ඔබ දෙදෙන සදාකල්හිම එකව වෙසෙනු ඇත
උපතේ සිට සීතල මරණය අතවනන
පාලු සුසානයක මිහිදන්වන තුරු
දෙවියන් අබිමුව හෘද සාක්ෂි ඉදිරියේත්
ඔබ එක්ව වෙසෙනු ඇත
ඒත් ඔබ දෙදෙන අතරින් පොඩි ඉඩක් තබනුමැන
දේවදූතයන් හට අත් තටු සලමින් රඟන්නට
ආදර රැහැන් පටින් නොබැඳී
එකිනෙකාට ආදරය කරන්න
එවිට රල රැලි නගන සයුර
වෙරළත සිප ගන්නා ලෙස
ආදරය, ඔබේ ආත්මය සිඹිනු ඇත
උනුන් ගේ බඳුන් පැනින් පුරවාලන්න
නමුත් එක බඳුනකින් පමනක්
පැන්සනහා නොගන්න
ඔබේ පාන් කැබැල්ලෙන් අනිකා සන්තර්පණය කරන්න
ඒත් එකම පාන් ගෙඩියකින් අනුභව නොකරන්න
සතුටේ දී උනුන් හා ප්‍රීතියෙන් රඟ දෙන්න
නමුත් ඇවැසි විට අනිකාට තනිවෙන්න ඉඩදෙන්න
මියුරු සර නගන වෙණ තත්
වෙන් වෙන්ව පිහිටි සේ
ඔබේ හද පුද දෙන්න
එකිනෙකා වෙනුවෙන් මිය යන්න නොව
ජීවිත අත්වැල අල්ලාගෙන යන්න
දෙවොලක විසල් කුලුණු
වෙන්ව නැගී සිටිනයුරින්
ඕක් ගස් සෙවණෙහි සයිප්‍රස් ගස් නොවැඩෙන නිසා
එකිනෙකාගෙන් මදක් ඈත් වී
උනුන් හා නැගී සිටින්න
මේ විවාහය ගැන ඛලීල් ජිබ්‍රාන් කියූ මා සිත් ගත් අදහසක සරල සිංහල පරිවර්තනයකි . ඛලීල් විවාහය ගැන කියූ මේ අදහසම චාලි ප්‍රයිඩ් ද ගයනු ඇත .සැමවිටම උනුන්ගෙ ජීවිත අතරෙහි ඉඩක් තිබුණවිට සතුට සහ ආදරය දෝරෙ ගලා උතුරා යන්න ලෙහෙසිවනු ඇත .
නමුත් අපි තේරුම්ගන්න අඩුවෙන්ම උත්සාහ දරන්නෙත් එයමය .
ප/ලි
ඛලීල් ජිබ්‍රාන්ගේ මේ අදහස මම දුටුවේ මූනු පොතේ මගේ හොඳම මිතුරියකගේ සටහනකින් .මේ එය අසුරු කරගෙන මා විසින් කල සරල පරිවර්තනයක් .මේ සති අන්තයේ හිමාල මිටියාවතේ ගමන් කතන්දර ලියන්න හිතාගෙන ඉන්නවා.
හ්ම්...හොඳම උපදෙස් ටිකක්.
ReplyDeleteRing එක නිසා Suffe-ring වගේ
ReplyDeleteඔබ ඈත සඳ වී පායා
ReplyDeleteමම මෑත තරුවක පිපිලා
මේ නිසල රැයේ ලොව නිදනා
මා ඔබ ඔබ මා ළඟ ඉන්නා
..අප දුරින් දුරක වුව තනිය
...නෙත් සරින් පමණි හමුවූයේ
ඒ ඈත් බවිනි හද අඳුරේ
සෙනෙහසේ සොඳුරු බව පිරුනේ
මධු සඳ තරුවද හමුවීලා
සිටියද ඔබ මා ළංවීලා
ඒ දුරක එදා අප පිපිලා
තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා
.......බන්ඩාර ආතාවුද කියන සින්දුවක්.......
බොහෝම වටිනා උපදෙස් ටිකක්. නවම් මතක් කළ සින්දුවත් හරියටම ගලපෙනවා..
ReplyDeleteඅවශ්‍ය සහජීවනය මිස වහල් බව නොවේ. විවාහ ජීවිතේදී සම්මත රකින්න අමාරුයි. එන එන විදියට ප්‍රශ්න විසඳ ගන්න ඕන. ආදරය , අනුකම්පාව , ත්‍යාගශීලි බව හෙම ටික ටික හරි නොතිබ්බොත් ව්‍යාපාරය බංකොලොත්. [අත්දැකීමෙන් උගත් දේවල් . වටිනා උපදෙස් හොඳේ ]
ReplyDelete@ Bindhi
ReplyDeleteඅත්දැකීම් වලින් තහවුරු කරගත් සාක්ෂි නිසා විරෝධතා ඉදිරිපත් නොකරමි උගත් මිතුරිය . හා හා හී හී