දැනට වසර හතකට එහා කාලයයි .අපි ජීවිතයේ දෙවනි දශකය අග උපාධියක් පමණක් අතැතිව සරසවියෙන් පිටවූ අලුතය . අපේ උපාධියටම පමණක් වෘතීය සුදුසුකම් ලබානොදෙන නිසා එය වලිගය නැති ගොනෙකුට සමානකර තිබුණි . සිවු වසරක උපාධිය නිමාකර තවත් වසර එකහමාරක ආධුනික සමයක් ගෙවා දැමිය යුතුව තිබිණි .ඒ කාලය තුල ජේෂ්ඨයන් හා වැඩ පුහුණු වීම් ,අදාල වෘතීය ආයතනයේ දේශනවලට යාම් , සහ විෂයන් හතකින් සමන්විත මාසයක් පුරා පවත්වන විබාගයක් සමත් වීමද අනිවාර්යෙන් කලයුතු අංග විය .මේ විබාගය අසමත් වුනොත් අර වෘතීය වලිගය එල්ලාගැනීමට නොලැබේ .එසේම උපාධියට අපර්ස් ගත් උදවියත් එය අසමත් වන අවස්ථා ඇතිනිසා පලමුවර ගොඩයාම ඇඟට ගුණ බව කාගේත් උපදෙස විය .
සරසවි කාලයේ යැපුණේ ගෙදරින් දෙන මුදලින් හා මහපොල ශිෂ්‍යත්වයෙනි. ආසා ඇඳුමක් , පොතක් ගන්න යන්න , මාසෙකට වරක් රස්තියාදුවක යන්න මහපොලෙන් වූ සේවය අපමණය .දැන් ඉතින් එයත් අහෝසිය .ඇත්තේ ගෙදරින් ලැබෙන දීමනාවයි .අර ලතින් බසින් කියවෙන උපාධිය ගත් පසු ගෙදරි සල්ලි ඉල්ලිමද මහා මදි කමකි . ලජ්ජාවකි .ඊටත් වඩා එකල ඔය අකුරු දෙක තුන ගැන මහා උද්ධච්ච ලෙස සිතූ නාහෙට නාහන කාලයකි .ජේෂ්ඨයන් සමග ආධුනික පුහුණුව කරනමුත් එහිදී ගෙවීමක් නැත .නමුත් හිත හොඳ ජේෂ්ඨයන් හෝ පුද්ගලික සමාගම් රුපිය තුන්දාහක් හෝ හාරදාහක් ගෙවීමට ඉඩ ඇත . මේ ආධුනික කාලයේ සල්ලි බාගේ නැතිවුණත් වෘතීය ආචාරධර්ම කඩ නොකර පවත්වාගෙන යාම ඇවැසිය .ඒ වෙනුවෙන් සම්මත වර්ණයන්ගෙන් යුත් සාරි හැඳීම අනිවාර්යය . අර බරපතල විභාගයට අදාල කටයුතු නිසා ගම රට යාමක් නැත . ආයෙත් කොලඹ බෝඩිමකට කූඩු විය යුතුය .ලැබෙන රුපියල් තුන් හාරදාහෙන් කෙල්ලන් වූ අපිට මාසෙට එක වෙන්න අලුත් සාරි ගන්නට නොහැක . කෑම බීම , බස් ගාස්තු , විබාගයට අදාල වියදම් , නවාතැන් ගාස්තු ,කොලඹ ජීවිතය තුල රුපියල් තුන්හාරදාහකින් කල හැකි දෙයක් නැතිය .කොටින්ම මේ ගන්දබ්බ කාලයකි .ගෙදරින් ඉල්ලිමට හිත් නොදෙයි .එකක් අර උද්ධච්ච කමය .අනික තව ඉගෙනගන්න වියදම් කලයුතු බාල සොහොයුරු සොහොයුරියන් අපි කාටත් අතැයි යනුවෙන් සිතන වගකීම් සහගත බවයි .
මෙවැනි වකවානුවල පිහිටට එන්නේ සාමූහික ජීවිතයයි .එහෙත් ඉතින් ගැලපෙන කචල් නැති සමූහයකට වැටුනොත් හොඳය .නැත්නම් ඉතින් නිතර සිත් තැවුල් , නවාතැන් මාරු කිරීම් සිදුවෙයි .ඒ අනුව අපි සිවුදෙනෙක් සමූහික ජීවිතය ආරම්භ කලෙමු .අපි තිදෙනෙක්ම එකම බැච් එකේ අර වසර එකහමාරක ආධුනික කාලය නම් වූ දැඩි දඬුවමට සූදානම් වූ බැචීලාය .අනිකා අපි සියලුදෙනාටම වඩා වසර තුනකින් පමණ බාල චාර්ටඩ් විබාගයට ලෑස්තිවෙන නංගී කෙනෙකි .අපේ නවාතැන අපේ එක බැචියක් වූ චමීගේ දුරින් නෑවෙන නිවසක උඩු මහලයි . මේ තිප්පොල තිබුණේ බෙල්ලන්විල පන්සලත් , ජ'පුර සරසවියත් අතර එකසිය විස්ස පාර ආසන්නයේමය .කොලඹ සීමාවේ නවාතැන් මිල අධික වීමත් , කෙල්ලන්ට දැඩි නීති දාන සාම්ප්‍රදායික නවාතැන් අපිට රුස්සන්නේ නැති නිසාත් , ස්වාධීන ජීවිත ගෙවිය යුතු නිසාත් ඔය සේරටම වඩා සාමූහිකව උයා පිහාගෙන කෑමෙන් කොලඹ ජීවිතේ විය හියදම් අඩු කරගත හැකි නිසාත් , පරිසරය නිස්කලංක නිසාත් මේ නවාතැනට අපි සෙට්වූයෙමු . උඩුමහල අපිට පවරාදුන් නිවැසියන්ගෙන් එතරම් කරදර නොවීය . වෙලාවට ගෙවල් කුලී දුන්නහම ඇතිය .ලයිට් හා වතුර බිල් අපි ගෙවිය යුතු විය . මේ උඩුමහල අපිට ලැබුනේ රුපියල් පන්දාහකටය . අපිඅට ඇවැසි මූලික ගෘහ උපකරණ වූ ඇඳන් හතරක් ,පාඩම් කරන්නට ලොකු මේස දෙකක් , පුටු කීපයක් , කෑම මේසයක් හා කොටස් හතරකට බෙදූ අල්මාරියක් එහි විය .රෝහල් වාට්ටුවක් විතර ලොකු වූ ප්‍රධාන සහ එකම කාමරයේ අපේ ඇඳන් හා අල්මාරිය වූ අතර ඉස්තෝප්පුවේ පාඩම් මේස විය .ඉස්තෝප්පුව බැල්කණියකට විවර වූ අතර එයට පහල මිදුලේ වූ විසාල අඹ ගසකින් සෙවන ලැබුණි . කුඩා කුස්සියත් ඉස්තෝප්පුවත් අතර අපේ නානකාමරය වි.ය පිටුපස බැල්කණියේ අපේ රෙදි සෝදා වේලීමට පහසුකම් තිබුණි .බොහෝ නවාතැන් හා සසඳද්දී එය සෑහෙන්න පහසුකම ,ඉඩ කඩ තිබූ තැනකි.මේ අපේ වාසභවනයි .
අපි හතරදෙනාම උයා පියාගෙන කන්න යන පලමු වතාව මෙය විය .අපි හතරදෙනාගේම දෙමවුපියන්ට නම් මෙය විහිලුවක් විය .එහෙත් අපි සීරියස් වීමු . අපි අතර ටිකක් ඩොමිනේට් චරිතය වූ ඉන්දු ගෘහපාලනය අතට ගත්තාය .උයන පියන සියල්ල ඇයට ඕනේ ලෙසින් තීරණය කරන්නට ඉඩදුන්නත් පහුවෙනකොට අපි අපට උවමනා ලෙස කටයුතු කෙරුවෙමු .
හිතුවා මෙන් නොව සාමූහික ජීවිතයේ බොහෝ වගකීම් ඇති වග අපිට වැටහුණේ පලමු මාසය ගතවෙද්දීය . සතියේ දවස් හතරෙහි උදේ , දවල් හා රෑ කැම පිලියෙල කිරීම හතර දෙනා බෙදාගත්තෙමු .උදේට හා දවල්ට එකටම උයාගත් අතර රෑට වෙනම කෑම ඉව්වෙමු . සතියටම ඇවැසි උයන , පිහන එලවලු , හාල් , පොල් ආදිය ගෙන ඒම එක් අයෙක් කලයුතුය .බඩු මුට්ටු ගෙනාවා පමණක් නොව ඒවා මිල හා ප්‍රමාන සහිතව අදාල දිනය සමග පොතක සටහන් කලයුතුය .ඒ වෙනුවෙන් කුඩා සටහන් පොතක් කුස්සියේ කෑම මේසය මත තබාතිබුණි .එය අපේ විගණන කටයුතු බාරව සිටි සරා නංගීගේ වැඩකි. අවසානයේ ලයිට් බිල් වතුර බිල් ආදියද එකතු කර එකිනෙකා විසින් ගෙවිය යුතු ගනන් අඩු නැතිව සතේටම නිවැරදිව කියන්න ඈට හැකිය .ඒ කුඩා පොත අද තිබුණානම් කොලඹ බඩු මිල වසර පහකදී ඉහලගිය අයුරු නිරීක්ෂණය කලහැකිව තිබිණ . සරා හැර තිදෙනාම තාවකාලික වර්ගයේ රැකියා සොයාගෙන තිබුණි . චමී අපේ සරසවියට අදාල අනුබද්ධ ආයතනයක ඉන්ටර්න්ශිප් එකක් කලාය . ඉන්දුටද එවැනිම බාහිර ආයතනයක ඉන්ටර්න්ශිප් එකක් ලැබුණි . මගේ තත්වය ටිකක් වෙනස්විය .සරසවියෙන් පිටවෙද්දී වූ හදිසි අබග්ගයක් අවසානයේ වාසනාව ගෙන ආවෙන් මට ප්‍රකට සමාජ විද්‍යා පර්යේෂණ ආයතනයක ජූනියර් රිසර්ච් ඔෆිසර පට්ටමක් නම් පත්වීම් ලිපියක්ද සහිත රුපියල් අටදාහක වැටුපක් ඇති , ඊ පී එෆ් , ඊ ටී එෆ් සහිත ඉස්තිර යයි කියන රැකියාවක් ලැබීතිබුණි .ඔය අටදාහ ලැබුණේ 2003 දීය . කැපෙන සියල්ල අවසානයේ ඔවර් ටයිම් ද එක්වුනොත් රුපියල් හත්දාහක් පමණ ලැබුණි .ජීවිතේ වැටුපක් ගත් පලවෙනි වතාව එයයි .පඩි ගත් මුල් දවසේ ලෝකයම දිනූ වීරයෙක්සේ පේ ස්ලිප්- pay slip එකත් අරන් ගෙදර ආ හැටිත් නවාතැනේ හැමෝටම ප්‍රයිඩ් රයිස් ගෙනාහැටිත් මට අදවගේ මතකය . නමුත් මේ රැකියා අපේ වෘතීය පුහුණුවට සම්පූර්ණයෙන් ගැලපෙන ඒවා නොවේ .ඒ නිසා සති අන්තයේ කොහුවල සිටි ප්‍රකට ජේෂ්ඨයෙක් හා වැඩකිරීමට පොටක් පාදාගන්න මට සිදුවිය .රැකියාවේ වැඩ කටයුතු වලින් වෘතීය සුදුසුකම් පුහුණුව ,සම්පූර්ණ නොවේ . එහෙත් රුපියල් හත්දාහක් ලැබෙන රස්සාව අතහැරියොත් කොලඹ ජීවිතය අපහසුය .ඒ නිසා සති අන්තයේ දික්කසාද ලිපිගොනු කියවූයේ මේ කාලයේය .එමෙන්ම මා වැඩකල ආයතනයේ ලොක්කාගේ හිතහොඳ කම නිසා සතියේ එක් දවසක් පැවැත්වෙන ,විබාගයට පෙනීසිටීමට අදාල වෙන දේශන වලටද ගියෙමි .අනිවාර්යෙන් සාරි ඇඳිය යුතු එකී දේශන වාර වලට මම සහබාගි වුයේ කැෂුවල් ඇඳුමින් කොලෙජ් එකේ පස්සාදොරිනි .එවිට අපේ කෝස් කෝඩිනේටර් වූ කන්දයියා මහතාගේ ඇසට වැලිගැසීමට ලේසිය .නීතිය වූයේ සියලු ආධුනිකයන් නිවැරදි ඩ්‍රෙස් කෝඩ් එකෙන් දේශන වලට පැමිණීම වුවත් රිසර්ච් රස්සාව නිසා මට සාරි අඳීන වෙලා නැත .ඒ හැම රුපියලක්ම දෙවරක් හිතා වියදම් කල කාලයයි . පිටකොටුවේ සිට වේල්ල වීදිය දිගේ පයින් ඇවිදගෙන ගිණි ගහන අව්වේ යන්නත් , වැඩ ඇරී මගේ කාර්යාලය නුදුරෙන් වූ නුගේගොඩ පොලට පයින්ම ගොස් සතියක එලවලු අරන් ආයිත් කොහුවල හන්දියට අවුත් 135 බසයෙන් නවාතැනට යන්නත් පැකිලුණේ නැත .එසේම හම්බකරගත් එවායින් ඕ ටී එකට අදාල රුපියල් දාහක පමන මුදල කලුබෝවිල වූ ඉතිරිකිරීමේ බැංකුවේ ඉතුරු මිතුරු ගිණුමක දැම්මා මතකය .ඒ අදාල වෘතීය විභාගයට කලයුතු විවිධ මුදල් ගෙවීම් සපුරාගැනීමේ අටියෙනි .
ඩොමිනේටින්ග් කැරැක්ටර් එක වූ ඉන්දු සමග මමත් චමීත් ජීවත්වූයේ බොහෝ පරිස්සමිනි .එහෙත් කටට බ්‍රේක් නැති සරා නංගී නම් ඇයට එතරම් බය වුණේ නැත .ඉන්දු උදෙන්ම වැඩට පිටත්ව යන්නේ ඇගේ කාර්යාලය නවාතැනට තරමක් දුරින් පිහිටි නිසාය. ඊලඟට පිටත්ව යන්නේ චමීය .මම වැඩට යන්නේ අන්තිමටය .මගේ කාර්යාලය නවාතැනට ආසන්නය .සරාට හැමදාම පන්ති නැත .ඇයට උයන්න පියන්න නැත්නම් පරක්කුවෙනතුරු නිදාගන්න හැකිය .කොහොමනමුත් උදෑසන අපේ නිවහනේ තරමක කලබලයකි .කෑම උයන පිහන ඩියුටියට උදෙන්ම නැගිටින කෙනෙක් හතරදෙනාටම තේ හදයි .එකිනෙකා බොන කිරි වර්ග වෙනස්ය .නමුත් හතරදෙනාගේම මග් වලට නියම රස පදමට කිරි හදන්න අපි ඉගෙනගත්තෙමු . එවිට අනික්වුන් ඇස් පිහමින් නැගිටලා එයි . විබාගයට ආසන්න කාලයේ පාඩම් කිරීමට අනික් අය නැගිට්ටවීමද උදේ උයන කෙනාගේ රාජකාරියකි . කලින්ම වැඩට යන අය මුලින්ම බාත් රූම් යයි .ඉන්දු හා චමීට අනිවාර්යෙන් සාරි හැඳ වැඩට යායුතුය .ඉතින්
මේ දෙන්නා කණ්නාඩිය බදු ගනී.මා නිදන ඇඳ තිබුණේ මේ කණ්නාඩිය ආසන්නයේය .ඒ නිසා සියලුදෙනාගේම රූප ලාවණ්‍ය කටයුතු , අලුත් සාරි හැඳ හැඩ බැලීම් වලදී මේ ඇඳ බදුගැනීම සිරිතක් විය .මුහුණේ කුරුලෑවක් ආවත් දිනගනනක් විස්සෝප වන සරා නංගී වැඩි දාට මේ කණ්නාඩියේ හිමිකාරිය වූවාය .අපි සියලුදෙනාගේම ක්‍රීම් , ෆර්පියුම් ,ලිප්ස්ටික් සහ සෙසු රූපලාවන්ය උපකරන ඇත්තේ කණ්නාඩිය මතයි . එයින් වැඩිහරියකට හිමිකම් කිව්වේ සරා සහ චමීය .මට වැඩිපුර තුබුනේ ෆර්පියුම් වර්ගය . ඉන්දු ෆර්පියුම් පාවිච්චියක් නැත . අපි තුන්දෙනාගේ ෆර්පියුම් පොදු දේපල වගේය . සියලුදෙනාගේම සුවඳ විලවුන් බෝතල් වලින් විලවුන් නාගෙන යන සිරිතක් එකල මට තිබුණි . .ඔය අතර අන්තිමට වැඩටයන මට තව රාජකාරියක් ඇත .ඒ දොරටුපාල වැඩේය . පඩිපෙලෙන් බැල්කණියට ඇතුල්වෙන යකඩ ගේට්ටුවේ හා ප්‍රධාන දොරේ යතුරු මා සතුවිය . උදෙන්ම අනික් අයට පිටත්ව යන්න දොරවල් හැරීමත් ,සියල්ල හොඳින් වසා යතුර පහල මල් පෝච්චියක් තුල සුරැකිව තබා යාමත් , අන් සියලුදෙනා පැමිණි පසු රෑට සියලු දොර ජනෙල් වසා තරකොට යතුරු පොත්මේසයේ මගේ පෙන් හෝල්ඩරයට දැමීමත් මීට අදාල කටයුතු විය .ඒ හැරුනවිට විදුලි බල්බ මාරු කිරීම , කුස්සියේ හිටිගමන් බ්ලොක් වෙන සින්ක් එකේ ඩ්‍රැනේජ් සිස්ටම් එක යථාතත්වයට පත්කිරීම වැනි මකබාස් වැඩ කිරීම මට හා සරා නංගීට ඉබේම මෙන් පැවරී තිබුණි .
සියල්ලන්ම නැවත් එක්වන්නේ හවස්වරුවටය .එවිට එක අයෙක් හැමෝටම තේ හදයි .හැමෝගෙම බිස්කට් එක ප්ලාස්ටික් ටින් එකක අසුරා තිබුණි .කැමති කෙනෙක්ට කැමති වර්ගයකින් කෑහැකිය .තේමේසය අපේ දවසේ වැඩකටයුතු සමාලෝචනය කරන වෙලාවයි .කාටත් තමන් ප්‍රියකරන සීක්‍රට් ක්‍රෂ් වූ කොල්ලන්ගේ සිට අලුත්ම වර්ගයේ මෝටර් රථ,මොබයිල් ෆෝන් දක්වා කියවන්න දෑ බොහෝය . ඒ සෙෆීරෝ -Cefiro කාර් වලට මමත් චමීත් වහ වැටී සිටි කාලයයි .හේතුව අපේ සීනියර්ලා කීපදෙනෙක්ම සෙෆිරෝ කාර් මිලට ගත් නිසාය .මොබයිල් ෆෝන් නඩත්තුවට අපි අතවූ මුදල් මදිය .එහෙත් ඔය කාලයේ තුබූ අදනම් ඉතාම ප්‍රිමිටිව් වර්ගයේ Nokia 1100 ,1110 phone එකක සතුකරගැනීම එකම සිහිනය විය ඉන්දු නම් බොහෝවිට කතාකලේ පලක් ඇති දෙයකි .විබාගයට උවමනා සටහන් සොයාගන්න අයුරු , ඊට අදාල වැදගත් දින වකවානු , පාඩම් කලයුතු පිලිවෙල ආදිය ඇය නිතර මතක්කලාය අපි මෙය නම් කලේ "ඉන්දුගේ උපදෙස් පන්තිය " ලෙසයි .බොහෝවිට හවස තේ මේසය සූදානම් කරන්නේද චමීය . තේ සූදානම් වූ පසු ඇය අප අමතන්නේ ' සෙක්සිලා තේ බොන්න එන්න' යනුවෙනි . ඇය අපි සියලුදෙනාටම පොදුවේ ඇමතුවේ "සෙක්සි- sexy " යන පදයෙනි . චමීට අනුව ඕනෑම හොඳ දෙයක් , ලස්සන යමක් , රස කෑමක් 'සෙක්සිය ".මේ අපේ නවාතැනේ නිතර දෙවේලේ අහුණ ඉතාම සාමාන්‍ය වචනයකි . චමීගෙන එය මටත් සරාටත් හුරුවිය. සමහර දිනවලට ඔය තේ මේසය ටිකක් වෙනස්වෙයි . පාන්පිටි , බිත්තර වැනි කලමණා ඇත්නම් චමී ඇගේ ප්‍රියතම කෑමක වන පෑන්කේක් සාදන්නීය .කොහොම කලත් ඉන්දුනම් එහි අඩුවක්ම දකී .මටත් සරාටත් රසේ වගක් නැත .ඕනමදෙයක් බඩට දාගන්න අපි එවරෙඩිය .ඒනිසා පදම වැරදී රෙසිපිය අල වුවත් අපිට කමක් නැත .සරා අපි හැමෝගෙම උපන්දින කුස්සියේ ඇති බිත්ති කැලැන්ඩරයේ ලකුණු කර තිබුණි .පෙබරවාරි , මාර්තු , මැයි හා දෙසැම්බර් වල අපේ උපන්දින යෙදී තිබුණි . උපන්දින සමරන උදවියට ෆැබ් එකෙන් කේක් ගෙන ඒම සරාගේ අනිවාර්ය නියෝගය විය .ටී වී බැලීමක් නොවුන අතර සියලුදෙනාම නිවසට එන හවස් යාමයේ සිට අපි රෑ නින්දට යන තෙක් ඉසිර ගුවන්විදුලියේ සින්දු ඇසුවෙමු .ඊට කුඩා රේඩියෝවක් අප සතු විය .ඔය අතර සති මැද නිවාඩුවක් තිබ්බොත් උදෙන්ම නැගිටින ඉන්දු මුලු ගෙයම අස්කරන්න පටන්ගනී .අපේ කොට්ට මෙට්ට අපිටත් නොකියාම බැල්කණියට විසිවෙලාය .ඒ වේලා ගෙටගන්නය . ඇඳ ඇතිරිලි රින්සෝවල පොඟවලාය .සමාවක් නැත .ඒවා තනි තනිව හෝදාගත යුතුය .පොත්මේසය වනසා තිබෙනවාට ඇය කැමති නැත .ඉතින් හැමෝගේම සටහන් ගොනුකරන්නේද ඇයයි .අපිට නම් මේවා මල වදය . ඒත් ඉතින් පොදු යහපතට-in the public interest උහුලා සිටිමු .
රැකියා කලත් සුලු වැටුපක් නිසා අපි හැමෝම මාසේ අන්තිමට යන්නේ රිම් එකෙනි .තත්වය උග්‍ර වන්නේ හිටිගමන් අපි රැකියා කරන තැන් , හඳුනන සීනියර්ස්ලාගෙන ලැබෙන විවිධ ආරාධනා නිසාය .මේවා මගහැරීමට නොහැක්කේ වෘතීය ජීවිතය අරඹන්න ඇවැසි සමහර නෙට්වර්කින්ග් අවස්ථා මෙයින් ලැබෙන නිසාය .ඉතින් ඒවාට සූදානන් වීම යනු සෑහෙන්න ලොස් වීමකි .අලුත් සාරියක් ගන්නටම සිදුවේ .
මේ සියල්ල මැද ප්‍රධාන කාරණාව හෙවත් විබාගය අමතක කල නොහැක .අපි තිදෙනාම රැකියා සහ වෘතීය පුහුණු ලබන අතරම පාඩම් කලයුතු විය .අපේ බොහෝ බැචීලා අප මෙන් නොව සතියට දින පහම වෘතීය පුහුණුවට සහභාගිවූ නිතර දෙවේලේ සාරි පටලවාගෙන සිනියර්ස්ලාගේ පොත් අතින් ගෙන අලුත්කඩේ කැරකුන අයයි.ඔවුන්ට විබාගයට හොඳ සප් එකක් සිනියර්ස්ලාගෙන් ලැබුණ අතර සමහර දෙපාර්තමේන්තු වල සේවයට යාමට ඇවැසි සහයද කල්තියාම ලැබුණි.නොකඩවා යමක් පාඩම් කලේ ඉන්දු පමණකි .චමී සහ මම උදේට හිතුනොත් පාඩම් කරන චරිත විය .විබාගය අත ලඟටම ආකල මම මගේ රැකියාව කරන ආයතනයෙන් මාස දෙකක නෝ පේ නිවාඩු ඉල්ලාගත්තෙමි . විෂයන් හතකට ඇවසි කාරනා පාඩම් කලේ ඔය කාලයේය .විබාගය පැවතියේ දෙවන මාසය මැදය .එය සති හතරක් නොකඩවා තිබුණි .එකල ඉවුම් පිහුම් සියල්ල සරා තනිව කරන්න බාරගත්තාය .අපිට තේ පවා හදා දුන්නේ ඇයයි .සමහරවිට අපේ රෙදිත් හේදුවා මතකය .එපමණක් නොව විබාගයට පෙර දිනවල සමහර පනත් , වගන්ති ගැන අපේ මතකය පිලිබඳ දැනුම මැනීමද ඇය විසින් සිදුකලාය . අපි තිදෙනාම උදේ , දවල් , රෑ නිදිවරන් පාඩම් කලෙමු .මේ සේරම සෙල්ලම් දාන්නේ අර වෘතීය සුදුසුකම් වලිගය එල්ලා ගන්නය .
අන්තිමේ සියල්ල යහපත් ලෙස නිමාවිය .අපි තිදෙනාම විබාගය සමත්වී තිබිණි .රිසල්ට්ස් බැලූ දා හිතට නැගුන සතුට මෙතෙකැයි නිමක් නැත .එතැනම වූ කාසිපෙට්ටි දුරකතනයකින් මම ගෙදරට කතා කර ඒපුවත තාත්තාට දැන්වූයේ මහත් උද්දාමයෙනි .ඉන් දෙදවසකට පසු අපි තුන්දෙනාම කලු නිල කබා මස්සන්නට ගිය අයුරුත් මතකය . හොඳම රෙදි වර්ගයකින් තෝරා , ඉස්තරම් විදියට නිමා කිරිමේ පලපුරුද්දක් ඇති අලුත් කඩේ ටේලර් ජොයින්ට් එකකට අපේ ඕඩරය කලින්ම දුන්නේ දිවුරුම් දෙන කාල වකවානුවේ වැඩි කරදරයක් නොවෙන්නය .අපි තිදෙනාම කලින් කතාවී එකම සෙෂන් එකක දිවුරුම් දීමට හැකි වන ලෙස අදාල ලියකියවිලි බාරදුනිමු .චමී අපේ දිවුරුම් දුන් දිනයේ අමතක නොවෙන යමක් ඉතිහාසයට එක් කලා විය යුතුය .ඒ තමන්ගේ වෘතීය ජීවිතය අරඹන පොරොන්දුව දෙන්නටත් පමාවී පැමිණීමෙනි .එවිට අපි සියලුදෙනාම දිවුරුම් දී හමාරය . වසර දෙකකට මදක් වැඩිවූ සන්තුෂ්ටි දායක කාලසීමාවක් ගෙවී ගියේ එසේය . ඒ ජීවිතේ මහා බරක් පතලක් නොගත් ,එදිනෙදා ජීවත්වෙන හැටි හිතූ ,අතේ සතේ නැතත් හිතේ සතුටින් හිටි කාලයකි.අප සිවුදෙනාගෙන් පලමුව වෙන්ව ගියේ මමය .ඒ කලුකබා රස්සාවට වඩා හාත්පසින් වෙනස් රස්සාවක් කරන්න උවමනා වූ නිසාය . ඒ වනවිට මම රජයේ කොමිසමක කලු කබා රස්සාව කරමින් සිටි කාලයයි . මගේ පත්වීම ඉස්ථිර කිරීමට ඔන්න මෙන්න තිබියදී මම ඉන් ඉවත්වීමි .මා නික්ම යනවාත් සමගම චමී එම ආයතනයේ සේවයට එක්වූවාය .ඉන්දු ඉන්ටර්න්ශිප් එකෙන් මුදවා ඔෆිසර තනතුරකට උසස්වී සිටියාය .සරා චාර්ටඩ් තුන්වන පියවරට සූදානම් වුවාය .ඉන්පසු කාලවලදී අප එතරම් මුන නොගැහුන මුත් උපන්දිනවලට සුබපැතුම් එවීම නම් නොකඩවා විය .අවසන් වරට අපි තිදෙනෙක් චමීගේ වෙඩින් එකේදී මුණගැසුනේ 2008දීය.පසුව අපි හමුවුනේ මූණු පොතෙනි .තාමත් චමී හිටිගමන් මා අමතන්නේ සෙක්සි ලෙසිනි . අපි අතර ඉඳහිට හුවමාරු වන ඊමේල් වල පවා එදවස්වල තේ බොමින් නන් දෙඩවූ අයුරු සිහිකර සිනාසෙමු .ඒ හැම ඊමේල් පණිවුඩයක් අගම හැමදාම කියවෙන දෙයක් ඇත - God.... That was the best time in our life -දෙවියනි ඒ අපේ ජීවිතයේ ගෙවීගිය හොඳම කාලයයි !
අන්තිමේ සියල්ල යහපත් ලෙස නිමාවිය .අපි තිදෙනාම විබාගය සමත්වී තිබිණි .රිසල්ට්ස් බැලූ දා හිතට නැගුන සතුට මෙතෙකැයි නිමක් නැත .එතැනම වූ කාසිපෙට්ටි දුරකතනයකින් මම ගෙදරට කතා කර ඒපුවත තාත්තාට දැන්වූයේ මහත් උද්දාමයෙනි .ඉන් දෙදවසකට පසු අපි තුන්දෙනාම කලු නිල කබා මස්සන්නට ගිය අයුරුත් මතකය . හොඳම රෙදි වර්ගයකින් තෝරා , ඉස්තරම් විදියට නිමා කිරිමේ පලපුරුද්දක් ඇති අලුත් කඩේ ටේලර් ජොයින්ට් එකකට අපේ ඕඩරය කලින්ම දුන්නේ දිවුරුම් දෙන කාල වකවානුවේ වැඩි කරදරයක් නොවෙන්නය .අපි තිදෙනාම කලින් කතාවී එකම සෙෂන් එකක දිවුරුම් දීමට හැකි වන ලෙස අදාල ලියකියවිලි බාරදුනිමු .චමී අපේ දිවුරුම් දුන් දිනයේ අමතක නොවෙන යමක් ඉතිහාසයට එක් කලා විය යුතුය .ඒ තමන්ගේ වෘතීය ජීවිතය අරඹන පොරොන්දුව දෙන්නටත් පමාවී පැමිණීමෙනි .එවිට අපි සියලුදෙනාම දිවුරුම් දී හමාරය . වසර දෙකකට මදක් වැඩිවූ සන්තුෂ්ටි දායක කාලසීමාවක් ගෙවී ගියේ එසේය . ඒ ජීවිතේ මහා බරක් පතලක් නොගත් ,එදිනෙදා ජීවත්වෙන හැටි හිතූ ,අතේ සතේ නැතත් හිතේ සතුටින් හිටි කාලයකි.අප සිවුදෙනාගෙන් පලමුව වෙන්ව ගියේ මමය .ඒ කලුකබා රස්සාවට වඩා හාත්පසින් වෙනස් රස්සාවක් කරන්න උවමනා වූ නිසාය . ඒ වනවිට මම රජයේ කොමිසමක කලු කබා රස්සාව කරමින් සිටි කාලයයි . මගේ පත්වීම ඉස්ථිර කිරීමට ඔන්න මෙන්න තිබියදී මම ඉන් ඉවත්වීමි .මා නික්ම යනවාත් සමගම චමී එම ආයතනයේ සේවයට එක්වූවාය .ඉන්දු ඉන්ටර්න්ශිප් එකෙන් මුදවා ඔෆිසර තනතුරකට උසස්වී සිටියාය .සරා චාර්ටඩ් තුන්වන පියවරට සූදානම් වුවාය .ඉන්පසු කාලවලදී අප එතරම් මුන නොගැහුන මුත් උපන්දිනවලට සුබපැතුම් එවීම නම් නොකඩවා විය .අවසන් වරට අපි තිදෙනෙක් චමීගේ වෙඩින් එකේදී මුණගැසුනේ 2008දීය.පසුව අපි හමුවුනේ මූණු පොතෙනි .තාමත් චමී හිටිගමන් මා අමතන්නේ සෙක්සි ලෙසිනි . අපි අතර ඉඳහිට හුවමාරු වන ඊමේල් වල පවා එදවස්වල තේ බොමින් නන් දෙඩවූ අයුරු සිහිකර සිනාසෙමු .ඒ හැම ඊමේල් පණිවුඩයක් අගම හැමදාම කියවෙන දෙයක් ඇත - God.... That was the best time in our life -දෙවියනි ඒ අපේ ජීවිතයේ ගෙවීගිය හොඳම කාලයයි !
ප/ලි
ඒ ජිවිතේ ස්වාධීන වෙන්නට එකතරා අයුරකින් වෙර දැරූ කාලයකි .එහි සිහිවටන දෙකක් තාමත් මා සතුය . ඒකක් සරසවියේ අවසන් වසරේ වූ අබග්ගයක් නිසා අහම්බෙන් ගිය රස්සාවෙන් ලද පලමු වැටුප සටහන්වූ පේ ස්ලිප් එකය .අනික මගේ වෘතීය පුහුණුව ලබන්න යන මුලම දවසේ ඇඳි ලා ක්‍රීම් පාට පසුබිමේ ලා කොල පැහැ සිහින් මල් මෝස්තරයක් වැටුන කොට්න් සාරියයි .
De ja vu
ReplyDeleteඔය සන්දියේ අපිත් ඔය විදිහෙම ජීවිතයකට සෙට් වී හුන්නෙමු. බොහෝ අත්දැකීම් සමානය. වෙනසකට ඇතිනම් කාමර අතුපතු ගෑම, බියුටි සීන් සහ "ජීවිතේ පළමු වරට ඉවීම" පමණි [කොල්ලන් උනත් අප ඉන් පෙර උයා තිබුණි].
මාත් ගියා ඒ මතක දිගේ.
[[සති අන්තයේ කොහුවල සිටි ප්‍රකට ජේෂ්ඨයෙක් හා වැඩකිරීමට පොටක් පාදාගන්න මට සිදුවිය]]
හප්පට සිරි 2003 කාලේ උසස් අද්යාපනයට රට යන්න කියලා සහතික අටෙස්ට් කරන්න ඔය කොහුවල හන්දියේ බුවාලා ලඟට ගිහින් තියෙන තරමට ටීජී මුණ ගැහෙන්නට ලොකු සම්භාවිතාවක් ඇත. ඒ ඒ තැන්වල චූටි චූටි කෙල්ලන් සිටි බවද මතක ඇත. මාත් ඒ කාලේ වැඩ කලේ කොහුවලම තමා.
[අන්තිමට ගෙදර වගකීම් සමුදායක් වෙනුවෙන් උසස් අධ්‍යාපනයට නොයා ඉන්න සිදු විය. කසාදයකුත් කරගෙන දරු සුරතල් ද බලා ආයිත් එතනට ආවේ ගිය අවුරුද්ද මැද.]
නොස්ට මැක්ස් මේ පෝස්ට් ඒක. අත්දැකීම අපිටත් එහෙම්ම දැනෙනවා.
හරිම රසවත් කාලයක් ටීජී. බලාගන ගියාම එක්තරා අන්දමක බැඳීමක් (කසාදෙක වගේ) මේකෙත් දකින්ට
ReplyDeleteතියනවා...
පුංචි පහේ ඊරිසියාවකුත් හිතේ ඇතිවෙනවා.
ඒ කාලේ එහෙමයි.
මේ කාලේ මෙහෙමයි නේද සෙක්සී.....:D
මොනා වුනත් අපූරු කාලයක් නේද??? අත්දැකීම් හුගාක් ජීවිතේට එකතුකරගන්න වටිනාකමත් ඇති කාලයක්...
ReplyDeleteබ්ලොග් සටහනකට සැම්පලයක් කවුරු හරි ඉල්ලුවොත් මේක පෙන්වන්න හිතාගත්ත මං
ReplyDeleteහරිම ආසාවෙන් කියෙව්වා අකුරක් නෑර
අන්‍යෝන්‍යව ඒ මිනිස්සු එකිනෙකාගේ ජීවිතවලට මොන තරම් සහයෝගයක්ද දීලා ඇත්තේ නේද?
මටත් මතක් වුනා කැම්පස් එකෙන් අවුට්වෙලා ඉස්ඉස්ල්ලාම රස්සාවේ පඩිය අම්ම අතට ගනන් නොබලාම දීපු හැටි!
බ්ලොග් සටහනකට සැම්පලයක් කවුරු හරි ඉල්ලුවොත් මේක පෙන්වන්න හිතාගත්ත මං
ReplyDeleteහරිම ආසාවෙන් කියෙව්වා අකුරක් නෑර
අන්‍යෝන්‍යව ඒ මිනිස්සු එකිනෙකාගේ ජීවිතවලට මොන තරම් සහයෝගයක්ද දීලා ඇත්තේ නේද?
මටත් මතක් වුනා කැම්පස් එකෙන් අවුට්වෙලා ඉස්ඉස්ල්ලාම රස්සාවේ පඩිය අම්ම අතට ගනන් නොබලාම දීපු හැටි!
වගේ නේ. නියමයි ටි ජි ..බෝඩිම් කොටස ඇර ආදායම් අධ්‍යාපන පැත්තෙන් නම් බොහොම අත්දැකීම් මටත් තියෙනවා . මෙහෙම කියන්න බැහැ...බ්ලොග් වලින් විස්තර කරන්නත් බැරිතරම් දිග ජිවිත ගමනක්...හමුවී මග අරුණ සුන්දර මිනිසුන් ...මට ලියන්න උණු උණු පොස්ට් එකක් තියෙන හන්දා මිසක ඔයා මාව අවුස්සපු තරමට ලියාගෙන ලියාගෙන යන්න හිතෙනවා ...තෑන්ක්ස් අ ලොට්
ReplyDelete//අන්තිමේ සියල්ල යහපත් ලෙස නිමාවිය .අපි තිදෙනාම විබාගය සමත්වී තිබිණි .රිසල්ට්ස් බැලූ දා හිතට නැගුන සතුට මෙතෙකැයි නිමක් නැත. එතැනම වූ කාසිපෙට්ටි දුරකතනයකින් මම ගෙදරට කතා කර ඒපුවත තාත්තාට දැන්වූයේ මහත් උද්දාමයෙනි.//
ReplyDeleteකතාවෙ මම ආසම කොටස.
මුලු කතාවම කියෙව්වා
හිත බරවෙනවා ලියල තියෙන අපුරුවට.
මම නම් තාම ඔය අත්දැකීම් විඳිනවා.... attorney ෆයිනල් කරන කාලෙ මම හිටියෙ හොස්ටල් එකේ.... ඒ නිසා ලොකූ අවුලක් තිබුනේ නෑ, සල්ලි තමයි තිබුන එකම ලොකුම ප්‍රශ්නෙ, පොත් උස්සගෙන අලුත්කඩේ ඇවිදින කාලෙ ඒ කියන්නෙ app කරන කාලෙ ගෙවාගත්තෙ පුදුම කට්ටක් කාල, සමහර දවස් වලට අතේ සතේ නෑ, හැබැයි සර්ට පිං සිද්දවෙන්න හොඳට කාලා බීලා හිටියා... අපි සෙට් එකත් කොහොම හරි එකම සෙශන් එකේ දිවුරුම් දුන්නා, පලවෙනි සෙශන් එකේ පලවෙනි 20 ඇතුලේ ඉන්න විදියට සෙට් කරගත්තා.... කොට් එක ඇඳගෙන එලියට බැස්සමනේ තේරුනේ රඟේ.... කලු කෝට් එක විතරයි අතේ සල්ලිත් නෑ, ගෙදරි ඉල්ලන්නත් බෑ .. විලි ලැජ්ජාවයි....කොහොම හරි අපි 6 දෙනෙක් එකතුවෙලා ගත්තා අලුත්කඩේ ලඟම ෆ්ලැට් එකක්.... හොඳ වෙලාවට ඒක උඩම තට්ටුවේ.... ලොකු අවුලක් නෑ.... ඒත් ඉතිං දන්නවනේ කොල්ලන්ගෙ බෝඩිං..... යකා නටපු පිට්ටනිය වගේ තමයි... තුවා තැන තැන, සරං වලලු වලලු..... කොහෙ හරි යන්න හිතිලා ඇඳුමක් හොයනකොට මොකෙක් හරි ඒක ඇඳගෙන ගිහිල්ලා..... හැබැයි මොනවා නැතත් අපි කට්ටිය උයාගෙන කනවා... බෙදාගෙන නෑ... මොකෙක් හරි උයනවා මොනවා හරි... ඒක කාලා ඉතිං කෙල්ලො ගැනයි, වැඩ ගැනයි,රට යන ඒවයි,සල්ලි හම්බකරන විදියයි ගැන ( දැන් නං දෙයියනේ කියලා ඉස්සර වගේ අමාරු නෑ, ඒත් තාම අවුරුද්දයිනෙ කෝට් එක දාගෙන) තවු දිදී ඉඳලා නිදාගන්නකොට 12 විතර වෙනවා.... ආයෙ උදේ නැගිටලා වැඩට යනවා... ආයෙ රෑ එනවා...ඔන්න ඔහොම තමයි අපේ ජීවිතේ ගෙවෙන්නෙ දැන්.... කාලයක් ගියාම අපිටත් කියන්න පුලුවන් වෙයි මේ විදියට නේ..
ReplyDelete"ගෙවීගිය තවත් එක සොම්නස් සහගත කාලයක්-God...that was the best time in our life !!"
මේ පෝස්ට් එක හරිම සෙක්සි.. :D
ReplyDeleteps: කොහොමදෝ මන්දා මට මේ පෝස්ට් එක මිස් වෙලා, අදයි දැක්කෙ..
පට්ට බ්ලොගක්. අහම්බෙන් සෙට් වුනේ. සියලුම වගේ පොස්ට් කියෙව්වා එක හුස්මට. (කවි නොවන ඒවා). ෆේවරිට් එකට දාගත්තා විටින් විටේ බලන්න. මේ පෝස්ට් එකත් නන්දා මාලනී ගැන ලියපු එකත් සිරාම සිරා. ජය වේවා කියල තමයි කියන්න වෙන්නෙ.
ReplyDeleteදැන් campus වල ඉන්න ගොඩක් එඋන්ට ඕනේ campus නොගිය අයට වඩා ඉහලින් ඉන්ඩ විතරය් මේවගේ ජොලියක් ගන්ඩ නෙමෙයි.
ReplyDeleteඔයාගේ ලිවීමේ හැකියාව නම් නියමයි TG. ගොඩක් කාලෙකින් මෙච්චර ආසාවෙන් පෝස්ට් එකක් කියෙව්වෙ.
ReplyDeleteඒ එක්කම campus ජීවිතේ ආයෙත් හිතින් වින්දා!