චිත්තෝර් වලින් සැප්තැම්බර් 25 වෙනිදා රෑ සමුගත්ත මම ග්වාලියර් වලට යන රෑ කෝච්චියට ගොඩවුනේ ආදර සැමරුම් කැටිවුන අග්‍රා නුවර දැකගන්න . මගේ මෙවර රාජස්තාන් සවාරියේ අවසාන අදියර වුනේ අග්‍රා නුවර දැක ගැනීම . අග්‍රා , උදයපූර්,ජායි පූර් සංචාරක නගර ගෝල්ඩන් ට්‍රයන්ගල් (Golden Triangle) කියලයි හන්දුන්වන්නේ . මම අග්‍රා යන අතරමග ජායි පූර් පහුකලත් පහුගිය වතාවේ "ජල් දි ජල් දි කියල ජායිපූර් නැරඹුව නිසා " කෙලින්ම අග්‍රා ගියා . රෑ එකොලහට චිත්තෝර් වලින් පිටත්වෙලා අග්‍රා වලින් බහිනකොට පහුවදා උදේ එකොලහයි .
අග්‍රා ගැන මගේ හිතේ ඇඳිලා තිබුනේ යමුනා ගං තිරේ බොහොම සාමකාමි , මෝගල් වරුන්ගේ අභිමානය කැටිවුන සංස්කෘතික නගයරක් විදියට .ඒත් දුම් රියෙන් එලියට බහිනකොටම ඒ සිතුවිල්ල වෙනස් වුනා . අග්‍රා ත් ඉන්දියාවේ ජනාධික , වාහන තද බදය උපරිම තියෙන , සමර් කාලෙට අධික හිරු රැස් වලින් පීඩා විඳින , ගෑස් හා තෙල් කම්හල බහුල නූතන ඉන්දියානු නගරයක් ,කොමර්ෂල් හබ් එකක් .
තද හිරු රැස් ,දූවිලි , ට්‍රැෆික් මැද්දෙන් අග්‍රා කාන්ට් ඉස්ටේසමේ ඉඳලා අපේ නවාතැන වුන එයාර්ෆෝර්ස් බේස් කෑම්ප් එකේ ඒරියා 4 සීමාවේ ගයත්‍රි හා භානුගේ ගේ නිල නිවහනට සේන්දුවෙනකොට ඉර මුදුන්වෙලා .ගයත්‍රිගේ ආගන්තුක සත්කාර විඳලා සීතල ලැසී බිලා ඇඟපත් නිවාගෙන දවල්ට කාලා මම ලහි ලහියේ ලෑස්තිවුනේ රතු බලකොටුව හා මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ මුදුන් මල කඩ වූ ටාජ් මහල් දැකගන්න.දිර්ග දුම් රිය ගමන් වලින් හොඳටම හෙම්බත්වෙලා හිටියත් මහන්සි නොබලම රතු බලකොටුවටත් (Red Fort) ටාජ් මහල් බලන්නත් යන්න මට තිබුනේ නොඉවසිල්ලක් .ඒත් මට වැඩිය හොඳින් නගරේ ගැන දන්න මගේ ටුක් ටුක් රියදුරාට අවනත වෙන්න වුනා .ඔහුගේ අදහස වුනේ මුලින්ම රතු බලකොටුවට බලලා එතැනින්ම ටාජ් මහල් නරඹන්න ප්‍රවේශපතකුත් අරන් පස්සේ ටාජ් බලන්න යන්න කියන එක . ෆටේපූර් සිකිරි (Fatefur Sikiri) කියන මෝගල් වරු ගොඩනැගුව පැරණි නගරය දැකගන්න මට ඕනෙ වුනත් ඔහු කිව්වේ අග්‍රා ඉඳලා කිලෝමීටර තිස් දෙකක් විතර ඈතින් ඇති එහි යාමට අපිට වෙලාවක් නැති වග .ඒ නිසා ටාජ් හා රතු බලකොටුව විතරක් මගේ මෙවර ප්ලෑන් එකට එක් කරගෙන සැනසෙන්න වුනා.
තද හිරු රැස් ,දූවිලි , ට්‍රැෆික් මැද්දෙන් අග්‍රා කාන්ට් ඉස්ටේසමේ ඉඳලා අපේ නවාතැන වුන එයාර්ෆෝර්ස් බේස් කෑම්ප් එකේ ඒරියා 4 සීමාවේ ගයත්‍රි හා භානුගේ ගේ නිල නිවහනට සේන්දුවෙනකොට ඉර මුදුන්වෙලා .ගයත්‍රිගේ ආගන්තුක සත්කාර විඳලා සීතල ලැසී බිලා ඇඟපත් නිවාගෙන දවල්ට කාලා මම ලහි ලහියේ ලෑස්තිවුනේ රතු බලකොටුව හා මෝගල් ගෘහනිර්මාණ ශිල්පයේ මුදුන් මල කඩ වූ ටාජ් මහල් දැකගන්න.දිර්ග දුම් රිය ගමන් වලින් හොඳටම හෙම්බත්වෙලා හිටියත් මහන්සි නොබලම රතු බලකොටුවටත් (Red Fort) ටාජ් මහල් බලන්නත් යන්න මට තිබුනේ නොඉවසිල්ලක් .ඒත් මට වැඩිය හොඳින් නගරේ ගැන දන්න මගේ ටුක් ටුක් රියදුරාට අවනත වෙන්න වුනා .ඔහුගේ අදහස වුනේ මුලින්ම රතු බලකොටුවට බලලා එතැනින්ම ටාජ් මහල් නරඹන්න ප්‍රවේශපතකුත් අරන් පස්සේ ටාජ් බලන්න යන්න කියන එක . ෆටේපූර් සිකිරි (Fatefur Sikiri) කියන මෝගල් වරු ගොඩනැගුව පැරණි නගරය දැකගන්න මට ඕනෙ වුනත් ඔහු කිව්වේ අග්‍රා ඉඳලා කිලෝමීටර තිස් දෙකක් විතර ඈතින් ඇති එහි යාමට අපිට වෙලාවක් නැති වග .ඒ නිසා ටාජ් හා රතු බලකොටුව විතරක් මගේ මෙවර ප්ලෑන් එකට එක් කරගෙන සැනසෙන්න වුනා.
රෙඩ් ෆොර්ට් එහෙම නැත්නම් රතු බලකොටුව වචනයේ පරිසම්මාප්ත අර්ථයෙන්ම රතු පැහැ විසාල ප්‍රාකාරයකින් ආවරණය වුන අක්කර සිය ගානක් ඇතට විහිදෙන බලකොටුවක් .එහි මුල් ඉතිහාසය දහවැනි සියවස තරම් ඈතට ඇදෙනවා . එවක මෙය යමුනා ගංතීරයේ වූ මැටියෙන් පවුරු නිමවූ බලකොටුවක් . මෙය මෝගල් පරම්පරාවේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වෙන්නේ අක්බාර් රජවරු අග්‍රා නුවර තමන්ගේ අගනුවර කරගත් කාල වකවානුවේ ඒ කියන්නේ 15 වෙනි සියවසේ.අක්බාර් වරු රතු පැහැ ගල් වලින් මේ බලකොටු තාප්ප සවි ශක්තිමත් කරලා බඳිනවා. බලකොටුවට ඇතුල්වෙන විසාල ද්වාර දෙකක් තියෙනවා .එකක් අමර සිං ( Amar Singh Gate ) ලෙසත් අනික දිල්ලි ගේට්(Delhi Gate ) ලෙසත් හඳුන්වනවා . එයින් දැනට පාවිච්චිවෙන්නේ අමර සිං ද්වාරය . එතැනින් තමයි බලකොටුවට පිවිසෙන්නේ . ඒ සඳහා විදේශිකයෙක්ගෙන් ඉන්දියන් රුපියල් 250/= ක වටිනාකමින් යුත් ටිකට් පතක් අයකරගන්නවා . මෙතැනිනම ටාජ් බලන්න යන්නත් ටිකට් පත් ගන්න පුලුවනි. ඒක ලෙහෙසියි .බලකොටුව මහජන දර්ශනයට දිනපතා හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා විවෘතයි.
බලකොටුව අතුලත විසාල මාලිගා අංගණ රාශියක් තියෙනවා .මුලු බලකොටුවෙම කිලෝමීටර පහක් ,හයක් විතර පයින් අවිදින්න ඕනේ . මේ මාලිගා බොහොමයක් ඉන්දිකරවලා තියෙන්නේ ෂාජහාන් රජතුමා ඔහුගේ රුචි අරුචි කම් අනුව .ඇතුල්වෙනවත් එක්කම විසාල කුලුණු දෙකක් එක්ක තියෙන රතු පැහැ "ජහන්ගිරි මහල් මාලිගාව " ( Jahangiri Mahal) ) දැකගන්න පුලුවන් .මෙය වෙන්වෙලා තියෙන්නේ බලකොටුවේ විසූ කුලවතුන්ගේ භාර්යාවන්ට . විමෙන්ස් ක්වාර්ටර්ස් එකක් වගේ . ඇතුලත විසාල මාලිගා මැද මිදුල් , මල් කම් වලින් අලංකෘත කුලුණු හා ද්වාර දැකගන්න පුලුවනි."ජහන්ගිරි මහලේ" පිටුපස අංගණයට ගියවිට ඈත යමුනා තීරයේ ඇති ටාජ් මහලත් දිස්වෙනවා . මාලිගා නිර්මානයේදී රතු ගල් වගේම කිරි ගරුඬත් යොදාගෙන තියෙනවා. ෂාජහාන් රජු නුවර වැසියන් බැහැදකින්න ගොඩනැගුව Diwan-i-am palace මාලිගාවත් කාස් හවුස්- Khas House කියන තැනත් මීට හොඳම උදාහරණ .මේ තැන් වල වලාකුලු හැඩේට රැලි ආරුක්කු තියෙන සාලාවන් දැකගන්න පුලුවනි. අග්‍රාවේ ප්‍රකට අක්බාර් රජෙක් වුණ ෂාජහාන් අන්තිමට ඔහුගේ පුතෙක් අතින්ම මේ බලකොටුවේ හිර කරුවෙක් වෙලා කල්ගෙවලා මියැදෙනවා. ඔහුගේ හිරකාර ජීවිතය ගතකරන්නේ Muthammam-Burj Tower කියන මාලිගාවේ .මෙතැනටත් ඔහු විසින් තම ප්‍රිය බිරිඳ මුම්ටාස් මහල් සිහිවෙන්න ගොඩ නැගූ ටාජ් මහල් හොඳින් දිස්වෙනවා . නිවී සැනසිල්ලේ රතු බලකොටුව බලමින් මාලිගා අංගන වලට වෙලා විඩා නිවමින් අර රැලි ආරුක්කු , විසාල කුලුණු ,පැරණි ගල් කැටයම් අතර කිමිදෙන්න දවසක් විතර යනවා .ඒත් මට එහෙම වෙලා නැති නිසා පැය තුනක් විතර බලකොටුවේ ගත කරලා පින්තූර ටිකකුත් අරන් ලහි ලහියෙන් ගියේ ඊට කිලෝමීටර 2 1/2 විතර ඈතින් තියෙන ටාජ් මහල් ආදර සැමරුම් සිහිවටනය බලන්න .
විදේශිකයෙක්ට ටාජ් මහලට අතුල්වෙන ප්‍රවේශපත්‍රය ඉන්දියන් රුපියල් 750/= ක් වෙනවා .සතියේ සිකුරාදා හැර අන් දිනයන්හී උදේ හිරු උදාවේ ඉඳලා හිරු බැසීම තෙක් ටාජ් මහජන ප්‍රදර්ශනයට විවෘතයි . ඇතුල් වෙන්න කලින් ඉතා දැඩි ආරක්ෂක පරීක්ෂාවකුත් කරනවා .සියලුම වාහන ඇතුල්වෙන ගේට්ටු වලින් යම් දුරකදි නවත්වා සංචාරකයන් පයින් යා යුතුයි . යමුනා ගංතීරේ ටාජ් මහල ඉදිවුන බිමත් උද්‍යාන අලංකරණයෙන් , තණ බිම් වතුර මල් , පොකුණු වලින් හැඩ වෙලා තියෙනවා .ටාජ් මහලට යා යුත්තේ විසාල ද්වාර දෙකක් පහුකරලා පා ගමනින් . ඇවිදගෙන යන විට දර්ශනය වෙන මේ කිරි ගරුඬ මාලිගාවේ පින්තූර ගැනීමට හැම කෙනෙක්ම පොර කනවා.ටාජ් ඉන්දියාවේ සංචාරකයන් අධිකව ගැවසෙන තැනක් හැටියටයි වාර්තා වෙන්නේ.ටාජ් මහල වෙත යද්දී පාවහන්,තොප්පි ආදිය ගැලවිය යුතු වෙනවා . තද හිරු රැසින් යුත් ගිම්හාන කාලයේ කිරි ගරුඬ රත්වෙලා යටි පතුල් පිච්ච්ද්දී මාත් පිවිසුනා ටාජ් හහල ඇතුලට.
ෂාජහාන් -මුම්ටාස් නොමැකෙන ආදරයේ දැවැන්ත සිහිවටනය වුන ටාජ් මහල් නිර්මාණයට හේතුවන්නෙ මුම්ටාස්ගේ වියෝගය හා ෂාජහාන්ගේ හිතේ ඈ වෙනුවෙන් තිබුණ අසීමිත ප්‍රේමය .ඔහු ඒ පෙම් පුවත කියන්න මේ කිරි ගරුන්ඩ මැදුර ඉදිකරවනවා දක්ශ ගෘහනිර්මාණ ශිල්පීන් අතින්.එහි ද්වාර වල මල්, ලිය වැල් හා කුරාන පාඨ සටහන් වෙලා තියෙනවා . ඇතුලට අශ්ටාශ්‍රයක හැඩේට ඉදිවුන කොටුවක ෂාජහාන් හා මුම්ටාස්ගේ සොහොන් තියෙනවා . මුස්ලිම් පල්ලි වල තියෙන පිවිසුම් ද්වාර වල හැඩය ගත්ත දැවැන්ත ද්වාර හා ඩෝම් සහිත ඉතා උස් කුලුණු ගොඩනැගිල්ල වටා දැකගන්න පුලුවනි .ලස්සනම දේ තමයි අතුලත නරඹලා එලියට ඇවිත් ඔය විසාල ද්වාරයක් ගාව බිම වාඩිවෙලා ඉඳන් හවස් යාමේ ඈතින් ගලාගෙන යන යමුනා නදිය දිහා බලන් ඉන්න එක .මම යන කාලේ යමුනාව හිඳී වියලී ගිහින් හීන් වතුර පාරක් විතරයි තිබුණේ .
අපි කවුරුත් ටාජ් මහලේ ගැන යුග යුගයන්හි රැව් දෙන අතීත ආදර කතාව හොඳින්ම දන්නවානේ .ඒ නිසා මට හිතුනා මේ සටහනින් ටාජ් මහලේ වර්තමාන කතාවත් ලියන්න .ටාජ් මහලේ නූතන කතාවේ කතා නායකයා තමයි තමයි එම් .සී .මෙහෙතා-M.C.Mehta කියන ඉන්දියාවේ ප්‍රකට පරිසර නීතිවේදියා. 1994 දී ඔහු දකිනවා යුනෙස්කෝ ලෝක උරුමයක්(UNESCO World Heritage) වුන ටාජ් මහලේ කිරි ගරුඬ අව පාටවෙලා කහ පැහැ ගැන්විලා ජරාජීර්ණ වෙනවා .මම මුලින්ම කිව්වනේ අග්‍රා කියන්නේ රසායණික පිරිපහදු වලින් යුත් ජනාධික කොමර්ශල් හබ් එක කියලා . ඔය පිරිපහදු අතර මථුරා කාර්මික සීමාවෙ තියෙන රසායණික පිරිපහදු , වලින් පිටවෙන සල්ෆර් ඩයොක්සයිඩ් මුසු වායූන් ඉහල වායු ගෝලයට ගිහින් අම්ල වැසි (Acid Rain )වැස්සවිම නිසා ටාජ් මහලේ කිරිගරුඬ දුර්වර්ණ වීම් හා දිරාපත්වීම් සිදුවෙන බව ඔහු සාධක සහිතව පෙන්වනවා .ඒ වගෙම අග්‍රා වල තියෙන ගඩොල් පෝරණු , අධික වාහන තදබදය හා වාහන දුම් ,ජෙනරේටර පරිහරණය ටාජ් මහල අවට -Taj Trapezium Zone පරිසර දූෂණයට හේතුවෙන වගත් පෙන්වනවමින් ඉන්දියානු රජයට එරෙහිව ඔහු උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කරනවා ඒ M .C.Mehta Vs Union Of India (UOI)& Ors. W.P. (C) No.13381/1984 ( Taj Trapezium Case) .ඉන්දියානු ආණුඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිසරය සුරැකීම ගැන තියෙන ප්‍රතිපාදන Article 48 A හා බොහොම සුවිශේෂී නීති ප්‍රතිපාදනයක් වූ Article -21 යටතේ තියෙන Protection of life and personal liberty ,අග්‍රා වල පරිසර දූෂණය ගැන පලවුන රජයේ විමර්ශන වාර්තාවක් වුන Report on Environmental Impact of Mathura Refinery යන දෑ ඔහු මේ නඩු පැවරීමට යොදාගන්න නෛතික සාධක වෙනවා .
ඉන්දියානු උපරිමාධිකරණය මේ නඩු කටයුත්ත සලකන්නේ පොදු යහපත (Public Interest Litigation -PIL) වෙනුවෙන් පැවරූ නඩුවක් හැටියට .ටාජ් මහලට වෙන හානිය මෙහෙතා මහත්මයට වෙන පුද්ගලික හානියක් නොවුනට එය පොදුවේ ඉන්දියානුවන්ට බලපාන හා අනාගත පරම්පරාවලට බලපාන කාරණයක් නිසා පුද්ගලයෙක් හැටියට මේ නඩුව පැවරීම ඊට ඉදිරිපත්විමේ අයිතිය හෙවත් ලොකුස් ස්ටැන්ඩායි( Locus Standaii) ඔහුට ලැබෙනවා . මේ නඩුව ආසියාකරයේ පොදු යහපත වෙනුවෙන් උපරිමාධිකරණයේ සක්‍රීය දායකත්වය -(Judicial Activism ) දකවන හොඳ උදාහරණයක් වගෙම පරිසර නීතියේ නව නැම්මක් ඇති කරන අවස්ථාවක් වෙනවා . නඩුව අහන කුල්දීප් සිං ගරු විනිසුරු තුමා
( Hon.Justice Kuldeep Singh) ටාජ් මහලේ ඓතිහාසික වටිනාකම ඉතාම ලස්සනට පෙර අපරදිග ඉතිහාස සටහන් උපුටමින් දක්වනවා .ඔහු වරෙක මෙහෙම කියනවා
( Hon.Justice Kuldeep Singh) ටාජ් මහලේ ඓතිහාසික වටිනාකම ඉතාම ලස්සනට පෙර අපරදිග ඉතිහාස සටහන් උපුටමින් දක්වනවා .ඔහු වරෙක මෙහෙම කියනවා
The Taj - is the "King Emperor" amongst the World Wonders. The Taj is the final achievement and acme of the Moghul Art. It represents the most refined aesthetic values. It is a fantasy-like grandeur. It is the perfect culmination and artistic interplay of the architects` skill the jewellers` inspiration. The marble in-lay walls of the Taj are amongst the most outstanding examples of decorative workmanship. The elegant symmetry of its exterior and the aerial grace of its domes and minarets impress the beholder in a manner never to be forgotten. It stands out as one of the most priceless national monuments, of surpassing beauty and worth, a glorious tribute to man`s achievement in Architecture and Engineering.
Lord Robert in his work "Forty-one years in India" describes the Taj as under :
"Neither words nor pencil could give to the most imaginative reader the slightest idea of all the satisfying beauty and purity of this glorious conception. To those who have not seen it, I would say, - Go to India; the Taj alone is well worth the journey."
පරිසර විද්‍යාඥයන් , නීතිවෙදීන් , මධ්‍යම ආණ්ඩුව හා උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ පරිසරය සුරැකීමට, හා කාර්මික සංවර්ධනයට ඇති රජයේ ආයතන වල ඉහල පරිපාලකයන් , කර්මාන්ත කරුවන් යන සියලුදෙනා එක කරගන්න අධිකරණය මේ ගැන විමර්ශන ගනනාවක් කරලා උසාවි නියෝගයන් කීපයක් දෙනවා
ටාජ් මහල් ගැන මේ නූතන ආදර කතාව සංවර්ධන අරමුණු හා සංස්කෘතික උරුමයන් එකට ගැටුන අවස්ථාවක් ( Modern Development vs Preserving Cultural Heritage ) ලෙස හඳුන්වාදෙන්න පුලුවනි .
ටාජ් මහල නැරඹුව මම හවස පහට විතර ආයෙත් එන්න පිටත්වුනා . අග්‍රා නුවර රසකැවිලි වලට ප්‍රසිද්ධයි. එහෙම රසකැවිලි වලටම වෙන්වුන ප්‍රකට පෙටා ශොප් එකකින් ලංකාවේ යාලුවොන්ටත් ,ගෙදර අයටත් අග්‍රා පුහුල්දෝසි පාර්සල් කීපයක් ගත්තා . මට ඉහලින්ම ආගන්තුක සත්කාර කල ගයත්‍රි හා භානු දෙන්න එදා රෑට බත් උයලා , පරිප්පු කඩල කරියක් ,එලවලු සාම්බාර් , චට්ට්නි , එක්ක බිත්තර තම්බලා , මිල්ක් ශේක් හදලා , සවු නූඩල්ස් අතුරුපසකුත් එක්ක අමතක නොවෙන රස රෑ කෑමක් දුන්න . දවාලේ මහන්සිය යන්න හොඳට නාලා බඩ පැලෙන්න කැම කෑව එදා රෑ .ඌෂත් භානු හා ගත්‍රිත් කුස්සියේ කෑම උයද්දී මම එයාලගේ පුංචි පුතා ලාමා ( චීනු ) එක්ක සෙල්ලම් කලා .ගයත්‍රි මට මුව නොසෑහෙන්න ස්තුති කලා අවුරුදු හයකට පස්සේ එයාගේ මිතුරිය ඌෂා දැකගන්න පුලුවන් වුනේ මගේ අග්‍රා ගමන නිසා කියලා. පහුවෙනිදා උදේ හතරට භෝපාල් එක්ප්‍රස් කෝච්චියේ දිල්ලි බලා පිටත්වෙන්නත් , එදාම හවස ලංකාවට එන ගුවන් යානයට නැගිය යුතු නිසාත් මම කලින් නිදා ගන්න ගියා . පුංචි පුතා මම නිදාගන්න ගිහිල්ලත් මගේ කොණ්ඩෙන් අදිමින් සෙල්ලම් කලා මේ පවුලේ ආගන්තුක සත්කාර මැද්දේ අග්‍රා කියන්නේ ආදරයේ නගරයම තමයි කියලා මට හිතුනා .
ප/ලි
පහුවෙනිදා උදේ හතරට ඔවුන්ගෙන් සමුගත්ත මම ඌෂත් එක්ක අග්‍රා කාන්ට් ඉස්ටේසමට ගියේ දිල්ලි යන භෝපාල් එක්ප්‍රස් කෝච්චියට ගොඩවෙන්න . එතැනින මම දිල්ලියට යන්නත් ඌෂා ජායිපූර් වලට යන්නත් සමුගත්තා . සමුගනිද්දී අපි පොරොන්දුවුනේ ආයෙත් මතු යම් දිනක රාජස්ථාන් වල ජසල්මේර් වලදි මුණගැහෙන්න .2011 සැප්තැම්බර් මාසේ දිල්ලි , උදයපූර් , මවුන්ට් අබූ, චිතෝර් , අග්‍රා නගර බලන්න ගිය සංචාරක සටහන් මෙතැනින් අවසන් වෙනවා
දිල්ලියට ගියොත් අඩු වියදමින් අග්‍රා නරඹන්න යන එක හරි පහසු දෙයක් . දිල්ලියේ ඉඳන් උදේ ගිහින් හවස එන්න වුනත් පුලුවන් .සීග්‍ර ගාමී ශටාබ්දී හා රාජධානි එක්ප්‍රස් කෝච්චි ඒ වගේම සීග්‍රගාමි බස් රථ සේවා දිල්ලි හා අග්‍රා අතර නිරන්තරයෙන් තියෙනවා .බජට් ට්‍රැවලර් කෙනෙක් නම් චෙනායි ගිහින් එතනින් එක්ප්‍රස් ට්‍රේන් එකේ අග්‍රා යන්න පුලුවනි .මේන්න ලින්ක් එක ඉන්දියන් රේල්වේ එකට ඊ ටිකට් බුක් කරන්න .අග්‍රා දකින්න යන්න හොඳම කාලේ ඉන්දියාවේ සීත කාලේ ඒ කිව්වේ නොවැම්බර් -දෙසැම්බර් වගේ .එතකොට බලකොටු, ටාජ් මහල් වල කිරි ගරුඬ රත්වෙන්නේ නෑ. නගරයේ තද හිරු රැස් නෑ .ඇවිදින්න ලේසියි.උදෙන්ම ඉර නගිද්දී ටාජ් මහල ගාවට යන්න පුලුවනි නම් ගොඩක් ලස්සනයි.
ආදර සැමරුම් කැටි වූ....
ReplyDeleteසින්දු ද නැත්තේ ඕක ගැන.
උත්තර් ප්‍රදේශ් වලද අග්‍රා තියෙන්නේ? ඉන්දීය ඉතිහාසයේ තොටිල්ල. දැන් ලොකු මහත් වුනාම ඉන්දියාවටම හිසරදයක් වුනු. රටක් හැටියට ගත්තොත් ලොව හයවැනි ලොකුම ජනගහනය ඉන්න සාඩින් ටින් ඒක. ටජ් මහලට දෙයියන්ගේම පිහිටයි.
තවත් එකක් හදන්න ගියාලු නේද ගඟේ අනික් පැත්තේ?
අදටත් ලෝකේ ගෘහ නිර්මාණ ශිල්පයේ මැජික් පෙන්නන්න පුළුවන් එකම රට ඉන්දීයව බවයි කියවෙන්නේ. අර ලෝටස් ශේප් පන්සල ලෝකේ වෙන කිසිම රටක හදන්න බැහැයි කියා කිව්වා. මොකද අර වගේ වහල් භාවයට ආසන්න ශ්‍රමික පිරිසක් සහ කිසිම සුරක්ෂිත බවක් නැති වැඩපොළක් පවත්වා ගන්න බැරි නිසා.
ලෝකේ ඕනෑම ශ්‍රේෂ්ට නිර්මාණයක් ගත්තොත් ඒක පස්සේ එහෙම නරුම කමක් තියෙනවා. චීන ප්‍රාකාරය, පිරමීඩ එහෙමත්. කොටින්ම එංගලන්තේ සබ්වේ එක, පැනමා ඇල උනත්.
දහස් ගණන් මිනිසුන් වසර ගණනක් දහඩිය මුගුරු හෙලමින් ගිණි අව්වේ දුක් විඳිමින් සදන ලද ආදරය නාමයෙන් හැදූ මහා සොහොන් කොතක්...
ReplyDeleteඅවසානයේ මේ දක්ෂ නිර්මාණය අගයනු වස් එය සෑදූ අතිදක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් අන්ධ කරන ලදි...
මෙය ආදරය ද?
මෙය උසස් ද?
මේ සටහන කියවන සියලුම දෙනාට
ReplyDeleteමම මෙතැනදී ට්‍රැවලර් කෙනෙක් විතරයි . ඉතිහාසඥයෙක් හෝ විමර්ශකයෙක් නෙවේ . අග්‍රා ආදරයේ නගරය කියලා මට හඳුවන්න වුන හේතුව ටාජ් මහල් නෙවේ එහි දී මම අත්විඳි ආගන්තුක සත්කාර හා සතුට . කතාවේ අවසාන පැරා එක කියෙව්වොත් ඒක තේරුම් යාවි ඔබට
ලෝකයේ මෙවන් බොහෝ දැවැන්ත ඉදිකිරීම් ,කලා කෘති පිටිපස්සේ වහල් මෙහෙය , කවදාවත් නම නොකියවන කලා කාරයො , ඔවුන්ගේ කර මතින් ඉතිහාසයේ වීරයො වුන රජ වරු හා කුලවත්තු ඉන්නවා .ඒ වගේම ෂාජහාන් -මුම්ටාස් කතාව ෆැන්ටසයි කරන්න මට ඕනෙ නෑ .මොකද අක්බාර් වරු රතු බලකොටුව එහි මුල් අයිතිකාරරජවරුන්ගේන් නිර්දය ලෙස මංකොල්ල කෑව . යුද්ධ කලා .එහෙමයි අග්‍රා ඔවුන්ගේ අගනුවර වුනේ . ලෝකේ අද වෙනකොට මහා කලාගාර වල තියෙන බොහෝ නිර්මාණ වල කතාවත් මේ වගේ විශෙෂයෙන් ප්‍රන්ංශ , එංගලන්ත කලාගාර , කටු ගෙවල වල තියෙන පුරා වස්තු පෙරදිගින් කොල්ල කාල ගෙන ගිය දේවල් .නමුත් අපේ සිවිලයි සේශන් වල කතා ගොඩාක් කියවෙන , එහෙම නැත්නම් සියවස් ගනනාවක නොකිව්ව නොලියවුන කතා සඟවාගෙන අවු වැසි සුලං වලට මූන දෙමින් තියෙන මේ නිර්මාණ සංචාරකයෙක් හැටියට වර්ජනයනය කල යුතු නෑ ( හුදෙක් අර ඉහතින් කිව්ව මේව ඇතුලේ තියෙන නිර්දය කරුණු හේතුවෙන්).අපි බැලිය යුත්තේ යුගයට අනුරූපවයි .එදා මිනිස්සු සිවිලයිසේශන් වලදි සංවර්ධනය ජයග්‍රහණ කියලා හඳුන්වන්න ඇත්තේ මහා සෙනගක් එක්කරගෙන ඔය විදියේ දැවැන්ත දේ කිරීම වෙන්න ඕනේ .
අදත් එහෙමනේ . අපි E01 පාර හදදී ගොඩාක් අයගේ ඒ අවට හිටි ගම වල මිනිස්සු ගොඩකගේ ජීවන රටාව ,ආර්ථික කටයුතු ගොඩාක් වෙනස් වුනා අවුල වුනා.වන්දි අරන් ගම අතෑරලා ගියා .ඒත් අපි පාරේ නොගිහින් ඉන්නේ නෑ නේද අර මිනිස්සු ගැන දුක හිතලා .මේක තමා සියලු කල්හිම රාජ්‍ය බලය , සංවර්ධන ජයග්‍රහන කියන දේවල් වල යතාර්තේ .කොටසක් දිනනවා සතුටුවෙනවා ඒ වැඩය ග්ලොරිෆයි කරනවා කොටසක් පීඩා වෙනවා
නැවත කියන්නේ මේ සංචාරක සටහනක් විතයි .ඒක ලිව්වේ මතු යම් දවසක මම වියපත්වුනහම මම කල කිව් දේ , මගේ යාලුවො ගැන හිතලා සතුටු වෙන්න පමණයි. ඒ නිසා ඉසෙල්ල ට්‍රැවල් නෝට් එකක් ලියන විදියට මේ දිහා බලන්න . කිසිම ට්‍රැවල් නෝට් එකක් ලියද්දී ෆස්ට් හෑන්ඩ් මගේ ඇහින් දුටුව දේ ,කනින් ඇහුව දේ හිතට දැනුන විදියටත් ( heart talks ), එහි යම ඉතිහාසයක් තියෙනවානම් ඒවා ෆැක්චුවල්( historical facts ) විදියට ලියන්න මම උත්සාහ කරනවා ඇර ඉතිහාසය හෙලා දැකීම් , ග්ලොරිෆ්යි කිරීම් මම කරන්න යන්නේ නෑ .කරන එකම දේ කලා නිර්මාණයක් නම් ඒක අගය කිරීම ( just to appreciate it as a master piece of work ) මට පුලුවන් විදියට පොඩි වෙනසක් කරන ඕනෙ නිසා තමයි මම ටාජ් වලට සම්බන්ධ මෑත කාලීන කතාවක් ලිව්වේ - again it is a fact .ඒ වගෙම ට්‍රැවලර් කෙනෙක් හැටියට මොනම රටකදි වත්, යම නිර්මාණයක් එය ඉදිකල විදිය හිතලා මම එහි නිර්මානාත්මක උස් පහත් කම ,අනික් රටවල් වල අනික් ජාතීන්ගේ දේ එක්ක සසඳන්නේ නෑ . මොකද මම රටතොට බලන්න යන්නේ හිතේ සතුට විවේකයට හා පොඩි කාලේ හිතුව හීන හැබෑ කරගන්න මිස ඉතිහාසය පුරා විද්‍යාව දේශපාලනය , ගැන හදාරන කෙනෙක් විදියට නෙවේ
කැමති කෙනෙකුට අග්‍රා ,අක්බාර් , මෝගල වරු මේ කලා නිර්මාණ ගැන ඓතිහාසිකව ,හා ලෝක ශිෂ්ටාචාරය ගැන විමර්ශනාත්මකව ඉමෝශනල් නොවී ඇකඩමික් විදියට කරුණු ලියන්න ඇවැසි නම් ඉඩ විවර කරන්න කැමතියි
එකඟයි. මගේ කොමෙන්ටුවෙන් ටජ් මහල ඩිනවුන්ස් කලේ නැහැ හොඳේ.
Deleteඔය හැම දෙයක්ම එකම ඉතිහාස කතාවක කරුණු. සංචාරයේදීත් මට ඒ වගේ දේවල් මුණ ගැහිලා තියෙනවා. අපි ඒ ගැන විස්සෝප වීමෙන් හෝ අමනාප වීමෙන් පලක් නැහැ.
සුජීව නෑ නෑ ඔබේ හෝ සිලැනිකාගේ කමෙන්ටුවට අමනාප නෑ නමුත් ට්‍රැවල් පෝස්ට් ලියද්දී මම ටිකක් හිතුවක්කාර මගේ විදියකට ලියනවා . සමහර දේවල් වලට ඉඳහිට කමෙන්ට් රිප්ලයි ලියද්දිත් බ්ලැක් ඇන්ඩ් වයිට් කෙලින්ම ලියනවා මට ඕනෙ එක .ඔය පෙර පුරුදු හා වැරදි හදන්න බෑ :)
Deleteඒ ගැන කියලා තිබීම අහස්ගව්වට එන යන කෙනෙක්ට වැදගත්වෙන්න පුලුවනි නිසා ලිව්වේ
සටහන කියෙව්වේ නැහැ . නිවිහැනහිල්ලේ කියවන්න ඕනේ . කියවල කමෙන්ට් එකක් දාන්නම්
ReplyDeleteනොවැම්බර් දෙසැම්බර් කාලයක් බලලා යන්න ඕන ඒ පැත්තෙ. ටජ් මහල් ගැන හුඟක් අහලා දැකලා තියෙන නිසාද කොහෙද, මගෙ හිත ගියෙනම් රතු බලකොටුවට. ඒක මට වඩාත් ලස්සනට පෙනෙනවා. ස්තුතියි ටීජී නොගිය තැනකට එක්ක ගියාට.
ReplyDelete@ නලිනි
Deleteඔවු යන්න යන්න ගොඩක් අමාරු ගමනක් නෙවේ . රතු බලකොටුව වගේම ෆටෙපූර් සිකිරි-fatepur Sikiri කියන අක්බාර්ලගේ අබැන්ඩන් සිටි එකත් බලන්න ඕනේ .මට ඒක මිස් වුනා මේ ගමන .තව අග්‍රා ඉඳලා කිලොමීටර හැටක් දුරින් ග්වාලියර් - Gwalior වල තියෙනවා බලකොටුවක් .ඒකත් හරි ලස්සන තැනක් කියලා මම කියවලා තියෙනවා
ලේසියෙන් බජට් ට්‍රැවල් කරන්න පුලුවනි චෙන්නායි ( මැඩ්‍රාස්) ගිහින් එතැනින් චෙනායි සෙන්ට්‍රල් හරි එග් මෝර් හරි ස්ටේෂන් වලින් අග්‍රා යන ට්‍රේන් එකකට සෙට් වුනහම ( Tamilnadu Express , Grand Trunk Express ) .මේවා ග්වාලියර් වෙනකනුත් යනවා .යනවනම් බලන්නද තැන් නැත්තේ ? :)
ඔබතුමාගේ ලිපිය කැත කරා නම් මට සමාවෙන්න...
Deleteලිපිය ලස්සනයි.
ඒත් මම කියපු කරුණු ටිකත් තිබ්බ නම් හොඳයි...
මොකද මිනිස්සු ගොඩක් ඕවා ගැන හිතන්නෙ නෑ,
@ Gordonia ceylanica-ඔබේ කමෙන්ට් වලට ස්තුතියි
Deleteඅනේ නංගි, මගෙත් ලොකු හීනයක් තියෙනවා ටාජ් මහල් බලන්න. කීප විටක් ඉන්දියාවෙ නැවතුනාට ඇවිද්දේ එහෙම නැහැ. ප්ලේන් වල ගමන් වලදි නවතිනවා මිසක්. හරිම අසාවෙන් කියෙව්වේ පෝස්ට් එක. ස්තූතිකරන්න වචන නම් නෑ මට.
ReplyDeleteඔවු චන්දි යන්න දවසක
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅවුරුදු ගානක් ඉන්දියාවේ වැඩ කරලත් යන්න බැරි වෙච්ච තැන්වලට අරන් ගියාට ස්තුතියි..
ReplyDeleteWelcome :)
Deleteඅග්‍රාවලට මම ආදරෙයි.
ReplyDeleteපස්සේ කියවලා කමෙන්ට් කරන්නම්. තාම නිදිමතයි. :D
මම ඉන්දියා ගිය විටදි ඉන්දියා ගේටි ගැන දැන හිිටියේ නැහ.අපේ වාහන රියදුරුට තේරුමි කිරිමට භාෂා දැනුම තිබුනෙත් නැහ.ඒ නිසා බලන්න ගියෙත් නැහ. දැන් තමයි දැනගත්තෙ.
ReplyDelete@malnayaka-මෙතැන නම් ඉන්දියා ගේට් කිව්වේ අග්‍රා වල රතු බලකොටුවේ එක එන්ට්‍රන්ස් එකක්. දිල්ලි වල ඉන්දියා ගේට් කියලා වෙනම තැනක් තියේ . එක යුද විරුවන් සිහිකරන ස්මාරකයකුත් එක්ක තියෙන්නේ
Deleteහ්ම්ම්ම් වන්දනාවේ යන්ට කාළෙත් ලඟ එන නිසා දැන්ම සැලසුම් කරගන්ට හොඳ අත්වැලක් මේක; අහල පහල පහසුකම් කොහොමද නෝනේ?
ReplyDeleteතිස්ස අපි ඉතින් දූවිල්ලෙන් රස්තියාදුවෙන් මහපාරෙ ජීවිතේ හොයන්න යන මිනිස්සුනේ .මම එක රැයක් නිදාගත්තේ කෝච්චියේ .අනික් රෑ ඌෂගේ යාලුව ගයත්‍රිගේ ගෙදර සාලේ දිවාන් එක උඩ .නමුත් ඉන්දියන් රුපියල් 500-750-1000ට විතර ගන්න පුලුවන් හොඳ පුංචි නවාතැන් තියේ .ට්‍රිප් ඇඩ්වසර් වෙබ් එකේ මම දැක්ක එහෙම තැන් තියෙනවා ගනන් එක්කම .දඹදිව වන්දනා වලදි නම් ට්‍රැවල් ඒජන්ට් ලා මෙහේත් එක්ක යනවා කියලා අහලා තියේ .එහෙම නැතුව යනවනම් ගෝල්ඩන් ට්‍රැයන්ගල එකම බලන්න යන්න අග්‍රා ,ජායිපූර් ,උදයපූර් තුනම වෙනුවෙන් ට්‍රැවල් පැකේජ් තියෙනවා ඒ නැතත් ටිකක් වෙබ් සර්ච් කරලා කෝච්චි බස් වල ගිය හැකි පාරවල් තැන් සොයන් .රේල්වේ ඉස්ටේසම් වලදී ඕනෙම ටුක් ටුක් රියදුරෙකුට කිව්ව්ම ගෙස්ට් හවුස් වලට ගෙනියනවා .කොහොම වුනත් ඉන්දියාවේදි අවු, වැහි ,ට්‍රැෆික්, දූවිලි පිරුණ නවාතැන් , මහ පාරේ කැම කඩ වගේ දේවල් රස නොවින්දොත් ඒක අඩුවක්
Deleteපොඩි කාලේ රටකජු ගොට්ටක් ලැබුනම මන් පොතු ටික වෙන් කරලා මුලින් කනවා . රටකජු ඇට ටික හිමින් රස විඳිනවා . ඔයා ගේ සංචාරක සටහන් වලටත් මාතින් වෙන්නේ ඒ ටිකම තමයි . රටකජු ඇට ටික අද හොඳින් රස වින්දා . අනර්ගයි .
ReplyDeleteනඩු තීන්දුවේ විදියට වැඩ කටයුතු වුනාද . මැරෙන්න කලින් යන්න ඕන තැනක් තමයි ඔය . ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන එක තමයි පහසු . ඒකයි අපි ගමන කල් දාන්නේ . හැබැයි මෙහෙම ගිහින් දඹදිව යන ට්‍රිප් එක තමයි යන්න වෙන්නේ .
මගේ ඉන්දියන් මිතුරියයි මමයි කතා වුනේ කෙල්ලෝ ලොකු මහත් වුන කාලෙක ඉන්දියාවෙයි ලංකාවෙයි ඇවිදින්න අපි හතර දෙනා .
@ Bindhi
Deleteතෑන්ක්ස් මේ වැල් වටාරං කියවල සතුටු වෙනවනම් .මම හරියටම දන්නේ නෑ හැමෝම මේව කියවන්න කැම්තිද මම විඳින විදියටම විඳිනවද කියන්න .මම ඉතින් ලියද්දි ඔය දේවල් හිතන කෙනෙක් නෙවේ නෙ වැඩිය ,මගේ පහන් සංවේගෙට ලිව්ව මිස හුදී ජන ප්‍රසාදය වගේ දේවල හිතනව අඩුයි
ඔවු යන්න යන්න හොඳ රවුමක් ගහන්න :)
පිස්සු කතාකරන්න එපාය.. වැල්වටාරම් තමා අගේම.. :D
Deleteරාජස්ථාන් ජායි පූර් කියන්නේ වජිරදේවිගේ බොහොම ප්‍රිය පුරුෂයෙක්ගේ ගෙවල් තියෙන ඉසව්ව..ආයේමත් ඒ පැත්තේ යන්න ලොකුවට ඕනේකම තිබුණත් පරණ ඊ තල ආයේ ඇනෙයි කියලා බයයි..
ReplyDeleteටීජීගේ ලිපිය කියෙවුවාම ගිහින් ආවා වගේ තමයි..
Thanks Vaji :)
ReplyDelete