නිකරුණේ ප්‍රලාප කියවමින් කල් මැරූ ,
බොල් සිනා ප්රශස්ති වගුරමින්
ඇවිද ගිය සමහර හිස් අවකාශයන්
දොරගුලූ ලා වසා දමන්නට
කාලය ඇවිදින්
දුගඳ ගොහොරු මඩින්
සර්ප විමන් හා කිඹුලන්ගෙන්
පිලී ගඳ විල් දියෙන්
සැඟව පලා යන්නට
කාලය ඇවිදින්
සුදන වෙස් ගත් වෘක සිනා
හිස අතගගා අනින ටොකු
පල නොකියා පලා බෙදිලි
බොරු වල්වල් මරු වැලින් මිදී
පලා යන්නට කාලය ඇවිදින්
හලා හල විෂ බව නොදැන
සවු දිය පිරූ මධු බඳුන්
සාද සාමිච්චි දේදුනු හැන්දෑවල්
ප්‍රිය වෙස් ගත් අප්පිය සම්පයෝගයන්
හැර පියා පලා යන්නට
කාලය ඇවිදින්
කාලෝ අයංතේ!
ReplyDeleteහැබැයි ප්‍රශ්නවලට බයේ නං මගහැරලා යන්න එපා.
සමහර වෙලාවට හොඳම විසඳුම පලා යාම. අලුත් වෙනසකට සුභ ප්‍රාර්ථනා.
ReplyDelete"හිස් මිනිසුන්
ReplyDeleteකුස් පුරවන
සිත් පිනවන
බස් දොඩවන
බොජුන් මේස මත
සුවඳ හලන්නට
මා පිපුණේ නැත..."
කොහෙද මේ යන්ට හදන්නේ?
ReplyDeleteමම හිතන්නෙ මිනිස්සු විදියට අපි හැමෝම එක සමාණයි. දෙන දේ අනුව ලැබෙන දේ තීරණය වෙන ලෝකෙක අපි ඉන්නෙ..ඉඳහිට දෙන දේට වඩා වෙනස් දෙයක් ලැබීම ජීවිතේට විවිධත්වයක් එකතු කරනවා..
ReplyDeleteමේ සියලුම දේ දුඟදයිනම්, ඔය කියනව වගේ හිස් නම් පරිපූර්ණත්වය තියෙන්නෙ කොහෙද ? අපිට හරවත් විදියට පේන දේ තව කෙනෙක්ට හරසුන්...මේ හැමදේම සාපේක්ෂයි..
කොටින්ම කිව්වොත් මෙතනින් පළායන්න කාටවත් බැහැ..එහෙම යනවනං මුලු ජීවිතයම පලායාම් වලින් පිරුන හරසුන් එකක් වෙනවා..ජීවිතය අවබෝධ කරගන්න ඕන තමයි. ඒ වුනාට ඕනවට වඩා අවබෝධ කරගන්න උත්සාහ කිරීම ජීවත් වෙන සුළු කාලය නාස්තිකිරීමක් විදියටයි මම නම් දකින්නෙ
Disclaimer..
ලෝයර් නෝනා සමග තර්කකිරීමට තරම් මගේ දැනුම ප්‍රමාණවත් නොවිය හැක.ඒත් මේ මගේ මතයයි. එය සර්ව සත්‍ය නොවිය හැක. :)
වෙනස් වන ලොවේ නොවෙනස් දෙයක් නැතැයි කීයෙන් , සුබපතමි පලායාමට , වේවා යහපතක්ම ඔබට !!!
ReplyDeleteකාලෝ අයංතේ අභිනිෂ්ක්රමණං,
ReplyDeleteඅභිනිෂ්ක්‍රමණයට මේ කාළයයි. සියල්ල අතැර පළායන්නට සිතනා සිතුවිල්ල පවා සිතට මහත් සහනයෙකි. එහෙත් මිටින් තරව අල්වාගත් හරසුන් ජීවිතය එක්වරමැ අතැර පළායා නොහී ළතැවෙන්නෙමි.එසේ පළායන්නෙකු දැකීම පවා මහත් උත්කර්ෂයෙකි. මසිත් නැඟෙනා නොවක් සුබ පැතුම්!!!
හ්ම්ම්.....
ReplyDeleteකාලය හොඳයි ඉක්මෙන්ට. වෙනස් වූ පරිසරය සුවදායක වේවා!
ReplyDeleteමේ කියපු සියලු දේ මඟ හරින්න පුලුවන් නම් කොයි තරම් දෙයක්ද TG .
ReplyDeleteකොහොම වුනත් සතුටින් ඉන්න පුලුවන් වෙනසකට නම් යන්න හදන්නෙ ඒ ගැන සතුටුයි.
මේ කිව්වේ බ්ලොග් ලෝකෙ ගැන නෙවෙයි නේද?
ReplyDelete//නිකරුණේ ප්‍රලාප කියවමින් කල් මැරූ ,
බොල් සිනා ප්රශස්ති වගුරමින්
ඇවිද ගිය සමහර හිස් අවකාශයන්
දොරගුලූ ලා වසා දමන්නට
කාලය ඇවිදින්//
අදහස් වලට හැමෝටම ස්තුතියි
ReplyDelete