප් එකට අල්ලලා වතුර වලින් පොඟවලා ඒක මැදට, අර අල චුරු කරපුවා තියලා, බෝලයක් වගේ වෙන්න,පාන් පෙත්ත අත් දෙකින්ම චුරු කරන්න ඕනේ..
    ඊට පස්සේ ඒ බෝලේ උණු තෙල් වල බදින්න..
    ඊට පස්සේ ඉතිං ආදරවන්තිය සමඟ රස විදින්න, ඔය තියෙන මස් හොද්දක් එක්ක..

    හොදයිනේ මගේ රෙසිපි එක... මම හිතං ඉන්නේ පේමන්ට් එකේ ඕවා හදලා විකුනන්න ලංකාවට ගියාම.. අදහස හොදයි නේ..

    ReplyDelete
  6. අපි ඒකට සිංහල නමක් දාමු, "අල චුරුස්" කොහොමද මගේ යොජනාව? උඹේ කඩයප්පන් නැගලා ගියොත්, ගෝල්පේස් එකේ නානාටත් බඩේපාර තමා.

    හැබැයි මස්සිනා, ඉන්දියන් කෑමවල ඔය "චුරුස්" කිරිල්ලයි, ඔනාවට වඩා දාන තුනපයි තමා මටනං දිරවන්නෙ නැත්තෙ.

    ReplyDelete
  7. හක් හක් හා.. අල චුරුස්..
    ඒක හොද නමක් තමයි...

    චුරු චුරු ගගා ඉන්න ඇත්තොන්ට
    චුරු චුරු වැස්සේම ගිල දාන්න
    චුරු චුරු නොකියවෙන මිලකට
    .........කන්න.......
    'අල චුරුස්'
    (පිරිසිදුයි, පෝෂනීයයි, සෞඛ්‍යාරක්ෂිතයි.)

    හොදයි නේද? ඇඩ් එක.

    මේ නෝනා මාව ආස්සරේ කොරලා නෑ,, අපි දෙන්නාව බ්ලොග් එකින් එලවයිද මන්දා.. විකාර දොඩවන්න ගිහිල්ලා...

    ReplyDelete
  8. මේ නෝනා, වැඩිහරියක් ගෙදර නෑ.අනික උඹත්, උඹව ආස්සරේ කරලා මමත්, අපි ඔක්කොම පිස්සොනේ. මං හිතන්නෙ මේ පිං ඇති නෝනා අපි වගේ පිස්සු ඩබලක්ව එලවන එකක් නෑ.

    ReplyDelete
  9. බුදු නෝනෝ, එළවන්න එපෝ..
    සිරිබිරිසුයි මායි, ඉතිං කලාතුරකින් නොවැ සෙට් වෙන්නේ..

    සිරිබිරිසා මේ නෝනා අදුරනවා වගේ.. ඒක හොදා..

    ඉතිං බං, කියාපංකෝ උඹේ හිම මල ගැන.. ඒකි යහතින්ද? අප්ඩේට් උනේ නෑ නොවැ, කාලෙකින්..

    ReplyDelete
  10. ගමන් කතාව කියෙව්වා. අපූරු අත්දැකීමක්. ඔය හාල්-බීයර් කියන්නේ ජපානේ සාකේ වගේ එකක් වෙන්න ඇති. මේකෙ ඇල්කොහොල් සාන්ද්‍රණය අඩුයි වගේ.

    සිදුහත් කුමාරයගේ නෑයො හෙම හම්බ වුනේ නැද්ද ඔය ගිය ගමනෙදී?

    ReplyDelete