Woman selling corn |
Lake Pichola and sunsetting |
Jag Mandir in Lake Pichola |
Rajanstan camel |
Lake Pichola |
Lake Fata Sagar |
City Palace Udaipur |
උදයපූර් ඉස්ටේසමට පය තියලා වටපිට බැලුවා විතරයි මගේ මිතුරිය ඌෂා "උදපූර් වලට ආදරයෙන් පිලිගන්නවා " කියමින් දුවගෙන ඇවිත් මාව වැලඳගත්තා . හමුවීම් ,සිප වැලඳගැනීම් වලින් පස්සේ අපි දෙන්න එලියේ නවත්වලා තිබුණ එයාගේ වැගන් ආර් කාර් එකෙන් අපේ නවාතැනට පිටත්වුණා
තවම වෙලාව උදේ අටටවත් නැහැ.ඒත් හොඳට හිරු එලිය බබලනවා හරියට ගිනි මද්දහනේ වගේ ."ඇවිදින්න කියාපු දවසක්".මට ඉබේම කියවුණා . "ටිකක් ඉවසලා ඉන්න කියලා" ඌෂා හිනාවුණා.
අපේ නවාතැන්පොල වුනේ ජයින දරම් සාලාවක් . උදයපූර් ධනවත් ජයින් භක්තිකයන් ගොඩක් ඉන්න පලාතක්.මේ ඒ අයගේ විශ්‍රාම සාලාවක් . "මෙහේ ඉන්න ආරක්ෂාව ගැන බයවෙන්න ඕනේ නැහැ. මේ මිනිස්සු හරිම අවංක ප්‍රතිපත්තිගරුක අය . මම රාජකාරි වැඩවලට උදයපූර් ආවම නිතරම නතරවෙන්නෙ මෙතන" .ඌෂා මට කිව්ව.ඇත්තටම මෙතැන උදවිය හරි ප්‍රිය මනාපයි . කවුරුත් ඌෂා හොඳට අඳුනනවා . අපිට වෙන්වුණ කාමරය වැඩි විච්චූරණ නැති ඇඳන් දෙකකුයි ,ලියන මේසෙකුයි . පුටු කීපයක් සහ පිරිසිඳු නානකාමරයක් සහිත තැනක් . "මේ ඇති හොඳටම "කියමින් මම පුටුවකට බරදීලා සපත්තු දෙක ගලවලා වීසිකරලා කකුල් දෙක අනික් පුටුව උඩින් තියාගත්තා . එතකොටම අපිට චායේ දෙකකුත් ලැබුණා.
මෙහෙමත් නිදහසක්..... අපිදෙන්න එකතුවෙලා අවුරුදු දෙකක කතන්දර කියවමින් චායේ බොන්න පටන්ගත්තා .කොයිතරම් දේවල් කියන්න තියෙනවද අෆ්‍රිකාවෙදි හමුවුණාට පස්සේ .අපේ යාලුවෝ , රාජකාරි වැඩ ,ගෙවල් දොරවල් වල වගතුග ,මගේ කේරල ගමන ඔය ඔකෝම ගැන කියවල ඉවරවෙනකොට දවල් දහයට විතර ඇති. හිත පිරිල නිසාද කොහෙද උදේ කෑම නැහැ කියලා බඩගිණි දැනුනේ නැහැ.ඒ අතරේ මම උෂාට ගෙනාව තෑග්ගිත් ගමන් මල්ලෙන් එලිය ඇදලා ගත්තා. ලංකාවෙන් අරගෙන ගිය අත් යන්ත්‍ර රෙදි වලින් නිමවපු නිල් කොල සාරිය දැකලා එයා සතුටින් පිනා ගියා .ඒකත් පෙරවගෙන වටයක් කැරකිලා හැඩ බැලුවා . ගිය අවුරුදේ එයා මට රාජස්තානයට ආවේනික "බන්දානි සිල්ක් " සාරියක් දිල්ලියේ ඉඳලා ලංකාවට ආව යාලුවෙක් අතේ එවල තිබුණා.ඉතින් මම ඒකට කලගුණ සලකන්න ඔනනේ .
අපිදෙන්නට ආගිය කතා කියවන්න තව දවස් කීපයක්ම තියෙන වග මතක්වුණේ පස්සෙ. ඉතින් නාගෙන අලුත් ඇඳුමක් එහෙම දාගෙන ඔන්න උදයපූර් සිරි විසිතුරු බලන්න දෙන්න එක්ක පිටත්වුණා. යමින් ගමන් ලඟ තිබුණ පලතුරු යුෂ කඩේක නවත්වල ලොකු අන්නාසි වීදුරු දෙකකුත් බිව්වා. රස නියමයි. දඩින් බිඩින් ගාල අතික් කරකවන මැසිමකට අන්නාසි කෑලි දාලා විනාඩියට බීම හදලා දෙනවා යස අපූරුවට.
අපේ මෝටර් රථය නගයර මැදින් ඇදිල යද්දි මම නුවර සිරි විසිතුරු බලන්න පටන් ගත්තා.උදයපුර් නගරය නිර්මාණය කරල තියෙන්නේ මහරාජා (උදයපූර් වල නම් කියන්නේ මහ රාණා කියලා) "උදායි මාන් සිං" ඒ දහසයවෙනි ශතවර්ශයේදී. මෝගල් අධිරාජයන්ගෙන් මේ නුවර බේරගත්ත වීරයෙක් එයා. උදායි තැනුව නුවර උදය පුරය , උදයපූර් වුනා. උදයපූර් වැඩි කලබලයක් නැති පිරිසිඳු නගරයක් කියලා මට හිතුනා.නගරය වටේ කඳු වලල්ලක් තියෙනවා.
ඔය අතරේ අපි නගර සීමාව පහුකරලා මහා ජල තලයක් අසලට ආවා. මගෙ දෙවියනේ එතන පුදුම ලස්සනක් ...ඈතින් කඳු වලල්ලකින් වට වුණ නිල් කැටේට වතුර පිරිලා උතුරන රැලි නගන මහා සාගරයක්.. මහා ජල තලය පිසගෙන එන සුලඟ හරි සනීපයි .මම කාර් එකෙන් එලියට බැස්සා නෙවෙයි පැන්නා. "මේ පතා සාගර් විල , උදයපූර් වල හදවත කියලයි අපි කියන්නේ "ඌෂා හිනාවෙමින් කිව්වා. ඇත්තනේන්නම් මේ උදයපූර් වල හදවත කිව්වට වැරදි නැහැ. පවුල් පිටින් ඇවිත් විනෝදවෙන අය , තරුණ උදවිය , එහෙ මෙහේ දුවපනින සතුටුවෙන පොඩිත්තො ගොඩක් එතන හිටියා. ඒ වගේම හරි අපූරු දෙයක් වුණා .සමහර පවුල් වල උදවිය ගණ දෙවි ප්‍රතිමා සහිත පූජාවට්ටි ගෙනිල්ල මේ විලේ පාකරනවා. මේ ගණේෂ පූජා උත්සව දවස් කියලා ඌෂා කිව්ව."කලබල වෙන්න එපා විල වටේම අපිට යන්න පුලුවන්" කියලා එහෙ මෙහේ දුවමින් පින්තූර ගන්න මට එයා කිව්වා .
අපි තව ටිකක් ඉස්සරහට ගියා ,එතන හරිම ලස්සනයි .විලේ වතුර වාන් දානවා දිය ඇල්ලක් වගේ . රාජස්තානයේ ප්‍රකට ඔටු සවාරි යන්නත් මෙතැනදි පුලුවන් . ලස්සනට සැරසුව ඔටුවො කීපදෙනෙක් එතැන හිටියා. විලේ බැම්ම වටේම ඔටුවන්ගේ පින්තූර ඇඳලා තියෙන වග මට පෙන්නුවේ ඌෂා.එයා කාර් එක එතැන හෙවණ ගහක් යට නතර කලා .මම ගහ මුලින් වාඩිවුනේ මට පුදුම සතුටක් දැනෙනවා කියමින් .ගස් හෙවනේ කරත්තයක් නවත්වගෙන බඩ ඉරිඟු වෙලෙන්දියක් ඉරිඟු පුච්චනවා. එයා කරත්තෙට ගොඩවෙලා අඟුරු කබලක් ලඟ තියාගෙන ඉරිඟු පුච්චන අපූරුව මම බලාගෙන හිටියා.මගේ මිතුරිය අපිට ඉරිඟු මිලට ගන්න අතරේ ඇයත් එක්ක කතාවට වැටිලා. උෂා රාජස්තානයේ සමාජසේවා ආයතනයක ගොවියන් , කම්කරුවන්, වීදි දරුවන්, මුඩුක්කු වැසියන් එක්ක උරෙනුර ගැටෙමින් වැඩකරන කෙනෙක් නිසා මේ වගේ පුංචි මිනිස්සු එක්ක සතුටු සාමිච්චියේ යේදීම අරුමයක් නෙවේ . මම පලවෙනි වතාවටයි පිච්චුව ඉරිඟු කෑවෙ. ලුණුත්, දෙහිත් එකතු කෙරුව ඉරිඟු කරල හරි රසයි. වෙලෙන්දියට සමුදීල අපි යන්න හදනකොට එයා හිනාවෙලා තව ඉරිඟු කරලක් මට දුන්න .මම මුදල් ගෙවන්න හැදුවත් එයා එපා කිව්වා. ලංකාවෙන් ආව කෙනෙකුට කෙරුව ආගන්තුක සත්කාරයක් කියලයි එයා කිව්වේ.දුප්පත් වුනත් මේ මිනිස්සු කොයිතරම් ප්‍රසන්නද කියලා මට හිතුනා.
දැන් දැන් ඉර මුදුන්වෙලා ගිනියම් අව්ව. පතා සාගර් විල අසලම 'රජිව් ගාන්ධි අනුස්මරණ උද්‍යානයට අපි දෙන්න ගියේ ටිකක් හීල් හෙවනේ ඉන්න හිතාගෙන . එතනට ගියහම උදයපූර් නගරයත් ,කඳු වලල්ලත් ,මහ විසාල පතා සාගර් විලත් හරිම ලස්සනට පේනවා. අපි දෙන්න උද්‍යානයේ ගිම්හාන මන්දිරයකට වෙලා ආයෙමත් උදේ වගේ කතා බහක යෙදුනා.කාලෙ ගියේ නොදැනීම.සමාන අදහස් තියෙන ප්‍රියයන් සමග එක්වීම හිතට හරි සතුටක් . හවස දෙකත් පහුවෙලා හොඳටම බඩගිණි දැනුනම තමයි අපි එතැනින් නැගිට්ටේ.
එතනින් අපි ගියේ 'ෂුකදියා චතුරස්‍රයට".ලාබෙට, රසට කෑම කන්න අපූරු තැනක්.මෙතන අඩ කවයක ආකාරයට ආහාර පාන එවෙලෙම හදල දෙන අවන් හල් පෙලක් තියෙනවා. හැම අවන්හලක් ඉදිරියෙම ඉටිරෙදි හෙවණක ගනුදෙනු කරුවන්ට වාඩිවෙලා කෑම කන්න මේස පුටු පෙලක් තියෙනවා.මෙතැන විවේකයෙන්න ඉන්න කදිම තැනක්.පලතුරු, චායේ, රසවත් පානී පුරී අලෙවි කරන පොඩි පොඩි කඩපේලි ගොඩාක් තියෙනවා .උදයපූර් වල ප්‍රකට විද්වතෙක්ගෙ නමින් වෙන් වුණ "මෝහන් ලාල් ෂූකදියා" විශ්ව විද්‍යාලය තියෙන්නෙත් මේ කිට්ටුව.සරසවි සිසුන් නිතර යන එන තැනක් බව මට පෙනුනා. මම ඉතින් කොහොමහරි ප්ලේන් රයිස් පිඟානකුයි ,සාම්බාරුයි, පරිප්පුයි ඉල්ලගත්තා දවල් කෑමට. ඌෂා රස බලන්න කියලා මටත් එක්ක පාවා බාජී කියන පාන් වර්ගය සහ තක්කාලි වලින් හැදුව කරියක් ඕඩර් කලා.ඒකත් හරි රසයි .
දවල් කෑම කාලා අපි දෙන්න ගියේ උදයපූර් වල තවත් අරුම පුදුම තැනකට ඒ තමයි උදයපූර් "නගර මන්දිරය" එහෙම නැත්නම්" සිටි පැලස් "කියල හඳුන්නෙත් මෙතැන. ඇස් අදහගන්න බැරි අපූරු නිර්මාණයක්. පිචෝලා විලේ නැගෙනහිර මායිමේ මහරාජා "උදායි මිර්සා සිං" ඉදිකෙරුව මහා මන්දිරයක්.මල්,ලියකම්,රන්කම් කැටයමින් අලංකාරවුනු මතුමහල් තල ගොඩක් සහ සී මැදුරු කවුලු , සභා ශාලා, රවුම් ආරුක්කු වලින් යුත් රාජ්පුත් වරුන්ගේ ප්‍රෞඩ බව ලෝකෙටම කියන දැවැන්ත මන්දිරයක්.මේ මන්දිරය නරඹන්න නම් දවසක්ම ඔනෙ කියලා මට කියවුණා.දැන් මේ මාලිගාවේ අයිතිය තියෙන්නෙ "මහ රාජා අරවින්ද මෙවාර් සිංට".එයා මේ මාලිගාවේ කොටසක් සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කරලා තියෙනවා . ඔහු "හෙරිටේජ් රිසොර්ට් හෝටල "සමුහයේ හිමිකාරයෙක්.උදයපූර් වල මිනිස්සු මේ මහරාජා ගැන ප්‍රසාදයෙන් කතාකරන්නෙ ඔහු හොඳ සමාජ සේවකයෙක් නිසා.
මාලිගාවේ පිටුපසින් පිචෝලා විල දිහාවට යන්න පුලුවන්. ඉර බැසගෙන යන වෙලාවට එතන හරිම සුන්දර තැනක්.විල මැද "මහ රාජා ජගත් මාන් සිං" විසින් ඉදිකෙරුව "ජග් මන්දීර්"කියන ප්‍රේමයට කැපවුන මන්දිරයක් තියෙනවා. ඒ එක්කම ලේක් පැලස් කියන ගිම්හාන මාලිගාවත් විල මැද තියෙනවා. මේතන තමයි ප්‍රකට "ටාජ් හෝටල සමූහය විසින් පවත්වාගෙන යන ටාජ් ලේක් පැලස් හෝටලය තියෙන්නෙ. මගේ ගමන් සගයා වුන අමිරිතා සේවය කරන්නෙ එතැන. පිචෝලා විල ගාවට වෙලා අපි දෙන්න ඉර බහින හැටි බලන් හිටියා .ඈතින් පෙනෙන අරවල්ලි කඳු අතරින් ඉර ගිලෙන හැටි හරිම ලස්සනයි."වෙනිස් ඉන් ඊස්ට්" කියලා උදයපූර් නගරය හඳුන්වන්නෙ ඇයි කියලා ඒවෙලේ තමයි මට තේරුම් ගියේ.මේ මාලිගාවත් ,එහිපසු තල සහ පිචෝලා විලත් ප්‍රකට ජේම්ස් බොන්ඩ් සිනමා පටයක් වුන "ඔක්ටොපුසී" රූගතකරන්න යොදාගෙන තියෙනවා.
හිරු බැස ගිහින් අඳුර වැටෙනවත් එක්කම 'ටාජ් ලේක් පැලස් " හෝටලයෙත්, ජග් මන්දිරයෙත්, නගර මාලිගාවෙත් විදුලිපහන් දැල්විලා විල්දිය මතට එලිය වැටිලා බබලනවා. මාලිගාව අසල උස්බිමක තියෙන උයනටත්, එතනින් කේබල් කාර් එකක නැගිලා කඳුවැටියටත් ගියහම හරි අපූරුවට මේ දර්ශනය රස විඳින්න පුලුවන් . ඌෂත් මමත් කේබල් කාර් එකක නැගිලා කඳු මුදුනට ගිහින් හිරු අවරට ගිලීයද්දී නගර මන්දිර ආලෝකමත් වෙන අයුරු නැරඹුවා.
අට විතරවෙනකන් නගර මන්දිරයේ හිරු බැසයන දසුන් නැරඹුව අපිදෙන්නා රෑ කෑමට 'අප්නේ ඩානි" අවන්හලට ගියා . මෙතන සාම්ප්‍රදායික විදියට කෑම දෙන අවන්හලක්. "අප්නේ ඩානි" කියන්නේ "අපේ තැන" කියන අරුත. අවන්හලට අපි පිලිගන්නේ "රාම් රාම්" කියල ආචාර කරලා නලලට රතු තිලක තියලා. කෑම කන්න විතරක් නෙවෙයි රූකඩ නැටුම් , සර්කස් , මැජික් දර්ශන, රාජස්තාන් ජන නැටුම් බලන්න, ඔනෙ නම් නටන්න සින්දු කියන්නත් පුලුවන් තැනක් මෙතැන. ඌෂත්,මමත් ලණු ඇඳක් උඩට වෙලා පපඩම් කමින් නැටුම් බැලුවා. කෑම කන්න වෙන්වුන අවන්හලේ බිම වාඩිවෙන්න ආසන පනවලා තියෙනවා. මැටියෙන් නිමාවුන බිත්ති , පිදුරු හෙවිලිකල වහල සහ බිත්ති වල ඇඳි සිතුවම් රටා එතැනට අපූරු බවක් එක් කලා.
කෑම කාලා කාර් එකට නැගිලා යන අතරේ මම ඌෂට ස්තුතිකලේ "හරිම අපූරු දවසක්" කියලා .අපිට වැඩිදුර යන්න ලැබුණේ නැහැ. ඌෂා කාර් එක නතරකලා "පින්චර් හෝගයා " කියමින්. හ්ම්ම්.... මහ රෑ දහයට විතර , ටිකක් පාලු හයි වේ එකක අපේ කාර් එකේ මග හිටලා පැච් එකක් ගිහිල්ල .කාට කියන්නද කියල කල්පනාකරනකොටම මෝටර් සයිකලේකින් ආව තරුණයො දෙන්නෙක් නතරවුනේඅ "සහෝදරී මොකද වුනේ-දිදී ක්යා හුවා " කියලා අසමින් . ඔවුන් දෙන්නා විජේ සහ ප්‍රකාශ්. කාර් එකේ අඬු බඬු මිටි සහ ස්පෙයාර් වීල් එක සොයාගත්තු ඒදෙන්නාගෙ ලෑස්තිය අපට උදව් කරන්න . දෙන්නා ගාවින් හීන් මත්පැන් ගඳකුත් වහනයවුණ නිසා මම හෙමිහිට ඌෂට කිව්ව "මේ දෙන්න මේ වැඩේ හරියට කරාවිද දන්නෙ නැහැ කියලා". එතකොටම ප්‍රකාශ් හිනාවෙලා කිවා දෙන්නම ටිකක් බීල වුණාට බය වෙන්න එපා කියලා". වුණු අකරතැබ්බ මැද්දේ අපි ඔක්කොම හිනා වුණා.මේ මිතුරන්ගේ උදව්වෙන් අපේ වාහනේ පැච් එක හදා ගත්තා. ඒවිතරක් නෙවේ ඌෂත් මමත් ඔවුන් සමග ටික වෙලාවක් කතා කරමින් ඉඳලා මුව නොසෑහෙන්න ස්තුතිකරලා සමුගත්තේ. ඔවුන් දෙන්නම රාජස්තාන් කෘෂිකර්ම විශ්වවිද්‍යාලයේ සේවකයෝ.
අපේ නවාතැනට යනකොට රෑ දොලහට කිට්ටුයි .ඌෂා දුක්වුණා අන්තිම මොහොතේ අපට වුණ කරදරය ගැන .මම එයාව අස්වසමින් කිව්වේ උදයපූර් ගමනේ හොඳම අත්දැකීම ඒක කියලා.ඒ විතරක් නෙවෙයි දන්න හින්දි වචන ඔක්කොම ගැටගහලා මම එයාට මෙහෙම කිව්වා.
"උදයපූර් ආගයා-පන්චර් හෝගයා" .ඒකට ඌෂා උඩපැන පැන වරුවක් විතර හිනා වුණා. අපි දෙන්නා ආයෙමත් කයිවාරුවක් ගහලා , චායේ කෝප්ප දෙකකුත් හිස් කරලා නිදාගතේ එලිවෙන ජාමෙ පහුවෙනිදට ජෝද්පූර් යන්න සැලසුම් කරලා.
ප/ලි
උදයපූර් හොඳින නරඹන්න නම් දවස් හතරක් වත් ඔනෙ වෙනවා.උදයපූර් අවට අබූ කඳු වැටි, චිතෝර් බලකොටුව,රානක් පූරි ජයින පන්සල , කුම්බල්ගහ බල කොටුව , කෞතුකගාර වගේ තැන් හොඩාක් තියෙනවා.පිචෝලා සහ පතා සාගර් විල් වල බෝට්ටු සවාරි යන්නත් පුලුවන් .2009 අවුරුද්දේ උදයපූර් ලෝකයේ හොඳම සංචාරක නගර වලින් එකක් හැටියට නම් කරලා තිබුණා .ඒ නිසා උදයපූර් නරඹන්නම වටින තැනක් .

පසුගිය දිනවල මනෝ ට කරදරයක් වෙන තරමටම මේ බ්ලොග් කෙරුවාව කවදා පටන් ගන්නේදැයි ඇසුවෙමි. (ඒත් මට ඒ වචන ආපසු ගිලගන්නට සිතුනේ මේ සටහන කියෙව්වාමයි. ඒ තරමටම මට ඔබව කෙරෙහි ඊර්ෂ්‍යාවක් හටගෙන ඇති බව මම තේරුම් ගත්තෙමි.)
ReplyDeleteඔබගේ සටහන පුරාවටම මම උදයපූර් පුරා සැරිසැරියෙමි. බඩ ඉරිඟු පුලුස්සා අඟුරු මූන පුරා තවරා ගනිමින් කෑවෙමි. ටාජ් ලේක් සිටි හොටේල් එකේ රැකියාවකට යාම හීනයක් කර ගත්තෙමි... මින් වසර කිහිපයකට එපිට එහෙම අවස්ථාවක් හොයා යන්නට හිටි බව මතක් කර ගත්තෙමි. ඒත් කාලය ගොස් ඇත. මම අන්තිමට බඔබේ බ්ලොග් සටහන හරහා මේ සියල්ල විඳ ඇත.....
තරංගා, බොහොම අගෙයි. සමහරුන් පියාඹන කොට තටු නැති අපට දුක සිතෙන්නේ ඉරිසියාවට නොවේ.
ReplyDeleteමං කළින් කිව්වා වගේ අබු ගිය කට්ටියකගේ පින්තුර දැක්කා. [දෑසින් නොදැකපු නමුත්] ඉන්දියාව කිව්වම හිතට එන අපිරිසිඳුව රාජස්තානයේ නැති බවයි මගේ හැඟීම.
ආ, රෝස පාට නගරය/බලකොටුව හරි මොකක් හරි සීන් එකක් තියෙනවා. යෙහෙළියකගේ මූණු පොතක තිබ්බා.
සුබ ගමන්.
සමා වෙන්න ඕනේ කරදර කරනවා නම්. ඒත් මේ ඉතිරි කතාව කවදා විතරද ලියන්න අදහස් කරන් ඉන්නෙ? අපි වයසට ගියාම , ඇස් නොපෙනෙන කාලෙක හෙම නම් ඔන්න දැන්මම කිවුවා අපි ආයේ කියවන්න එන්නේ නෑ කියලා.
ReplyDelete