මේ පැනි රස සිරප් එක
චුට්ටක් නිදිමත ගෙනෙනු ඇති
තේ හැඳි එක බැගින් තෙවරක්
ගැනීම යහපත්
රෝස පාට මේ පෙති
බිව්වම ටිකක් ගැහෙනවා ඇති
ඒනිසා වැඩ වලින් මිදී
විවේකය යහපති
ආයෙත් වට්ටෝරු වෙනස් කර
තව නිල් සුදු කරල් පෙති
සතියක් බොනු රිසී
පොදියක්ම ලැබී ඇති
නින්ද අහලක නැති
බල් බල් කැස්ස හොඳ නැති
හිතට විවේකෙකුත් නැති
කුමට මේ පැනි සිරප් පෙති
ඕඕ, ඔන්න ඔය පෙති කරල් සිරප් විසි කරලා, හිතෙන් හරි යමු නිස්කලංක වැව් තලාවක් ළඟට, ඈතින් පේන නිල් කඳුයායකුත් තියෙන, මීදුම් අතරින් කුරුළු හඬ නැගෙන, පාට පාට වළාකුළු එක්ක ඉර බැහැලා යන තැනකට. ඊට පස්සෙ ඔය අතේ තියෙන වතුර වීදුරුව පොඩ්ඩකට බිමින් තියමු. ;-)
ReplyDeleteමොනවා වුණත් අපූරු කවි සිතුවිල්ලක්. විවේකයත් නැතිව, ඒ අස්සෙම ලෙඩ වෙලා ඉන්න වෙලාවට ඇවිත් කියවන්න මතක තියාගන්න ඕන පදපෙළක්.
කවි සිතුවිලි වචන වලට පෙරලන එක හොඳයි. එත් මේ වගේ දේ වලින් සිද්ධනවෙන්නේ වෙනත් අන්දමක ප්‍රචාරයක් කියලයි හිතෙන්නේ .නලිනි සොයුරිය කියනවා වගේ අපේ සිතුවිලි වලින්ම පුළුවන් අපේ තනිකම මකාදමන්න. එහෙම නැත්නම් ජීවිතයේ ශාන්ත සුවය විඳින්න.ඒකට ආයේ වෙන අනන්මනං බයිට් ඕන නැහැ.
ReplyDeleteගත්තාට ගුණයක් නැති
ReplyDeleteකුමට ඔය පැණි සිරප් පෙති..?
රෝස පාටට -ලස්සනට නැති
ගන්න මේ අරිෂ්ඨය ගුණ ඇති
සයිඩ් ඉෆෙක්ට්ස් කිසිවක් නොම නැතී
ReplyDeleteඇඟ ගැසීමක් - වෙනත් අවැඩක් වෙන්නැතී
සෝඩා ටිකකට අරක්කු මදක් මුසුකල
මා ළඟ නම් ඇත පැණියක්
නැත්නම් කිට්ටුව තේ හැන්දක්
කෑමට පෙර පොල් කටු හැන්දක්
ගෙන දේ ඔබ හට සුව නින්දක්
පදම මාරු කර ගත් විට
අරක්කු ටිකකට සෝඩා හැන්දක්
ගෙන දෙයි අමතර සුවයක්.
අතුල ,නිහාල්,සුමිත්
Deleteකමෙන්ට් වලට ස්තුතියි .ඔබ තිදෙනා විවිද අදහස් තුනක් කියනවග පේනවා .නමුත් මම ලිව්ව මේ ක්ෂණික අදහසෙන් කියන්න උත්සාහ කලේ ලෙඩ වෙලා , විවේක නැතුව , බෙහෙත් බොමින් වැඩ කරමින් ඉන්න අතර මගෙ හිතේ ඇති වුන සිතිවිල්ල විතරයි . ඉන් එහා ජීවිතේ කලකිර්රිම් , බෙහෙත් නොගෙන ලෙඩ හොඳ කරගැනීමට වෙනත් මිත්‍යාවන් පස්සේ දිවීම, බටහිර බෙහෙත් සමාගම් ප්‍රචාරනය හෝ මත් පැන් වලින් සහනය සෙවීම ගැන මට ලියන්න අවශ්‍ය නැහැ එහෙම අරමුණක් මේ ලියවිල්ලේ ඇත්තෙත් නෑ . ඔබට පිලිතුරු විදියට කියන්න ඇත්තේ එපමනයි
දොස්තර නෝනා උපදෙස් දීලා
ReplyDeleteපෙති ටික ඔක්කොම විසිකර දමලා
වැව් තාවුල්ලක හරි බරි ගැහිලා
දැක්කද ඉන්නව ලෝයර් නෝනා
ඒ ප්‍රතිකාරය හරිගියෙ නැති තැන
පොල් කටු හැන්දෙන් හොඳහැටි මැනගෙන
ලෝකල් ''අරිෂ්ට '' අරගෙන පදමට
වෙරි වී ඉන්නව ඇති දැන් බැනබැන
@ බින්දි
Deleteමම ගොඩක් වගකීම් එක්ක වැඩ කරන කෙනෙක් නිසා ලෙඩ වුනාම ඒ ගැන ගොඩක් හිතන්න වෙනවා .එහෙම වෙලාවකයි මේ දේ ලියවුනේ . නමුත් පැහැදිලිව කියන්න ඕනේ පදමට ලෝකල් අරිෂ්ට ගන්නවා කියන සියුම් උපහාස කතාව එක්කත් මම එකඟ නැති වග .
යන්ග් ඇඩල්ට් කෙනෙක් විදියට හා ලෝකෙට මම විවර වෙච්ච තරමට මට වෙරි වෙන්න කාගෙන්වත් අවසර ගන්නවත් ,තහනමක්වත් නෑ .ඒත් යන්ග් ඇඩල්ට් කෙනෙක් විදියට මම ජීවිතේ දිනල තියෙන්නේ/සතුටු වෙලා තියෙන්නෙ ඒවයින් නෙවේ .
අය්යෝ ළමයෝ ඔය උඩ තියෙන කමෙන්ට් දැකල තනිකරම විහිලුවට හිතුන දෙයක් . සීරියස් ගන්න එපා . මන් හිතුවේ නැති විදියට ඔයාගේ හිත රිදුන නම් ඒ ගැන සමාව ඉල්ලනවා .
Deleteකවියට කවියක් ලියල හිනා වෙනවා මිසක ලිව්වා කෙනා ඇත්තටම බොනවද නැද්ද වගේ පිස්සු විකාර මන් හිතන්නේ නැති බවත් කියන්න ඕන නංගි. අනික කෙනෙක්ට එහෙම පුරුද්දක් ඇතැයි සැකයක් හෝ ඇත්නම් ඒ ගැන මන් කවදාවත් කතා කරන්නෙත් නැහැ . ඔයා මගේ කමෙන්ට් එකට දීපු උත්තරය ටිකක් කර්කශයි කියල මට හිතෙන්නේ ඇයිද මන්ද . ඒවායින් කමක් නැහැ . ඉක්මනින් සනීප වෙන්න කියල පතනවා . රෝස පාට පෙත්ත නිතරම ඕන වුන කෙනෙක් මම . පරිසරය වෙනස් වුනාට පස්සේ තමයි සහනයක් ලැබුනේ
Deleteඔන්න අද රෑ නම් , මේ පෙත්තක් තිබුනා නම් හොඳයි කියලා හිතුනා.
ReplyDeleteමොන කෙහෙල්මලක්ද මන්දා නින්ද ගියේම නෑ. :D:
ඔන්න නිතර සිත නිවාගන්න මටත් මේ ටිකේ නින්ද අහලක වත් නෑ. අනේ මන්දා.
ReplyDeleteමේ කවිය ලස්සනයි. කමෙන්ට් වල තියන කවි ටිකත් මරැ
ReplyDelete