Saturday, September 29, 2012

6% අධ්‍යාපන ඉල්ලිම් බහුතර ලාoකික ඇසින් :)



2012 .09 .28 කොලඹ 04  සිට

පුද්ගලික අoශයේ ඉහල වැටුප්, වරප්‍රසාද හිමි වෘතික මිත්‍රයෙක්

මේ මොන විකාරද ?
පැය ගානක් ට්‍රැෆික් එකේ
වට් අ බුල් ශිට්?
සේරම නිකන් දීලා
මෙලෝ කොලිටියක් නැති මිනිස්සු
අනික මෙයාලට පඩි වැඩි කරන්න ?
පඩි විතරද ?කාර් පර්මිට්
අපට  එහෙමද ?
ලක්ස පනහක් ගෙවලා  ලීස් කරලා
ඩබල් ටැක්ස් එක්ක ඇලියොන් එකක් ගත්තේ
යන්නේ පවුල් පිටින් Ph.D එකට
ආණ්ඩුවෙ ස්කොල්ස්  වලින් හරි ලේසියෙන් 
යූ. කේ ,යූ .එස් .ඒ  ගිහිල්ලත් බර්සරි ඉතුරු කරන වුන්
රිසර්ච් පේපර් එකක් ලියන්නේ නැති කාලකන්නි
මුන් තමයි මේ රටට හෙනෙ
ඕකයි අපේ ඉකොනොමි එක ඩිවලප් නැත්තේ

පවතින ආණ්ඩුවේ වැඩ පිලිවෙලට ඉතා හිතවත් මිත්‍රයෙක්

මේ මෝඩ කොල්ලො කෙල්ලෝ
ඔහේ කෑගහනවා මෙලෝ හසරක් නොදැන
මේක ආණ්ඩුව පෙරලන්න ගැහුව ගැටයක් 
අරාබි වසන්තය වගේ
මහා කුමන්ත්‍රණයක්
දැක්කෙ නැද්ද හිටිය යූ ඇන් පී හැලපයො රොත්ත
ෆූට පිහිටෙන් බලේට ඇවිත් එල්. ටී .ටී ය රජ කරවන
බලල් අත් මේ තමයි
වගකීමෙන් මේවා
වටහා ගැනීම   අප සතුයි


විශ්වවිද්‍යාල උපාධියක් නැති වීම හා කඩුව ඒ තරම් පොලිශ් නැති නිසා ප්‍රමෝශන් කාලෙදී හීන මානෙන් තැවෙන කන්තෝරු මිත්‍රයෙක්

ගුරාලා ඔක්කොම එකයි
ඇදුරො කියලා වෙනසක් නෑ
මුන් ටියුෂන් මුදලාලිලා
ඒ ලෙවල් වලදී මම  කාලකණ්නි වුනේ
මට ඉන්ග්‍රිසි බැරි වුනේ
අපේ ඉස්කෝලේ අහවල් ගුරා සහ ගුරී නිසා
ගිරවු වගේ පාඩන් කරලා
උජාරුවට කැම්පස් ගිහින්
කිසිම ප්‍රැක්ටිකල් සෙන්ස්  නැති
නමේ අගට අකුරු එකතු කරන්
කඩුවෙන් තියරිය දෙසන
මට පේන්නම බැරි
මුනුයි මුන්ගේ මේ ඉගැන්නිලි සිස්ටම් එකයි


දෙවෙනි වතාවටත් ඒ ලෙවල් කල නමුත් රජයේ විශ්ව විද්‍යාලයකට  තම පුතු සුදුසුකම් නොලැබීම නිසා හිත නරක් කරන් තරහෙන් ඉන්න මිතුරියක්   

බලන්න මේ ගුරාලයි ගෝලයොයි
කිසිම කොලිටියක් නැති එවුන් මෙයා
දියවු ,ගනිවු කියලා කෑගහන හැටි මහ පාරේ
ඒ වගේද අනේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් වලට යන ලමයි ?
බලන්න ඕනේ අපේ පුතාලගේ ඉන්ස්ටිටියුට් එක
මොන තරම් ෆැසිලිටි ද ?
මෙහෙම මහපාරේ යවන්න ඕනේ නෑ
කොහොම හරි බෑන්ක් ලෝන් එකක් දාලා
කෙල්ලවත් අරිනවා මම නම්
මාලඹේට මෙඩිසින් කරන්න
රස්සාවට ගියාම
 ඔය උපාධි කොහෙන් ගත්තු ඒවද කියලා අහනවද ?

ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක අයි .ටී ඩිග්‍රිය කරන  මගේ කසින් මල්ලි කෙනෙක්

ලොකූට පිස්සුද?
ෆූටා නිවුස්  අප්ඩේට් බලන්න ?
ඔය සීයට හය බොරුවක්
ලෙචාල පඩි වැඩි කරගන්න 
දාන අයිසින් කතාවක් 
අනික ඔය කොල්ලො කෙල්ලො බහුතරේකට
තියෙන හීන මාන ලෙඩේ
අපි ඉගෙන ගෙන ඇවිත්
එයාලගේ රස්සා නැති කරයි කියලා
ඒකයි ඔය කෑගහන්නේ
ඕව දන්නේ නෑ ඔයා


ෆයිනල් එක්සෑම් ප්‍රථිපල පරක්කු නිසා ඉන්ටර්න්ශිප් එක පරක්කු වීම ගැන කේන්තියෙන් ඉන්න විශ්ව විද්‍යාල නීති සිසුවෙක්

මුන් නම් පෙලපාලි යයි
අන්තිමට කෙලවෙන්නේ අපිට
කොලේජ් එකේ එවුන් සෙට් එක
කලින්ම ඕත්ස් අරන්
රස්සා වලටත් ගිහින්
අපි ඉන්ටර්න් ඉවර කරනකොට

මේ  දවස් වල ලoන්කාවේ නැති ජන මාධ්‍ය මිත්‍රයෙක් ඊ මේල් පණිවුඩයකින් 

මචන් තවම පෙලපාලිය යනවද ?
කීදෙනෙක් පෙලපාලියේ ගියාද  ?
කියහන්කො මට ඕෆ් ද රෙකෝර්ඩ් විස්තර
මොනවද පක්ෂ පෙරහැරේ ගිය ?
ඔය තරම් මිනිස්සු ෆූටා එකට සපෝර්ට් ද ?
ඕකට ස්පොන්සර් කරන්නේ කවුද ?
ලෙචාලට කොහින්ද බන්
ටී ශර්ට් ගහන්න ඔය තරම් සල්ලි ?

අපේ කන්තෝරුව ඉදිරිපිට පාර අතුගාන නගර සභා කම්කරුවො දෙන්නෙක්

අනේ හැබෑට මේ මිනිස්සු මහ පාරේ වේලෙන්න
මොන වරදක් කරලද ?
ඇරත් යමක් කමක් උගත් ඈයො
කුඩු කාරයො ලෝක හොරු එක්ක ගණුදෙනු කරන
මේ ආණ්ඩුවට බැරි ඇයි ?
මේ මිනිස්සු එක්ක ටිකක්  කතා බහ කරන්න ?

පසු සටහන

2012 .09.27 හැන්දෑවේ  බoන්ග්ලාදේශ් මහාචාර්ය ක්වාසි අහමඩ් සමග

විදුලිසෝපානයෙන් එලියට එත්ම
දුටුවෙමි ඒ රුව නැවතත්
සුදු පුලුන් කුල්ලක් වැනි කොණ්ඩය
ක්‍රීම් පාට ශර්වානිය හැඳ
ගණකම උපැස් යුවලක් පැලඳ
අප හා සිනාසුන
 නිහතමානී  වියපත් මිනිසා

සර් මට ටිකක් කතා කරන්න පුලුවනිද ඔබට ?
වයි නොට් ලෙට්ස් සිට් දෙයාර්
ඔබ ලoන්කාවෙන් නේද ?
ඔවු සර්
මොනවද මගෙන් දැනගන්න ඕනේ ?
සර් බන්ග්ලාදේශය මොනතරම් අධ්‍යාපනයට වියදම් කරනවද ?
දෙදාහ අවුරුද්ද වෙනකන් අපි වෙන්කලේ සීයට දෙකක් විතර දල දේශීය නිශ්පාදිතෙන්
දැන් අපි සීයට තුනක් වෙන්කරනවා
ටුවෙන්ටි ටුවෙන්ටි-2020 බන්ගලාදේශය ගැන හිතලා
අපි සූදානම් වෙනවා
 මානව සම්පත සoවර්ධනය කරමින්

 නැශනල් එඩියුකේශන් පොලිසි එක
තව ටික දවසකින් පාර්ලිමේන්තු පනතක් වෙනවා
ක්ලාස් වන් ඉඳන්ගෙන ක්ලාස් එයිට් වෙනකන්
අනිවාර්ය අධ්‍යාපනය
 බෙන්ගාලි භාෂාව , බෙන්ගාලි ඉතිහාසය , තොරතුරු තාක්ෂණය ,
ඉන්ග්‍රිසි ,පරිසර විද්‍යාව,ගණිතය හා  විද්‍යාව   අනිවාර්ය වෙනවා
මේක කාටත් එකයි ආණ්ඩුවේ ඉස්කෝල , පුද්ගලික ඉස්කෝල
පනත නිසා පුද්ගලික අධ්‍යාපන ආයතන වලට
ප්‍රමිතියක් දෙන්න හා රෙගියුලේට් කරන්න අපි බලනවා
ලේසි නෑ මේ වැඩේ අන්තවාදී මුස්ලිම් පක්ෂ එක්ක
ඒත් අපි ඔවුන් එකඟ කරගන්නවා කොහොම හරි
ගෑනු දරුවන්ට උසස් අධ්‍යාපනය වෙනකන් නොමිලේ ලබාදෙන්න
ඉන්ක්ලූසිව්නස් , ඉක්විටි හා පාර්ටිසිපේශන් මේ පනතේ මූලික හරයන්
හැම බoන්ග්ලාදේශ වැසියෙකුටම
ඉගෙනීමට වරම් දෙන්නයි අපේ බලාපොරොත්තුව
දෙදාස් විස්සේ සoවර්ධිත භoග්ලාදේශ සිහිනයටයි
මේ අපගේ සූදානම

"අමි සුනාර් භන්ග්ලා -අම සුනාර් බොලොභශි"
මගේ ස්වර්ණමය භoග්ලාදේශය -මම ඔබට ආදරෙයි

සමුගත්තා මම මේ වියපත් මහ ඇදුරාගෙන්
නෙතට නැගි කඳුලු සමගින්

අපිට කොයින්ද- මහ ගොඩක් ක්වාසි අහම්ඩ් ලා ?
ඒ නිසා ට්වෙන්ටි ට්වෙන්ටි ක්‍රිකට් එක්ක
පිය නගමු අපි
දකුණු ආසියාවේ ආශ්චර්ය සිහිනයට



22 comments:

  1. කියන්න වචන නෑ. ඒ තරම් ඉස්තරම්

    ReplyDelete
  2. දුප්පත් මිනිස්සුන්ට විතරයි අධ්‍යාපනේ අගය තේරෙන්නේ. නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් ඉහල තැන් වලට ගිය මිනිස්සු කෝ අද ???
    මේ ගැටලුව ලංකාවේ මිනිස්සුන්ගේ කුහකකම විදහාපාන අවස්ථාවක්. තමන්ට සේරම තිබිලත් ඉගෙනගන්න බැරි උනු අයගෙ ඉරිසියාවට වඩා දුප්පත්කම නිසා ඉගෙනගන්න බැරි උනු කම්කරුවන්ගේ කඳුළු වටිනවා.

    ReplyDelete
    Replies
    1. මොන බොරුද? දුප්පත් මිනිස්සුන්ට නෙවේ අධ්‍යාපනේ අගය තේරෙන්නේ, ඒ අධ්‍යාපනේ පිහිටෙන් දැන් හොඳ ජීවිත ගත කරන යට තම අගේ තේරෙන්නේ. අපේ අම්මයි තාත්තයි කොච්චර මහන්සි වුනාද අපිට හොඳ අධ්‍යාපනයක් දෙන්න ශිෂ්‍යත්වේ කියය්, ඕ ලෙවෙල් කියය් , ඉන්ග්ලිෂ් class කියය් , ඒ ලෙවල් කියය්. මේවා දුප්පත් මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. හොඳ තරංග කාරී අධ්‍යාපනයක් දෙන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියල.

      Delete
    2. මේ වර්ජන කරන්න පාරට බැහැල ඉන්න බහුතරය ආචාර්යවරු සහ කැම්පස් ශිෂ්‍යයෝ. ඒ අය ගැන ගෞරවයෙන් අනුකම්පාවෙන් බලන්නෙ අර දුප්පත්කම් නිසා ඉගෙනගන්න බැරිවුණු අය තමයි. යමක් කමක් තියෙන මිනිස්සු ඉහලට යනකොට මුල අමතක කරනවා. නැත්නම් මේ වර්ජනය අවසන් වෙලා ගොඩක් කල්.

      Delete
    3. ඔබ දෙපලගේ කතා බහ තරමක් දිග වුන සoන්වාදයක් නිසා හිතුවා මේ අදහස එයටම එකතු කරන්න

      ලoන්කාවේ අපි ඕනම සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නයක් ආවොත් බහුතරය කරන්නේ එය තමාට පර්සනලයිස් කරගෙන එක කුඩාම කුඩා මහා පිතූරය නොදකින කොනකින් අල්ලගෙන පහර දීම .කණගාටුයි කියන්න බහුතර සින්හල බ්ලොග් වලත් මේ රටාව දැකිය හැකියි බොහෝවිට කතා කරන්නේ විශ්ලේෂණාත්මකව නෙවේ , කන්ස්ට්‍රක්ටිවි ක්‍රිටිසිසම් වලින් නෙවේ .අර කම්කරුවො දෙන්නගේ කතාව ඇත්ත කතාවක් .ෆූට පෙලපාලිය බලන්න එකතුවුන අය අතරේ මාත් හිටියා බම්බලපිටියේ ඔවුන් දෙන්නත් එතැන ජoන්ගම කරත්තෙකින් තේ බොමින් කතාකල මට ඇහුන දේ .බොහොම වයසක මනුස්සයො දෙන්නෙක් . ඒ මනුස්සයො දෙන්න විතයි ප්‍රශ්නේ තමුන්ට පර්සනලයිස් නොකර තමන්ට තේරෙන තරමින් යමක් කිව්වේ .කෙනෙක් කියාවි මේක @සුලබ අනුකම්පාව@ කියලා .ඒත් මට හිතෙනවා ඒ අව්‍යාජ කම .ඔවුන්ට ලොකු අධ්යාපනයක් නැතුව ඇති.දරුවන්ට උගන්වන්න ඉහල යවන්න පුලුවන් වෙන්න හෝ නෙවෙන්න ඇති .ඒත් හිතේ කහටක් නැතිව යමක් කිව්වේ ඒ මිනිස්සු .

      අධ්‍යාපනයට 6 % ඕනේද , හැමදාම සුභසාධනවාදී රාජ්‍යක් තුල නොමිලේ හැම දේම දෙන්න ඕනෙද , පුද්ගලික අධ්‍යාපන ආයතන තිබියයුතුද නැතිද , ලන්කාවේ සරසවි වලට ඇතුල්වෙන්න බැරි බහුතරයට මොනවද ඇති විකල්ප , අපි ඉගෙනගන්න දේ විභාග ලෝකෙට ගැලපෙනවද වගේ දේ ගැන ඇතිවිය යුත්තේ සමබර සන්වාද , විසන්වාද විනා පුද්ගකිකව ඒ දේ අර්ථගැන්වීම් නෙවේ .

      Delete
  3. I really love this note Tharanga :) Great!!

    " අපේ කන්තෝරුව ඉදිරිපිට පාර අතුගාන නගර සභා කම්කරුවො දෙන්නෙක්

    'අනේ හැබෑට මේ මිනිස්සු මහ පාරේ වේලෙන්න
    මොන වරදක් කරලද ?
    ඇරත් යමක් කමක් උගත් ඈයො
    කුඩු කාරයො ලෝක හොරු එක්ක ගණුදෙනු කරන
    මේ ආණ්ඩුවට බැරි ඇයි ?
    මේ මිනිස්සු එක්ක ටිකක් කතා බහ කරන්න ?' "

    ReplyDelete
  4. සමාජයෙ හරස්කඩක මත විමසුමක්. ලස්සන ඉදිරිපත් කිරීමක්

    ReplyDelete
  5. ප්‍රශ්නය තමන්ට බල නොපාන තෙක් සහ එයින් වාසියක් වේ නම් සහය නොදැක්වීම ලංකාවේ අපේ ස්වාභාවික ලක්ෂණයකි.

    ReplyDelete
  6. ලිපිය සුපිරියි.. අපි ගැන දුකයි..

    ReplyDelete
  7. අනර්ඝ පෝස්ටුවක් ,,බංග්ලාදේශය කවදත් චින්තනාත්මකව අපට වඩා ඉදිරියෙන්...... ලංකාවෙ බැංකු පතුරු ගහන ක්ෂුද්‍ර මුල්‍ය සේවාවනුත් එහෙන් කොපි කරපුවානේ...

    ReplyDelete
  8. තාක්ෂණික උපදෙසක්: බිංදුව ටයිප් වන්නේ එක්ස් අකුරෙනි. ඔබ ටයිප් කරන්නේ ඉලක්කම් බිංදුවයි. එය වැරදියි.

    ReplyDelete
  9. ඊයෙ මන් දිග කමෙන්ටුවක් කෙටුව . ජාලේ මොකක්ද වෙලා පබ්ලිෂ් වුනේ නැහැ . හොඳ ලිපියක් . අධ්‍යාපනයේ ගුණාත්මක බව පිරිහීම තමයි රටක අවසානය . 6 නෙමේ 10 ක් වෙන්කලත් කමක් නැහැ . හැබැයි සුළුතරයකට නෙමේ බහුතරයකට උසස් අධ්‍යාපන අවස්ථා සමග . නැත්නම් වෙන්නේ බැරි වුන එකා පුළුවන් වුන එකාට ඉරිසියා කරන එක හැමදාම .මේ අරගලය දිහාත් සැකෙන් සහ ඉරිසියාවෙන් බලන්නේ . ඒකයි.

    ReplyDelete
    Replies
    1. Bindi ඒ දිග කමෙන්ටුව පෝස්ට් එකක් කරලා පබ්ලිශ් කරන්න විලේ

      Delete
  10. මම 27දා පාගමන ගියා. මගෙ අත්දැකීම් ලියන්නම් පසුව. බ්ලොග් වල තිබුන ඒවා තාම කියෝනවා. හොඳ ලිපියක්. මම හිතන්නෙ තමන් පිනට උගත් දේ ගැන පොඩිහරි ගෞරවයක් තියෙන අය මේකට සහයෝගෙ දෙනවා.

    ReplyDelete
    Replies
    1. "පිනට උගත් දේ" කියන යෙදුම ගැන කවිකාරි නැවත හිතනවනං කැමතියි.

      Delete
  11. ගොඩක් කැමතියි මේකට.....

    ReplyDelete
  12. කාට උනත් තමන්ගෙ අයිතීන් වෙනුවෙන් කතා කරන්න ඒවා දිනා ගන්න අයිතිය තියෙනවා. නමුත් ඒ ව්‍යාපාර වල ඇති චේතනාව කොයි තරම් පිරිසිදුද කියන එක තමා වටින්නෙ. මේ ගැටලුවෙදි වුනත් ව්‍යාපාරය කොයි තරම් දේශපාලනීකරණය වෙලාද කියන එක තමා තේරුම් ගන්න බැරි.

    ReplyDelete
  13. නියමම ලියවිල්ලක්!

    ReplyDelete
  14. එච්චරම ඈත එහෙම නෙවෙයි, මේ බොහොම ළඟ අතීතය මතක තරමක් නරුමවාදී ( එහෙම උන එකට එයාගෙ කිසිම කැමැත්තක් නැතිලු, ඒත් වර්තමාන සමාජ සන්දර්භය අනුව එහෙම නොවී බෑ කියලයි එයා කියන්නෙ ) මගේ හිතවතෙක් .... Note - Cynic කියනවට වැඩිය මිනිහ කැමති Taking everything with a pinch of salt කැටගරි එකේ මනුස්සයෙක් විදිහට තමන්ව හඳුන්වාගන්න.

    විශ්ව විද්‍යාල ආචාර්ය වරු....ලංකාවෙ තියන එව්ව විශ්ව විද්‍යාල කියන නිර්වචනයට ගැලපෙනවද කියන එකත් මට නම් සැකයි...

    විශ්ව විද්‍යාලයක්ය කියන්නෙ රටකට අවශ්‍ය නව දැනුම, සාරධර්ම ඒ හැමදේටම වඩා මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් නිදහස වෙනුවෙන් පෙරටුගාමී කාර්ය භාරයක් කරන ශුද්ධ භූමියක් වගෙ තැනක් ඇත්තටම නම් ඥානයේ පුද බිම කියල කිව්වත් වැරදි නෑ...ඔය නිර්ණායක වලට මෙහෙ ඔය විශ්ව විද්‍යාල කියන එව්ව වැටෙනවද කියල මුලින්ම හිතල බලන්ට පොඩ්ඩක්...

    දන්නවනෙ අපේ විශ්ව විද්‍යාල ලෝකෙ අනික් රටවල් එක්ක ගත්තම තියෙන්නෙ කොතනද කියල...ඉතිං එහෙම වෙන්න වග කියන්න ඕන කවුරුය කියලද හිතන්නෙ?

    අනික ඔය 6 % ඉල්ලීම...මොන පදනමකින් ඔය ඉල්ලිම කරනවද කියල එයාල වත් දන්නෙ නැතුව ඇති....අපේ අධ්‍යාපන ක්‍රමය සම්පුර්ණ ප්‍රතිසංවිධානයක් වෙන්න ඕනය කියන එක ගැන ගැන නම් ආයෙ කතා දෙකක් නෑ...ඒත් ඒ ගැන පුළුල් සංවාදයක් කරනව වෙනුවට සීයට හයක් හම්බුනාම සියලු මහ දෝස නිවාරනයි කුජීතයි කැපයි තීන්දුයි කියලද දන්නෙ නෑ මෙයාල හිතාගෙන ඉන්නෙ...

    වැඩේ පටන් ගත්තෙ වැටුප් වැඩිකරගන්ට..ඒකෙ ප්‍රශ්නයක් නෑ...තමන්ට හම්බවෙන වැටුප මදිය කියල හිතෙනව නම් ...( අවසේස අය ඒ ගැන හිතන්නෙ කොහොමද කියන එක පැත්තක තිබුනාවෙකො )වැටුප් වැඩි කරපියව් කියල උද්ඝෝෂණය කරන්ට හැමෝටම අයිතිය තියෙනව...ඒත් ඒකට මේ සීයට හයේ ඉල්ලීම ඈඳා ගෙන තියෙන්නෙ නම් අපි මේ සටන කරන්නෙ අපේ බඩ ගැන හිතලම නෙවෙයි උඹල ඔක්කොම වෙනුවෙන්ය කියන කතාව කියන්ට පුලුවන් වෙන්ට නෙවෙයිද?

    නැත්නම් අද රටේ මෙච්චර අසාධාරණ කම් වෙනව...ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය නීතිය කියන එව්ව වචන විතරයි...රටේ එයාලම කියන විධිහට බුද්ධියේ අග්‍ර ඵල.... මොනවද මේ ගැන කලේ?....අන්න පාගමන් ගිහිල්ල පොදු ජනයා දැනුවත් කරන්න තිබ්බෙ ඒ ගැනයි...මේ වැඩේ හරියන්නෙ නෑ...එන්න අපි එක්වෙමු...පුලුල් කතිකාවතක් ගොඩ නඟමු.....මිනිස්සුන්ට මිනිස්සු විදිහට ජිවත් වෙන්න පුලුවන් දේශයක් තමයි අපේ අරමුණ...එහෙම කීවද?...නෑ....අඩු ගනනෙ ප්‍රවෘත්ති සාකච්ඡාවක්වත්?....ඒත් නෑ...දිගටම ගැලිල හිටපු ශිශිර තාරක නින්දෙන් මෙන්න එක පාරට ඇහැරිල බැස්ස පාරට.....නිදහස් අධ්‍යාපනය රැකගන්ට...

    මේ මට මතක ඇති කාලෙක මෙයාලගෙ දෙවෙනි රට රැකගැනිමේ මෙහෙයුම...මීට කලින් එකම පාරක් මට මතකයි ඉරිද පත්තරවල පිටු දෙකක් පුරා අතිරේකයක් දැම්ම අස්සං එහෙම ගහල නම ගම තනතුර එක්ක පොදු ජනයාගෙන් ඉල්ලීමක් කරල..ඒත් රට රැකගැනීමට පෙරට එන්න කියල...ඊට පස්සෙ ඔන්න මේ පාර තමයි,

    ReplyDelete