සිලොම් වීදි දිගේ රස්තියාදු වුන තායිලන්ත රාජකාරි කටයුත්ත අවසන්වෙන දවසේ මට එක දවසක වගේ නිවාඩුවක් ලැබුණා .එදා සෙනසුරාදාවක් .එදිනම හවස හතට විතර ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මම ලංකාවට පැමිණිය යුතුව තිබුණා . හතට ගුවන් යානයට නගින්න නම් මම හවස තුනහමාරටවත් ගුවන්තොටට යායුතුයි .ඉතින් මේ ඔක්කොම කල්පනා කරලා ඉතුරුවුණ සෙනසුරාදා නිවාඩු දවසින් උපරිම ප්‍රයෝජන ගන්න මම හිතුවා .මගේ පරණ බොස් කැමත්තෙන්ම එකඟ වුනා මාව නිවාඩු දවසේ ඇවිදින්න එක්ක යන්න . මට ඉතුරුවෙලා තියෙන වෙලාව ගැනත් හිතලා එයා යෝජනාකලේ ග්‍රෑන්ඩ් පැලස් එක බලන්න යන්න . මාත් එකපයින්ම කැමති වුණා.
ග්‍රෑන්ඩ් පැලස් කියන්නේ තායිලන්ත රාජකීය පවුල කාලයක් තිස්සේ වාසය කල නිවහන. රාජ්‍යත්වය කියන එක ආණ්ඩුක්‍රම සංකල්ප වලින් තුරන් වෙලා යන මේ කාලේ තාමත් තායි වැසියන් තමන්ගේ රජතුමාට දෙවියන්ට වගේ සලකනවා ,ගරු කරනවා. තමන්ගේ රට කින්ඩම් ඔෆ් තායිලන්ඩ් කියලා හඳුන්වන තායි ජාතිකයන්ගේ රජයේ ප්‍රධානියා, හමුදා ප්‍රධානියා හා බුදු දහමේ ආරක්ෂකයා හැටියට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය පැවරිලා තියෙන්නේ රජුට .දැනට රාජ්‍යත්වය දරන්නේ නව වෙනි රාමා රජතුමා .වර්තමාන තායි රජ පවුල දැන් මේ නිවහනේ නොහිටියත් බොහෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් මේ පරිශ්‍රය යොදාගන්නවා .
ග්‍රෑන්ඩ් පැලස් රජගෙදර පිහිටලා තියෙන්නේ Chao Phraya ගං ඉවුරේ. නරඹන්නන්ට ව්වෘත වෙන්නේ දිනපතා උදේ 8.30 ඉඳලා හවස 3.30 වෙනකන් .මොනවහරි රාජ්‍ය උත්සව එහෙම පැවැත්වෙනවනම් මේ වෙලාවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා .අපි දෙන්නත් ග්‍රෑන්ඩ් පැලස් බලන්න යන්න උදේ උදෙන්ම පිටත්වුනා කාලෙ ඉතුරු කරගන්න ඕනේ නිසා . මම නැවතිලා හිටිය නෝර්ත් සැතෝර්න්-North Sathorn වල ඉඳන් ග්‍රැන්ඩ් පැලස් යන්න පුලුවන් ලේසිම විදිය තමයි සපොන් තක්ෂින් කියන බෝට්ටු ජැටියට ගිහින් එතනින් මාලිගාව දිහාට යන බෝට්ටුවකට නැගලා ගඟ දිගේ යන එක .සපොන් තක්ෂින් වලට ස්කයි කෝච්චියෙනුත් යන්න පුලුවන් වුනත් අපි දෙන්න තීරණය කලා ටැක්සියක නැගිලා යන්න .ලොකු මගී ප්‍රවාහන බෝට්ටු සියගනනක් මේ ගඟ දිගේ ප්‍රවාහන සේවාවල නිරත් වෙනවා . ටැක්සි ,බස් ,ස්කයි ට්‍රේන් වගේම බෝට්ටුත් තායිලන්තේ මගී ප්‍රවාහනයට ලොකු මෙහෙයක් කරනවා .බාත් පන්සීයක් දීලා බෝට්ටු ටිකට් ගත්තු අපි දෙන්න අපේ බෝට්ටුවට ගොඩ වෙලා මුලින්ම කලේ රජගෙදර ගාව බහින ජැටියේ නම සොයාගන්න එක .තායි ජාතිකයො වැඩිය ඉන්ග්‍රිසි කතා කරන උදවිය නෙවේ ,ඒ නිසා මෙහෙම ගමනක් යද්දී හොඳම දේ තායි බසින් අපිට උවමනා තැන් වල නම ගම විස්තර ලියවගෙන මැප් එකකුත් අරන් යන එක .
ගඟ දිගේ විනාඩි හතලිස්පහක විතර බෝට්ටු ගමනේ මම අවට සිරි නැරඹුවා.ගඟ දෙපැත්තේම ඉවුරු වල හිල්ටන් වගේ ප්‍රසිද්ධ සංචාරක සමාගම් වලට අයිති විසාල සුව පහසු හෝටල් ඉදිවෙලා තියෙනවා .ඒ වගෙම ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ගොඩනැගිලිත් තියෙනවා .ගොඩක් හෝටල් වල ඒ අයටම වෙන් වුන බෝට්ටු සේවාවනුත් තියෙනවා . ගඟ මැදින් විසාල බෝට්ටු දහයක් පහලවක් වේගෙන් ඇදිලා යාම සුලබ දසුනක් . මේ අතරමග වට් අරූණ් -Wat Arun වගේ සංචාරකයන් නිතර යන එන පංසල් එහෙමත් තියෙනවා .
අපේ ගමනාන්තය වුන රජගෙදර ජැටියෙන් බැස්සා කියමුකෝ .එතැනම තරමක ලොකු මාර්කට් එකක් .අඹ ,වරකා ,මැංගුස් ,දූරියන් ,කෙසෙල් වගේ පලතුරු වෙලෙන්දො, තායි රයිස් ඇන්ඩ් කරි විකුනන අවන්හල් , ඉඟුරු ,සුදුලූණු වගේ කුලුබඩු වෙලෙන්දො ,ස්ටිකි රයිස් , පැණි මඤ්ඤොකා වගේ රස කැවිලි කඩ වලින් පිරිලා .ගමේ පොල වගේ .එතැන දැක්කම රජ ගෙදර බලන එක මට අමතකම උනා .හරියට කවදාවත් නොකාපු කෑමක් දැක්ක වගේ වරකා විකුනන වෙලඳන් අම්මකෙනෙක් ගාවට ගිහින් බාත් හතලිහක් ගෙවලා වරකා ග්‍රෑම් 100 ක් ගත්ත ඉස්සෙල්ලම . එතැනින්ම අඹ ගෙඩි දෙකකුත් කපලා ගත්තා .වරකා හරි රහයි පැනි බේරෙනවා . මග දිගට කකා යන්න පුලුවන් විදියට පොලිතින් කවරෙක දාලා පාර්සල් කරලා ටූත් පික් එකකුත් එක්ක දෙන්නේ .මම අඹ වරක බෑග් දෙකත් උස්සන් තායි රයිස් ඇන්ඩ් කරි තියෙන තැනට ගියා .අපේ ටේක් අවේ කඩ වගේ කෑම ලොකු දීසි වලට බෙදලා . ලොකු දැල්ලො උයලා , තව එකක් එක සී ෆුඩ් , එලවලු ජාති හැම කරි එකකටම හොඳට ඉඟුරු දාලා තියෙනවග පෙනුනා .තමන්ට කැමති කරි වලින් බෙදව ගන්න පුලුවනි . මාර්කට් එකේ මට තව ඇවිදින්න දුන්නොත් රජගෙදර බලන්න වෙන්නේ නැති බව තේරුම් ගිය මගේ බොස් මාවත් අතින් ඇදන් ඉක්මනට රජගෙදර දිහාවට එක්කන් ගියේ ආයේ එනගමන් පොලේ රවුම් ගහමු කියලා . බොස් කෙනෙක්ගේ වටිනාකම .....හැම තිස්සේම අපි හරි මගට දානවා ...
රජ මාලිගාවට යන පාර දෙපැත්තෙත් කඩ පේලි ඒවයේ විසිතුරු බඩු ,කෑම ජාති විකුණනවා , වැඩිය ඒ තැන් වල සුනංගු වෙන්න බැරි නිසා අපි ආයේ එනකොට නවතින්න කොකනට් අයිස්ක්‍රීම් විකුණන පොඩි කඩයක් ඇහැ ගහගෙන ඉක්මනට මාලිගාවට ගියා .
මාලිගා පරිශ්‍රය බලන්න විදේශිකයෙක්ට අවසර පතක් විකිනෙන්නේ තායි බාත් 400 කට . බාත් අටසීයක් දීලා මගේ බොස් මටත් එක්ක ටිකට් ගත්තා .මේ මාලිගා පරිශ්‍රය ඇතුලේ වැදගත්ම තැනක් තමයි එමරල්ඩ් බුද්ධ එහෙම නැත්නම් වට් ප්‍රා -Wat Pra කියන පන්සල. ඒක රජ මාලිගාව ඇතුලෙම තියෙන රාජකීය පන්සල වගේ .තායි රජවරුන්ට බුදු දහමේ උන්නතිය ගැන වැඩ කිරීමට විශේෂ වගකීමක් තියෙන නිසා කවුරුත් ඒ ගැන උනන්දුයි .ඒ නිසා වෙන්න ඇති මාලිගා බිමේම පන්සලක් තියෙන්නේ .මේ එමරල්ඩ් බුද්ධ පන්සල බොහොම ඉපැරණි බලගතු තැනක් හැටියට තායි ජාතිකයන් හඳුන්වනවා .නිවාඩු හා විශේෂ ආගමික උත්සව කාල වල මෙතැන පුද පූජා කරන සෙත් ශාන්ති පතන ජනයාගෙන් පිරිල ඉතිරිලා යනවලු . මාලිගාවට ඇතුල්වෙන අවසර පත් දෙක පෙන්නුවහම අපිට ලොකු නෙලුම් මල් මිටියකුත් , හඳුන්කූරුත් ,රන් පත්‍රත් ( ගෝල්ඩ් ලීෆ් ) ලැබුණා පන්සල වැඳපුදාගන්න යන්න .කාටවත් කොට ඇඳුම් ඇඳන් මේ පන්සලට ඇතුල්වෙන්න අවසර නෑ .ශෝර්ට්ස් ඇඳන් එන අයට ටිකට් කවුන්ටරෙන් බාත් 500 කට දිග සාලුවක් ගන්න වෙනවා.
ලොකුම දේ මේ පන්සල් වල සෙරෙප්පු සපත්තු නැති වේවි කියලා බය නෑ .අමතර ගාස්තු නැතිව මාලිගාවට ඇතුල් වෙන ටිකට් එකෙන්ම සෙරෙප්පු සපත්තු පරිස්සම් කරන සේවයත් දෙනවා . තායි වැසියො හනුමාන්ව අදහනවා .ස්වර්ණභූමි ගුවන්තොටේ තියෙන මහ විසාල හනුමාන් ප්‍රථිමා වල රහස මට තේරුම් ගියේ පන්සලට ඇතුල් වුනහම . ඒ වගේ හනුමාන් ප්‍රථිමා පන්සලේ වටේ තියෙනවා . අපි නෙලුම් මල් අරගෙන ප්‍රධාන විහාරගෙය වුන බොහෝ අනුහස් අති ඉපැරණි එමරල්ඩ් බුද්ධ ප්‍රතිමාව වැඳගන්න ගියා ඉස්සෙල්ලම . ගෙනියන නෙලුම් මල් මිට පිලිම ගෙට ඇතුල් වෙන්න කලින් තියෙන ලොකු තඹ වතුර භාජනෙකට දාලා එයින් ඔලුවට අත පයට පැන් ඉහගෙන මල් මිටි එතැනම තියෙන බඳුනට විසි කරලා නිශ්ශබ්දව විහාරගෙට ඇතුල්වීම තමයි සිරිත .ඇතුලේ දාස් ගාණක් සෙනග වාඩිවෙලා හිටියත් බොහොම සංවරයි , කිසි සද්දයක් නෑ . මෙතන ඡායා රූප ගැනීමත් තහනම්
මේ ජේඩ් වලින් හදාපු ඉපැරණි බුදුරුව සියවස් පහක් විතර පැරණියි .මේකේ ඉතිහාස පුරාවෘතය ඉන්දියාවේ නාගසේන සමය තෙක් දිවෙනවා . ටිකවෙලාවක් ඉඳගෙන් හිටි අපි දෙන්නා බුදු මැදුරෙන් එලියට ඇවිත් හඳුන්කූරු , ඉටිපන්දම් පත්තුකලා .එතැනම රන් ආලේපිත කුඩා බුද්ධ ප්‍රථිමා තියෙනවා .ඒවයේ අර රන් පත්‍ර අලවා යම් ප්‍රාර්ථනාවක් කලයුතුයි .මාත් මගේ අතේ තිබුණ රන් පත්‍ර බුදුරුවක අලවලා ප්‍රාර්ථනාකලේ ආයෙත් තායිලන්තේ සවාරි ගහන්න ඉඩ ලැබෙන්න ක්‍රමයක් පහලවෙන්න කියලා .අපි විහාරගෙයි සිතුවම් , බලන්නත් ගියා . හැම තැනම රාමායණය සිතුවම් කරලා . චිත්‍ර , ප්‍රථිමා මේ සියල්ලේම රන් ආලේපිතයි . මෙහි තියෙන රන් ආලේපිත විසාල ස්ථූපය ලංකාවෙන් කෙරුව පරිත්‍යාගයක් . තායි බුදු දහම හා සංස්කෘතිය එක්ක ඉන්දියාවේ තියෙන නෑකම වෙනම විමසිය යුතු වෙනවා .ව්‍යාපාර කටයුතු වල නිරතවෙන පවුල් පිටින් පරම්පරා දෙක තුනක්ම තායිලන්තේ පදිංචිවෙලා ඉන්න ඉන්දීය ජාතිකයන් මෙහි සුලබයි .
එමරල්ඩ් පන්සල දැල්ක බලාගත්තු අපි දෙන්න මාලිගා පරිශ්‍රය බලන්න ගියා . කියලා නිම කරන්න බැරි තරම් විසාල අලංකාර ගොඩනැගිලි රැසක් මෙහිතියෙනවා විවිධ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට පාවිච්චි වෙන . රජතුමාගේ නිල කාර්යාලයත් තියෙන්නේ මෙතැන . විසාල තණබිම් , මනාව කපා මට්ටම් කල ගස් වලින් යුතු උයන් මේ බිමේ තියෙනවා .හොඳම දේ තමයි මේ සිරි බල බල බංකුවක් උඩට වෙලා නිවී සැනසිල්ලේ ඉන්න එක . මේ බිමේ පවිත්‍රතාව නම් හරිම ඉහලයි . දාස් ගානක් සෙනග ගැවසෙන තැනක බාත් 400ක් ( ඩොලර් 13 ක් විතර ) අය කරලා දෙන සේවය නම් බොහොම වටිනවා .ටික වෙලාවක් මාලිගාවේ රැඳුන අපි දවල් දොලහ වෙනකොට ආයෙත් එන්න පිටත්වුනා .
ඒත් එහෙම එකපාරටම එන්න පුලුවනිද ? අර කොකනට් අයිස්ක්‍රීම් විකුණන පොඩි කඩේටත් යන්න එපැයි . එතන හරි හුරු බුහුටි තැනක් .ලී කොට වලින් හැදුව මේස තියෙනවා ආගන්තුකයන්ට වාඩි වෙන්න. ෆ්‍රෙෂ් ඕකිඩ් මල් බඳුන් වලින් මේස සරසලා හැම මේසෙකටම පේපර් සර්වියට් එහෙමත් තියලා . ඉස්සෙල්ලම අපි දෙන්න කුරුම්බ ගෙඩි දෙකක් බිව්වා මහන්සි යන්න . තායිලන්තේ කුරුම්බා පිලිගන්වන ක්‍රමේ හරි ලස්සනයි .කුරුම්බා ගෙඩි වේලිලා දුඹුරු පාට වෙලා නෑ . ඒවා කපලා ෆ්‍රිජ් එකක දාලා තියෙන්නේ .ගණුදෙනු කාරයො ඉල්ලුවහම ෆ්‍රිජ් එකෙන් අරන් ඇස්ස කපලා හැන්දකුයි බීම බටේකුයි එක්ක දෙනවා .පාරේ සමහර ජංගම වෙලෙන්දො කුරුම්බා කපලා ලොඳත් එක්ක ප්ලාස්ටික් කප්ස් වලට දාලා පියන් වලින් වහලා අයිස් කැට බාජනේක දාලා විකුණනවා . රස්නේ දවස් වලට බාත් විස්සක් දිල එයින් එකක් බිව්වම හොඳ ගනන් .
කුරුම්බ බොන අතරේම අපි කොකනට් අයිස්ක්‍රීම් ඕඩර් කලා .මේ අයිස්ක්‍රීම් හදන්නේ පොල් වතුරෙන් .පිලිගන්වන්නේත් අපූරු ක්‍රමේකට .හොඳට සුද්ද කරලා කාර්වින්ග් පිහියකින් ගාණට ලොඳ හූරපු පොල් කටුවකට අයිස්ක්‍රීම් ස්කූප් තුනක් විතර දානවා .ඊට පස්සේ අපිට කැමති ටොපින් එකකුත් දාලා දෙනවා .මම ලොකු බෝංචි ඇට , තම්බපු බඩ ඉරිඟු ,වෙලලා කෑලි කැපුව කුරුම්බා ලොඳ , තව රතු පාට පලතුරු වර්ගයක් දාල මගේ කොකනට් අයිස්ක්‍රීම් එක ඉල්ලගත්තා . එතකොට මට මතක්වුනේ පිලිපීන් වලදී රස බැලුව "හලෝ හලෝ -Halo Halo " කියන කෑම .හලෝ හලෝ කියන්නේ අයිස්ක්‍රීම් වලට නූඩ්ල්ස් , සොයා බෝංචි ඇට , බඩ ඉරිඟු ඇට , මෑ ඇට , වගේ ධාන්‍ය එහෙම දාලා දෙන කෑමක් .එයින් කප් එකක් ඉවර කරන්න ලේසි නෑ . තායිලන්තේ ගියොත් කොකනට් අයිස්ක්‍රීම් රස විඳින්න අමතක කරන්න එපා . හරි රස කෑමක් .මම නැවතිලා හිටි තැන තිබුණ කොකනට් අයිස්ක්‍රීම් නම් මේ පාරේ කඩේ අයිස්ක්‍රීම් තරම් රහ නැති වග කියන්න ඕනේ .
කොකනට් අයිස්ක්‍රීම් එහෙම සප්පායම් වෙලා අපි ආයේ බෝට්ටු ජැටියට ආවා නෝත් සැතෝර්න් වලට යන්න . අපේ බෝට්ටුව පිටත්වෙන්න විනාඩි හතලිස්පහක් තියෙන නිසා අපි දෙන්න ආයිත් ජැටියේ පොලේ විසිතුරු බලන්න ගත්තා .ඒ ගමන මගේ හිත ගියේ පැණි මයියොක්ක විකුණන හුරු බුහුටි මුදලාලි කෙනෙක් දිහාවට .දැකලා තියේද තම්බපු මයියොක්කා උණු පැණි වලින් පොඟවලා විකුණන්න තියෙනවා ? නැගෙනහිර ආසියාවේ මයියොක්කා වලට කියන්නේ කසාවා-kasava කියලා . ලස්සනම වැඩේ මේ මයියොක්ක බේසමේ මී මැස්සො පිරිලා . කාටවත් ඒ ගැන වගක් නෑ . ඒ මේ කෑම ජාතියේ හැටි .කවුරුත් මයියොක්ක ගන්නවා මී මැස්සො එක්කම .මට තිබ්බ කුතුහලේ නිසා මම වරුවක් විතර එතන රැඳිලා මේ "බී හනි ඩිප්ඩ් මැනියොක් විත් බීස් " ගැන බලන් කෙල පෙර පෙර ඉන්නකොට මුදලාලි ටූත් පික් එකක ගහලා මයියොක්ක කෑල්ලක් මට රහ බලන්න දිලා ලස්සනට හිනාවෙලා තායි බාසාවෙන මොන මොනවද කියලා "ස්වාදිකා" කිව්වා .හම්මෝ ඒකෙ පැණි රහ .කරුමෙට මට තායි බෑ, එයාට ඉන්ග්‍රිසි බෑ . මාත් දෙතුන් වතාක් හිස නවලා දන්න එකම වචනේ වුන "ස්වාදිකා" කියලා ආයෙත් කියලා ස්තුති කලා .කොහොමත් තායිලන්තේදී ඔයවගේ අමුතු කෑම දැක්කම සාම්පල් රහ බලන එක මගේ අත් ඇරගන්න බැරි පුරුද්දක් වෙලා දැන් .
මයියොක්කා මුදලාලි පහු කරන් යනකොටම මෙන්න ආයිත් ස්ටිකි රයිස් තියෙනවා . ගමනේ අන්තිම වතාවටත් මට ස්ටිකි රයිස් එකක් කන්න දොල දුක පහල වුනා . මම ගැන දන්න බොස් දෙපාරක් නොහිතා ස්ටිකි රයිස් කප් එකකුත් අරන්දුන්න . ග්ලූටීන් රයිස්/Sweet Rice කියලා තායිලන්තෙම තියෙන විශේෂ ඇලෙන සුලු හාල් වර්ගයකින් බෙරි පැණි රස බත පිලියෙල කරන්නේ .ඊට පස්සේ කැමති විදියට ඒකට ටොපින් දානවා අඹ , කස්ටර්ඩ් , මිරිස් වගේ සැර ජාති එහෙම . දැනට මම දන්න විදියට අඹ හා කස්ටර්ඩ් ස්ටිකි රයිස් හරිම රහයි . නියම ක්‍රමේට නම් මේවා කෙසෙල් කොලේ ඔතලයි විකුනන්නේ . ස්වර්ණභූමි ගුවන් තොටුපොලේ තියෙනවා මිලට ගන්න ස්ටිකි රයිස් කප්ස් . කාට හරි එතැනින් ට්‍රාන්සිට් වෙන වෙලාවක වුනත් රහ බලන්න පුලුවනි .තායි සුපර් මාර්කට් වල ග්ලූටින් රයිස් බෑග් තියේ .ඉන්ටර්නෙට් එකෙන් රෙසිපි එක බලාගෙන හදන්න පුලුවනි එයින් එකක් ගත්තොත් .මගේ ඉතින් ඔය වැඩි වැඩ නෑ නේ .ඒ නිසා බඩ පැලෙන්න ස්ටිකි රයිස් කෑවා බෝට්ටු ජැටියෙන්.
මයියොක්කා මුදලාලි පහු කරන් යනකොටම මෙන්න ආයිත් ස්ටිකි රයිස් තියෙනවා . ගමනේ අන්තිම වතාවටත් මට ස්ටිකි රයිස් එකක් කන්න දොල දුක පහල වුනා . මම ගැන දන්න බොස් දෙපාරක් නොහිතා ස්ටිකි රයිස් කප් එකකුත් අරන්දුන්න . ග්ලූටීන් රයිස්/Sweet Rice කියලා තායිලන්තෙම තියෙන විශේෂ ඇලෙන සුලු හාල් වර්ගයකින් බෙරි පැණි රස බත පිලියෙල කරන්නේ .ඊට පස්සේ කැමති විදියට ඒකට ටොපින් දානවා අඹ , කස්ටර්ඩ් , මිරිස් වගේ සැර ජාති එහෙම . දැනට මම දන්න විදියට අඹ හා කස්ටර්ඩ් ස්ටිකි රයිස් හරිම රහයි . නියම ක්‍රමේට නම් මේවා කෙසෙල් කොලේ ඔතලයි විකුනන්නේ . ස්වර්ණභූමි ගුවන් තොටුපොලේ තියෙනවා මිලට ගන්න ස්ටිකි රයිස් කප්ස් . කාට හරි එතැනින් ට්‍රාන්සිට් වෙන වෙලාවක වුනත් රහ බලන්න පුලුවනි .තායි සුපර් මාර්කට් වල ග්ලූටින් රයිස් බෑග් තියේ .ඉන්ටර්නෙට් එකෙන් රෙසිපි එක බලාගෙන හදන්න පුලුවනි එයින් එකක් ගත්තොත් .මගේ ඉතින් ඔය වැඩි වැඩ නෑ නේ .ඒ නිසා බඩ පැලෙන්න ස්ටිකි රයිස් කෑවා බෝට්ටු ජැටියෙන්.
කඩචෝරු කාලා පොලේ රවුම් ගහලා ආයෙත් බෝට්ටුවෙන් අපේ ගමනාන්තේ වුන සපොන් තක්සින් වලට එනකොට දවල් එකහමාරයි . තව පැයකින් මගේ නවාතැනෙන් චෙක් අවුට් වෙන්න ඕනේ නිසා ඉක්මනින් නෝත් සැතොර්න් වලට යන්න හිතන් අපි දෙන්න ස්කයි ට්‍රේන් එකකට නැග්ග මගේ නවාතැනට කිට්ටු සලේ ඩාන් -Sale Dane ඉස්ටේසමට යන්න . නොර්ත් ලයින්, සවුත් ලයින් කියලා තායි ලන්තේ ස්කයි ට්‍රේන් මාර්ග දෙකක් තියෙනවා. රේල්වේ ටිකට් එකේ පැහැදිලිව මේ ගමන් මාර්ග දක්වනවා .අපේ ගමනාන්ත ඉස්ටේසම සොයාගෙන එකට අදාල උතුරු හෝ දකුණු දුම් රියට යාමත් , ඉන්ටර්චේන්ජ් එකක තියෙනවද බැලීමත් වදගත් . කොහොමත් බොස්ටත් මටත් තියෙන ලෙඩේ තමයි මුන ගැහුනම කයිවාරු ගහන එක . අපි දෙන්නත් ආව කෝච්චියක නැගිලා සීට් දෙකක හොඳ හැටි වාඩි වෙලා ඔෆිස් කතන්දර වගයක් කියව කියව යද්දී කෝච්චිය ගමනාන්තෙට ඇවිල්ල තිබ්බා .ඒත් සලේ ඩාන් ඉස්ටේසම නෙවේ වෙන තැනක් එතකොට මතක්වුනේ වැරදි ස්කයි ට්‍රේන් එකේ නැගලා කයියගහන් ඇවිත් කියලා .කොටින්ම කිව්වොත් ඔක්කොම මිනිස්සු බැහැල ගිහින් ට්‍රේන් එක නවත්වලා එත් අපි කයිය නවත්වලා නෑ .රේල් වේ ගාර්ඩ් කෙනෙක් ඇවිත් අපි එලවනකන් මතක්වුනේ නෑ .කොහොමහරි ආයෙත් නියම ට්‍රේන් එකේ නැගිලා දෙන්න සලේ ඩාන් ගිහින් බැස්සා වෙලාවට .
ප\ලි
ඔය කයිවාරු හා වැරදි කෝච්චි වල යාම නිසා මට එදා ෆ්ලයිට් මිස් වෙන්නත් ඉඩ තිබ්බා .මම නවාතැනට යද්දි එදාම රෑ මා එක්ක පිටත්වෙන්න හිටි අනික් යාලුවො නම් හවස තුන වෙනකනුත් එයාලගේ "ලාස්ට් මිනිට් ශොපින් " ඉවර කරලා තිබ්බේ නෑ .මට ඉතින් එහෙම කරදර නැති නිසා ගමන් බෑග් දෙකත් අරන් තුන වෙද්දී ස්වර්ණභූමි ගුවන්තොටට ගිහින් අන්තිම කොනේ තිබ්බ ශ්‍රි ලන්කන් ගුවන් සේවයට අයිති දොරටුවෙන් ඇතුල්වෙලා ඉක්මනට චෙකින් කරලා ආයෙත් කඩ පිල් සිරි නරඹන්න ගත්තා .මේකේ මූලික අරමුණ තමයි සමහර රස තායි කැම ජාති වල සාම්පල් රස බැලීම . එයිනුත් මගේ ආසම දේ ක්‍රිස්පි කොකනට් රෝල්ස් , වේලපු පලතුරු , පැනි, සීනි ,මිරිස් මිශ්‍ර වියලි හාල් මැස්සො හා රට කජුත් .සැහෙන්න සාම්පල් කාලා රහ බලලා ඉතුරු කරන් හිටි බාත් වලින් යාලුවො කීපදෙනෙක්ට තෑගි දෙන්නත් එයින් පාර්සල් කීපයක් අරන් , අන්තිම බාත් සීයෙන් කෝපි කෝප්ප දෙකකටත් වග කියලා හවස හතට පිටත්වුන ශ්‍රි ලංකන් ගුවන් යානයට නැගිලා තමයි මගේ සවාරිය නිමාවට පත්කලේ .
රජගෙදර ගමන ගැන විශේෂ ස්තුතිය මගේ ( පරණ ) බොස්ට .එයා අපි එක්ක දැන් වැඩ නොකලත් තාමත් "අවර් බොස්" කියලා තමයි අපි කියන්නේ .එකට වැඩ කල කාලේට වඩා දැන් ගොඩක් අගේ දැනෙන රාජකාරි ජීවිතෙන් එලියට ආවම ටිකක් අපි වගේම පිස්සු හිත හොඳ ලේඩි බොස් කෙනෙක් .