Friday, May 4, 2012

නිකං රවුම් ගහන වරං !



ෆුට් ලූස් ෆැන්සි ලයිෆ් ස්ටයිල් එක 
නියමයි මචං 
පට්ට ජෙලක් දැනේ 
යන් එන ගමං බිමං


මොකෝ අපි  වගේද 
වැදගත් වැඩක් කරනව කියලද 
නිකං රවුම් ගහන වරං
රස්සාවටත් අහසෙමයි ඉන්නෙ


අඬන්න ලමයි ඉන්නවද 
රෑට බත් මාලු උයන්නද 
මොනවයින්  කරදරද 
හිතුන හිතුන අත ඇවිදින්න 

9 comments:

  1. කරදරයම සැපයක්යැයි
    සිතනාවුන්ද වෙසෙතැයි

    :-)

    ReplyDelete
  2. කරදරයක් නැත්නම් අවුන් ගගහා ඉන්ඩ බැරුව යෑ.

    ReplyDelete
  3. නොබැඳි එකා සතුටින් යයි

    බැඳ ගත් අය කියති

    බැන්දම හරි ජොලි නොවේද

    නොබැඳි එවුන් කියති

    ..ගණන් ගන්න එපා නගේ..ඔය ඉරිසියයි කියන්නේ කියන්න දෙයක් නැතුව වෙන්න ඇති . හිත යට ඇත්තේ

    අපෝ දැන් වයස කීයද

    ගෙදරටම නාකි වේවිද

    අනේ අපරාදේ

    තරුණ ජිවිතයක් නේද

    ReplyDelete
  4. හපොයි පොඩ්ඩි ගැන නෙමේ නේද කීවේ? :D:D:D

    ReplyDelete
    Replies
    1. කාලයක් තිස්සේ සමහරු මූනටත් , සමහරු මූණටම නොවුනත් කිව්ව කාරණා කීපයක් නිසා ලියන්න කියල හිත බල කෙරුව බලි කුරුට්ටක් .තම තම නැණ පමණින් අවබෝධ කරගන්න .

      Delete
  5. "ඇවිද්ද පය දහස් වටී"

    ReplyDelete
  6. "පාරේ ගිහින් අතරමං
    වෙන එකත් දැන් ආතල්
    පෙට්ටි කඩෙන් බිම ඉඳන්
    කන එකත් මට ආතල්
    අරමුණක් නැති සංචාරේ
    රොමෑන්ස් හොයයි නිදි වාරේ
    යනෙන මඟ තොට විස්තරේ
    බෙදා ගන්නටම වටී
    කට පිරෙන්නට බුලත් විට
    පකෝරායි ලැසී එකයි
    තවත් වෙලාවකට
    හවස් වරුවක
    රැවියෝලි කන්න
    ආගන්තුක ගෝත්‍රික පුරුෂයෙක්...
    ඉරිසියාකාරයෝ ළමයෝ
    ජීවිතේ විඳපු නැති එවුවෝ
    හහ් හහ් හා....
    හිනා වෙන්න ඇති තරම්...
    අදත් අපිට අලුත් දවසක්"

    ReplyDelete
  7. http://vajiradevi.blogspot.com/2012/05/blog-post_24.html

    ටීජී ගේ ලිපියෙන්..

    ReplyDelete