මේ දවස්වල හැන්දෑවෙනකොට හතරවටින් අහස කළු කරලා වහින්න පටන්ගන්නවා .වැස්සත් එක්ක එන සීතල ,වැහි වතුර වැටෙන සද්දෙට මම ආසයි .ඔහොම වෙලාවට මම කැමති නිවී සැනසිල්ලේ එක තැනකට වෙලා දුම් දාන කිරි කෝපි එකක් බොන්න .ඒ ගමන් අතීත මතක අහුලන්නත් කැමති .ඔයහිරි පොද වැස්ස මැදින් යාලුවොත් එක්ක කඳුකර මිටියාවත් වල ගිය ගමන් වල රස මතක අවුස්සන්නේ ඔහොම වෙලාවලදී .අදත් නිවාඩු පාඩුවේ වැස්ස රසවිඳින ගමන් පහුගිය දවස්වල ගිය ගමනක්දී ගත්ත ඡායාරූප එකතුවක් බලනකොට තමයි මට වස්සාන මාලිගාව මතක්වුනේ.
වස්සාන මාලිගාව එහෙමත් නැත්නම් Sajjan Gahr , උදයපූර් වල තවත් ලස්සන අප්‍රකට තැනක්.නගරෙන් කිලෝමීටර දහයක් විතර ඈතින් අරවල්ලි කඳු වල තියෙන පුංචි මාලිගාවක්. මේක පිහිටල තියෙන කඳුකර බිම අක්කර දාස්ගානක රක්ෂිත කැලෑවක් .බෑවුම් පාරක් දිගෙයි මාලිගාවට යන්න ඕනේ . අතරමග වඳුරො , මොනරු , මීමින්නො , මුව පැටවු එහෙමත් හම්බවෙනවා . මම වස්සාන මාලිගාව බලන්න ගියෙත් උදයපූර් වල අහස කලු කරන් පැල් බැඳන් වහින දවස්වල .ඒ නිසාම වැහි අඳුරේ , පොදවැස්සට තෙමීගෙන මේ කඳුකර මාලිගාවට ගිය ගමන හරි සුන්දරයි .
උදයපූර් කියන්නේ රාජස්ථානයේ ප්‍රෞඩ මහරාජාවරුන්ගේ වංශයක් වුන 'මර්වාර්" වරුන්ගේ වාසභූමිය . නගර මාලිගා ,අලංකරණ කටයුතු වෙනුවෙන් ඔවුන් දැක්වූයේ පුදුම උනන්දුවක් .අරවල්ලි කඳු මුදුනේ මේ වස්සාන මාලිගාව ඉදිවුනෙත් එහෙමයි . මර්වාර් රාජවංශයේ සාජන් සිං කියන මහරාජා තම්යි මහල් නවයකින් යුත් මාලිගාව ඉදිකරල තියෙන්නේ ඒ 1874-1884 කාලේ . මෙතැන පාවිච්චිවෙලා තියෙන්නේ වැහි වලාකුලු නිරීක්ෂණය කරන කාලගුණික මධ්‍යස්ථානයක් හැටියට .ඒවගේම මහරාජාවරු දඩයමේ යද්දිත් වැහි කාලයේ විනෝදයෙන් ඉන්නත් පරිහරණය කල මාලිගාවක් .පොලවත් බිත්තිත් සුදු කිරි ගරුඬ වලින් නිමවලා තියෙන්නේ .වලාකුලු ආරුක්කු සහිත ද්වාර වලින් යුත් රාජස්ථානයට ආවේණික වාස්තු නිර්මාණශිල්පය මෙහිත් තියෙනවා . ඇතුලේ වනජීවී තොරතුරු එකතුවකුත් තියෙනවා .
පොලව මට්ටමේ ඉඳන් මීටර දාහක් විතර උසින් තියෙන මේ මාලිගා බිමේ ඉඳන් බැලුවම මුලු උදයපූර් නුවරම හරි ලස්සනට පේනවා . පිචෝලා හා පතා සාගර් විල් , අරවල්ලි බෑවුමේ කොලපැහැයෙන් වැසුන මිටියාවත් දකගන්න පුලුවන් .මාලිගාවේ තුන්වෙනි මහල වෙනකන් ඉහලට නැග්ගම හරි අපූරුවට මේ දේවල් පේනවා .සාජන් සිංගෙන් පස්සේ ආව මහරාජාවරු මෙතැන ගැන එතරම් සැලකිල්ලක් දක්වලා නෑ.ඒ ජල පහසුකම් නොතිබ්බ නිසා .නමුත් මෑත අතීතයේ 1956 විතර එවක සිටි උදයපූර් මහරාජා ආයෙත් මෙතැන ප්‍රතිසංස්කරණය කරලා උදයපූර් වැසියන්ට පවරලා තියෙනවා විනෝද උයනක් හැටියට . මෙතැන පෙම්වතුන්ගේ පාරාදීසයක් කියන්නත් පුලුවන් . යන එන අයට නිවී හැනහිල්ලේ විවේක ගන්න උද්‍යාන බංකු තියෙනවා . ඒවගෙම හොඳට පායන දවස් වල ඉර උදාවත් , ඉර බැහීමත් බලන්න පුලුවන් පහසුකම් තියෙනවා .
වැහි අඳුරේ , පොදවැස්සට තෙමීගෙන ඔය බංකුවක් උඩට වෙලා ,ඈත මීදුමෙන් වැහුන මිටියාවත් දිහා බලන් ,සීතල සුලඟ විඳිමින් මාත් සෑහෙන්න වෙලාවක් මෙතැන හිටියා . ඒ මොහොත ගැන නම් කියන්න වචන නෑ . මුලු ලෝකෙන්ම ඈත්වෙලා ,කරදර ,වැඩ රාජකාරි ඔක්කොම මොහොතකට අමතක කරලා මොණරුන්ගේ සද්දෙ අහගෙන ඇස්පියාගෙන අනන්තයට ගිය පැය කීපයක් .ජීවිතේ ගතකෙරුව හොඳම මොහොතක්.
ආනන්දනීය අත්දැකීමක් .
ප/ලි
වැස්ස එක්ක අපි ඉන්න මනෝභාවය ,පරිසරය සමග වැස්ස විඳීම සිද්දවෙනවා( මම මේ කියන්නේ ගංවතුරක් නෙවෙයි හොඳේ ) මට එහෙම හිතුනේ හදිස්සියෙන් මතක්වුන ථේර ගාථාවක් නිසා .මේ ගාථාවේ සිංහල පරිවතනේ මතකින් කියන්න තරම් මගේ මතකය පැහදිලි මදි . ඊට අදාල පොත තමයි පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයගේ රශ්මි කියන කාව්‍ය ග්‍රන්ථය . ඉන්ග්‍රිසියෙන් ඔය අදාල ථේර ගාථාව මම දැක්කේ දැන් කියවමින් හිටි පොතක තිබිලා . මේ අජකරණී කියන නදිය අසබඩ දන් වලඳලා සැහැල්ලු සමවත් සුවෙන්න හිටි වෙලාවක හාත්පස පරිසරය වැස්සකට සූදානම් වෙන විදිය දුටුව රහතන් වහන්සේ නමක් ඒ පරිසරය ඇසුරෙන් තමන්ගේ ආනන්දනීය අත්දැකීම කියන විදිය .
වැස්ස එක්ක අපි ඉන්න මනෝභාවය ,පරිසරය සමග වැස්ස විඳීම සිද්දවෙනවා( මම මේ කියන්නේ ගංවතුරක් නෙවෙයි හොඳේ ) මට එහෙම හිතුනේ හදිස්සියෙන් මතක්වුන ථේර ගාථාවක් නිසා .මේ ගාථාවේ සිංහල පරිවතනේ මතකින් කියන්න තරම් මගේ මතකය පැහදිලි මදි . ඊට අදාල පොත තමයි පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයගේ රශ්මි කියන කාව්‍ය ග්‍රන්ථය . ඉන්ග්‍රිසියෙන් ඔය අදාල ථේර ගාථාව මම දැක්කේ දැන් කියවමින් හිටි පොතක තිබිලා . මේ අජකරණී කියන නදිය අසබඩ දන් වලඳලා සැහැල්ලු සමවත් සුවෙන්න හිටි වෙලාවක හාත්පස පරිසරය වැස්සකට සූදානම් වෙන විදිය දුටුව රහතන් වහන්සේ නමක් ඒ පරිසරය ඇසුරෙන් තමන්ගේ ආනන්දනීය අත්දැකීම කියන විදිය .
When the cranes with clear pale wing
Fly in fear with the black cloude
seeking shelter and finding none
The river Ajakarani gives me joy
From- Wonder That was India - p459 by A.L Basham
මේ ඉන්ග්‍රිසි කවියේ සිංහල අදහස මගේ පරිවර්තනයක්
කලු වැසි වලාකුලට බිය වැද
ලැගුම් සොයා
අව පැහැ පියාපත් සලා
ලැගුම් සොයා
අව පැහැ පියාපත් සලා
පලා යන කණකොක් රැලින් යුතු
අජකරණී නදිය
මසිතට ආනන්දනීය වෙයි
අජකරණී නදිය
මසිතට ආනන්දනීය වෙයි
කලින් ෆොටෝ දැකලා මෙතනට යන්න ආසාවක් තිබුනා. ඒත් මේ පෝස්ට් එක කියවපු ගමන් එයිට වඩා ආසාවක් ආවා මෙතනට යන්න.
ReplyDeleteමනෝ කම්මැලිකමට නොලියා ඉන්නකොට තරහා ගිහින් අඩෝ ලියපිය කියන්නෙම ඉතින් මෙන්න මේ වගේ පෝස්ට් එලියට ගන්න ඕනේ හින්දා.
මොනරු නටන සීතලා හැන්දෑවක මම ඉඳගෙන ඉන්නවා මට මේ හීනෙන් පේනවා වගේ.
රංගි ඔයා දන්නවනේ මම බ්ලොග් ලියන්නේ මට හිතුනම කියලා . මේ ඉතින් මගේ විනෝදාංශෙනේ . ඒවුනත් ඒකටත් ලියන්න මනෝභාවයක් මට තියෙන්න ඕනේ .ඒ කියන්නෙ හිතේ නිදහස වගේ දෙයක් .මම මුල් තැන දෙන්නේ මගේ රාජකාරියට හා පුද්ගලික ජීවිතේට . ඊට පස්සේ තමා වර්චුවල් වර්ල්ඩ් එක .ලියන එවා උඩින් පල්ලෙන් ලියන්න මම ආස නෑ. මම විඳපු අත්දැකීමක් ඒ තරමින්ම අනික් අයට දෙන්න මට උවමනායි ;ඒ නිසයි හිතේ නිදහස එනකන් කාලෙ ගන්නෙ .කොහොමත් මම හිමින් යන අලස සුව විඳින්න කැමති මනුස්සයනේ .ඔය ලියන ඒවයින්ම පේනවනේ .හි හී
ReplyDeleteඇත්තටම ආනන්දනීය අත්දැකීමක් තමා. හිටුකො, මමත් යනවා දවසක ඔතනට. ඉක්මණටම...
ReplyDeleteඑතන කෝපි එහෙමත් දෙනවද?
ලිපියත් ලස්සනයි. කවියත් ලස්සනයි.
ReplyDeleteහ්ම්ම්...පෙම්වතෙක් එක්ක යන්ට ලස්සන තැනක් තමා. ලියලා තියෙන්නෙත් නිකං දැක්කාම එහෙම එක්කෙනෙක් එක්ක යන විදියට. ඕවාට තමා කියන්නේ නරක වැඩ කියලා. ඒ මදිවට කෝපිත් මතක් වෙනවා.
අනේ ටීජී, අපි වැඩ කරන්නේ කොහොමද අද දවසේ?
Freed from the fear of flocks of cranes..
ReplyDeleteThe frogs croak softly now..
This is no time to leave the hills and streams..
Safe, good and pleasant is Ajakarani..
නලිනි, පොඩ්ඩි
ReplyDeleteයන්න යන්න උදයපූර් කියන්න හෙරිටේජ් ටුවරිස්ට් සිටි එකක් .හරි ලස්සනයි .කලබල නෑ , අපිරිසිඳු නෑ, ගොඩාක් නාගරික වෙලත් නෑ. දිල්ලියට යන බජට් එයාර් ලයින් එකක් සොයාගන්න .දිල්ලියෙ ඉඳන් හැමදාම හවස හයට මර්වාර් එක්ස්ප්‍රස් ට්‍රේන් එක තියෙනවා . සෙකන්ඩ් ක්ලාස් ඒ සී ටූ ටියර් ස්ලීපින්ග් සීට් එකක් ගන්න යන්නේ ඉන්දියන් රුපියල් දාහක් විතර .ගමන පැය දොලහක් හොඳ සැපට නිදාගෙන ගිහිල්ල පහුවදා උදේම උදයපූර් බහින්න පුලුවන් .ඒක තමා අන්තිම ඉස්ටේසම .නින්ද ගියත් බයවෙන්න දෙයක් නෑ.පොඩි ලාබ ගෙස්ට් හවුස් තියෙනවා නතරවෙන්න .ඉන්දියන් රේල්වේ ටිකට් ඔන් ලයින් බුක් කරන්න පුලුවන් .
දවස් තුනක් විතර අරන් උදයපූර් බලලා ආයෙත් මර්වාර් එක්ස්ප්‍රස් එකේම දිල්ලියට යන්න පුලුවනි .මුන්සූන් පැලස් , සිටි පැලස් ඉන් උදයපූර් , පිචෝලා , පතා සාගර් විල් , අබූ කන්ද , කුම්බල් ගහ බලකොටුව , කෞතුකාගාර බැලුව හැකි . මුලු නුවරම මහරාජාලාගේ සිරි විසිතුරු තමා තියෙන්නෙ .ඕනෙනම් අර රංගිත් එකතුකරගන්න .එයාටත් යන්න ඕනෙලු.
පොඩ්ඩි ඉවසන්න -දැන් ඔහොම ගියහම ඔයාට මහරාජා කුමාරයෙක් මුණ ගැහේවි අත් අල්ලන් යන්න , උම්මා දෙන්න හි හී .ඒකනෙවේ ඔයාට මතකද අර මහරාජාස් ඩෝටර් ටී වී සීරීස් එක . මම ඒකට කාලයක් පිස්සු වැටිල හිටියේ .හි හී
බූරා - මුලු ගාථා පන්තියම ලියන්න කම්මැලි කමේ හිටියේ . මම දන්නවා ඔයා අනිවාර්යෙන්ම ඔය ගැන ලියනවා කියලා .තෑන්ක්ස් මෙයා .
හි හි.. මගෙ පොතේ ඔය ටික තියෙන්නෙ 547 වැනි පිටුවේ.. අත ළගම පොත තිබුනා.. :)
ReplyDeleteඔය අරාවලි කදු ගැන කියනකොට මට මතක්වෙනවා ලස්සන තෙළුගු ෆිල්ම් එකක් 'මගධීරා' (මහාවීරයා) කියලා.. බලලා තියෙනවද දන්නෙ නෑ..
තවමත් මන් අතරමන් ..ඈත කඳු මුදුනක ..වැසි බින්දු වෑහෙයි නෙතු අගින්..මොහොතකට ඔබ මා ආනන්දයට ගෙනගියා .
ReplyDeleteBindi - Thanks sweety !
ReplyDeleteBura - No I have not seen that movie
මෙන්න මෙතනින් බාගෙන බලන්නකෝ එහෙනම් වෙලාවක් ලැබුනම..
ReplyDeletehttp://www.baiscopelk.com/?p=3977
@TG,
ReplyDeleteදැන් ඉතින් බූරා බලං ඉඳී එයාටත්
thanks sweetie කියනකල්
ලී බෝනික්කට හැමෝම ආදරේ නිසා රට්ටු ඊරිසියාවට කියන කතා.. උඹ සැලෙන්න එපා බුරෝ ඕවට.. :))
ReplyDeleteපොඩ්ඩියේ හැබෑටම උඹවගේ ගිනි බෝම්බයක් හි හී . බුරටයි උඹටයි දෙන්නටම කියන්නෙ මේ . මේ දවස්වල වැඩගොඩ වෙලා .උඹල දෙන්න එක්ක සෙල්ලං කරන්න මට වෙලා නෑ ඕං නොකිව්වයි කියන්න එපා .අලි මදිවට හරක් වගේ උඹල දෙන්නත් තියාගත්තා මේ බ්ලොග් එක ඇතුලෙ සන්ඩු කරන්න
ReplyDeleteබූර ස්වීට් කියල මම නොකිව්වට ඔය වලව්වට යන එන අනික් උදවිය දන්නව ඇතිනේ . ඉතින් පොඩ්ඩියේ ඒකට ඉරිසියා නොකර හිටු .පොඩ්ඩිත් ස්වීට් තමා අර උම්ම කතා කියනකොට .මම යනවෝ වැඩ වැඩ
මේක හරි අසාධාරණයි. දැන් අපි ස්වීට් නැද්ද?. අපි ස්වීට් වැඩි නිසා තමයි ඔය තිත්ත කෝපි තිත්ත තේ බොන්නේ.
ReplyDeleteදැන් මටත් ස්වීට් කියනකම් මම එමක ස්පෑම් කරනවා.
රංගි - ඔන්න ඉතින් ඔයත් ආවා ස්වීට් වෙන්න .හරි මේකෙ කමෙන්ට් ලියල තියෙන , ලියන්න ඉන්න,නොලිව්ව හැමෝම ස්වීට් . මේක පුදුම වදයක්නේ අප්පා .බ්ලොග් එකක් ලියාගන්නවත් වෙලාවක් නැති මට මෙහෙම කරදර කරනවද . පොඩ්ඩි හිටින් මම උඹව අල්ලගන්න වෙලාවක :)
ReplyDelete@පොකු,
ReplyDelete// බූර ස්වීට් කියල මම නොකිව්වට ඔය වලව්වට යන එන අනික් උදවිය දන්නව ඇතිනේ . ඉතින් පොඩ්ඩියේ ඒකට ඉරිසියා නොකර හිටු //
හූ හූ හූ හූ.. ඇතිද... :P
This comment has been removed by the author.
ReplyDeleteදැන් ස්වීට් සමය අහවරක් වෙලා අපිටත් [ස්වීට් භාවය වලංගු නැති] යමක් ලියන්න පුලුවන්ද? නැතිනම් කියයි මාත් ඉල්ලා ගන්න ආවා කියල ස්වීට් [අපිට දැන් පැනිරහ කන්නත් බැරි වයසක ඉන්නේ]
ReplyDeleteමේ තරංගා එක්ක මට නම් පට්ට ජෙල. ඉන්දියාවේ යන්න වෙන කතාවක් වටෙන් පිටෙන් තියෙනවා. යන්න කලින් මං හම්බු වෙන්නම් ට්‍රැවල් ටිප්ස් ගන්න.
තරංගා ගේ ඇවිදීම වගේම හිතට වදින ලිවීමත් පංකාදුයි. මං කියවන හැම පොස්ට් එකකම එතනට ගිය හැඟීමක් හිතට එනවා.
මගේ ට්‍රැවල් රයිටිං ඉංගිරිසියෙන් ලියන්න කියා හිතා උන්නේ. ඕකට මට දැඩි විරෝධයක් දැම්මේ මාර දිව්‍ය පුත්‍රයා. මට පොර කිව්ව ඒක හිතට වැදුනා ඒත් හිත දෙපැත්තක නිසා මං නොලියා උන්නේ. එහෙනම් මේ සටහනින් ලද මෙව්වෙකත් එකතු කරගෙන ඔන්න මාත් සිංහලෙන් ලියන්නේ. ලියපු ගමන මේකේ දානවා ඇඩ් එකක් හොඳේ.
තරන්ගාත් එක්ක වස්සාන මාලිගාවට යද්දී මෙන්න මෙහෙම මට හිතුනා.
වස්සාන මාලිගාවක
-------------
වැහි බින්දු
හීං හඬින් බිමට වැටෙන
මොනර පිලක පවන් සරින්
මීදුම් සළු ගලා හැලෙන
සිහින විමන් ප්‍රාසාදය
කිරි ගරුඬේන් මැවී දිලෙන
කාලය අවසඟ නොමවන
ජීවිතයේ හෝරාවක
අතීතයේ මාලිගයක
තනි වී මා
කැරකුණු ලෝකය නැවතී
බලා උන්නු හැටි මතකයි
වැහි බින්දු
හීං හඬින්
බිමට වැටෙනවා තවමත්
මීදුම් සළු
ගලා හැලෙනවා තවමත්
තටු සැලූවත්
මොනරෙකු ඉඳ හිට
කැරකුණු ලෝකය, කාලය
මිහිරි මතක ධ්‍යානයක නතර වෙලා
තවමත්
මගේ හිතේ
සුජීව අහස්ගව්වට ආවාට ස්තුතියි
ReplyDeleteගණන්ගන්න එපා මේ බූරයි පොඩ්ඩියි බ්ලොග් එකේ පාලු මකන්න කරන කෝලංනේ .ඒකටම අර අලි බබා රංගිත් එකතුවෙලා .
බොහොම ස්තුතියි කවියට .මේ සුජීව අහස්ගව්ව කියවලා ලිව්ව තුන්වෙනි කවිය . අර ථේරගාථාව කියෙව්වට පස්සේ මටත් කවියක් ලියන්න ඕනෙ කියලා හිතුනත් මේ දවස්වල ඒකට හිතට නිදහස මදි
පිටු ගනන් වාර්තා -බෝරිං මීටිං
මදිපාඩුවට පුරවන්න වෙලා ඇප්ලිකේසං
ඔහොම තමයි මේදවස් වල වැඩ . ඉතින් කවියකින් අඩුව පිරෙව්ව එක ලොකු දෙයක් .මම සංචාරේ ගිහින් වින්ද දෙවල් මාත් එක්ක හැබැහින් නොගිය අනික් අය විඳිනවද කියන එක ගැන මම හිටියේ කැනස්සල්ලෙන් .මොකො ඉතින් මගේ මේ වැල් වටාරං හැමෝටම ප්‍රිය වෙන්න බැහැනේ.
මම කලිනුත් කිව්වද මන්දා .සුජීව මට දවසක් මවුන්ට් අබූ ගැන කිව්වනේ .ඒ නිසාම මම මෙදාපාර එහෙත් ගියා . ඊට අමතරව අර වීර මහරාණි රාණි පද්මිණිගේ වග විස්තර බලන්න චිත්තෝර් වලටත් ගියා .චිත්තෝර් වලින් පිටත්වෙලා කෝච්චියෙන් ආදරයේ නුවර අග්‍රා වලටත් ගියා .ඒවා ඉඩ ලැබෙන විදියට හිමින් ලියන්නම් .ඔවු ඔවු ඔයාගේ ගමන්කතා ඉක්මනට ලියන්න .ඇඩ් එක මෙහේ දාන්න
@බූරා,
ReplyDelete//පොඩ්ඩිත් ස්වීට් තමා අර උම්ම කතා කියනකොට //
හූ හූ හූ හූ.. ඇතිද... :P
අනේ අම්මප මුන් ටිකට කා කොටා ගන්නෙ නැතුව ඉන්න බැරි හැටි :D :D
ReplyDeleteමට ආපු ප්‍රස්නේ ඒක නෙවේ. අර ගාථාව කිව්වේ රහතන් වහන්සෙ නමක් නේ. ඉතින් උන්දැ රහත් වෙලා නං කොහොමෙයි, ආනන්ද ජනක හැඟීම් පහල වෙන්නෙ? ඔව්ව තමයි ඉතින් ඔය ඉතිහාස කතා කියවද්දී අපිට එන ප්‍රස්න! උන්වහන්සේ 'ආනන්දයෙන් ප්‍රඥාවට' යන්නට ඇති.
ඕකනෙ ඕකනෙ කියන්නෙ.. මුන්ට යමක් කියලා දුන්නම එනවා හරස් පුරස්න අහන්න.. උන්නාන්සෙ ආනන්දෙන් ප්‍රඥාවට බැයිනං ආනන්දෙන් රෝයල් එකට ගියත් බොට මොකෑ..??
ReplyDeleteකෝ අළුත් ලිපි? ලියන්න අදසක් නැත්නම් මේක ස්පෑම් වෙයි ඔන්න... නොකිව්වයි කියන්න එපා.
ReplyDeleteවජිරදේවිට නම් ලෝකේ තියෙන රොමෑන්තිකම නඟරය තමයි රාජාස්ථාන් කියන්නේ.. මේ නඟරෙත් එක්ක ගෙතුණු කොයි තරම් නම් සුමිහිරි මතක වැල් තියෙනවද.. හපොයි හපොයි ටීජීගෙ ලිපිය කියවලා පරණ කතන්දරත් මතක් වුණා...
ReplyDeleteහීනයක් වගේ සුන්දරයි.....♥ ♥ ♥ ♥ ♥ ♥
ReplyDelete