ත්‍රිබුවාන් ජාත්‍යන්තර ගුවන්තොටටේ පිටවීමේ පර්යන්තයට වෙලා මගේ ගුවන් යානයට නැගීමට නිවේදනය නිකුත් කරනතෙක් බලා හිටියා . නේපාලය බොහෝ යුරෝපා රටවඉන් එන සංචාරකයන්ගේ පරාදීසයක් වුනත් නොයෙක් සමාජ ,ආර්ථික හා දේශපාලන කරුණු නිසා භෞතික සංවර්ධනයනම් සිද්දවෙන්නේ ඉබි ගමනින් . ඒ නිසා ගුවන්තොටුපල පිටවීමේ පර්යන්තයේ විසාල පහසුකම් නෑ . තියෙන එකම පිටවීමේ පර්යන්තය නිතරම ජනාකීර්ණ වෙලා , තදබදයෙන් , දූවිලි , දාඩිය හා රස්නයෙන් යුක්තයි .වායු සමන පහසුකම් අල්පයි . තත්වය දරුණු වෙන්නේ නරක කාලගුණ තත්වය නිසා ගුවන් යානා ගොඩ බැහීම ප්‍රමාද වීමත් එක්ක .එදත් ඒ වගේම දවසක් . දිල්ලිය බලා යන ජෙට් එයාර්වේස් ගුවන් යානය ගොඩ බෑම ප්‍රමාද වග නිවේදන නිකුත්වුනා. දිල්ලියේ සිට බොහෝ යුරෝපා ගමනාන්ත වෙත ලඟාවීමට සිටි මගීන් නොසන්සුන් .ඒ අතරින් උස් හඬින් බැන වදින සුදු ජාතික කාන්තාවක් දිහා හැම මගියෙක්ගෙම අවධානය යොමු වුනා .ඇය අතේ තිබුණේ ඇමරිකානු ගමන් බලපත්‍රයක් . ඉන්ග්‍රිසි බසෙහි ඇති එෆ් වර්ඩ්ස් - F words පාවිච්චි කරමින් ඇය නේපාලයට බැන වැදුනා ගුවන් යානා ප්‍රමාදය , පිටවීම් පර්යන්තයේ අඩු පාඩු , දූවිලි ,දාඩිය ගැන මැසිවිලි කියමින් .
පලවෙනි ලෝකේ රටකින් ආව ඇය අනිවාර්යෙන්ම නේපාලයේ සුන්දරත්වය දකින්න හිමාල මායිමේ අන්නා පූර්ණා බේස් කෑම්ප් යන්න ඇති , පොකරා විල් බලන්න ඇති , කත්මන්දු නුවර සැරි සරමින් එහි සංස්කෘතික උරුම දකින්න ඇති . තමන් ජීවත්වෙන රටට වඩා බොහොම අඩු වියදමින් කෑම ,බීම නවාතැන පහසුකම් ලබාගෙන සතියක් වත් මේ නොදියුණු රටේ සිරි විඳින්න ඇති .එහෙම දවස් කීපයක් හිටි මනුස්සයට එකපාරටම පැය බාගයක් ගුවන් යානය ප්‍රමාද වෙනවා කියලා දැනගත්තම ඉන්ග්‍රිසි බාසාවේ තියෙන එෆ් අකුරේ කුණු හරුප වලින් නේපාලයට බනින්න තියාගත්තේ මොන හේතුවක් නිසාද මන්දා .මුලු සතියක් ගෙවන්න නේපාලේ හොඳයි අන්තිම පැය බාගෙදී නරකයි .
මට හිතෙන්නේ මේ තමා සංවර්ධිත ලෝකේ ඉපදිච්ච හෝ වඩා හොඳ ආර්ථික අවස්ථා සොයාගෙන සංවර්ධිත ලෝකෙට තුන්වෙනි ලෝකෙන් සංක්‍රමණය වෙලා ගිය බහුතරයක් පිරිසගේ සිතුවිලි යන අත . ලංකාවත් ඇතුලු තෙවෙනි ලොව රටවල් බොහොමයක සංවර්ධන විෂමතා , දූෂණය , වංචා ,ප්‍රමාදය ,දේශපාලන ඇඟිලි ගැසීම් තියෙනවා . ඒ නිසා බොහෝ අකටයුතු වෙනවා .මේ සිස්ටම් එක නුහුරු සංවර්ධිත ලෝකෙන් එන කෙනෙක්ට මේව එක්ක ගැටෙන්න අමාරුයි බව ඇත්ත .නමුත් සමහර අවස්තා වල පවතින තත්වය එක්සැජරේට් කරලා තමුන් සංචාරයට හරි , නෑ සිය පිරිවර දකින්න හරි එන තුන්වෙනි ලෝකේ රටවල් වලට නොසෑහෙන්න මේ මිනිස්සු ගරහන්නේ ඇයි කියන එක මට තේරුම් ගන්න බෑ .කොටින්ම ඉන්ටර්නෙට් ටිකක් ස්ලෝ වුනත් , බැංකුවක පෝලිමේ ඉන්න සිද්ද වුනත් , බස් එකක් ප්‍රමාද වුනත් මුව නොසෑහෙන්න බනින විවේචනය කරන එක මේ අයගේ සිරිතක් .සංවර්ධිත කුල්ටූර් රටවල් වලින් ගොඩ බැහැලා දේශීයත්වය , පරිසරය විඳින්න කියලා ලංකාව වගේ තුන්වෙනි ලෝකෙට එන මේ අයට ටිකක් ස්ලෝ ඩවුන් වෙන්න බැරි ඇයි ? ඇයි එහෙනම් මේ දූවිලි පිරුණ කිසි කමකට නැති රටවල් වලට නිවාඩුවට එන්නේ ?
රාජකාරිය වෙනුවෙන් ලංකාවේ , අප්‍රිකාවේ හා ආසියාවේ බොහෝ දුෂ්කර පැති වල ඇවිදින්න හා ටික කාලයක් ජීවත්වෙන්න වුන මට නම් කියන්න තියෙන්නේ මේ කුල්ටූර් පන්තිය හිතන තරම් තුන්වෙනි ලෝකේ රටවල් කලු යක්කු නොවෙන බව .ඇත්තටම තුන්වෙනි ලෝකේ දේශීයත්වය විඳිනවා කියන්නේ කොට කොට යන සෙනග පිරුණ බස් එකක , ලොරි බාගෙක , මඩ වලවල් පිරුණ පාරක , දූවිලි , වියලි හුලං එක්ක .තේ කහට එකක් හරි චායේ එකක් හරි බීලා , ටුක් ටුක් රියදුරො එක්ක හෙට්ටු කරලා ,ආණ්ඩුවේ කන්තෝරුවක රස්තියාදු වෙලා බලන එක .මොකද ඒ රටේ මිනිස්සු හැම දාම ජීවිතේ ඔය කියන දුක එහෙම නැත්නම් කටුව කන නිසා . ඒත් ඒ මිනිස්සුත් ජීවත්වෙනවා ඔය ඔක්කොම එක්ක .
ඔය හේතුව නිසා මම නම් පුලුවන් තරම් මහන්සිගන්නවා ලොකේ මොන රටට ගියත් එතැන මගේ ගම රට කියලා හිතලා ලැබෙන පහසුකම් උඩ ජීවත් වෙන්න .
නේපාලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හිඳගෙන හිටපු හැටි මටත් මැවිලා පෙනුනා. නේපාලය ලස්සන රටක් තමයි. මට මතක් උනේ නේපාලයේදී හදිසියේ අසනීපවීම නිසා ආපසු ගෙදර ඒමට පිටත් උනු මට, බටහිර රටකින් ආව සුදු කාන්තාවක් එයා නිතරම නවතින හෝටලයක එක් රෑකට නවාතැන් පහසුකම් සලසලා දුන්නු හැටි. හැම දෙයක්ම වෙනස් වෙන්නේ පුද්ගලයා මත නේද? රට මතම නෙමේ. උදාහරණ ඕනි තරම් ලංකාවෙනුත් ගත්ත හැකි මගේ හිතේ.:)
ReplyDeleteමේ දවස්වල රියෝහි පැවැත්වෙන RIO+20 නිසා හැම හෝටලේකම ගනන් උස්සපු හෝටල් අයිතිකාරයෝ ඩොලර් 100 කාමර 250 ට පවා කුලියට දුන්නා. යුරෝපීය ජාතිකයන් මෙහි ඒම වර්ජනය කිරීමට සැරසුනු වහාම, ඔවුන්ගේ ඉඩ නැති හෝටවල කාමර ආයම ඇති උනා. මේ වගේ අසාධාරණ වැඩත් රටවල සිද්දවෙනවා ටීජී...අර ගැහැනිය වෙන අසහනයකින් පෙලෙන තැනැත්තියක් වෙන්ටැති කියලයි මට නම් හිතෙන්නේ. කරපු වැඩේ නම් වැරදියි තමා. නේපාලි ජාතීන් අහිංසක මිනිසුන් කොටසක් නිසා.
ඉතින් ලාවට වත් මොනවා හරි කියන්ට හිතුනේම නැද්ද්ද?:)
Well Said.
ReplyDeleteඔවුන්ට තුන්වෙනි ලෝකයේ රටක දොසක් දකින්න බැරි වුනොත් අඩුම ගානේ කල්චර් එකවත් ඇදගෙන කියවන්න ගන්නවා.
අලුත් වචනයක් මුකුත් කිව්වෙ නැද්ද ඉගෙන ගන්න? :P
ReplyDeleteපරිසරයත් එක්ක ඇලෙන්නෙ ගැටෙන්නෙ නැතිව ඉන්න එක අමාරු වැඩක්. එක එක්කෙනාගෙ හිතේ ඒ ඒ වෙලාවෙ පවතින මානසික තත්වය අනුව පරිසරය එක්ක සාමකාමීව ඉන්නවද, නැද්ද කියන එක වෙනස් වෙනවා මං හිතන්නෙ. මටත් සමහර වෙලාවට හිත හොඳටම සන්සුන්. තවත් වෙලාවකට පොඩ්ඩ එහා මෙහා වෙනකොට නොසන්සුන්. ඒත් ඔය තාලෙටනම් හැසිරෙන්නෙ නැහැ. ඒක මම හිතන්නෙ හිතේ නොසන්සුන්තාවයට මුහුණ දෙන්නට එක එක්කෙනා හුරු වෙලා ඉන්න විදිහ: සමහරු කෑ ගහනවා, බනිනවා, රන්ඩු කරනවා; තව සමහරු අකමැත්තෙන් වුණත් සද්ද නොකර ඉන්නවා; තවත් කෙනෙක්, ආ, ඒක තමයි සාමාන්‍ය තත්වෙ කියලා පිළිගෙන ඔහෙ ගානක් නැතුව ඉන්නවා.
අර විදිහට කෑ ගහන්න, බනින්න, හිත කරදර කර ගන්න ගිහාම, තියෙන හිත් අමාරුව තව තව වැඩි වෙනවා මිස අඩු වෙන්නෙනම් නැහැ.
පසු සටහන
ReplyDeleteමම කියන්න උත්සාහ කලේ එක ජාතියක් හෝ එක රටක් ගැන නෙවේ පොදුවේ දියුණු යයි සම්මත developed countries වල මිනිස්සු අඩු සංවර්ධිත රටවල් වලට (LCD ) ඇවිත් ඒ රටවල් අඩු පාඩු ගැන කරන අතිශයෝක්ති බැණ වැදීම් , හෙලා දැකීම් . මොන රටට ගියත් අසාධාරණ දෙයක් ,වංචාවක් වෙනවනම් මම කතා කරලා තියේ . කාලේකට කලින් අප්‍රිකානු රටක ඔන් අරයිවල් වීසා ගන්න ගිහින් හා තවත් දකුණු ආසියාතික රටක ගුවන්තොටුපල නිලධාරියෙක් අල්ලසක් ඉල්ලුව වෙලාවක මම හැසිරුණ විදිය වෙනස් .මට සිද්දවුනා හරි වැරැද්ද කතාකරන්න . .මෙතනින් මම කියන්න උත්සාහ කලේ වෙන දෙයක් ,ඒ තමයි මේ රටවල් වල සංචාරයට හෝ නිවාඩුවට ඇවිත් ඒවගේ තියෙන එදිනදා ඌණ සංවර්ධිත බවට ගරහන්න එපා කියන එක . අපි "ග්ලොබල් විල්ලෙජ් ඕල් ආර් කනෙක්ටඩ්" කියලා කිව්වට ඌණ සංවර්ධිත හා සංවර්ධිත රටවල් අතර වෙනසක් තියෙනවා .
කොහේ ගියත් ආසියාවේ තාමත් මගේ නිත්‍ය පදිංචිය නිසා ඇතිවුන "පටු ආසියාතික මානසිකත්වය " නිසා වෙන්න ඇති මට කිසි වෙලාවක තව කෙනෙක්ට හරි රටකට හරි එෆ් වර්ඩ් වලින් නම් බනින්න ගරහන්න බෑ . එහෙම අහන්නත් කැමති නෑ .නමුත් මීට වෙනස් සංස්කෘතියක කාලයක් හැදුන අයට ඒක හරි සාමාන්‍ය එදිනදා වචනයක් බව මම දන්නවා .
ඒක ඇත්ත. රටවල් සන්සන්දනය කරනකොට යම් යම් අඩුපාඩු තිබුණත්, අර විදිහට බැන වදින එක අතිශයෝක්තියෙන් ප්රශ්නය වැඩි කරගැනීමක්. අදාල වචනෙ ගැන කතා කරනකොට, මමත් ඉන්නෙ "පටු ආසියාතික මානසිකත්වයෙ" තමා.
Deleteඑෆ් වර්ඩ්ස් පාවිච්චිය මෙහෙ හරිම f*****g simply දෙයක් මෙයා, බනින කොට විතරක් නෙවෙයි, එදිනෙදා සාමාන්‍ය ව්යවහාරෙත් ඕක යෙදෙනවා.. ඕක එච්චරම ගනන් ගන්ට එපාය.. :D
Deleteනහුතෙටම තදවුන සමහරවෙලාවට ඕවා මගෙ කටිනුත් පිටවෙනවා.. :O
යමක් ගැනීමට ඇති වැදගත් ලිපියක් ....
ReplyDeleteනේපාලයේ සිරි කොච්චර වින්දත් එයාට එයාගේ රටේ පහසුකම් මතක් වෙන්න ඇති ඒකයි අන්තිමට බැන බැන ඉන්න ඇත්තේ.ලංකාවෙත් ඔය වගේ මිනිස්සු නම් කොච්චර ඉන්නවද.
ReplyDeleteවවුලගේ මගුල් ගෙදර ගිහින් එල්ලිලා ඉන්න ඕන කියල එයාට කවුරුත් කියා දීල නැහැ
ReplyDeleteහරියට හරි TG, පෙරලෙන අත හොඳයි කියලා, ඒ දේවල් ඉවසගන්න පුරුදු වෙච්චි මනසකට හරි ලේසියි ඕනෑ එකක් දරාගන්න. අපේ කෝච්චි පරක්කු වෙන හැටියට එහෙනම් අපි මරා ගන්න ඕනේ ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව එක්ක. නිවාඩු යද්දි සම්පූර්ණ දවස් බාගයක්ම මහ මග.
ReplyDeleteගතවෙන මිනිත්තුවේ සුන්දරත්වය දකින්න පුරුදු වෙලා නෑ ඒ මිනිස්සු. ඒකත් අසුන්දර කරගෙන අතීතයත් අසුන්දර කරගෙන ඉස්සරහට එන මිනිත්තුවත් කාබාසීනීයා කරගන්නවා. අර අන්තිමට කියපු ටික නම් ඉස්තරම්... මට මතක් වෙන්නේ අනිත් කොණට යද්දී මඩ පාට හදාගෙන යන දූවිලි පිරුණු පාරක කඩ කඩ යන ලෝකල් බස් එකක ගිහින් ලේන්සුවෙන් මුහුණ පිහද්දී දකින දුඹුරු පාට දුවිලි පදාසය...
හ්ම්!! අක්කෙ ඔය වගේම අත්දැකීමක් මට අපේ ගුවන් තොටුපලේදි ලැබුණ...
ReplyDeleteසුදු ගැහැණියක් ඈට කලින් හිටි තැනැත්තාගේ යම් ප්‍රමාද දෝශයක් නිසා තමන්ගෙ චෙකින් ප්‍රමාද වුණා කියල අපේ ගුවන්තොටුපල සේවකයන්ට යටි ගිරියෙන් කෑගසමින් බනින්ඩ පටන් ගත්ත...
හැම දෙනාම හැරි හැරී බලන අතරෙ මම නං දත්මිටි කෑව... අර කියන්න වගේ තුන් වෙනි ලෝකෙට රිලැක්ස් කරන්ඩ නිවාඩු එන්ඩ හොඳයි... පැය බාගෙක පරක්කුව ඉවසන්ඩ බෑ..
ඕකෙ වැරැද්ද තියෙන්නෙ ඒ මිනිස්සු විතරක් නෙවෙයි අපිත් සංවර්ධනය මයින මිමිමෙ කියලයි මට හිතෙන්නෙ