ඇනුවල් ලීව් යාමද සැපතකි
අලස සුවෙන් සිටීමද සැපතකි
ලොක්කාගේ මේල් නොබැලීමද සැපතකි
යාලුවන් සමග නන් දෙඩවීමද සැපතකි
ඔහේ ඇවිදයන මගියෙක් වීමද සැපතකි
ගහ කොල විඳීමත්
මුහුදු වෙරලක තනි වීමත්
සතුටින් සිනාසීමත්
මිහිරි මතක මග සැරියත්
සැපතටම හේතු වෙත්
වසර පුරා හොඳ හැටි වෙහෙසීලා
දිවා රෑ නොබලා ෆර්ෆෝම් කරලා
අවුරුද්දක වැඩ අහවර කරලා
ඉසිඹු ලබන්නට නිසි කල් බලලා
ඉතුරු ඇනුවල් ලීව් දාලා
වෙහෙසුන ගත විඩා නිවා දමන්නයි
බිඳුනු තැවුණ සිත සුවපත් වන්නයි
නැවුම් උදාවට ජවයක් දෙන්නයි
අලස සුවය විඳ වැඩ අරඹන්නයි
කොයි කවුරුත් ඇනුවල් ලීව් දමන්නයි ....-:)
P/S -Business Closed for 2011 . We are on Leave ! Happy Holidays ! Happy New Year !
( First two pics are taken by me . All rights reserved )
( First two pics are taken by me . All rights reserved )

ලොක්කාගේ මේල් නොලැබීම සතුටකි
ReplyDeleteටෙකිසැවි කලුබෙරි නොගිලීම පිණකි
නිවාඩුව වදයක් නොවීම යෙහෙකි
නගේ නුඹට සුබවසරක් වේවා පැතුමකි
ඕඕඕඕඕ
ReplyDeleteඅලස සුවය ලැබීම සැපතකි.
හිස හැරුණු අත යා හැකි වීම සැපතකි.
ආපසු ඒමට වෙලාවක් නැති වීම සැපතකි.
අලුත් අලුත් දෑ අත්හදාබැලීම සැපතකි.
පැරණි ලොව අතරමං වීම සැපතකි.
රළ පහස සැපතකි.
මඳ පවන සැපතකි.
වත්මනෙහි නැවතීමම සැපයකි.
ෆට්ටයි ෆට්ටයි අදහස.
ReplyDeleteලොතරැයියක් ඇදුන දවසට මම නම් ඇනුවල් ලීව් යනවා සදහටම.
කවි ලස්සන හන්දා කියන හැටි අහගෙන හිටියා. අර උඩ තියන සියලු අයිතිවාසිකම් ඔබ සතු පින්තූරේ ලස්සනයි. :)))
ReplyDelete