වෙලාව දහයාමාරට ආසන්නය .දඹදෙණිය , නාරම්මල , කුරුණෑගල , ඉබ්බාගමුව , මැල්සිරිපුර ,ගලේවෙල ,දඹුල්ල පහුකරගෙන යද්දී මග දෙපස වෙනදා ඇති සිරියාව පලාගොසින් යයි හිතේ . තද වියලි කාලගුණ ස්වභාවයක් , නිල්ල හේබාවැටුන ගහකොල , කැකෑරුණ බොරදිය ඇති කුඩා වැවු හා ඇල මo හමුවේ . හබරණත් වෙනසක් නැති .තවත් වියලී කරවී ගිය හැඩකි .මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ මේ පාරෙන් ගියේ මහ වැහි වලාවන් දෙබෑකරගෙනය . දැන් හිස පුපුරන ,ඇස් කකියන අව්ව හා මලානික ගහ කොලය .හබරණ සිට පොලොන්නරුවට යන මග ඇති මිනේරිය හා ගිරිතලේ වැවුද හිඳී වියලී ගොසිනි .වැවු පිටි මතින් වතුර බවුසර ඇදේ .වෙනදා මින්නේරිය හා ගිරිතලේ අසලින් යනවිට රියෙහි වේගය බාල කර වැවු දිහා මදක් බලා හිඳ යාමට රිසි මුත් මෙදා එහෙම හිතුනේ නැත . පොලොන්නරුව නව නගරයට ඇතුල්වෙන හරියේ ඇති ඇල පාර නිතර කිරි සුදු පෙන නගමින් දිය බැස යන තැනක් වුව මෙදා එහි ඇත්තේ ගොහොරු මඩ වතුරකි . මහත් උවමනාවෙන් පරාක්‍රම සමුද්‍රය දෙස බැලූ මුත් එහිත් ඇත්තේ වැව මැද වතුර කඳුලකි .වෙනදා මෙන් දිය පිරී රැලි නගන සශ්‍රීක සොඳුරු ගතිය පලාගොසිනි .
පොලොන්නරුව , තමන්කඩුව ,මනම්පිටිය , වැලිකන්ද , පූනානි පහුකර ඉදිරියට යද්දී ඇත්තේ හිඳී වියැලී පුපුරා ඉරිතැලුන වැවු පතුල් ,මඩ පැහැ බොරදියෙන් යාන්තම් පෙඟුන ඇල මo,කරකුට්ටo වෙලා කෙඩෑරිව පොලවට හේබා ගිය ගස් කොලන් , තෙතමනයක් නැති වියලි හුලo බදාගෙන ගිනි අවුලන අවු පූටකයත්ය .ගමනාන්තයද කිසිදු වෙනසක් නැත.වියලි හුලඟට මුසුව දූලි නගන වැලි පොලොවෙනුත් , කලපුව පිසගෙන එන වියලි හුලඟෙනුත් රෑ දහවල් දෙකේම දැඩි රස්නයෙන් පීඩා විඳින්නට එහි ගහකොල , මිනිසුන් සතුන් සිවුපාවුන් හටද සිදුව ඇති සැටියකි .සැප්තැම්බර් පහලොව වෙන විට ඇද හැලෙන්නට පටන්ගන්නා ඊසාන දිග මෝසම් වැස්ස මෙදා උරණ වී ප්‍රමාද වෙන හැඩය .අරුමෙකි 2011 ජනවාරියේ මෙහි මහා ගoවතුරකින් ගහකොල ,කුඹුරු, සතා සීපාවා පමණක් නොව මිනිස් ජීවිතද අහිමි වුනි .ඒත් දැන් වැහි ඇල්ලක සේයාවක් නැත .ගමන් මහන්සිය යන්නට හවස් කාලයේ කෙතරම් දිය නෑවත් හාත්පස ඇති දැඩි උණුසුම නිසා දහඩිය වැගිරේ .
ඇඳිරි වැටී එන හවස් යාමයේ වුව හාත්පස පරිසරයේ ගිනියම් ගතියේ වෙනසක් නැත .ඒත් එක වරම හිඳ සිටි තැනින් නැගිටගත්තේ යාන්තම් පරිසරයේ දැනුන වෙනසක් නිසාවෙනි .වහිනවාදැයි සැක හැර දැනගැනීමට බැල්කණිය වෙත ගියෙමි .අරුමෙකි , මහ පුදුමෙකි . ඇත්තෙන්ම වැසි වැටේ . හීන් පොද නොව දොඹගෙඩි තරම් වැස්සකි
සාපිපාසිත නිරුවත් මහපොලව තෙමා තෙමා දෝරේ ගලන්
නැහැපුඩු කිති කවන නැවුම් පොලොවේ දුවිලි දුමාරය මතුකරන්
කේඩෑරි වියැලි ගහකොල ආනන්දයෙන් මත්කරමින්
ඔරොප්පු වියලි කර්කෂ හුලන් පලවා හැර
මෙන්න වහිනවෝ කාලෙකට පස්සේ
හදිසි වැහි වලාවන් හදිසි සතුටක් ගෙනා හැඩකි .
මේ වැස්ස කෙතරම් මිහිරීද කියතොත්
නැගී අවුත් අපි සැවොම කුටියෙන්
බැල්කණියට පැන හිරිකඩ පින්නේ තෙමෙමින්
ආහ්ලාදයෙන් මන්මත්වී සිටිමු
පැය බාගයක් පමණ වැස්ස ඇද හැලුනේ ගහකොල, සියල් සතුන් ප්‍රමෝදයට පත් කරවමින් යයි සිතුණි .සේරටම වැඩිය පොලොවේ දුහුවිලි හා වැහි පොද ගැටී ජනිත වන නැවුම් සුවඳ මුසු දුමාරය පරිසරයම සුවඳ කරයි.ගස්කොලන් සන්තෝසෙන් හිනාවෙනවාදැයි හිතේ .මහපොලව හැම දිය බිඳම කෑදර කමින් උරා බොයි . වැඩට යන උදෑසන , වැඩ නිමවෙන හවස් කල කලබල කොලඹට අහස කලු කරන් වහින වැස්ස , චිරි චිරිස් ලෙස ඉහෙන මඩ වතුර ,උතුරන කාණු නොරුස්සන මුත් මේ වැස්සට නම් පැන නටන්නට තරම් සිතේ .
මම හෙමින් මිමිණුවෙමි .වැස්ස දිහා මේතරම් සතුටින් බලාසිටි අන් දිනක් නැත .
මේ වැස්ස ආයෙත් හවස ඇද හැලුනේ නැත .පහුවදා සිට සුපුරුදු පරිදි දැඩි හිරු රැස් සිය අණසක පතුරවමින් සිටියේය .ඒත් වස්සාන ප්‍රීතිය පසල් දනවු වලට ද බෝවී ඇති වගක් කාලගුණ පුවත් වලින් අසන්නට ලැබුණි . උතුරු මැද පොලොන්නරුවට හා වයඹ කුරුණෑගලට වැසි වැටෙන්නට පටන්ගත්වග කියැවුනි.
නැවත එන ගමනේ පූනෑව , පොලොන්නරුව හරියේ වියැලුන ගතිය මිදී ලා නිල්ලක් දලු ලා පොලවේ දූවිලි ගතිය පහව ගොස් තිබුණි .ඒත් පරාක්‍රම සමුද්‍රය පුරුදු සිරි ගෙන රැලි නගන්නට මේ වැහි ඇල්ල මදිය .එහි තාමත් ඇත්තේ දිය කඳුලකි . මින්නේරියටනම් ඩිoගිත්තක් වතුර එක්කහු වී ඇත .
"වැවු පිරෙන්න නම් තව වැහි ඇලි තුනක් විතර යන්න ඕනේ.ගොයිතැනට මේ වැස්ස මදි තාම .ඒත් ලොකු දෙයක් ඩිoගක් හරි ඉඩෝරෙ මකලා වැස්ස නෙව "
ඒ දවල් බතට ගොඩවූ දිගම්පතන හන්දියට නොදුරු තැනක පොඩි කඩයක දී හමුවූ ගොවියෙක් කී කතාවයි .
නියඟයට ගොවිතැන් ආල පාලු වූ නිසා බැoකු කීපයක් වගා ණය අය කරගැනීම් තාවකාලිකව අත් හිටවූ බවත් , නියoනිසා වගා පාලුවත් ගොවිතැන් කිරීම ප්‍රමාදයත් නිසා ඉදිරි කාලයේ සමහර ආහාර බෝග වල මිල ඉහලයාහැකි වගත් ගැන පලවූ ප්‍රවෘති කීපයක් මට සිහියට නැගුණි .ඒ එක්කම ඇසුන ගුවන් විදුලියේ පැයෙන් පැය පුවත් වලට කීවේ ප්‍රදේශ විස්සක පමණ දැනට ඇතිවී ඇති නියඟය ගැන කරුණු සොයා බලන්නට ජාතික ආපදා කලමණාකරණ කමිටුව හෙට ඔක්තෝම්බර් 12 වෙනිදා රැස් වෙන බවයි .
කාලෙකට කලින් සශ්‍රීකව සිටි පරාක්‍රම සමුද්‍රය |

"ගල මතු පිට මල පිපෙන්න
මල වට බඹරිඳු නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න "
මම හෙමින් මිමිණුවෙමි .වැස්ස දිහා මේතරම් සතුටින් බලාසිටි අන් දිනක් නැත .
මේ වැස්ස ආයෙත් හවස ඇද හැලුනේ නැත .පහුවදා සිට සුපුරුදු පරිදි දැඩි හිරු රැස් සිය අණසක පතුරවමින් සිටියේය .ඒත් වස්සාන ප්‍රීතිය පසල් දනවු වලට ද බෝවී ඇති වගක් කාලගුණ පුවත් වලින් අසන්නට ලැබුණි . උතුරු මැද පොලොන්නරුවට හා වයඹ කුරුණෑගලට වැසි වැටෙන්නට පටන්ගත්වග කියැවුනි.
නැවත එන ගමනේ පූනෑව , පොලොන්නරුව හරියේ වියැලුන ගතිය මිදී ලා නිල්ලක් දලු ලා පොලවේ දූවිලි ගතිය පහව ගොස් තිබුණි .ඒත් පරාක්‍රම සමුද්‍රය පුරුදු සිරි ගෙන රැලි නගන්නට මේ වැහි ඇල්ල මදිය .එහි තාමත් ඇත්තේ දිය කඳුලකි . මින්නේරියටනම් ඩිoගිත්තක් වතුර එක්කහු වී ඇත .
"වැවු පිරෙන්න නම් තව වැහි ඇලි තුනක් විතර යන්න ඕනේ.ගොයිතැනට මේ වැස්ස මදි තාම .ඒත් ලොකු දෙයක් ඩිoගක් හරි ඉඩෝරෙ මකලා වැස්ස නෙව "
ඒ දවල් බතට ගොඩවූ දිගම්පතන හන්දියට නොදුරු තැනක පොඩි කඩයක දී හමුවූ ගොවියෙක් කී කතාවයි .
නියඟයට ගොවිතැන් ආල පාලු වූ නිසා බැoකු කීපයක් වගා ණය අය කරගැනීම් තාවකාලිකව අත් හිටවූ බවත් , නියoනිසා වගා පාලුවත් ගොවිතැන් කිරීම ප්‍රමාදයත් නිසා ඉදිරි කාලයේ සමහර ආහාර බෝග වල මිල ඉහලයාහැකි වගත් ගැන පලවූ ප්‍රවෘති කීපයක් මට සිහියට නැගුණි .ඒ එක්කම ඇසුන ගුවන් විදුලියේ පැයෙන් පැය පුවත් වලට කීවේ ප්‍රදේශ විස්සක පමණ දැනට ඇතිවී ඇති නියඟය ගැන කරුණු සොයා බලන්නට ජාතික ආපදා කලමණාකරණ කමිටුව හෙට ඔක්තෝම්බර් 12 වෙනිදා රැස් වෙන බවයි .
නියඟේ ගැනත්, වැස්ස ගැනත්, ලියලා තියන හැටි අපූරුයි.
ReplyDelete//උතුරු මැද පොලොන්නරුවට හා වයඹ කුරුණෑගලට වැසි වැටෙන්නට පටන්ගත්වග කියැවුනි.//
මට මේ යෙදුම පෙනුනේ හරිම වෙනස් විදියකට භාෂාව හසුරවපු කොටසක් හැටියට.
//ඒ දවල් බතට ගොඩවූ දිගම්පතන හන්දියට නොදුරු තැනක පොඩි කඩයක දී …//
මේ වගේ පොඩි කඩයකට ගොඩවෙලා, කෑම ටිකක් කන්ට ඇත්නම් කියලා ආසා හිතෙනවා.
අත්දැකීම් ගොඩක්...සටහනකට පෙරලිලා...රසිකයන්ගේ හිත් අර වැස්ස ලැබුනු වෙලාවේ වගේම සතුටින් පිරිලා...ඒත් ඒ කොයි තරම් කාලෙකටද? :D
ලස්සනට ලියල
ReplyDeleteමට දුකකට වඩා දැනෙන්නෙ තරහක්!!
ReplyDeleteපිරිච්ච වැව් හිස් කරල අවුරුදු උත්සව තියන, වැව් ඉස්මත්තෙ පෝෂක ප්‍රදේශවල කිසි තහනමක් නැතුව හෝටල් හදන රටක ආපදා කළමනාකරණ කමිටු රැස්වීම විහිලුවක් අක්කෙ...
ආයෙ ඔය පාරෙ යන වෙලාවක කියපං. මං අම්මට කියන්නං තේ කහට ටිකක්වත් ලෑස්ති කරල තියන්ඩ කියල..
කියවන්න පටන් ගන්න කොට මට මර දුකක් හිතට ආව එ නියගයෙ අත්දෙකිම විදල තියන නිස. පුන්චි හරි වැස්සක් වැටුන කියල අහන්න ලැබිමත් සතුටක් ලොකු ලොකු වැවු හිස් වෙනකොට හිතට මරම දුකක් අති වෙන්නෙ
ReplyDeleteකොහෙද මේ උඹ ගියේ ??මමත් යන්නේ ඔය පාරෙම තමයි. අර වැස්ස ගැන ලියලා තියෙන ටිකනම් ඉස්තරම් පුතේ...
ReplyDelete''සතර වටින් එන සුළඟේ සතර අතට පැන
ReplyDeleteනිල් ගංගා කොමලියගේ නළල් තලය සිඹ
අගේ සිසිල ඇයට හොරෙන් ඔබේ දෝතට ගෙන
වැස්ස වලාහක දෙවියනි දිවැස් හෙලනු මැන..''
මේ සින්දුවේ ලින්ක් එකක් සොයා ගන්න බැරි වුනා . නන්දා මාලිනීගේ .
කලකට පසුව වැටුණු වැස්සෙන් ආනන්දයට පත් වෙන්නේ කුඩා ළමයි විතරක් මේ නෙමේ . දුවිලි පොලවට වතුර වැටිලා එන නැවුම් සුවඳ හරිම ප්‍රසන්නයි . ටිජිගේ අකුරු අතර මට ඒ සුවඳ දැනුනා වගේ.
හපොයි, මගේ ජීවිතේ අමතක නොවෙන වසර අටක් ගෙවුනෙ වැලිකන්දෙ සහ ඒ අවට....අඩේ...මේ කාලෙ වෙනකොට මහ කන්නෙට වතුර දෙන්න ඔය වැව් කටකපල පිරිල තියෙන්ට එපාය........:( :(
ReplyDeleteනොවැම්බර් දෙසැම්බර් කාලෙ ටී.ජී. රජරටට වහිනව හත්දා වැස්ස කියල එකක්. ඒ වැහි කෝඩෙට පරාක්‍රමේ හොරොව් ඇරියම මනම්පිටිය දිහාවෙ ඔය ඔයාල ගිය මඩකලපු පාර යට වෙනව අඩි හතර පහක්. අපි ඒ දවස්වල ගෙදර යන්ට පොළොන්නරුවට එන්නෙ රේල්පාර දිගේ පයින්. යනකොට දැක්කද වම් පැත්තෙ තියෙන්නෙ රේල්පාර ...ඒක මහපාරට වඩා උස නිසා බොහෝවිට යටවෙන්නෙ නැහැ.
පොඩි නිවැරදි කිරීමක් නෝනා.....පූනෑව නෙවෙයි හරි වචනෙ පුනානි....Christopher Ondaatje ගෙ අපූරු පොතක් තියනව කියල The man-Eater of Punanai කියල
පොඩි , සයිබර්, ජින්ජිබිරිස් ,ජනු, රතු,
ReplyDeleteතෑන්ක්ස් කමෙන්ට්ස් වලට , නියඟේ ටිකක් නරක අතකට නොගිහින් ඉක්මනට වැස්සොත් හොඳයි මේ පැති වලට .
බින්දි - වැහි සින්දුවක් ගැන හිතුවත් මේකට එකතු කරන්න එකක් මතක් වුනේ නෑ .ස්තුතියි මතක් කලාට
රවි - ඔවු ඔවු ඒ හරියේ රේල් පාර උසයි .දැන් මනම්පිටිය පාලම අලුත් නේ .2011 මහ වැස්සට ඔය හරිය යට වුනා . අහ් තෑන්ක්ස් නියම නම් පූනානි කියලා මතක් කලාට .ඒ හරියේ එන් එල් ඩී බී ෆාර්ම්ස් තියේ
හරිම අපූරු ලියවිල්ලක්!
ReplyDeleteකුරුණෑගලට නම් වහිනව ඔන්න.
ReplyDeleteකාලගුණය ජන ජීවිතයට පහර ගහන හැටි TG හොඳට නිරීක්ශනය කරල තියනවා.
මේ දවස්වලට නම් ගිරිතලේට පොඩ්ඩක් විතර වහිනවා..කාලෙකට ආපු වැස්ස ආශිර්වාදයක් කියලා හිතන්න අමාරු ඒක බිම තෙමන්න විතරක් වැටුනු වැස්සක් නිසා..
ReplyDeleteඊළඟට එන්නෙ මදුරු වසංගතේ..!!
පැලැස්තර අලවලා පිළිසකර කරන්න බැරි තරම් දැන් තුවාල ඔඩු දුවල කියලයි මට හිතෙන්නෙ..
කාලෙකට පස්සෙ වැහි සීතලක් දැනෙන්න පටන් අරන්. මේ ලිපියෙත් ඒක දැනෙනව
ReplyDeleteHiru /Giman /Ru /Sidu
ReplyDeleteThanks for the comments