Villagers |
women on the way to a festival |
Our Chaye stop - Making Kachori |
A man holding his calf |
අපේ ඔරිජිනල් ප්ලෑන් එක තිබුණෙ නම් පහුවෙනිද උදේ පාන්දරිම ජෝද්පූර් පිටත්වෙන්න. ඒත් කාරණා කීපයක් නිසා ප්ලෑන් එක වෙනස්වුණා. ගමන යන්න කලින් අපේ රියදුරු තැනට සිද්දවුනා කලින් දවසෙ පැච් එක ගිය රෝදෙ අලුත්වැඩියා කරගන්න . උදයපූර් ඉඳලා ජෝද්පූර් යන්න පැය නවයක් විතර යනවා . අලුතෙන් ඉදිවුණ හයි වේ එකක් වුණත් තවම ඔක්කොම වැඩ සම්පූර්ණ නැති නිසා අපේ ගමන් මාර්ගය තරමක් දුෂ්කර බව තමයි ඌෂා කිව්වේ.ඒ නිසා වාහනේ හොඳ තත්වෙන් තිබීම වැදගත්නේ. දුර ගමනක් නිසා අපිට රියදුරු තැනකුත් ඔනෙ වුණා.අපිත් එක්ක ජෝද්පූර් යන්න ඌෂගේ නංගි සෝනු සහ මල්ලි රාජාත් එක්වුණා.
පැච් එක අලුත් වැඩියා කරගෙන අපි පිටත්වෙනකොට දවල් එකොලහට විතර ඇති. උදයපූර් වලට ආයුබෝවන් කිව්ව මම ජෝද්පූර් ගැන සිහින මවමින් හිටියා.ටිකෙන් ටික නගරයෙන් ඈත්වුන අපි කඳුකර මිටියාව තණබිම් වලින් වැසුණ ගම්බද රාජස්තානය වෙත යමින් සිටියා.කඳුකර තණ බිම් වල උලාකන ගවයන් ,එලුවන් සුලබ දසුන් වුණා. හරක් රන්චු වලට තණ කවමින් ගස් සෙවනැලි වල සුව පහසුවෙන් ඈඳිගෙන සල්ලාපයේ යෙදී ඉන්න ගැහැනු , වැඩිහිටි පිරිමි , ලමයි දුටු විට මට හිතුනේ මොන තරම් නිදහ ජීවිතද කියලා . අපිට වගේ හැල්මේ දුවන ජීවිත නැති වුනත මේ ගම්බද මිනිස්සු අපිට වඩා සතුටින් හීල් හෙවනේ ඉඳන් ජීවිතේ රස විඳිනවා වෙන්න ඔනේ . අපි ඉතින් දවස පුරාම කාර්යාල , ඉන්ටර්නෙට් , බ්‍රෝඩ් බෑන්ඩ්, මොබයිල් ෆෝන් අතරේ ජීවිතේ හිරකරගෙනනේ ඉන්නෙ .
අතරින් පතර ගම් මන්ඩි පහුවෙනවා. මැටි ගෙවල් වල පිල් උඩ පොඩි ලමයි සෙල්ලම් කරනවා. වයසක උදවිය ඇනබාගෙන කයිවාරු ගහනවා. මේ පාර දිගේ යද්දි දැක්ක සුන්දරම දසුන් තම්යි වර්ණවත් බන්දානි සාරි වලින් සහ තලප්පා වලින් සැරසුණ රාජස්තාන් ගැහැණු සහ පිරිමි .මේ මිනිස්සුන්ගේ වර්ණ රටා නම් හරි පුදුම සහගතයි . ගම්බද රජසතානය පුරාම රතු, කොල , කහ ,දම් , නිල් වගේ වර්ණ රටා වලින් ඔප වුන සාම්ප්‍රදායික සාරි වලින් සැරසිලා දරමිටි ,හිස තියාගෙන , එහෙම නැත්නම් කලගෙඩි අතින් අරගෙන යන ගැහැණු හරිම සුලබ දසුනක් .මේ හැම දසුනක්ම කැමරා ගතකරගන්න මට තිබුණේ පුදුම ආසාවක් . ඒනිසා නිතරම රියදුරු තැනට වාහනේ වේගය අඩුකරන්න කියන්න මට සිදුවුණා. මගේ අදහස් දන්න රියැදුරා මැඩම් පොටෝ කියල සමහර අවස්ථාවල මට සොඳුරු දසුන් පෙන්වුවා.
අපි පහුකරගෙන යන පාරේ කොටසක් කඳුකර වනපෙත මාර්ගයක් වුණා. සෙවණපිරුණ ගසින් හා ගලාබසින දිය පහර වලින් ඒ පෙදෙස හැඩ වෙලා.මම අහල තිබුණේ රාජස්තාන් කියනේ ථාර් , බාමර් වගේ කාන්තාර බහුල වියලි කඳුකරයක් කියලා .ඒත් මේ වන පෙත් දකිද්දී රාජස්තාන් කියනනේ වියලි නිසරු කඳුකරයක් නොවන වග මට තේරුණා.
අපේ රියදුරාගේ අදහස වුණේ මාර්ග තදබදය නැති ගම්බද පෙදෙස්වලදි හොඳට පාගල යන්න ඔනෙ කියලා.එහෙම වුණොත් විතරයි අපිට රෑ වෙන්න කලින් ජෝද්පූර් යන්න පුලුවන් වෙන්නෙ . ඒත් ඉතින් පොටෝ ගන්න තියෙන පිස්සුව නිසා මට ඒක නිතරම අමතක වෙනවා. ඉතින් මාව ඉක්මන් කරන්න උෂා "ජල්දී, ජල්දී " කියනවා. ඒකෙ අදහස ඉක්මන් කරන්න කියන එක . ඉතින් මම එයාට නමක් දැම්ම ජල්දී ජල්දී ටුවර් ගයිඩ් කියලා.
ගම් මංඩි පහුකරලා අපි ජනාකීර්ණ නගරබද පෙදෙසකට ආවා. එතකොට හවස තුනට විතර ඇති . දවල්ට කන්න මතක්වුණේ එතකොට.අපේ රියදුරත් උෂගෙ මල්ලි රාජත් ලොකු උත්සාහයක් ගත්තා මට බත් කන්න පුලුවන් තැනක නතර කරන්න . ඉතින් දෙතුන් පලකම ව්පරම් කරලා අන්තිමටම හොයාගත්තා බත් කඩයක්. එක වැඩි විච්චූරන නැති පොඩි කෑම කඩයක් . ලොකු සිමෙන්ති කල දෙකකට වතුර පුරවලා තියෙනව බෙලෙක් කෝප්ප දෙකක් එක්ක . එකකින් අත හෝදනවා . අනික් එකෙන් වතුර බොන්න පුලුවනි හැබැයි කටේ නොගෑවෙන්න උඩ බලාගෙන වතුර උගුරට හලාගන්න ඔනෙ. මාත් අනිත් අය වගේ අත් හෝදලා , මූණටත් වතුර ටිකක් ඉහගෙන වතුර උගුරකුත් කටට හලාගෙන බංකු පොඩ්ඩකුත් ලංකරගෙන ජෑම් ගස් හෙවනේ අපිට කෑම කන්න ලෑස්ති කරල තිබුණ මේස කෑල්ලෙන් වාඩිවුණා. උණු බතුය් , පරිප්පුයි , පෙති කපපු රටළුණුයි , අමු මිරිස් කරලුයි දැක්කම මගේ මූණේ ඇඳුණු හිනාව දැකල ඔක්කොටම හරි හිනා.
දවල්ට කෑමකාල ගමන පිටත්වුණහම කවුරුත් ටිකක් නිදිකිරා වැටෙනවා. අපේ රියදුරානම් පාගල යනවා. අපිව පහුකරගෙන අධිවේගෙන් ලොරි සහ ට්‍රක් රථ ඇදිලා යනවා . ඒ හැම වාහනේකම පිටිපස්සේ "හෝන් ප්ලීස්" කියලා ඉංග්‍රිසියෙන් ලියලා තියෙනවා.ඔය අතරේ ඌෂගේ ජංගම දුරකතනයට වලින් වර කෝල් එකක් එනවා ඒත් සිග්නල් හොඳ නැති නිසා කෝල් එක කට් වෙනවා.අන්තිමට රියදුරා වහනේ නතරකරා කෝල් එක ගන්න. පණිවුඩය ඌෂගේ ආයතන ප්‍රධානියා යෝගේශ් ජී ගෙන්. පණිවුඩේ විදියට ඌෂට එදාම රාත්‍රියේ ජෝගේශ් එක්ක ජායිපූර් යන්න වෙනවා පහුවදා උදේ ජායිපූර් වල ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ වැදගත් රැස්වීමකට. ඌෂ කලබල වෙලා අපේ සේරම ජෝද්පූර් සැලසුම් වෙනස් වෙන නිසා. අපි ජායිපූර් යන්න සැලසුමක් තිබුනේ නැහැ. ඒත් මේක හොඳ අවස්ථාවක් මට ජායිපූර් නරඹන්න . මම කියාහිටියා එදා රෑ ජායිපූර් ගමනට මාත් එක්වෙන බව . "ඊයෙත් එලිවෙනකන් කොච්චියෙ ඇවිත් ඔයාට මහන්සියි , ජායිපූර් කෝච්චිය අද රෑ දහයට පිටත්වෙන්න. අපි ජෝද්පූර් වලට යනකොටත් රෑ හත විතර වෙනවා.කවුද ඔයා එක්ක ජායිපූර් ඇවිදින්න යනේ , අපි මීටිමේ ඉන්නකොට ? , ඇරත් බාබරි මස්ජිද් නඩුවෙ තීන්ඩුව හෙට දෙන නිසා ඉන්දියාව පුරාම කලබල ඇතිවේවි කියලා රජය අනතුරු අඟවලා තියෙනවා, ඒ නිසා ඔයා ජෝද්පූර් ඉන්න " කියමින් ඌෂත් , යෝගේශ් ජීත් මාව වලක්වන්න හැදුවත් මම එක හෙලාම කියාහිටියා ඒදෙන්න එක්ක ජායිපූර් යන්න ඔනෙ කියලා. මම ඌෂ අස්වසමින් කිව්ව "බයවෙන්න එපා කිසි කරදරයක් වෙන්නෙ නැහැ , ඔයලා ජායිපූර් වලදී ගමන් යන දන්න කියන ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් මට සොයලදෙන්න , ඔය දෙන්න මීටිමේ ඉන්න අතරේ මම එයා එක්ක ඇවිදින්න යන්නම් . ඒ නිසා මටත් යන්න ට්‍රේන් එකේ සීට් බුක් කරන්න , ඔය දෙන්න නවතින තැනකම මාත් නවතින්නම්" . ඔන්න ඒ ප්‍රශ්නෙත් විසඳුණා.
ටිකෙන් ටික හවස්වෙනවා.අපි ආයෙත් ගම් මංඩි අතරින් ඇදිලා යනවා. ආයෙමත් හරක් රංචු දක්කගෙන , දර මිටි ඔලුවෙ තියාගෙන යන ගෑණු මිනිස්සු දකින්න පුලුවන් . එක තැනකදී ගැමියෙක් එයාගේ හරක් රංචුවේ ඉන්න පොඩි වහු පැටියෙක් අත් දෙකෙන් වඩාගෙන යනවා පොඩි දරුවෙක් වගේ ."මෙහෙමත් ඉන්දියාවක්" කියලා මට කියවුණා. "තව පැයකින් විතර අපිට ජෝද්පූර් වලට යන්න පුළුවනි , තව ටිකක් ඉස්සරහට යනකොට කචෝරි බදින කඩපොලක් හම්බවෙනවා. එතන කචෝරි හරිම රහයි . එතැන ඉඳලා වැඩි දුරක් නැහැ ජෝද්පූර් වලට අපි එතන නවත්වලා චායේ බොමු " කියලා ඌෂ කියලා වැඩිවෙලාවක් නැහැ ආයෙත් "පංචර් හෝගයා" .ඉතින් මොනව කරන්නද ? රාජත් , රියදුරාත් ටයර් මාරු කරනකන් ඌෂත් මමත් දෙන්න පාරෙ කොනක වාඩි වෙලා කයිවාරුවක් ගැහුවේ පෙරලුන අත හොඳයි කියලා.ඔය ඔක්කොම කරගෙන කචෝරි කඩපොලට ලංවෙනකොට රෑ හතට විතර ඇති. එතන නම් නියමම ගැමි කම රැඳුණු කඩ පොලක් . තලප්පා බැඳගත්තු පිරිමි ලණු ඇඳන් උඩට වෙලා කය්වාරු ගහමින් චායේ බොනවා. කඩ පේලියේ මැටි ලිප් උඩ ලොකු ඇල්මිනියම් තාච්චි වල කචෝරි බැදෙනවා , කචෝරි පරිප්පු වඩේ වගේ කෑමක් නමුත් පොඩි ඇඹුල් රහකුත් තියෙනවා, චායෙ බොන්න කියාපු කෑමක් . හැම කඩේකම ලොකු ඇලුමිනියම් බේසන් වල බැදපු රට කජු , පකෝඩා, කඩල , ගාටියා පිරෙන්න තියෙනවා. උණු උණු කචෝරි ලැබෙනකන් මම අපේ රියදුරා දුන්න රටකජු අහුරක් හැපුවා.ඔය අතරේ වහලක් නැති පොඩි තුන් රෝද වෑන් එකකින් සිංන්දු කියාගෙන ගෑනු කට්ටියක් එලියට බැස්ස. එක්කෙනෙක් කචෝරි කඩේට යන අතරේ අනික් අය නොනැවතී සින්දු කිව්ව. "මේ කිට්ටුව ගමක ගෑණු අය වෙන්න ඕනේ , ඒගොල්ලො උත්සවයකට යනව වගේ , බලන්න ලස්සනට සාරි ඇඳගෙන ඉන්න හැටි . ඔය කියන්නෙත් උත්සව වෙලාවට කියන ජන ගීයක්" ඌෂා එහෙම කියනකොට මගේ දෙපා නොදැනුවත්වම ඒ දෙසට ඇදෙමින් තිඹුනා. ගෑණු නඩේට එක්වෙලා මම සින්දුවට ටිකක් නටන්න ගත්තා. ඒගොල්ලො ටිකක් පුදුම වුණත් සින්දුව නැවැත්තුවෙ නැහැ.පස්සේ ඌෂා එක්ක මොන මොනවදෝ කියද්දි ඌෂා මාව හඳුන්වලා දුන්න "සහේලි" කියලා. ඒ ගොල්ලො හැමෝටම හිනා. ආයෙත් ඌෂට එයාල මොනවදෝ කිව්ව . කට්ටිය හිතල තියෙන්නෙ මගේ කලිසම්යි ටී ශර්ට් එකයි ,කොට කොන්ඩේ නිසා "ලර්කා - කොල්ලෙක්" කියලා. හැබෑටම ලංකාවෙදි නම් මෙහෙම පාරෙ නටන්න බැහැනේ.මම එයාලගෙන් සමුගත්තේ හල්දිරාම් පැකට් එකකුත් එයාලට අරන් දීලා ඒගොල්ල කිව්ව ලස්සන සින්දුවටත් ස්තුති කරලා .
අපි ජෝද්පූර් වල ඌෂගේ කාර්යාලයට සේන්දු වෙනකොට රෑ අටහමාරයි. යෝගේශ් ජී අපි එනතුරු මග බලාගෙන හිටියා .ඇවිත් යෝගේශ් ජී එක්ක හරියට කතාකරන්න වත් ලැබුණේ නැහැ ඌෂා මාව ඔෆිස් එකේ නාන කාමරයකට තල්ලු කරලා "ජල්දී ජල්දී" කිව්වා. පැය නවයක විතර ගමනකට පස්සේ , පැයබාගෙකින් ආයේමත් ලක ලැහැස්තිවෙලා තව පැය අටක විතර කෝච්චිගමනක් යන්න මම පිටත්වෙනවා. "හරි නියමයි මේක තමයි මගේ ජීවිතේ හොඳම සංචාරේ . මෙහෙම නොනවත්වා ගමන් යමින් ,එක වාහනේකින් තව වාහනයකට මාරු වෙමින් පොටෝ ගනිමින් , නැටුම් නටමින් මම කවදාවත් ගමන් ගිහින් නෑ" කියලා ජෝද්පූර් ඉස්ටේසමට වෙල ජායිපූර් යන්න කෝච්චිය එනකන් ඉන්න අතරේ මම ඌෂටත් යෝගේශ් ජීටත් කිව්ව . ඒකට දෙන්නටම හරි හිනා .

Apita koinda ochchrara pin?
ReplyDeleteපිස්සු හැදෙනවා. පින්තුරත් බලන්නම්
ReplyDeleteපසුගිය සුමානේ බොහොම හදිස්සියෙන් ලියලා තිබුන නිසා රසය ටිකක් අඩුවෙලා කියලා කම්ප්ලේන් කරන්න සිද්ධ උනා තමයි. ඒත් දැන් ආපහු අර කලින් සටහන් වගේම උද්යෝගයෙන් කියවන්න පුලුවන් වෙලා. මට හරිම සතුටුයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමරු.
ReplyDeleteඉතිරිය කියෙව්වේ අද. ඉන්දියාවේ රාජස්තාන ගෑණු සෙට් එකක් උන්ගෙ බ්ලොග් එකේ [දන්නවනෙ ඉන්දියාවෙ technology කියන්නේ බොහොම සුලබ දෙයක්] ලිව්වලු මෙහෙම.
"අපි සින්දු කියද්දි ලංකාවෙන් ආපු ගෑණු ළමයෙක් ඇවිල්ලා පාරෙ ම නැටුවා. කොයි තරම් නිදහස් ජීවිතයක් ද? අපටත් ලංකාවට යන්න ඇත්නම්"
මම ඔයාගේ බ්ලොග් එක දැක්කේ අහම්බෙන්. කවුරුත් කියලා එහෙම නෙමේ. අනන්තය හරහා සැරිසරනවා වගේ, අහම්බෙන් අන්තර්ජාලේ සැරිසරනකොට. හරිම ලස්සනයි. ඉන්දියාවට ගියා වගේ. මිනිස්සු ඇන තියාගන කතා කරන හැටි, ගැහැනුන්ගේ වර්නවත් සාරී ගැන ඇහුවාම ටාජ්මහල් බලන්න ගිය ගමනකදි පාර තොටේ දැකපුවා මතක් උනා. මෙච්චර විස්තර සහිතව නම් නෙමේ. ඉතුරු පෝස්ට් ටිකත් ඉක්මනින් කියවන්න ඕනි. අපි කියවන වේගෙට ඔයත් ඉක්මනින් ලියන්න.
ReplyDeleteඔයා ලියන ආකාරය හරිම ලස්සනයි,
ReplyDeleteරාජස්ථානයේ වර්ණ රටා ගැන මම අහල තියෙනවා මෙහෙම,
Rajasthan - An Explosion of Living Colour,
කම්මැලි නැති උන වෙලාවක ආයෙම ලියන්න,
හරිම ලස්සනට ලියලා තිෙයනවා
ReplyDelete