|
උදයපූර් වල මෝටි මගරි මහරාජා ආර්ට් ගැලරි එකේ තියෙන
රාණි පද්මිණිගේ ගින්නට බිලිවෙන සිත්තමක් |
විසිතුරු මාලිගා සංකීර්ණ වලින් හෙබි මර්වාර් වංශික රාජ්පුත් වරුන්ගේ අගනුවර වුන උදයපූර් වලට නූතන රාජ්පුත්ඉතිහාසයේ හිමිවන්නේ බොහොම වැදගත් තැනක්. උදයපූර් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන පෙලේ ආකර්ෂණයක් ඒ නිසාමදෝ රාජ්පුත් ඉතිහාසයේ බොහෝ නොමැකෙන වීර සටන් සිදුවුන චිත්තෝර් ( Chittor ) නුවර කාලයේ වැලිතලාවෙන් වැලලිලා ගිහින්.චිත්තෝර් එහෙමත් නැත්නම් චිත්තර් ගාර් (Chittorgarh) නුවර පිහිටල තියෙන්නෙ උදයපූර් වල ඉඳලා කිලෝමීටර දෙසීයක් විතර ඈතින් .උදයපූර් වල ඉඳන් චිත්තෝර් වලට යන්න පැය දෙකක විතර කාලයක් ගතවෙනවා . දිල්ලියේ ඉඳලත් කෝච්චියෙන් හරි හය් වේ එකෙන් හරියන්න පුලුවනි.ඒකට පැය දහයක් විතර යනවා .ආයෙත් දවසක රාජස්තාන් ගියොත් අනිවාර්යෙන්ම චිත්තෝර් යන්න හිතාගත්තා .ඒකට හේතුව මහරාණි රාණි පද්මිණිගේ-Rani Padmini කතාව . මේ මහරාණී ලංකාවෙන් රාජ්පුතානාවේ මහරාජා රතන් සිංට දීග කුමාරිකාවක් කියලයි ඉතිහාසයේ කියන්නේ .ඉතින් මේ ලංකාවෙන් දීගගිය කුමාරිකාව ගැන ඉතිහාස කතා දැනගන්නත් මට තිබුණේ ලොකු කුතුහලයක් .ඔන්න ඒ නිසාම මම 2011සැප්තැම්බර් වල චිත්තෝර් නුවරට ගියා ඒ උදයපූර් වල ඉඳලා.
|
කොටු තාප්පය |
චිත්තෝර් රාජ්පුත්වරුන්ගේ සියලු ඉතිහාසය සැඟවිලා තියෙන්නෙ චිත්තෝර් බලකොටුවේ .මේ බලකොටුව මුහුදුමට්ටමින් මීටර 200ක් තරම් උස කන්දක අක්කර හත්සීයක් තරම් දුරට විහිදිලා තියෙනවා .බලකොටුව වටේට තියෙන ප්‍රාකාරය කිලෝමීටර දෙකක් විතර දිගයි .අදවෙනකොට බලකොටුවේ සමහර පැති වල මිනිස් ජනාවාස කඩ සාප්පු එහෙමත් තියෙනවා .නොකඩවා වහින මෝසම් වැහිත් ,වැහි අඳුරත් ,සීතලත් නොතකා තමයි මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ චිත්තෝර් බලකොටුව බලන්න මම ගියේ .
ප්‍රධාන ද්වාර එහෙම නැත්නම් Pol කියලා හඳුන්වන ගල් වලින් නිමවපු විසාල අර්ධකවාකාර උස් ප්‍රවේශ හයක් පහුකරලා තමයි බලකොටුවට ඇතුල්වෙන්න ඕනේ . මේ ද්වාර ඉතා උසින් හා පලලින් තියෙන්න ඇත්තේ යුද්ධයට යොදාගත් ඇත් ,අස් වගේ සේනාවන්ට ඇතුල්වෙන්න පහසුවට වෙන්න ඕනේ .බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ (මේවා මහරාජා වරුන්ට , ඔවුන්ගේ කාර්ය මංඩල වලට , සොල්දාදුවන්ට , සේවකයන්ට වෙන වෙනම වෙන් වෙලා තියෙනවා ) , පැරණි හින්දු දේවාල , කැටයම් වලින් අලංකාරවුණ ස්ථම්භ , ජයින පංසල් , වගේම පොකුණු හා කුඩා ජලාශ දැකගන්න පුලුවන් . ඒ කියන්නේ පුංචි නගරයකට උවමනා ගොඩක් දේ මේ බලකොටුව ඇතුලේ තිබිල තියෙනවා . යුද්ධයකදී ජල හිඟයක් වුණොත් ඊට ඉතා හොඳ සූදානමකින් හිටි වග පේන්නෙ බලකොටුව ඇතුලෙ තියෙන ජල මූලාශ්‍ර දිහා බැලුවම.
|
රාණි පද්මිණී මාලිගා පරිශ්‍රයේ කොටසක් |
මේ බලකොටුවේ ඉතිහාසය ක්‍රි.ව .7 වන සියවස තරම් ඈතට දිවයනවා .බලකොටුව ගොඩනගන්නේ Bappa Rawal කියන මහ රාජා විසින් .මේ බිම් කඩ ඔහුට කුමාරිකාවක් සරණපාවා ගනිද්දි ලැබුන විවාහ දායාදයක්.මේ බලකොටුව ඉතිහාසයේ නොමැකෙන ශෝඛාන්තය සනිටුහන්වෙන්නේ මහරාජා රතන් සිං ගේ කාලයේ . මහරාණි රාණි පද්මිණී විවාහවුනේ මහරාජා රතන්සිං එක්ක . මේ මහරාණි ලංකාවේ කුමාරිකාවක් කියලා තමයි ඉතිහාස කතාවල කියවෙනේ. ඇය රූපයෙන් අගතැන්පත් කුමාරිකාවක් . මහරාජා රතන්සිං සාහිත්‍ය සංගීත කලාවට බොහෝ අනුග්‍රහ දැක්වූ හොඳ රසිකයෙක් .ඔහුට හිතවත් සංගීත ශිල්පියෙක් හිටියා චේතව රාඝන් කියලා .යම දවසක මේ මහරාජා දැනගන්නවා චේතව රාඝන් රාජ ද්‍රෝහී කුමන්ත්‍රණ වල නිරතවෙන්නෙක් කියලා . ඔන්න එතැන ඉඳන් තමයි සේරම ප්‍රශ්න පටන්ගන්නේ . රතන්සිං මහරාජා චේතව රාඝන් ගැන බොහොම කෝපයට පත්වෙලා ඔහුගේ ශරීරය පුරාම දැලි ගාලා බූරුවෙක්ගේ පිටේ නග්ගලා නුවරින් එලවලා දානවා .
උපක්‍රමශීලී චේතව රාඝන් දිල්ලියේ සුල්තාන් අලවුදීන් කිල්ජි- Alauddhin Khilji වෙත ගිහින් ඔහු හා මිතුරුවෙනවා රතන්සිංගෙන් පලිගන්න . ඊට සුදුසුකාලය ආවම ඔහු අලවුදීන් ඛිල්ජිව මෙහෙයවනවා චිතෝර් නුවර වටලලා රූමත් රාණි පද්මිණීව බලෙන් පැහැරගන්න . තමන්ගේ සේනාවත් එක්ක ඇවිත් චිතෝර් බලකොටුව සමීපයේ කඳවුරු බැඳලා මහරාජා රතන්සිංට පණිවුඩයක් යවනවා තමන් ඉතාම කැමැත්තෙන් ඉන්නවා රූමත් රාණි පද්මිණීව මුනගැහෙන්න ඒවගේම එයා කැමතියි රාණි පද්මිණී තමන්ගේ සහෝදරියකගේ තනතුරේ ලා සලකලා ගරු කරන්න කියලා .මේ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයට මහරාජා රතන්සිං රැවටුණත් රානි පද්මිණීටනම් තිබුනේ සැකයක් .ඒ නිසා ඇය සැමියාට කියනවා තමන් අලවුදීන් ඛිල්ජී මූණට මුණගැහෙන්න කැමති නැති වගත් ,ඔයතරම් දැකගන්න උවමනානම් තමන් බලකොටුවේ නෙලුම් පොකුණක තියෙන ගිම්හාන මාලිගාවට ආවම එහි තියෙන දර්පණ වලින් පරාවර්තනය වෙලා ඊට නුදුරෙන් තියෙන අනික් ගිම්හාන මාලිගාවේ දර්පණ වලට ලැබෙන ප්‍රතිබිම්බය ඛිල්ජිට බලාගන්න පුලුවනි කියලා .මහරාණි කිසිසේත්ම කැමතිවෙන්නේ නෑ ඛිල්ජි පියවි ඇසින් ඇගේ රුව දකිනවට . අන්තිමට වෙන විකල්පයක් නැති තැන අලවුදීන් ඛිල්ජි දර්පණ වලින් මහරාණිගේ රුව රසවිඳලා ඒ රාගයෙන් උමතුවෙලා මහරාජා රතන්සිං ව හිරබාරයට ගන්නවා. රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තමන්ගේ නුවරින් පිටවෙලා යද්දී ඔහු සමග පසුගමන් යාම සිරිතක්නේ .එහෙම ඛිල්ජි නික්මයන වෙලාවේ ඔහුට පසුගමන් යන්න ආව රතන්සිං මහරාජාව හිරබාරයට ගන්න කියලා ඛිල්ජී තමන්ගේ හේවායන්ට අණ දෙනවා.
|
රාණි පද්මිණිගේ කතාව |
|
මහරාණී දකින්න ඛිල්ජි හිටියේ මෙතැන |
ඉන් පස්සේ රාණි පද්මිණීට පණිවිඩයක් එවනවා තමන්ගේ සැමියාට අභය දානය උවමනානම් වහාම ඛිල්ජිගේ ඇතොවුර කාන්තාවක් වෙන්න කියලා . පණිවුඩය ලද වහාම මේ මහරාණි බොහොම සැලසුම්සහගතව ලෑස්තිවෙනවා සැමියා බේරගන්න උපක්‍රමයකුත් එක්ක . ඇය තීරණය කරනවා ඇතොවුරට යන්න . ඒ වෙනුවෙන් බොහොම උත්සව ශ්‍රීයෙන් සැරසුව පල්ලැක්කි වල නැගිලා තමන්ගේ පරිවාර සේවිකාවො එක්ක පෙරහැරෙන් ඛිල්ජි මුණගැහෙන්න යන්න තමයි සූදානම. නමුත් මේ පල්ලැක්කි වල ආයුද සන්නද්ධ දක්ෂ සෙබල මුලුවක් සැඟවිලා ඉන්නේ . ඛිල්ජි කඳවුරු බැඳන් ඉන්න තැනට මේ පල්ලැක්කි පෙරහැර සේන්දුවුනහම සතුටින් පිනාගිය ඛිල්ජි මහරාණි පිල්ගන්න එනවාත් එක්කම පල්ලැක්කි වලින් එලියට පනින සෙබල මුළුව ඔහුගේ කඳවුර ඇතුලට පැනලා මුරභටයො එක්ක සටන් කරලා මහරාජා රතන්සිං බේරගෙන මහරාණිත් එක්ක චිත්තෝර් නුවරට පලා එනවා .
නමුත් ඛිල්ජිගෙන් බේරීමේ සතුට තියෙන්නෙ සුලු මොහොතයි . ඛිල්ජිගේ මහා සේනාව මුලු චිත්තෝර් බලකොටුවම වටලනවා .නගරය එක්ක තියෙන සියලු සම්බන්ධතා , සැපයුම් මාර්ග අවහිර කරනවා . රතන්සිංගේ සීමිත යුධ ශක්තියෙන්මේ සටන දිනන්න බැරි වග පෙනි පෙනීත් ආත්මාභිමානය රැකගන්න බලකොටුවේ සිටි සියලුම හේවායන් සේවකයන් තමුන්ගේ අඹුදරුවන්ගෙන් සමු අරන් යුධ පෙරමුණට යනවා .ඉතිරිවෙන්නේ ගැහැණු හා ලමයි. මහරාණි ප්‍රමුඛ සියලු කාන්තාවො තීරණය කරනවා දරුවන් ආරක්ෂිත තැන් වලට යවලා ලොකු දරසෑයක් හදලා සුදු වතින් සැරසිලා එයට පැනලා ගිනි තබාගෙන මැරෙන්න . රතන්සිං පරදවලා ඔහුව මරලා බලකොටුව ජයගෙන එන ඛිල්ජි දකින්නේ දර සෑයක දැවෙන මහරාණී රාණි පද්මිණී හා සෙසු ස්ත්‍රීන් . මේ බලකොටුව තුන් පාරක්ම මේවගේ අක්බාර් වරුන්ගේ ඛේදනීය ප්‍රහාර වලට ලක්වෙලා පිරිමි යුද්ධයේ තමන්ගේ ආත්මාභිමානය රැක ගන්නත් , ගැහැණු තමන්ගේ ආත්මගරුත්වය රැකගන්නත් ජීවිත පූජාකරන තැනක් වෙනවා .
|
මහරාණී ආවේ මේ ජල් මහල් මන්දිරයට |
මහරාණී රාණි පද්මිනිත් ඒ සියලුම කාන්තාවොත් වීරවරියන් හැටියට සලකන චිත්තෝර් වැසියො හැම අවුරුද්දේම ජොහාර් මේලා Jauhar Mela කියලා මහා සැණකෙලි උත්සවයක් පවත්වලා ඔවුන් සමරනවා .මහරාණි රාණි පද්මිණී ශෝඛාන්තය වීර කාව්‍යන් ,නාට්‍ය නිර්මාණ වලටත් පාදක වෙනවා . ජායිසී මල්ලික් මොහොමඩ් කියන කවියා පහලොස්වෙනි සියවසේ දී ලියන "පද්මාවත්" කියන කාව්‍යයේ මෙන්න මෙහෙම ඇය ගැන කියනවා .
"According to Jayasi, Chitor stood for body, Raja for mind,
Ceylon for heart, Padmini for wisdom and Alauddin for lust"
ඒවගෙම පස්සේ කාලෙක ඇල්බර්ට් රසල් කියන ප්‍රංශ ඔපෙරා කරුවා මේ කතාව ඔපෙරාවකටත් නගනවා.ලංකාවේ නිපදවුන" පද්මාවතී " නාඩගමත් මේ කතාව ඇසුරින් ලියලා තියෙන්නේ .
මේ විසාල බලකොටුව බලන්න ගියවෙලාවේ ඉඳන් මම ලොකු ආසාවකින් හිටියේ රාණි පද්මිණීගේ මාලිගාව දැකගන්න . ගරාවැටුණ මාලිගා සංකීර්නයක් වුණ එය පිහිටියේ බලකොටුව කෙලවරේ පොකුණකට යාබදව . මම ලංකාවෙන් කිව්වම එහි සිටි මුරභටයො මට ප්‍රවේශපත්‍ර නොමැතිවම ඇතුලට යන්න ඉඩදුනේ මහරාණිගේ රටෙන් ආව කෙනෙක් නිසා . ගරාවැටුණ මාලිගා සංකීර්ණයේ විසාල ඉඩක් වෙන්වෙලා තිබුණා සේවක නිවාස වලට . මම කල්පනාකලේ මේ මහරාණී තමුන්ගේ සේවකයන්ට බොහොම හොඳින් සලකන්න ඇති කියලා . ස්වාමි පුත්‍රයා වෙනුවෙන් සටන් කරලා මැරෙන්න ඔය තරම් පිරිසක් එක්වෙන්න විදියක් නෑ ඇය සේවකයන් අතර ප්‍රසාදය දිනා නොහිටියනම් .මට හිතුනේ එහෙම .බලකොටුවේ එක්පැත්තක තියෙනවා කුඩා ගිම්හාන ගෘහයක් පොකුණට මූණදාලා .එහි තමයි අලවුදින් ඛිල්ජි මහරාණිගේ රුව බලන්න මග රැකලා ඉඳලා තියෙන්නේ .මේ ගෘහය ඇතුලේ බිත්තිවල දර්පණතල එල්ලලා තියෙනවා . මෙතැන ඉඳන් බැලුවම පොකුණේ තියෙන කුඩා ගිම්හාන ගෘහයක් දැකගන්න පුලුවනි.මහරාණි තමන්ගේ රුව ඛිල්ජිට දර්ශනය වෙන්න ඇවිල්ලා තියෙන්නේ මෙතැනට. මේ ගිම්හාන ගෘහයටනම් යන්න දෙන්නේ නෑ .
|
Rana Kumbha Palace |
|
මීරා දෙවොල |
චිත්තෝර් බලකොටුව ඇතුලේ මාලිගා සංකීර්ණ ගොඩක් තියෙනවා .ඒ අතරින් රනා කුම්භ මාලිගාවත්- Rana Kumbha Palace වැදගත්.කොටුවට ඇතුල්වෙන සීමාවේමයි මේක තියෙන්නේ . මෙයත් චිත්තෝර් තමන්ගේ බලකොටුව කරගත්තු මහරාජා රනා කුම්භගේ වාසභවන . මෙතැන ඉඳන් බැලුවම හින්දු කතාවල මිතිකල් කිවිඳියක් හැටියට සැලකුව මීරා බායි සහ බලවත් දේවතාවියක් වූ කාලි මාතාව වෙනුවෙන් ඉදිවුන පැරණි දෙවොල් දෙකක් මෙතැනට පේනවා . මීරා කිවිඳිය ක්‍රිෂ්ණ දෙවිඳුන්කෙරෙහි බොහෝ බැති සිතින් ඔහු වෙනුවෙන් භජන් ගායනා කල තැනැත්තියක්.ඇය ගැන හොහෝ ජන කතා චිත්තෝර් වැසියන් අතරේ මුඛ පරම්පරාගතව එනවා . මීරා වෙනුවෙන් කැපවුන මේ සියවස් ගනනක් පැරණි දෙවොලේ අදත් භජන් ගී ගැයෙනවා , ක්‍රිෂ්ණ පූජා පැවැත්වෙනවා. මීරා දෙවොලත් කාලි මාතා දෙවොලත් ඓතිහාසික අතින් ඉතාම වැදගත් තැන් කියලා හිතුනේ එහි ඇති සියුම් ගල් කැටයම් නිර්මාන දිහා දැක්කම . බලකොටුව පුරාම මේ ගල් කැටයම් වල ලාලිත්‍ය දකින්න පුලුවනි. දේවාල වල අන්තරාලය , ගර්භගෘහය , හා පිටත ආලින්දය කියන කොටස් තුනක් තියෙනවා .උදයපූර් වල තියෙන මාලිගා සංකීර්ණවල අලංකරණයන්ට වඩා චිතෝර් වල කැටයම් , ලියවැල් වල වෙනසක් තියෙනවා චිත්තෝර් ගල් කැටයම් හා ගෘහ නිර්මාණ සම්ප්‍රදාය ගැන මොනවහරි කලින් කියවලා මෙතැන නරඹන්න ආවනම් ගොඩක් හොඳයි කියලා මට හිතුනා .
|
Vijay Stamba -Victory Tower |
|
Stone Carving |
බලකොටුව ඇතුලේ තියෙන ගල් කැටයම් වලින් අලංකාර වුනු මතු මහල් බොහෝ ගණනක් ඇති උශ් කුලුණුත් අමතක කරන්න බෑ . එයින් ප්‍රධාන වෙන්නේ කීර්ති ස්ථම්භය හා ජය ස්ථම්භය .නම් වලින්ම කියවෙන විදියට චිතෝර් මහරාජා වරුන්ගේ ජුධ ජයග්‍රහණ , හා ඔවුන්ගේ ප්‍රෞඩ බව ලෝකෙට කියාපාන්න මේ කුලුණු ඉදිවෙන්න ඇති . මෙවයේ මතු මහල් වලට නගින්න පටු පියගැට පේලි තුබුණත් පුරාවිද්‍යා වටිනාකම නිසා නරඹන්නන්ට ඒවා උඩට නැගීම සීමා කරල තියෙනවා .මට හිතුනේ මේ කුලුණු චිතෝර් වැසියන්ගේ කීර්තිය ලෝකෙට කියාපාන්න වගේම බලකොටුවට එන පර සතුරු විපත් ගැන ඔත්තු බලන්නත් පාවිච්චි කරන්න ඇති කියලා.
|
Go Mukh Fountain |
|
Go Mukh Reservoir |
|
View of City from Fort |
ඔය කුලුණු ආසන්නයේම චිත්තෝර් වල ප්‍රධාන ජල මුලාශ්‍රයක්වුන ගෝ මුඛ- Go Mukh Reservior කියන චිතෝර් වැසියන්ට අනුව කිසිම නියඟයකට නොහිඳෙන ජලාශයක් තියෙනවා. නමේ අරුතින් කියවෙන විදියටම මේ ජලාශයට ජලය එන්නේ ගව මුඛයක හැඩේට ඉදිවුන උල්පත් කටකින්. මේ ජල උල්පත බොහොම බලගතු තැනක් කියලා මෙහි යන එන අයගේ විස්වාසයක් තියෙනවා.කවුරුත් එයින් එන වතුර ටිකක් බීලා මූණ අතපය හෝදගන්නවා . මාත් එහෙම කරලා එතැන තියෙන පුංචි දේවාලෙට පඬුරකුත් දැම්ම.මේ ජලාසේ ඉන්න මාලුන්ට කෑම දීමත් යන එන අයගේ චාරිත්‍රයක්. ඒ වගේම ඒ අවට ඉඳන් පහල චිත්තෝර් නගරය හොඳින් නරඹන්න පුලුවනි . බලකොටුවේ උස් ප්‍රකාර හා ඈත නගරයේත් මනරම් දසුන් මෙතැනට පේනවා.
|
Fate Prakash Palace |
මම අන්තිමටම ගියේ පටේ ප්‍රකාශ් ( Fate Prakash Palace )මාලිගාවට .මේ තමයි බලකොටුවේ තියෙන කෞතුකාගාරය .මහා විසාල පැරණි මහරාජා මාලිගයක එක් කොටසක් කෞතුකාගාරයක් හැටියටත් අනික් කොටස ප්‍රාථමික පාසලක් හැටියටත් පැවැත්වෙනවා. එදා නිවාඩු දිනයක් නිසා මට කෞතුකාගාරන නඹන්න තිබුණ අවස්ථාව මග හැරුණා .
|
Last Click of the Fort |
දවල් දහයට විතර් බලකොටුව බලන්න ගිය ඌෂත් මමත් එතැනින් එන්න පිටත්වුනේ හවස පහට විතර . ඒත් මටනම් බලකොටුවෙන් එන්න බැරි ගතියක් දැනුනා . අර ගරා වැටුණ මාලිගා සංකීර්ණ , පරන ගඩොල් අතර මහරාජා වරුන්ගෙත් මහරාණි වරුන්ගෙත් මොනතරම් සැඟවුණ කතාන්දර ,රහස් කාලයේ වැලිතලාවෙන් වැලලිලා යන්න ඇතිද කියලා බලකොටුවේන් පිටවෙන ලඳු කැලෑවකින් වටවුන අභය භූමියක් හැටියට වෙන්කෙරුණ මාර්ගයේ එද්දී මම කල්පනා කරමින් හිටියේ .ඒ වෙනකොටත් හිරි පොද වැස්ස වැටෙනවා අපිවත් තෙමාගෙන . වැහි අඳුරත් මීදුමත් නිසා බලකොටුව කෙමෙන් නොපෙනී යමින් තිබුණා .
ප/ලි
හොඳින්ම චිත්තෝර් බලන්න නම් මුලු දවසක්ම යනවා .එදා රෑ දහයට තියෙන කෝච්චියෙන් චිත්තෝර් ඉඳලා අග්‍රා බලා යන්න මගේ සැලසුම වුන නිසා වැඩිය හවස් වෙනකන් සිත්සේ මට බලකොටුව නරඹන්න බැරිවුනා . මගේ චිත්තෝර් මිතුරිය ඌෂා නිසා රාජ්පුත් ශිෂ්ටාචාරයේ සැඟවුණ අභිමානය වූ චිත්තෝර් නුවර නරඹන්න මට හැකිවුනා .රාණි පද්මිණී ගැන වැඩි විස්තර කියවන්න ඕනෙ නම් මෙන්න මේ ලින්ක් එකට යන්න .
විකියට අනුව මේ පද්මිණි ඉදලා තියෙන්නෙ 'සිංගාල්' වල නේද, එතන ලංකාවක් ගැන කියැවෙන්නෙ නෑ.. ඒ වගේම විකියට අනුව සිංගාල් කියන්නෙ උතුරු ඉන්දියාවෙ හින්දු ක්ෂත්‍රිය ගෝත්‍රයක් නේ.. ඔය කතාවට ලංකාව සම්බන්ධ වුනේ කොහොමද..!? මේක ලොකු ප්‍රහේලිකාවක්.. මමත් ඔයා දුන්න ලින්ක් එකෙන් ටක් ගාලා විකියට ගිහින් බැළුවෙ මෙහෙම ලංකාවෙන් රාජ්පුත්වරුන්ට දීග ගිය පද්මිණි කෙනෙක් ගැන අපෙ ඉතිහාස පොත්වල කොහෙවක් සදහනක් වෙන්නෙ නැති නිසා..
ReplyDeleteBura I am writing my first hand travel experiences . I too didn't find much authoritative literature to support her SL origin . But still as a traveler i like to explore some folk lore etc and found many in Chittore ( Palace guards i met, Usha's family and neighbourers )and Udaipur believe she is from Ceylon . That's what I can say as answer to your question . Its a hear say evidence . Also Jaisee Mallik Mohomed says "Chitor stood for body, Raja for mind,
ReplyDeleteCeylon for heart, Padmini for wisdom and Alauddin for lust"
Other than that I did't write this as academic matter to debate on her origin . This is just my travel note and what I enjoy . I am quite busy often and have no time for such academic research work or follow up the comments here . If any reader wants ( including you )they can continue this as academic dialogue . I am happy to create that forum in Ahasgawwa . Thanks TG
".......Padmini, Rani : According to legends, she was the wife of Rawal RATAN SINGH I of Mewar, although there appears to be no historical record of Ratan Singh having a wife by that name. Nor is she mentioned in Khaza'inul Futuh, Hazrat Amir Khusrau's official chronicle of Ala-ud-Din Khilji's campaigns. It would seem the ravishing Padmini may have been the figment of a contemporary bard's vivid imagination, quite possibly to supply a romantic reason for Ala-ud-Din's savage conquest of Chittor in 1303 (see CHITTOR, 1ST SACK). With the legend established, she was given a name, Padmavati, but that was the invention of the writer Malik Mohammed Jayasi, in a poem of that name written some two hundred and fifty years after Ala-ud-Din's conquest. This romantic tale relates the beginning of what was to become the Padmini legend (see GANDHARVASEN). Perhaps the name itself came from the Hindu word 'padmini', the archetype of all beautiful women. Nevertheless, the legendary Rani Padmini has become the most famous heroine in the annals of Mewar, and her extraordinary story is one of loyalty, faith, courage, and a shining example of the strength of Rajput womanhood. Padmini had an exotic background: a young princess from Sinhal Dripa (Lanka, Ceylon or modern Sri Lanka), the daughter of King Gandharvasen and Queen Champavati. (Another account gives the royal father's name as Hamir Sank who was, allegedly, a Chauhan, also of Ceylon.) Accompanied by her uncle Gora, his wife, and Gora's nephew, Badal, Padmini came to India to marry Ratan Singh. A dark-skinned maiden, her incredible beauty was soon acclaimed throughout India. When Sultan ALA-UD-DIN KHILJI of the Khilji dynasty of North India heard about Padmini, he decided to abduct her for his harem......."
ReplyDeletehttp://www.eternalmewar.in/User/Research/WikiDescription.aspx?Id=Rani
From where ever she is , what ever her origin its a tragedy .
Agree with your last sentence.. I should read more about this topic it seems.. Anyway, thanks for writing this..!!
ReplyDeleteකෝ මේ සුජීව.!? :)
පලි: මේ පෝස්ට් එක Google reader එකේ publish වෙලා තිබ්බෙ නැහැ, මම අහම්බෙන් වගේ ආව නිසයි දැක්කෙ..
RSS අප්සෙට් වගේ.
ReplyDeleteමං ආවේ බූරා සුජීවට මගේ බ්ලොගේ දැමූ කමෙන්ටුව දැකලායි.
ලංකාවෙ කරාවෙ කුලයෙ මුල රාජ්පුත්ලට කියල කියනව! බුරා දාපු ඇඩ් එක නිසා ආවෙ.
ReplyDeleteමං අන්තිමට කියවන්නේ මේ බ්ලොග් එක. මොකද මට නිවී හැනහිල්ලේ කියවන්නත් රස විඳින්නත් ඕනේ. මේකි මේ හතර දිග බාගේ ඇවිදලා මේ විදිහට අපිත් එක්කන් ගියාම අපිට හිතෙන සතුට වේදනාව "ඉරිසියාව" හිතට දැනෙන්න නිදහස ඕනේ. ඒක නිසයි අහස ගව්වට එන්න පරක්කු වෙන්නේ.
ReplyDeleteඇකඩමියාවට බැස්සොත්;
මේ කුමාරිය ගැන ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සඳහනක් තියෙන බවක් දන්නේ නැහැ. ඇයට වුනු දෙය අපේ රටේ ඇගේ නෑ හිතවතුන් හරහා ජන කතාවක් වත් වෙන්න ඉඩ තිබ්බා. අනික ඉන්දීය මහා සම්ප්‍රදායෙන් එන මේ කතාව අපේ සාහිත්‍යයට යන්නත් තිබ්බා.
මේ මොකුත් වෙන්න අනිවාර්ය නැහැ. එසේ නොවීත් ලංකා සම්බන්ධය සත්‍ය විය හැකියි. නමුත් එහෙම වෙලා නැති එක පොඩි සැකයක් දෙනවා.
මෙන්න පද්මිණිය ගැන ලියු තවත් බ්ලොග් සටහනක්: http://rasawathiya.blogspot.com/2012/01/blog-post.html
ඔය කතා වල කියන හැටියට කෙල්ල 1200 ගණන් වල ගියානම් ඒ කාලේ දිල්ලියේ කානෙට් එකක් තියෙන්න බැහැ. මට මතක හැටියට අක්බාර් 1400 ට පස්සේ. කොටින්ම මොංගල් වරුන් බලවත් සමයේ ඔවුන්ට ඉන්දියාව අල්ලන්න බැරි වෙනවා. මුළු ලෝකෙන්ම කාලා අන්තිමට තමා ඉන්දියාවට ගොඩ වෙන්නේ. මතකයෙන් ලිව්වේ වැරදුනු තැනක් ඇති.
හැබැයි හෂිත මෙහෙම කියනවා.
"අලාඋද්දින් ඛිල්ජි 1296- 1316 අතර විසි වසක් දිල්ලිය පාලනය කළ ජහපනාහ වරයෙකි. පද්මාවතිය ගේ මරණින් පසුවද උතුරු ඉන්දියාව මුගල් වරුන්ට යටත් වනු නොදී අල්ලා ගෙන සිටියෝ රාජපුත් වරුහු වෙත්. ජලාලුද්දින් අක්බාර් හා විවාහිත එඩිතර රාජපුත්‍ර 'ජෝදා' කුමරිය නෑකමින් පද්මාවතියගේ මී මිනිබිරියක් විය යුතු යැයි රතු බලකොටුව පිහිටි දිල්ලි හයේ [Delhi Six] චාන්දනි චෞක් හි [රිදී හන්දිය] සිට කතා වු බව මට මතක් වෙයි."
ඒ කියන්නේ අලුද්දීන් කාරයා මොංගල් නොවේද? මොංගල් නොවන මුස්ලිම් බලයක් දිල්ලියේ තිබ්බද කියා වෙනම හොයා බලන්න ඕනේ. හැබැයි මේ ප්‍රහාරයේ හෝල් මාක් එක නම් මොංගල්.
කොහොම උනත් ඉන්දියාවේ දොරපිල ගාඩ් කල රාජ්පුත් වරුන් මරුසි පොරවල්. යුද්දෙට සමත් එවුන, නිර්භීත එවුන්. පද්මිණිය යන්නේ ලංකාවෙත් මරුසි සමයක. ඒ නිසා මේ චින්තනය ගැන පුදුමයක් නැහැ. ඔය කාලෙම අපේ බිසවකුත් දිවි නැහැ ගන්නවා ගලෙන් පැනලා රාජ් ස්ත්‍රීන සමග. සැමියා [රජු] යුද්ධෙන් මල නිසි එහෙම කරන්නේ. ඒත් ඒකට හේතුව පණිවිඩ කරු යුද්ධය දිනු සතුටට වැරදි කොඩියක් වැනීමයි. ඇත්තටම මහා රජු යුද්ධය දිනලා. මේ කතාව හා පද්මිණිය ගේ කතාව ලඟින් යනවා.
ටී ජී ඉස්සර ඉඳං පද්මිනී කතාව ගැන කතා කලා. මටත් ඔය ගැන හරිම නිගමනයකට එන්න නම් සාධක ලැබී නැහැ. විකිය 100% විශ්වාස කරන්න බැහැ. ජන කතා ඊට ප්‍රබල වෙන්න පුළුවන්.
ටී ජී කතාවේ ඇකඩමික් සංරචකය පමණක් අල්ලා ගත්තට සමා වෙන්න. ආයිත් කියවලා තව අදහසක් ලියන්නම්. මේ කලබලෙන් කියෙව්වේ.
// ඔය කාලෙම අපේ බිසවකුත් දිවි නැහැ ගන්නවා ගලෙන් පැනලා රාජ් ස්ත්‍රීන සමග. සැමියා [රජු] යුද්ධෙන් මල නිසි එහෙම කරන්නේ. ඒත් ඒකට හේතුව පණිවිඩ කරු යුද්ධය දිනු සතුටට වැරදි කොඩියක් වැනීමයි. //
Deleteමේ කතාව එන්නෙ සකලකලා වල්ලභ රජු සම්බන්ධයෙන් නේද..?? එ‍් කියන්නෙ කෝට්ටෙ යුගයෙ අවසාන කාලෙ නේද.??
මට මතක කුරුණෑගල කාලේ කියා. රජා අමතකයි.
Deleteඅනික මේ පැෂන් එකයි හයිලයිට කලේ. කවුද ඉස්සෙල්ල වැඩේ කලේ කියන එක අදාළ නැහැ.
Deleteකතන්දර;
ReplyDelete[[RSS අප්සෙට් වගේ.]]
කාලයක්ම බ්ලොග් රෝලේ අහස්ගව්ව වැටුනේ නැහැ. මං කියන්නත් හදලා නොකියා හිටියේ එහෙම කියන එක හරි නැති නිසා.
මං උන්නේ කෞරව හෙවත් කරා කුලය දකුණු ඉන්දීය මූලයකින් එන්නේ කියා හිතාගෙන.
ReplyDeleteඔතන දිග කතාවක් තීනව. කොරමැන්ඩලේට එන්නෙත් කුරු රාජධානියෙ කරා ල කියලයි කියන්නෙ.රාජ්පුත් කියන්නෙ ඒ රාජපුත්‍රල කියනවනෙ. කතාව අහකට අදිනවද මම ආයි?
Deleteඅයිතිකාරිය අවසර දී ඇත, ඇදගෙන යමුහ්.!! කොහෙහරි ගිහින් නවතින්නෙ නැතෑ.. :)
Deleteපලි: ගල් නොගසන බවට මම ප්‍රතිඥා දෙමි.!! :D
දිල්ලියේ හුන් මුස්ලිම් වරුන් මොන්ගලයින් නොවේ, මාමලුකයින්.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Delhi_Sultanate
මේ මුස්ලිම් ආක්‍රමණයේ මුල අර "ගවුරි" සෙනෙවියා. පකිස්ටානේ හදපු න්‍යෂ්ටික මිසයිල වල නම දැම්මේ උගෙන්. පොර තමා මුල්ම ආක්‍රමණිකයා. දිල්ලිය ඔහුගෙන් පසු එන මාමලුක නායකයෙකු අල්ලා ගන්නවා.
ReplyDeleteමේ සටනට මොංගල් සම්බන්ධයක් නැහැ.
පහු වෙද්දී රාජ්පුත් හා මුස්ලිමුන් එකතු වෙනවද තම රාජ්‍යය බේරා ගන්න? හෂිත මෙහෙම කියන්නේ "ජලාලුද්දින් අක්බාර් හා විවාහිත එඩිතර රාජපුත්‍ර 'ජෝදා' කුමරිය නෑකමින් පද්මාවතියගේ මී මිනිබිරියක් විය යුතු යැයි රතු බලකොටුව පිහිටි දිල්ලි හයේ [Delhi Six] චාන්දනි චෞක් හි [රිදී හන්දිය] සිට කතා වු බව මට මතක් වෙයි."
පද්මිණි කුමරියගේ දෙමව්පියන්ගේ නම් ශ්‍රීලාංකික හුරුවක් නැහැ. හෂිත හරියටම ඇය කුරුණෑගල දිහාවේ කියන්නේ ඒ කාලේ කුරුණෑගල රාජ්‍යය තිබ්බ නිසාද දන්නේ නැහැ.
මෙන්න මෙතන තමා මට කුතුහලය තියෙන්නෙ.. නම් ශ්‍රී ලාංකික නෙවේ, ඉතිහාසයේ හෝ ජනප්‍රවාද වල සදහනක් නෑ.. අනෙක 1200 ගනන් කියන්නෙ අපි කාලිංග මාඝ ගෙන් කාලා නිරිතට පහුබහින කාලෙ නේද.. මේ කාලෙ ලංකාව හා රාජ්පුත්නාවරු එක්ක සම්බන්ධකම් ගැන මොකුත් කියවෙනවද.??
Deleteළමයි අර මහරාණිගේ පින්තූරේ ගනිද්දී ඒක යටින් මෙන්න මේ විදියට ලියවිලා තියෙනවා . ඔය කියන විදියට සටන වෙලා තියෙන්න්නේ මේ වකවානුවේ වෙන්න ඕනේ
DeleteChittore fort battle 25th Aug 1303 AD
මම පින්තූරෙ ක්‍රොප් කල නිසා ඒක නෑ
අන්න පොටක් පෑදුනා. තුන්වන පරාක්‍රමබාහුගෙ දෝණියැන්දැ කසාද බැඳල තීන්නෙ රාජ්පුත් තාකූර් කෙනෙක් කියල කරා වංශෙ කියවෙනව. ඒ කියන්නෙ 1200 කාලෙදිනෙ.
Deleteඋඹේ ගල් මොනාද අන්න අභීතයගෙ අඩවියෙ කට්ටිය පව්කාරයට ගල් ගහනව. පළවෙනි ගලට කට්ටිය පෝළිමේ!
[[තුන්වන පරාක්‍රමබාහුගෙ දෝණියැන්දැ කසාද බැඳල තීන්නෙ රාජ්පුත් තාකූර් කෙනෙක් කියල කරා වංශෙ කියවෙනව]]
Delete1280+ හප්පා මෙන්න කේස් එක ගොඩ.
මේක ගැන ඔරිජිනල් සබැඳියක් දෙන්න. වැඩේ මෙතනම තීන්දු කරලා දාන්න ඇහැකි.
[[අනෙක 1200 ගනන් කියන්නෙ අපි කාලිංග මාඝ ගෙන් කාලා නිරිතට පහුබහින කාලෙ නේද]]
Deleteබුරා 1215 යි 1300 යි අතරේ ලංකා ඉතිහාසය මාර රේන්ජ් එකක ඇදෙනවා. මහා පොලොවෙමත්.
ඔය කතාව මම සිළුමිනේ ගිය ලිපි පෙළකයි දැක්කෙ. ඒක හොයා ගන්න බැරි උනා, ඒත් මෙන්න අමාරුවෙන් හොයාගත්ත පොඩි සාක්කියක්. මේ කියන විදියට කීරවැල්ලෙ පරපුරේ මුල රාජ්පුත් ඨාකූර් කෙනෙක්. හැබැයි මේකෙ කියන විදියට දෙවනි පැරකුම්ගෙ කාලෙ ඇවිත් බැඳල තීන්නෙ තුන්වෙනි විජයබාහුගෙ දූ! මට ටැපලිලද මන්ද :D
Deletehttp://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=15992
සතිපූජාව එන්නේ මේ සීන් ඒකෙන් ද? සති සාවිත්රිලා තමන්වම තම කැමැත්තෙන් සෑයට බැඳගෙන මල මිනිහ උකුලේ හොවාගෙන අනික් නෑදෑයින්ට කියා දිග රිටි වලින් තද කරවා ගෙන සැමියා වෙනුවෙන් "සිය කැමැත්තෙන්" පිළිස්සෙන හැටි මතක වුනා.
ReplyDeleteවර්තමානයත් මෙහෙම බොරු කියද්දී ඉතින්...
ඉතිහාසය ඔන්න ඔහොමත් දේවල් අපිට ගෙනාවා. රානි පද්මිණි සමහර විට අතීත මිනීමැරුමක් වෙන්නත් ඇහැකි.
මන්දා සුජීව කියන එකට මේක ගැලපෙනවද කියලා .තව දෙපාරක් ආක්‍රමණ වලදි ඔය විදියටම චිත්තෝර් ගෑණු දර සෑ වලට පැනලා මැරිලා තියෙනවලු
Deleteඅන්තිමට ඔය ආක්‍රමන නිසාම තමයි මහරාජා උදායි මාන් සිං අගනුවර උදයපූර් වලට මාරු කරල තියෙන්නේ .චිත්තෝර් නුවර ඊට පස්සේ ගරා වැටිලා .පුංචි උදායි මාන් සිං ඔහොම සටනකදී සේවිකාවක් තමයි අරන් පලා ගිහින් තියෙන්නේ .ඒ පින්තූරෙත් මෝටි මගරි ආර්ට් ගැලරි එකේ තිබ්බ .ඊට යටින් දිනේ තිබ්බේ 1536 AD කියලා .ඒ කියන්නේ චිත්තෝර් කොටුව ඒ වෙනකනුත් තිබිල තියේ
ඒ ආක්‍රමණ මොංගල් අධිරාජ්‍යයෙන් බින්දී ආපු මූගල්/මෝගල් ආක්‍රමණිකයන්ගේ වැඩ.
Deleteකෝ මේ ළමයි
ReplyDeleteඇයි අය්යණ්ඩි මොකෝ කෑ ගහන්නේ ?
Deleteමගෙ හිතේ ඕක වෙන්න ඇත්තේ මෙහෙම . මොකක් හරි උදයපූර් වලට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධයක් ලංකාවෙන තියෙන්න ඇති ඔය 12 ,13 සියවස් වල .ඔය කාලෙ වෙනකොට පොල්ලොන්නරු සමයේ එහෙම විදේශ වෙලෙන්දොත් ලංකාවට එන්න ඇති නේ .ඉතින් ඔවයින් මේවයින් මෙහෙන් කුමාරිකාවකුත් දීග ගියා වෙන්න බැරි නෑ . මෙහෙම වෙන්න ඇති දැන් ඔය දොලොස්වෙනි සියවසේ දී කාලිංග මාඝ උවදුරු නිසා ගොඩාක් ඉහල පැලැන්ති වල මිනිස්සු රටේ වෙන පලාත් වලට පලා යන්නට ඇති දඹදෙණියට යාපහුවට එහෙම ගිහින් අප්‍රකටව ජීවත් වෙන්න ඇති . පද්මිණීගේ තාත්තත් එහෙම කෙනෙක් වෙන්න බැරි නෑ . රජෙක් නොවුනත් ඒ කාලෙ අප්‍රකටව හිටි කුලවතෙක් . ඔඅය විදෙස් වෙලෙන්දොන්ගෙන් එහෙම ආරංචි වෙලා පද්මිණිගේ ලස්සන මහරාජා එයාව සරණපාවා ගත්තා වෙන්න බැරි නෑ .
කියන්න අමතක වුනා ඔය සතී පූජා ප්‍රැක්ටිස් එක ගොඩාක් රාජස්තාන් ප්‍රාන්තේ තියෙන වග පේනවා . මෙන්න මේ ලින්ක් එක බලන්නකෝ . ( විස්තර ලියන්න කම්මැලිය් අප්පා ) http://en.wikipedia.org/wiki/Sati_(practice)
දඹදෙණිය හා රාජ්පුත් සබඳතාගැන පරණවිතාන මහත්තය කියාපු කතාවක් පහත links දෙකේ තීනව. ඒ කියවෙන විදියට ද්ඹදෙණි යුගයෙ ලංකාවයි රාජ්පුත්වරුන් අතරෙයි ලොකු සම්භන්ධතාවක් තිබිල තියෙනව. එතකොට කරා වංශෙ කතාවත් බොරුවෙන්න බෑ! අනික මිත්‍ර සෙණවියගෙ හිස ගසා දාපු ආර්ය හමුදාව ඔය කියන විදියට රාජ්පුත්ලනං මෙහෙන් පද්මිණියක් එහෙට යවන්න ඇත්තෙ හිතවත්කම් දියුණුකරගන්න වෙන්නත් පුළුවන්!
Deleteමේ ගැන ජාලෙ තීන තොරතුරු සීමාසහිතයි. ලංකාවෙ ඉන්න අයට තමයි ඉතුරුටික අදින්න වෙන්නෙ!
http://www.silumina.lk/punkalasa/20091004/_art.asp?fn=ar0910049
http://www.silumina.lk/punkalasa/20091011/_art.asp?fn=ar09101111
// අනික මිත්‍ර සෙණවියගෙ හිස ගසා දාපු ආර්ය හමුදාව ඔය කියන විදියට රාජ්පුත්ලනං //
Deleteමේ හමුදාව දකුණු ඉන්දීය පාණ්ඩියන් ජන කොටසක් බවයි මහාවංශයෙ කියවෙන්නෙ.. හැබැයි එයාලගෙ නායකයා 'ඨාකුරක' කියලා කෙනෙක්.. අනේ මන්දා පැටැලිලි සහිතයි..
ළමායි මෙහෙ ඉන්නවෝ.. මං මේ ගියා අභියාගෙ පෝස්ට් එක බලලා එන්න, ඒක බලලා කමෙන්ට්ස් ටික කියවලා ඉවරවුනාම මාර හති.. හැක හැක..
ReplyDeleteඅර ඉන්දික දුන්නු ලින්ක් එකේ ලිපිය කියෙවුවා, ඒකෙ මෙන්න මේ රෙෆරන්ස් ගැන කියනවා..
...family of the Rajput Sesodia Surayawansa clan ... tales of daring do are described in...
1. Mahavansa Chapt 90, lines 12-30
2. The Kotavehera at Dedigama by C E Godakumbura pp 14 –15
පුළුවන් කෙනෙක් මහාවංශයෙ ඔය කියන චැප්ටර් එක පොඩ්ඩක් දාන්ටකො.. චැහ් මට මේ වෙලාවට තමා හිතෙන්නෙ ලංකාවෙ නැති එකේ පාඩුව, ඕන කරන වෙලාවට පොතක් හොයාගන්න නෑ නෙවැ..
මෙන්න මේ ගැන හෂිතත් කතා කරලා තියෙනවා..
ReplyDeletehttp://rasawathiya.blogspot.com/2012/01/blog-post.html
අපොයි දැනුයි දැක්කෙ, සුජීව ඒක උපුටලා දාලා තියෙනවා.. :O
Deleteසුජීව ,බූරා , උපශාන්ත බොහොම ස්තුතියි නොයෙකුත් ඇකඩමික් කරුණු කාරනා සොයාබලමින් හර බර සාකච්ඡාවක් ගෙනගියාට රාජ්පුත් වරුන් හා අපේ නෑ සම්බන්ධකම් සොයාගන්න .
ReplyDelete