හවස 3 ට
දුම් දාන තිත්ත කෝපිත්
ප්‍රිය මිත්‍ර සම්පයෝගයකුත්
සිනා වැගිරෙන අවන්හලකුත්
ණයට ගත් දෙපැයක ඉසිඹුවකුත් ඇත
මේඝය
තොප කැමතිනම් වහින්න !
හවස 7 ට
ජීමේල් චැට් ලය විරේක
ඈත ඉන්දු සයුරෙන් එපිට සිට
පාව එන මිතුරු ප්‍රේම් විරහවන්
අසා කඳුලකුදු නොසලා
බඩගින්න සමග අවුලවා
ලුණු වැඩි ක්ෂණික නූඩ්ලස් සමග බුදිමි !
මැදියම් රෑ
මූණු පොතේ සියල්ලට ලැයික් කර
සොඳුරු සිනා පිලි වදන් ලියා තබා
සුබ රැයක් පතා
අඩ වැටුප් පමණක් ගෙන
හිස හැරුණු අත යනයුරු
තනිව සිතම්!
හ්ම් හ්ම්. ජීවිතයේ කඩඉමක්. එක පැත්තකින් සොඳුරුයි, නිදහස්. තවත් පැත්තකින් ශෝකීයි, අනාරක්ෂිතයි.
ReplyDeleteනමුත් එහෙම මිතුරු හමුවීම්නම් ඉහළයි.
මාරම ලියවිල්ලක්.ජය!
ReplyDeleteඅගෙයි :)
ReplyDeleteනිල නොලත් දුක්ගන්නාරාළ.. හඳුනමි,, ඇතැම්විට වෙමි!
:D මේ ඇත්තටම දවස ගෙවෙන හැටිද? කෙටියෙන් කිව්වත් අපූරුවට මැවිල පෙනුනා.
ReplyDeleteලස්සනයි ටි ජි . හොඳ තීරණයක් වෙන්න ඇති ගත්තේ . පස්සේ පසුතැවිලි නොවෙනවා නම් එච්චරයි
ReplyDeleteණයට ගත් පැය දෙකේ, මිතුරන් හා එක්ව, තිත්ත කෝපි බොමින්, මේඝයට ඉඩ දෙන්ට.
ReplyDeleteඇස් කඳුලකුදු නොහලා, ප්‍රේම විරහ වේදනා අසා, ලය විරේකයන් කොට, ලුණු වැඩි ක්ෂණික නූඩ්ල්ස්ද බුදින්ට.
එහෙත්,
මූනු පොතේ ලයික් දමා, සොඳුරු වදන් පවසා, අඩ වැටුපට සේවය හැරයාම හෝ, හිස හැරුණු අත යෑම ගැන නම් දැන්ම නම් නොසිතන්ට. :D:D:D
classic..!!!
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteරජරට මි
ReplyDeleteසියොව ආමි.
බොහෝ දෙනා ලියූයෙන්
ලියන්නට යමක් නැත්තෙමි.
කව කියවා සියොවම යමි.
කවි කියෙව්ව හැමෝටම ස්තුතියි !
ReplyDelete