ආදරණීය දම් පාට මල් වැල
මගේ සොල්දර බංගලාවේ
කවුලු වලින් හොරෙන් එබුණ
සති අන්තෙ උදේ පාන්දරත්
නිවනක් නැතුව කච බච ගෑව
දෙමලිච්චො ,බට්ටිච්චොන්ට
නොමිලේ නවාතැන් සැපයුව
රෑට අපේ කසු කුසු කතා
හොරෙන් අහන් පවන් සැලුව
ලේන් පැටවු උගුඩුවන්ට
හොරෙන්ම ගෙට රිංගන පාර කිව්ව
නම නොදන්න ආදරණීය
දම් පාට මල් වැල
අදට අපි වෙන්වෙලා
හරියටම දෙවසරයි
මාත් දන්නේ නැහැ ..මොකක්ද මේ මල . හරි ලස්සනයි .
ReplyDeleteඅවුරුදු දෙකක් ගියත් මේ මල් වැල තාම ලස්සනයි....
ReplyDeleteඇත්තටම මොකද්ද මේ මල ??