නිමක් නැති මීටින් -ඉක්මනට තීරන ගන්න
පිටු ගනන් වාර්තා-හර බර ඉදිරි සැලසුම්
ආයෙත් සාකච්ඡා- තීරන කිරා මැන බලන්න
ඊමේල් ඇලර්ට්- ඔබේ දැනගනීම පිනිස
ඩෙඩ්ලයින් දිනපොතේ -මරණීය රතු එලි
කොන්ෆරන්ස් කෝල්-ලෝකෙම තනි යායක්
වැඩ කරන්න
වැඩ කරන්න
ලැප්ටොප් එක බදන්-විසිහතර පැයේ නොනිමෙන ආදරය
නිල් පාට එල් සී ඩී තිරයෙන් ඈතට
වලා තීරයෙන් එහා හිම කඳු යහනට
පලා යන්න එක මොහොතක් හිතට
ශෝට් ලීව්, හාෆ් ඩේ ,ඇනුවල් ලීව්- ඔක්කොම කැන්සල්
එහෙනම් සික් තමයි- එත් මොකක්ද ලෙඩේ ?
පාලුව කාන්සිය තනිකම -මූලික රෝග ලක්ෂණ
ඉබාගාතේ ඇවිද යන හිත- ඈත පාවෙන සිහිනයක
හිත ලෙඩ වෙලා
නිවාඩු අද
හිත (ආදරෙන්) ලෙඩවෙලා
ඒකනෙ කියන්නෙ ආදරේ කරන්න කෙනෙක් හොයා ගත්තානම් ඔය හිත ආදරෙන් ලෙඩ වීමට නැවතීමේ හිත ඉබේ වැටෙනවා. . .
ReplyDeleteහිතට සමීප සිතුවිලි.මේ සාම්ප්‍රදායික ලෝක කූඩුවෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙලා යන්න පුළුවන් දවසක් එනකම් මමත් බලන් ඉන්නේ... දුකා කියනවා වගේ ආදරය කරන්න කෙනෙක් හිටියයි කියලා හිතිවිලි වලට තව අලුතෙන් යමක් එකතුවෙනවා අරමුණු වෙනස්වෙනවා ඒ ඇරෙන්න මොකක්ද වෙන සෙතේ..?
ReplyDelete