මං පොඩිකාලෙ අවුරුදු තුනක් විතර යනකන් අම්මගෙන් කිරි බිව්වලු.මහ ගෙදර ඉඳල සෙනසුරාද ඉරිද නිවාඩු දවස් දෙකට අම්ම මාව ගෙදර එක්ක එනවා. ඉතින් සිකුරාදට මම ලොක්ක වගේ ආච්චිට කියනවලු "මම කිරිබොන්න ගෙදර යනවා" කියලා.මට තාම මතකයි කවුරුහරි "පුතේ කිරි මොන රහද?" කියලා ඇහුවහම මම කියනවා "කිරි වලාකුලු රහයිනෙ " කියලා. වෙලාවට කවුරුවත් ඇහුවෙ නැහැ "වලාකුලු මොන රහද?" කියලා.
අම්මට ,මට දෙන්න කිරි තිබුණට එයා රස්සාවට යන නිසා මාව පිටි කිරි වලට ඉක්මනට හුරු කරන්න වුනා.මම ඉපදුනේ ලංකාවෙ පෝලිම් යුගයෙ අවසාන කාලෙ .ඉතින් ඒ දවස්වල තිබුන ප්‍රකට ලදරු කිරිපිටි වර්ගයක් වෙන S.M.A ගන්න සමූපකාර පෝලිමේත් ඉන්න වුනා කියලා අම්ම කියනව.ඒත් ඉතින් මම නෙවෙයි ලේසියෙන් පිටි කිරි බොන්න පුරුදුවෙලා තියෙන්න .ඔනෙ තරම් කිරි හදලා අහක දැම්ම වෙලාවල් අනන්තයි ලු.දවසක් මම පිටි කිරි නොබී දඟ කරන වෙලාවක , මගේ ලොකු මස්සිනා චන්දිමාල් අය්යිය ඇවිත් වීරයා වගේ "නැන්දේ මම නංගිට කිරි බෝතලේ ඔකොම පොවන්නම්" කියලා ඉල්ලගෙන තියෙනවා.චන්දිමාල් අය්යට එතකොට වයස අවුරුදු දහයක් විතර . මම කිරි බිව්ව කියලද හිතන්නෙ?
විනාඩි දහයකට විතර පස්සේ අය්යා එනවලු හිස් කිරි බෝතලයත් අරගෙන.
"නැන්දේ නංගි ඔක්කොම කිරිටික බිව්වා"
" මගේ හොඳ පුතා"
එහම කියලා අම්ම අය්යියගේ මුණ දිහා බලලා.එයාගෙ කට වටේටම ලොකු "කිරි රැවුලක්" තිවිලා. මම කිරි බොන්න අදිමදි කරනකොට අයියා කිරි බෝතලෙම කටේ තියාගෙන බීලා වැඩේ අහවර කරලා.
"නංගිත් නොබී අපරාදෙ කිරි අහක දාන නිසා මම බෝතලේ කටේ තියාගෙනම බිව්ව".
තාමත් අපේ චන්දිමාල් අය්ය එහෙම කියලා හිනහවෙනවා.
මුල් කාලෙ ඔයවගේ පිටි කිරි නොබී පෙරලි කරාට කාලයක් යනකොට මම ටිකෙන් ටික පිටි කිරි බොන්න හුරුවෙලා. එතකොට මම S.M.A යුගයෙ ඉඳලා ලැක්ටෝජන් වලට උසස්වෙලා.ආච්චි කුස්සියෙ උදේට කිරි හදන වැඩේ බලන්න ඉන්න ලස්සනයි . මම ගොඩක් කැමති කිරි හදලා නිවනවා බලාගෙන ඉන්න .උණු කිරි බිව්වොත් මගේ කට පිච්චෙනවනෙ.ඉතින් එයා කෝප්ප දෙකකට කිරි දාලා නිවන්න පටන්ගන්නවා එක කෝප්පෙකින් අනිකට කිරි වක්කරලා.මම උදේට නැගිටලා නිදිමතේ ඇස් පිහ පිහ
ලඟ තියෙන පොඩි පුටුවෙ වාඩිවෙලා කකුල් දෙකත් වන වන ඉන්නවා.සුදු බැලලිත් මං වටේ දැවටෙනවා.
වැනියන් සුදු වැනීයන් -කිරි දෙනකන් වැනීයන්
සුදු පූසිට කිරි නැතේ -සුදු දෝණිට කිරි ඇතේ
හා... මට කියන්න අමතක වුනානෙ. ගොඩක් කිරි බිව්වම සුදු වෙලා ,ලස්සනවෙලා, ඉක්මනට උස යනවා කියලා ආච්චි මට කියලා තිබුණා.
ඉතින් කිරි නිවනකොට කිරි ටිකක්වත් බිමට වැටෙනවට නම් මම කැමති නැහැ.එහෙම වුනොත් සුදු පූසිටනෙ වාසි . ඔන්න වැරදිලාවත් කිරි ටිකක් බිම වැටුනොත් මම කෑගහනවා.
මැවිල පේනව......... නියම කතාව
ReplyDeleteshaa harima lassanai . . . niyameta liyala thiyenawaa . . . jaya wewaa. . . !
ReplyDeleteNiyama kathawak
ReplyDeleteThank you very much Ushan , Dam & Dhukaa for all ur comments ,actually its yesterday i got an idea to write abt my childhood stories after reading Dhukaa's blog note on his younger sister :)
ReplyDeletesee u soon with my new childhood adventures :)