මං නැතිවෙලා
මගේ පන්තියෙ
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය
බලපොරොත්තුවක්
පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය
හීනෙන් ගෑ සුවඳක් වගේ
මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට
බිම වැටිල තිබුනද
එහෙම නැත්තම්
පරන සටහන් පොතකද
දින සටහන් අතරත් නෑ
මට සොයාගන්න බෑ
මං ලියූ පලවෙනි කවිය
බලපොරොත්තුවක්
පොදි බැඳදුන් කවිය
අනාගතයට
පෙරමග කී තරුව
අනේ මට අමතකවෙලා
මගේ පලවෙනි කවිය
හීනෙන් ගෑ සුවඳක් වගේ
මං වටේ දැවටෙන
ආයෙ ආයෙත්
ලියන්නම හිත කියන
හිරිමල් කල ලියූ
මගේ කුලුඳුල් පදවැල
ඔබට හමුවුනෝතින්
ගෙනැවිත් දෙන්න මට
පාසල් කාලයේ කවි ලියන්න මම බොහෝ සෙයින් පෙලඹුනෙමි .එහි උච්ඡතම අවස්ථාවක් වුයේ මා උසස්පෙල විභාගයට සූදානම වන වර්ෂයේ නීති විදුහල මගින් පැවැත්වූ "නිම්නය" නීති ශිෂ්‍ය සාහිත්‍ය උලෙළ වෙනුවෙන් ලණු අඹරණ පොල් ලෙලි තලන ගැහැනු ගැන මා ලියූ නිසඳැසක් පාසල් කවි අතර නිසඳැස් ජේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලැබීමයි . එම ත්‍යාගය ලැබීම වෙනුවෙන් මම අලුත්කඩේ නීති විදුහල වෙත ගිය දිනය මට හොඳින්ම මතකය .එදා මම, මගේ ජීවිතයේ පලමු වතාවට ගාම්භීරව නැගී සිටින උපරිමාධිකරණ සංකීර්ණයත් , නීති විදුහලත් , බොහෝ කලබලයෙන් උදාරම් ලීලාවෙන් නීති පොත් පොදි බැඳගෙන කලු සාටක පැලඳ යන නීති වෘත්තිකයන්ද දුටිමි .එය මට බොහෝ බලාපොරොත්තු පොදි බැඳ දුන් අවස්ථාවක් විය .ඉන් තෙමසකට පසු පැවැත්වූ උසස්පෙල කඩඉමෙන් මම ඉහලින්ම එතෙර වුණේ එකී බලාපොරොත්තු මල් පල ගනිවමින් නීතිය හදාරන්නට සුදුසුකම් ලබමිනි .
එහෙත් කාලයාගේ ඇවැමෙන් මගේ කවි කම් වියැකුනි . කවි ලිව්වේ නැති තරමය .නමුත් නීතිය උගත්තෙමි. ඒ මවු බසින් නොවේය . ඊට මහත් වෑයමක් දැරූවෙන් මවු බසෙන් කියවීම ලිවීම මග හැරුණි .පසුව එසේ කිරීම අත්හැර දමා රාජකාරියට හුරු බස වැහැරුවෙමි. පසු කලෙක නීති රැකියාවෙන් ඉවත්ව මා ප්‍රිය කරන වෙනත් රැකියාවකට ගියෙමි .එය බොහෝසෙයින් සාමාන්‍ය ගැහැනු මිනිසුන් ඇසුරු කරමින් කලයුතු කටයුත්තක් විය .මට ආයෙත් හිරිමල් වියේ මා කවියකින් කියූ වෙරළ තීරයේ පොල් ලෙලි තලන් ගැහැනු රාශියකගේ අඳුරු දුක්බර කතන්දර හමුවුණේ එහිදීය .එවිට මට පාසල් කල ලියූ මගේ කවිය මතක් වුණි . මුලු ගෙයම පෙරලමින් පැරණි පොත් පත් පීරා සෙවූ නමුත් මගේ කවිය මට හමුවුණේ නැත .එය අස්ථාන ගතව ඇත .තාමත් මට එය සොයාගන්නට අහපසුය .එහි පදවැල් සම්පූර්ණයෙන්ම මා මතකයෙන් ගිලිහී ඇත .
ආයෙත් මම කවි ලියන්නට හිතුවේ බ්ලොග් ලියන්නට පටන්ගත් පසුය .කලක් මා ක්‍රියාකාරිව සිටි මූණුපොතේ කවි පිටුවද එයට අනුබල දුනි . මගෙ නැතිවූ කවිය දයිවයේ සරදමක් හා සමානය .එය මගේ අනාගතයට බලාපොරොත්තුවක් දුන් තරු එලියක් විය .එහෙත් මා මගේ බලාපොරොත්තුව සොයා හැල්මේ දුව යද්දී කවිකම් ගිලිහුණි . බලාපොරොත්තුව මුදුන්පත් කරගෙන කලකට පසු එය හැරපියා මා රිසි දෙය සොයා යද්දී මට මගේ කවියේ අදහස හමුවිය .නමුත් එවිට මා ලියූ කවිය මගෙන් ගිලිහී ගොස් ඇත .කවි කම් ද වියැකී ගොස් ඇත .අවසානයේ මේ කවිය මම ලියූවේ ඒ නැතිවූ කවිය ,බලාපොරොත්තුවකට පාර කියූ මං සලකුණ වෙනුවෙනි . මගේ නැතිවී අමතකව ගිය පාසල් වියේ මට සම්මාන ලැබුණ මගේ කවිය යලි සොයා ගන්නට අපහසු නිසා ඒ අදහසම ඇති පහත කවිය ලිව්වෙමි .එහෙත් මා පාසල් වියේ ලියූ කවිය වඩා නිර්මාණාත්මක ගුණයෙන් ඉහල යයි සිතමි .
ලෙලි තලන ගැහැනුන්ට පින් මදි වීම ?
කළ පින්කම් බිජුවටකලල් මඩ පත්ලෙහිම රුවා
ඇද බැඳ වියාගෙන
කරුම වරපට රැහැන්
අපෙ කෙලෙස් පිසලනට
පයට බුමුතුරුනු වී
කෑලි ගානට සිල්ලරට
විකුනමින් ජීවිතය
උන් බලා සිටියයුතුවෙද ?
කල්ප කාලයක්
මෙතේ බුදු වඩිනතෙක්
ලබන්නට විමුත් මග ?
මේ සටහන ලියන අතර මා සිහියට නැගුනේ පසුකලෙක මා කියවූ රොබර්ට් ෆ්රොස්ට් ගේ The Road Not Taken කවියයි .වනගත කැලෑවක වූ මංපෙත් දෙකකින් එකක් තෝරා ගිය මගියෙකුගේ දාර්ශනික කතන්දරය එහි විය .බොහෝ බලාපොරොත්තු පොදි කරගෙන මා ආස කල දේවල්ද ඉවත දමා බලාපොරොත්තුව සොයාගෙන ගොස් පසුව එය හැරපියා වෙනත් පාරක යන්නට මම තීරනය කලෙමි .ඒ තීරණයද හරියට මේ වගේමය .
"I shall be telling this with a sigh
Somewhere ages and ages hence:
Two roads diverged in a wood, and I,
I took the one less traveled by,
And that has made all the difference. "
ප/ලි
ඉහත කවි දෙකම අහස්ගව්වට මා ලියූවේ කලකට පෙරයි .නමුත් ඊට අදාල නිමිත්තද මෙහි සටහන් කලයුතුයයි අද සිතුනි.මේ කෙටි සටහන නිසා කලකින් අහස්ගව්වට නොලියූ අඩුවද මැකෙනු ඇත .
කවි හා පසුබිම් කතාව තුළින් කලකට පසු ඔබව දුටුවා. ළමා ටීජී කවියත් සමඟ සැඟව ගිහින්ද? සමහරවිට පාසලේ සඟරාවක හෝ ඒ කවිය පළවන්නට ඇති. ඔබට එය සොයාගැන්මට ලැබේවායි පතමි.
ReplyDeleteළමා වියේ නිර්මාණාත්මක හැකියාවන් හා ආශාවන් යම් තාක් දුරකට අපෙන් ඈත් වෙනු වළකාලිය නොහැකියි උසස් අධ්‍යාපනය හා වෙනත් වගකීම් අපව වෙළා ගන්නවාත් සමග. මටත් ළමාවියේ කවි, කතා ආදිය මග හැරුණා. සොයාගන්නටත් නැහැ දැන්. එකේ පන්තියෙදි ලිව්ව පොතක් තිබුණා කවි, කතා, චිත්‍රකතා, ප්‍රහේළිකා ආදියෙන් පිරුණු.
නමුත් මග හැරුණු කවිය යළිත් ගොඩ නගන්නට ඔබ දරන වෑයම සිත සතුටු කරවනවා.
ජය!
කලකට පෙර දිනක...
ReplyDeleteලියූ මගෙ මුල් කවිය...
දියවෙලා ගියා දිනක...
ගලා ආ ජල කඳක...
සොඳුරු බව මතක ඇත..
එක පදයක් හෝ මතක නැත..
පොතේ කොළ කොහිද නැත..
සිතේ දුක තවම ඇත...
ආයෙම ලියන්න ආ එකනම් හොඳයි. මම ලියූ මුල්ම කවිය ලීවේ පාසලේදී. ඒ කවිය මම ලීවාට පසුව මගේ යහළුවා එක් පදයක් වෙනස් කරන්න කීවා. මම ඇසුවා ඇයි කියා. ඔහු කීවේ ඔහු කියන පදය දාන්න ඒක ලස්සනයි කියා. මම එය වෙනස් කලා. ගුරුතුමිය කීවේ ඒ පදය හැර කවියම හොඳයි නැවත වෙනස් කර ලියන්න කියා. මම නැවත මගේ පදය දමා ලීවා. එවිට ඇය කීවේ දැන් නම් කවිය හොඳටම හොඳයි කියා. එයින් පසුව යටවීගිය මගේ කවි නැවත ලියවෙන්නේ බ්ලොග් කරණයට පැමිණිමත් සමග. දැන් නම් වැඩියම උනන්දු කරවන්නේ අපේ පොඩ්ඩි. එයා තමා කවි ලියන්න කියන්නේ.
ඇත්තටම මේ කවිටික ඉතා හොඳයි TG.
ඔයාගේ කවි ලස්සනයි. කවි ලියන්ට පුරුදු වෙන්ට ඕනි නම් පොඩ්ඩිට කවි ලියන්ට. ලස්සන ලියැවෙයි. මොකද දන්නේ නෑ ඒ පාර කවි ගැනත් හිතන්ට පටන් ගත්තේ. ලෙඩේ වැඩිවෙනවා වගේ....:D
ReplyDeleteආයමත් කවි ලියන්ට. හිතුවොත් කරන්ට බැරි දෙයකුත් නෑලුනේ නේ...:)
TG,
ReplyDeleteYou have chosen wisely.
Frost will be proud of you.
-KK
පොඩ්ඩී කවි ලියන්න නොදන්නවා වුනාට, ප්‍රියන්තට කවි ලියන්න උපකාරකයක් වෙලා වගේ!
ReplyDeleteගී සීයක් මා ලිව්වේ ඔබේ නෙතෙන්....!!!
ඇයි වෙන දෙයක් පේන්නේ නෑනේ ෆොටෝ එකේ.
@කතන්දර,
ReplyDeleteඉතින් පොඩ්ඩිගේ නෙත් දිහා බලලා කතන්දරත් කවියක් ලියන්ටකෝ...කතන්දරට පේන්නෙත් පොඩ්ඩිගේ ඇස් විතරනේ.
@ පොඩි කුමාරිහාමි
ReplyDeleteමං ඔයා ගේ ඇස් බලා කවියක් ලිව්වොත් ඒක ලියන්න වෙන්නේ හින්දියෙන් නේද?
අනික ඊට පස්සේ ඔයා පිළිතුරු කවියක් ලියන්නේ මගේ ටී-ෂර්ට් එක ගැනද?
@ Podi Kumarihami
ReplyDeleteතුමා සුන්දරා අම්කෙම් හායි
වේ කේ රූපා මෙම් මෙරි කමීජා
කා රංගා කේ රූපා මේ සුන්දරා කරා රහේ හම්
තුමා සුන්දරා අම්කෙම් හායි
අනේ මේක සිංහලට පරිවර්තනය කරන්ටකෝ. අපේ පරම්පරාව එන්නේ ඉන්දියාවෙන් උනාට මට හින්දි තේරෙන්නේ නෑනේ.
ReplyDeleteටී-ෂර්ට්වලට කවි ලියන්ට???......:D
මට පහු ගිය ටිකේ ගොඩක් පෝස්ට් මග ඇරිලා ..පමාවෙලා ආවට අමනාපයක් නැහැ නේද . අතහැර දාල තිබ්බත් කවි හිත මැරෙන්නේ නැහැ ..පමා වකුත් නැහැ . ඔය ලියවෙන්නේ . ගිය පාරේ වරදකුත් නැහැ ...තවම හිත ඔබ සතු නේ .. මමත් පාසල් කාලේ ලියු කවි කතා එකක වත් කටු සටහනක් වත් ළඟ නැහැ . තරගේකට යැව්වත් කොපියක් තියා ගත්තේ නැති මෝඩියෙක් මන්. පොතක ලිව්වා කවිත් පොතත් එක්කම නැති වුනා . ලියුම් වල ලිව්ව ආදර කවි නම් අයිතිකාරයා එකතු කරන් ඉන්නවා . ජීවිතේම කවි පොතක්ලුනේ . ඒ පොත වරින් වර කියවන්න බැරිය
ReplyDeleteනංගි තවම කවිය හොයනවද? කෝ ට්‍රැවල් පෝස්ට්? රසිකයෝ බලා හිඳිති.
ReplyDelete